ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වී මෙම මස 20 වැනිදාට වසරක් සම්පූර්ණ විය. එම පදවිප්‍රාප්තියේ පළමු වසර සැමරීම සඳහා උත්සව කිසිවක් පැවැත් වූ බවක් වාර්තා නොවේ. මීට පෙර හිටපු ජනාධිපතිවරු ජනාධිපති පදවිප්‍රාප්තිය සැමරීම සඳහා ඒ ඒ පළාත්වල සංවර්ධන කටයුතු ඉලක්ක කරගත් දැයට කිරුළ’ වැනි සැමරුම් උත්සව පැවැත්වූහ.
එහෙත් මෙවර රාජ්‍ය මට්ටමෙන් එවැනි උත්සවයක් නොපැවැත්වීම පිළිබඳව විවිධ මත ප්‍රකාශ වී තිබුණ ද, එවැනි දේ සැමරීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් අනුගමනය නොකිරීම වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වූවා විය හැකිය. ගෙවී ගිය වසර තුළ ආණ්ඩුව ඉටු කළ කිසිදු කාර්යයක් නොමැති බැවින් එවැනි සැමරුමක් පැවැත්වීමට නොහැකි යැයි සමහරුන් කරන ප්‍රකාශවල කිසියම් සත්‍යයක් තිබේදැයි ප්‍රශ්න කළ යුතුව ඇත.
ඇතැමුන් ප්‍රකාශ කරන ආකාරයට ජනාධිපතිවරණයට පෙර වේදිකාවලදී, රජය ලබා දුන් පොරොන්දු හෝ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් මහජනතාවට ඉදිරිපත් කළ පොරොන්දු හෝ කිසිවක් ඉටු කිරීමට රජයට නොහැකි වී ඇත. එසේ වුව ද රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක් වගකිව යුතු පොරොන්දුවක් ප්‍රසිද්ධියේම රටට සහ මහජනතාවට ලබා දුන් ආකාරය මතකයට නැගේ. රනිල් වික්‍රමසිංහ මහතා ඉතා දුෂ්කර ලෙස වැල් පාලමේ සෑහෙන දුරක් ගෙනැවිත් ඇති දරුවා, ඉන් එගොඩ කිරීමට වෙනත් මාර්ගයක් නැති බැවින්, ඉතිරි දුරද පරෙස්සමෙන් ගෙන ගොස් වැල් පාලමෙන් එගොඩ කරන බව ඔහු ප්‍රකාශ කළේය. රනිල් වික්‍රමසිංහ මහතා එම දරුවා වැල් පාලමෙන් එගොඩ කිරීමට කටයුතු කළේ 2023 වසරේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කළ විස්තීර්ණ ණය ගිවිසුම හරහාය.
රනිල් වික්‍රමසිංහ මහතා නතර කළ තැනින් ඉදිරියට දරුවා රැගෙන ගොස් එගොඩ කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ද සිදුව ඇත. ඔහු පසුගිය වසර තුළ දී එම ගිවිසුම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කර ඇත. එබැවින් කවුරු නැතත් රනිල් වික්‍රමසිංහ මහතා, අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පසුගිය වසරේ ආර්ථික ක්‍රියාකාරීත්වය පිළිබඳව ඉහළින්ම සතුටුවනු ඇතැයි සිතිය හැකිය. අයිඑම්එෆ් ගිවිසුම සම්බන්ධයෙන් ඔවුන්ගේ රජයක් යටතේ අනුගමනය කරනු ලබන ක්‍රියා පිළිවෙත පිළිබඳව ජාතික ජනබලවේගයේ කථිකයන්ගෙන් ජනාධිපතිවරණ වේදිකාවේ දී විවිධ මත ප්‍රකාශ වී තිබුණි. ගිවිසුම සංශෝධනය කරන බවට ද, බදු අඩු කරන බවට ද, විදුලිය, ඉන්ධන, ගෑස් ඇතුළු බොහෝ භාණ්ඩ සහ සේවා මිල ගණන් අඩු කරන බවට ද ඔවුහු පොරොන්දු වූහ.
ජනාධිපතිවරණයේ දී විදුලි බිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කිරීම ජාතික ජනබලවේගය ලබා දුන් එක් පොරොන්දුවක් විය. අඩු කරනු ලබන ප්‍රමාණය පිළිබඳව ද වේදිකාවල දී සඳහන් විය. බලයට පත්වීමෙන් පසුව පොරොන්දු වූ ප්‍රමාණයෙන් නොවුණ ද කිසියම් ප්‍රමාණයකින් විදුලිබිල අඩු කළේය. එහෙත් ඒ හේතුවෙන් විදුලිබල මණ්ඩලය පාඩු ලබන තත්වයක් වාර්තා විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නව රජය සමග පැවැති ණය වාරික සමාලෝචන රැස්වීමේ දී ඊළඟ ණය වාරිකය අනුමත කළ නමුදු, එය ලබාදීමට නම් ඊට පෙර විදුලිබල මණ්ඩලය විසින් වියදම් තුලනය වන මට්ටමකට විදුලි ගාස්තු වෙනස් කළ යුතු බව ප්‍රකාශ කර සිටියේය. ආණ්ඩුව විදුලි බිල ඉහළ දැම්මේය. ණය වාරිකය ලැබුණි.
දැන් නැවත වරක් අයිඑම්එෆ් ගිවිසුමට අනුකූලවීම සඳහා විදුලි බිල ඉහළ දැමීම සඳහා වු යෝජනාව මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කර තිබේ. ගිවිසුමේ අංශු මාත්‍රයක් වෙනස් කිරීමට ගොස් ආණ්ඩුව පාඩමක් ඉගෙන ගත්තේ එලෙසය. ඒ හැරෙන්නට ශ්‍රී ලංකාව සහ අයිඑම්එෆ් අතර ගිවිසුමේ එක අකුරක් හෝ සංශෝධනය කිරීමට ජාතික ජනබලවේග රජය කටයුතු කර නැත. මැතිවරණ වේදිකාවල දී දේශපාලන පක්ෂවලට කොතෙකුත් පොරොන්දු ලබා දිය හැකිය. එසේ වුව ද ප්‍රායෝගිකත්වයට මුහුණදෙන විට ඒවා ඒ අයුරින්ම ඉටුකළ හැකි ද යන ප්‍රශ්නය නිරන්තරයෙන්ම පැන නගින බව සියලු දෙනාටම දැන් වැටහී ඇති බවක් පෙනේ.
රටට වැදගත් වන්නේ නව ආණ්ඩුව වේදිකාවල දී ලබා දුන් අනන්ත වූ පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉටු කරන්නේ ද යන්න නොවේ. ආර්ථික අර්බුදයෙන් දැඩි පීඩනයකට සහ අස්ථාවරත්වයකට පත්ව තිබූ රට යළිත් පෙර පැවැති තත්වයට ගෙන ඒම සහ ස්ථාවරත්වයකින් යුතුව ආර්ථිකය හැසිරවීමයි. අරගලයෙන් මුවහත ලැබූ ජාතික ජනබලවේගය රටේ මහජනතාවට, තරුණ පරම්පරාවට, රාජ්‍ය සේවකයන්ට, පෞද්ගලික අංශයේ සේවකයන්ට, ගොවීන්ට සහ විද්වතුන්ට ක්‍රම වෙනසක්’ සඳහා වූ බොහෝ පොරොන්දු ලබා දී තිබේ. 76 වසරක සාපයෙන් අත්මිදීම සඳහා පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්’ නිර්මාණය වන ආකාරය දැක ගැනීමට ජනතාව තම ඡන්දය පාවිච්චි කළ බව සත්‍යයකි. එසේ වුව ද ඉහතින් සඳහන් කළ පරිදි පොරොන්දු සහ ප්‍රායෝගිකත්වය ඉඳුරාම වෙනස් විය හැකි බව පසුගිය වසරක කාලපරිච්ඡේදයේ අත්දැකීම්වලින් ඔවුන්ට වැටහෙනු ඇත.
රනිල් වික්‍රමසිංහ මහතා 2022 දී බලයට පත්වීමෙන් පසුව ඒ වනවිට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබූ බංකොලොත් භාවයෙන් රට මුදාගැනීම සඳහා ඔහු කටයුතු කළේය. එහිදී ගත හැකි එකම විසඳුම වී තිබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීර්ණ ණය ගිවිසුමකට අවතීරණ වීමය. පළමුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය මුදල් ලබා ගැනීමත්, ඉන් ලැබෙන විශ්වාසය මත පදනම්ව ඉදිරි ආර්ථික කටයුතු පවත්වාගෙන යාමත් ඔහුගේ ඉලක්කය විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැති එම සාකච්ඡා 2023 වසර අවසන් වනතුරු සිදුවිය. අයිඑම්එෆ් ගිවිසුම අත්සන් කිරීමට නම් පූර්ව කොන්දේසි ද ඉටුකළ යුතුව තිබුණි. රාජ්‍ය ආයතන ලාබ ලබන තත්වයකට පත් කිරීම, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම, රජයේ ණය අඩු කිරීම, නව බදු පනත් ක්‍රියාත්මක කිරීම, ආණ්ඩුවේ වියදම් පිළිබඳ සීමා පැනවීම, විදුලිය සහ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීම ආදිය එම පූර්ව කොන්දේසි අතර විය.
ඉදිරි ආර්ථික පිළිවෙත පිළිබඳව නිගමනවලට එළැඹීමට පෙර ගිවිසුමේ පූර්ව කොන්දේසි සම්පූර්ණ කළ යුතු වූ අතර, රජය ඒවා එකිනෙක සම්පූර්ණ කළේය. ඉන් පසු එකඟතාවලට පැමිණීමට සිදුවූයේ අනාගත ආර්ථික ප්‍රතිපත්ති සහ සාර්ව ආර්ථික කළමනාකරණය පිළිබඳවය. දිගු කලක් ගතවුව ද, එම සියලු කරුණු සම්පූර්ණ කිරීමෙන් පසු ගිවිසුම අත්සන් කිරීමටත්, ණය වාරික ලබා ගැනීමටත් හැකි විය. රටේ බංකොලොත්භාවය අවසන් කිරීම පිළිබඳව එය සහතිකයක් විය. ඉන්පසු අනෙක් ජාත්‍යන්තර මූල්‍ය ආයතන ද, රටවල් ද ශ්‍රී ලංකාවේ සහායට ඉදිරිපත් විය. විදේශ ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්පූර්ණ කිරීමට ද හැකි විය.
රටටත්, ජනතාවටත් බලපෑම් ඇති කරන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුමට අනුකූලව ක්‍රියාත්මක වීමට සිදුවිය. රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය ජන ජීවිතයට සෘජුව බලපාන කරුණු කිහිපයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණි. ඉන් එකක් වූයේ ඒ වනවිට තහනම් කර තිබූ මෝටර් රථ ආනයනය 2024 ඔක්තෝබර් මාසයේ සිට පියවර 03ක් යටතේ ආරම්භ කිරීමය. 2025 ජනවාරි මාසයේ දී මෝටර් රථ ආනයනය කිරීමේ තුන්වැනි අදියර යටතේ එතෙක් පැවැති ආනයන සීමාව සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට බලාපොරොත්තු විය. එමගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකග වී ඇති බදු ඉලක්ක සම්පූර්ණ කර ගන්නා අතරම ජනතාවට මෝටර් රථ පිළිබඳ සිහිනය සැබෑ කර ගැනීමට අවස්ථාවක් ලබා දීමට ද බලාපොරොත්තු විය.
දෙවැන්න උදය සෙනෙවිරත්න කමිටු වාර්තාවට අනුකූල වන අයුරින් 2025 ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවක වැටුප් වසර කීපයක් තුළ දී වැඩි කිරීමය. විවිධ අවස්ථාවල දී මූලික වැටුපට එකතු නොකර ගෙවන ලද දීමනා මූලික වැටුපට එකතු කර සියලු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළ දැමීමට තීරණය කර තිබුණි. තුන්වැන්න ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩනයට පත් වු දිළිඳු කොටස්වල පෝෂණ හා ආර්ථික අවශ්‍යතා සම්පූර්ණ වන ආකාරයෙනි. අස්වැසුම’ දීමනාව ඉහළ නැංවීම සහ එම සහන ලැබෙන පිරිස ඉහළ නැංවීමයි.
මෙම යෝජනා සියල්ලම දැන් ක්‍රියාත්මක වී තිබේ. රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම පසුගිය රජයෙන් යෝජනා කරන ලද ආකාරයෙන්ම ක්‍රියාත්මක නොවුණ ද, කිසියම් හෝ වැටුප් වැඩිවීමක් ඔවුන්ට ලබා දී තිබේ. අයිඑම්එෆ් ගිවිසුමට අනුකූලව පසුගිය රජය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබුණු එම යෝජනා සියල්ලම ඒ අකාරයෙන්ම අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ක්‍රියාත්මක කර ඇත. එවැනි තත්වයක් තුළ පසුගිය වසරක කාලයේ දී නව රජය කිසිදු කටයුත්තක් ඉටු කර නැතැයි ප්‍රකාශ කිරීම සාවද්‍ය බව මගේ හැඟීමයි. ජයග්‍රහණය කර ඇත්තේ ජාතික ජනබලවේගය නොව විපක්ෂයයි. එයට හේතුව මේ දක්වා ක්‍රියාත්මක කර ඇත්තේ විපක්ෂයේ ප්‍රතිපත්ති මිස ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති නොවන බැවිනි.
බදු අඩු කරන බවට, විදුලි මිල, ඉන්ධන මිල අඩු කරන බවට, භාණ්ඩ හා සේවා මිල ගණන් අඩු කරන බවට, රැකියා සපයන බවට ලබා දුන් පොරොන්දු ඉටු කර නැති බවට ද මේ රජයට චෝදනා නැගේ. වේදිකාවල දී අනුර කුමාර දිසානායක මහතා මෙන්ම එම පක්ෂයේ අනෙකුත් නායකයන් ද සඳහන් කළ කරුණුවලට ඉඳුරාම පටහැණි පිළිවෙතක් අනුගමනය කරන බව ද ප්‍රකාශ වේ. පසුගිය ජනාධිපතිවරණයේ දී රටේ ඡන්ද දායකයන්ගෙන් සියයට 50 ක් අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත් කිරීමට ඡන්දය ලබා දුන්නේ නැත. මුළු ජන්ද සංඛ්‍යාවෙන් ඔහුට ලැබුණේ සියයට 42.31 ක ඡන්ද ප්‍රමාණයක් පමණි. සියයට 57 ක පිරිසක් ඔහුට විරුද්ධව ඡන්දය දුන්හ. එබැවින් ඔවුන් විපක්ෂයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම වැරැද්දක් ලෙස හැඳින්විය හැකිද?
(***)
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ආණ්ඩුවේ වසරක ශේෂ පත්‍රය
idr tharanga Thursday, 25 September 2025 01:50 PM
මේ ලොක්කාව කැම්පස් එකක උගන්නන්න යවන්නේ නැතුව මොන්ටිසෝරියක වගේ උගන්නන්න යැවේවොත් හොද නැද්ද?