IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


ආර්ථිකයේ පීඩා විඳිද්දී විදුලි බිලේ සහනය

අනුන්ගේ වත්තකින් පුවක් වල්ලක් කැඩීමට ගොස් ඇදවැටී මියගිය පුද්ගලයකුගේ මරණය සම්බන්ධයෙන් පැවැති පරීක්‍ෂණයේදී එම පුද්ගලයා දින දෙකක් තිස්සේ කුසගින්නේ සිටි අයකු බවට තොරතුරු හෙළි වී යැයි මහනුවර ජාතික රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය ඒ.පී. ජයසූරිය මහතා පැවැසූ බව සඳහන් වාර්තාවක් අප පුවත්පතේ ඉකුත්දා වාර්තා වූයේය. කඩුගන්නාව නාවුල්ල ප්‍රදේශයේ තරුණයකු මෙසේ මියගොස් ඇති අතර, ආහාර නොමැතිව කුසගින්න දරාගත නොහැකිව ඔහු මෙලෙස අනුන්ගේ වත්තකින් පුවක් වල්ලක් කඩන්නට යන්නට ඇතැයි සැක කරන බව එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.

මෙය සාමාන්‍ය සරල හුදෙකලා සිද්ධියක් ලෙස නොසැලකිය යුතුය. දරුණු ආර්ථික අර්බුදයක ගිලී තිබෙන රටක ඇත්ත ඇතුළාන්තය මෙබඳු සිදුවීම්වලින් මනාව නිරූපණය වන්නේ යැයි සැලකීම යුක්ති සහගතය. පන්ති බේදයකින් තොරව මෙරට ජනී ජනයා මෙම ආර්ථික අර්බුදයෙන් බරපතළ ලෙස පීඩාවට පත්ව සිටින බව වසන් කළ නොහැකි කාරණයකි.

එබඳු පරිසරයක කලකට පසුව යම් සහනයක් රැගෙන ඒමට සමත් වූ ප්‍රවෘත්තියක් ද අප පුවත්පත වාර්තා කර තිබිණි. එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ, වසර 9කට පසුව ලාභයක් ලැබූ ලංකා විදුලිබල මණ්ඩලය ලබන මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 3.34කින් විදුලිය බිල අඩු කිරීමට සූදානම් බවය. විදුලිය බිල වැඩි කළේ සියයට 40කින් 50කින් නොවේ දැයි වැනි පණ්ඩිත ප්‍රශ්න කිරීම්වලට මේ මොහොතේ නොයා යුතුය.

අප ප්‍රවෘත්තියට අනුව, කිලෝ වොට් පැය 0–30 අතර විදුලි භාවිත කරන ගෘහස්ථ විදුලිය පාරිභෝගිකයන්ගේ ගෙවනු ලබන ස්ථාවර ගාස්තුව රුපියල් 180 සිට 165 දක්වා රුපියල් 15කින් අඩු වනු ඇති අතර, ඒකක 91 සිට 120 දක්වා භාවිත කරනු ලබන පාරිභෝගිකයන්ගේ ස්ථාවර ගාස්තුව රුපියල් 1,180 සිට 1,120 දක්වා රුපියල් 60ක මුදලකින් අඩු වේ.

විදුලිය බිල ගෙවීමට නොහැකි වීම නිසා පාරිභෝගිකයන් ලක්‍ෂ 11කට වැඩි ගණනකගේ විදුලිය විසන්ධි කර තිබේ. මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවන් සිටින නිවෙස් කොපමණ ගණනක් ඒ අතර වේ දැයි විමසිය යුතුය.

මෙරට පොදු ජනයා කිසි විටෙකත් නොමිලේ විදුලිය ලබා නොගනිති. වේලක් නොකා හෝ එම මුදලෙන් විදුලිය බිල ගෙවා දමති. මන්ද යත්, එම හුදී ජනයාගේ විදුලිය බිල ගෙවා දැමීමට ඇමැති මිතුරන් ඉදිරිපත් නොවන හෙයිනි. එහෙත්, විදුලිබල මණ්ඩලයේ ව්‍යවස්ථාපිත ගිණුම්වලට අනුව 2013 වසරේ සිට 2023 වසර දක්වා ලබා ඇති පාඩුව රුපියල් කෝටි 38,800කි. විදුලි ගාස්තු සංශෝධනයෙන් පසු සූර්ය බලශක්ති නිෂ්පාදකයන්ට හා සැපැයුම්කරුවන්ට ගෙවිය යුතු ණය ආපසු ගෙවීමට ලංකා විදුලිබල මණ්ඩලය සමත් වුව ද, පසුගිය වසර අවසන් වන විට ලංකා විදුලිබල මණ්ඩලය ගෙවිය යුතු ශේෂය රුපියල් කෝටි 44,300ක් බව අප ප්‍රවෘත්තියේ සඳහන්ය.

කෙසේ වෙතත්, විදුලිබල මණ්ඩලය ලාභයක් ලැබුව ද ඒ ලාභය ලැබුවේ කෙසේ දැයි මෙරට ජනයා හොඳින් දනිති. විදුලිබල මණ්ඩලයට ලාභ ඉපැයීමට මෙරට කර්මාන්තශාලා කීයක් වසා දමා කී දාහක් ජනයාට පාරට වැටීමට සිදු වූයේ දැයි සොයා බැලිය යුතු තරම්ය. දැනට පවත්වාගෙන යන කර්මාන්තශාලා, ව්‍යාපාරික ස්ථාන විදුලිය බිලෙහි සංශෝධනය හෙවත් මිල ඉහළ දැමීම නිසා පවත්වාගෙන යනු ලබන්නේ අතිශය දුෂ්කර තත්වයකය. අමු මිරිස් කරලක් රුපියල් 15ක් වූ රටක කැරට් කිලෝවක මිල රුපියල් 2000ක් වූ රටක මේසා විශාල විදුලි බිලක් ගෙවිය නොහැකි බව යථාර්ථය වේ. එවන් පරිසරයක සියයට 3කින් විදුලි බිල අඩු කිරීම ප්‍රශ්නයට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන උත්තරයකි.

(***)



අදහස් (0)

ආර්ථිකයේ පීඩා විඳිද්දී විදුලි බිලේ සහනය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1714 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site