IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


ආණ්ඩුවේ කොරෝනා ප්‍රතිචාරය

රටපුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් ඉහළ යමින් තිබෙන තත්ත්වයක් තුළ මුළු රටම සති කිහිපයකට වසා දමන්නැයි විවිධ පාර්ශ්ව රජයට යෝජනා  කළද ඒ සඳහා ආණ්ඩුව නිසි ප්‍රතිචාරයක් මේ වනතුරු දක්වා නැත.

වෛද්‍ය සංගම් රටතුළ දැඩි සංවරණ සීමා පනවන්නැයි රජයෙන් ඉල්ලා සිටියේය. එහෙත් ආර්ථිකය මේ තරමකින් හෝ පවත්වාගෙන යා යුතු හෙයින් ආණ්ඩුවේ ඉහළ බලධාරීන්ට ඒ පිළිබඳව දෙවරක් කල්පනා කරන්නට සිදුව තිබේ.

කොරෝනා වයිරසය පැතිර යමින් තිබියදී ඉකුත් දින ගණනාවකම ගුරු හා විදුහල්පති සංගම් වැටුප් ඉල්ලා සටන් කළේය. ගුරුවරුන් දැඩි ලෙස ඒකරාශිවීමෙන් කොරෝනා තවදුරටත් පැතිර යනු ඇතැයි සෞඛ්‍ය අංශ කරුණු පැහැදිලි කළේය. ඒ අනුව පුද්ගල ඒකරාශීව සිදුකරන උද්ඝෝෂණ හා විරෝධතා තාවකාලිකව නතර වී තිබේ. එහෙත් කොරෝනා වසංගතයේ නිමක් නැත. දිගින් දිගටම ඉන් ආර්ථික, සමාජ හා දේශපාලන අංශවලට සිදුවන බලපෑම අතිමහත්ය. රට ටික දිනකට හෝ වසාදමන්නේද යන්න සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඉහළ බලධාරීන් ඉකුත් දින කීපයකදීම විවිධ මට්ටමේ සාකච්ඡා පැවැත්වීය. එහෙත් ඒවායේ ප්‍රතිඵල දැකගන්නට ලැබුණේ නැත.

‘‘රට යළිත් වසාදමා ආර්ථිකය කරගන්න බැහැ. අපට මේ විදියට ටික දිනක් යන්න වෙනවා. රටේ ජනතාවගෙන් සෑහෙන පිරිසකට එන්නත්  ලබාදුන් පසුව අපට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව අඩුකර ගන්න පුළුවන්. ඉතා වේගයෙන් අපේ රටේ එන්නත් වැඩසටහන ක්‍රියාත්මක වෙනවා’’ මේ ඉහත දැක්වුණේ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකුගේ ප්‍රතිචාරයය. ඔහු මේ කියා ඇත්තේ ආණ්ඩුවේ අදහස්ය. මේ අතර රටේ පවතින වෙනත් අර්බුදවලටද පිළියම් සෙවීමට රජයට සිදුවී තිබේ.

ගෙවීගිය දින කීපයේදී ගෑස් හිඟයක් රටපුරාම පැවැතියේ ඩොලර් හිඟය නිසා බවට තොරතුරු වාර්තා වූයේය. ගෑස්වලට අමතරව කිරිපිටි හිඟයක්ද මේ වනවිට රටතුළ පවතී. කැබිනට් රැස්වීමේදී කිරිපිටි හිඟයට පිළියම් යෙදීමේ බලය මුදල් ඇමතිවරයාට පැවරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. ඒ අනුව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ කිරිපිටි ආනයන බදු ඉවත් කළ අතර කිරිපිටි සමාගම් කිරිපිටි ආනයනයට පියවර ගෙන තිබේ.

‘‘කිරිපිටි හිඟයට විසඳුම් සෙවීම කළේ ඉතාම ජනප්‍රිය ක්‍රමයකට ආනයන බදු ඉවත් කළා. මේක  ඉතා සරල ක්‍රමයක්. මේ ආණ්ඩුව ආපු මුල් කාලයේ බදු සහන ලබාදුන්නා. බදු අඩු කළා. ඒකෙන් ගජ මිතුරු ව්‍යාපාරිකයන් වාසිගත්තා. රජයේ ආදායම බැස්සා. කිරිපිටි බදු ආදායම් අඩුවෙලා.’’ යැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු චෝදනා කරති.

මේ අතර මුදල් ඇමතිවරයා ප්‍රකාශ කර තිබුණේ ඩොලර් සංචිතය කියන තරම් අඩුවීමක් සිදුනොවී තිබෙන බවය. යුද්ධය පැවති සමයේ ඩොලර් සංචිතය ඉතාම අඩු මට්ටමක පැවති බවද මුදල් ඇමතිවරයා පෙන්වා දුන්නේය. කෙසේ වෙතත් රටතුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ වුවද මාස තුනකට ප්‍රමාණවත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා සංචිතයක් රටේ තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ඉකුත්දා සනාථ කළේය.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ ලංකා සම සමාජ පක්ෂය ඉකුත්දා එක්වී ගුරු වැටුප් විෂමතාව සම්බන්ධයෙන් සාකච්ඡා කළේය. ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ ඒකාබද්ධ නිවේදනයක්ද ඒ සම්බන්ධයෙන් නිකුත් කළහ. එම පක්ෂ දෙකේ අදහස වී තිබුණේ වසර විස්සකට අධික කාලයක සිටම ගුරුවරුන්ට වැටුප් විෂමතාවක් තිබූ බව ආණ්ඩුව පිළිගත යුතු බවය. ‘‘ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට පැහැදිලිවම වැටුප් විෂමතාවක් තිබුණා. එම සේවාවට සාධාරණ වැටුප් ගෙවිය යුතුයි. වෘත්තියේ අභිමානය රැකෙන අයුරින් වැටුප් සකස්විය යුතුයි. නව වැටුප් කොමිසමක් පත්කර සාධාරණ කාලයක් තුළ එහි කටයුතු අවසන් කර වැටුප් විෂමතාවට පිළියම් යෙදිය යුතුයි. එතෙක් ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට අන්තර් කාලීන දීමනාවක් ලබාදිය යුතු බවද’’ එම ඒකාබද්ධ ප්‍රකාශයේ සඳහන්ව තිබිණ.

ගුරුවරුන්ගේ වැටුප් ගැටලුවට ක්ෂේත්‍ර ගණනාවක වෘත්තීය සමිති මේ වනවිට සම්බන්ධ වී තිබේ. එපමණක් නොව විවිධ දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන වෘත්තිකයන්ගේ සංගම්ද ගුරු සටනට සහාය දීමට තීරණය කර ඇතැයි වාර්තාවේ. මේ අතර රජයේ ඉහළ ආරංචි මාර්ග සඳහන් කළේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සම්මත කිරීම ආණ්ඩුව මාස කීපයකට කල් දමා ඇති බවය. ‘‘කොතලාවල පනතට එරෙහිව සෑම අංශයකින්ම විරෝධතා මතුවන්නට පටන් ගත්තා. ආණ්ඩුව මුලදී හිටියේ දැඩි ස්ථාවරයක. ආණ්ඩුව හිතුවට වඩා  විරෝධතා ඉහළ ගියා. ඒ නිසා  ආණ්ඩුව අඩියක් ආපස්සට ගත්තා. හැබැයි පනත සම්මත කිරීමේ අදහස තවමත් අත්හැර දමා නැහැ’’ යැයි විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පළමු පදවි ප්‍රාප්තිය නිමිත්තෙන් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ඉකුත්දා ආශිර්වාද පූජාවක් සංවිධානය කළේ ඉන්දියාවේ මහාබෝධි සංගමය ඒකාබද්ධවය. ඉන්දියාවේ මූලගන්ධකුටි විහාරස්ථානයේදී ඉකුත් 9 වැනි දින එම ආශිර්වාද පූජාව පැවැත්විණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය නිල නිවසේ සිටද ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ සිටද අන්තර් ජාලය ඔස්සේ එම ආශිර්වාද පූජාවට එක්වූහ. මහා බෝධි සංගමයට සම්බන්ධ බුද්ධගයාව, ලුම්බිණිය, කල්කටා සහ ලක්නව් වැනි ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල විහාර ආයතන අන්තර්ජාලය ඔස්සේ එම ආශිර්වාද පූජාවට සම්බන්ධ කරවා තිබිණ.

 ‘‘සඳුදා පාන්දර යෙදී තිබූ විශේෂ සුබ මුහුර්තයකදී මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් තිරුමාලා තිරුපති දේවස්ථානයද අන්තර් ජාලය ඔස්සේ වැඳපුදා ගත්තා. වෙන්කටේශ්වර දෙවියන් වෙනුවෙන්ද තවත් විශේෂ පූජාවක් පැවැත්වුණා. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා තිරුපති කෝවිලේ බැතිමතෙක්. එතුමා ඉන්දීය සංචාර කීපයකදීම තිරුපති කෝවිල වැඳපුදාගෙන තිබෙනවා’’යැයි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළේය.
ආණ්ඩුව අර්බුද ගණනාවකට මැදිව සිටින අතරේ කැබිනට් සංශෝධනයක් ගැනද රටපුරා ආරංචි පැතිර යමින් තිබේ. එම කැබිනට් සංශෝධනය මේ සති අන්තයේ සිදුකරනු ඇතැයි දැනගන්නට තිබුණද එය සිදු වූයේ නැත. ආණ්ඩුවේ ආරංචිමාර්ග සඳහන් කළේ කැබිනට් මණ්ඩල සංශෝධනය ඉතා ඉක්මනින් සිදුවිය හැකි බවය. වාර්තාවන අන්දමට රටේ අර්බුදයක්ව පවතින ක්ෂේත්‍ර දෙකටම අදාළ අමාතයාංශ වෙනත් ඇමැතිවරුන්ට පැවරීමට නියමිතය.

මහාචාර්ය ජී.එල්. පීරිස් දරන අධ්‍යාපන අමාත්‍යාංශය නැවත අමාත්‍යාංශ දෙකක් බවට වෙන් කිරීමට රජය අදහස් කරගෙන තිබේ. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රසන්න රණතුංගටත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය දිනේෂ් ගුණවර්ධනටත් පවරනු ඇතැයි දැනගන්නට තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පවිත්‍රා වන්නිආරච්චි ඇමතිවරිය වෙනුවට එම අමාත්‍යාංශය වෛද්‍ය රමේෂ් පතිරණට පැවරෙනු ඇතැයිද වාර්තාවේ. ඩලස් අලහප්පෙරුමට ජනමාධ්‍ය අමාත්‍යාංශයත් පවිත්‍රා වන්නිආරච්චිට විදුලිබල අමාත්‍යාංශයත් පැවරෙන බවද පැවසේ. නව වැවිලිකර්මාන්ත අමාත්‍යවරයා ලෙස පත්වීමට නියමිතව ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ලය. ප්‍රසන්න රණතුංගට හිමිව තිබෙන සංචාරක අමාත්‍යාංශය බොහෝ විට ජනාධිපතිවරයා යටතේ පවතිනු ඇතැයිද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය මුල සිටම අර්බුදයකට ගිහින් තිබුණා. එකම අමාත්‍යාංශය විෂයන් තුනකට කඩලා ඇමතිවරුන් තිදෙනෙක් පත්කළා. පවිත්‍රා කරන දේ චන්න ජයසුමන දන්නේ නැහැ. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේට තවත් විෂයක් පැවරුවා. නිසි සම්බන්ධීකරණයක් නැතිව අමාත්‍යාංශයක වැඩ කරගෙන යන්න අමාරුයි යැයි රජයේ ප්‍රබල කැබිනට් ඇමතිවරයෙක් ප්‍රකාශ කර තිබුණේය.

‘‘උදයංග වීරතුංග තමයි මේ දවස්වල සංචාරක බුබුළු මාර්ගයෙන් රටට සංචාරකයන් ගෙන්වන්නේ. උදයංග වීරතුංගටත් තනතුරක් ලබාදුන්නාම සංචාරක ක්ෂේත්‍රය නංවාලන්න පුළුවන්’’ යැයි තවත් ඇමතිවරයෙක් අදහස් පළකර තිබුණේය.

එක්සත් ජාතික පක්ෂයේ 75 වැනි සංවත්සරය සැප්තැම්බර් මස 6 වැනි දිනට යෙදී තිබේ. නායක රනිල් වික්‍රමසිංහ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් හදිසියේ කැඳවා ඒ ගැන සාකච්ඡා කළේය.

එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට නියමිත යෝජනා 16න් යුත් ලියවිල්ලක්ද කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කෙරිණ.

‘සෞඛ්‍ය හා ආර්ථිකය සුරක්ෂිත වූ රටක්’ යනුවෙන් මෙම ප්‍රතිපත්ති මාලාව සකස්කර ඇතැයි දැනගන්නට තිබේ. එම ලියවිල්ල පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කළේය. ‘‘විපක්ෂයේ පක්ෂ සියල්ලම ආණ්ඩුවේ ක්‍රියාකලාපය විවේචනය කරනවා විතරයි. කිසිම පක්ෂයක් රටේ පවතින ප්‍රශ්න විසඳන්න විකල්ප සැලසුමක් ඉදිරිපත් කරලා නැහැ.

එහෙත් නායකතුමා හැමදාම විකල්ප රටට ඉදිරිපත් කළා’’ යැයි රුවන් විජයවර්ධන එම සැලසුම් යෝජනා ඉදිරිපත් කරමින් කීවේය.

මේ අතර රටපුරා ගෑස් හිඟයක් පවතින හෙයින් ඒ සම්බන්ධයෙන් විවිධ ආරංචි පැතිර යන්න පටන්ගෙන තිබුණේ සමාජ මාධ්‍යවලය. යෝෂිත රාජපක්ෂ ගෑස් ආනයනය කිරීමේ සූදානමක් ගැන අදහස් පළකරමින් ඇතැම් පිරිස් තම තමන්ගේ ෆේස්බුක් පිටුවල විවිධ සටහන් තබා තිබුණේය. ගෑස් ප්‍රශ්නය හා තමන් පිළිබඳව පැතිර යන ආරංචි ගැන කරුණු පැහැදිලි කරමින් යෝෂිත රාජපක්ෂ ඉකුත්දා කරුණු පැහැදිලි කිරීමක් කළේය. ‘‘රට පුරා සති කිහිපයක් තිස්සේ පවතින ගෑස් හිඟය නිර්මාණය වීමට හේතුව ගෑස් වෙළෙඳ පොළ මම ආක්‍රමණය කිරීමට කළ සැලසුමක් බවට ව්‍යාජ ප්‍රචාර පැතිර යනවා. එය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනවා. මට ඇති ගෑස් සමාගමක් නැහැ. ව්‍යාජ පුවත් මවන්නන්ගේ අරමුණ ආණ්ඩුව හා ජනතාව අතර අප්‍රසාදයක් ඇති කිරීම බවද අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ පවසන්නේය.

(*** කස්තුරි)

 



අදහස් (3)

ආණ්ඩුවේ කොරෝනා ප්‍රතිචාරය

දාස Friday, 13 August 2021 02:39 PM

මේක හොර රජයක් වෙලානේ...

:       0       10

sam Saturday, 14 August 2021 10:09 AM

මේ අය දැන් ගොවිපොළක් පාලනය කරන විදියට රට පාලනය කරන්නේ. ඊට වඩා දෙයක් ඉතින් බලාපොරොත්තු වෙන්නත් බෑ...

:       0       7

mp Tuesday, 17 August 2021 11:44 AM

නොදකින් ආණ්ඩුව කියල තමයි කියන්න තියෙන්නේ.

:       0       3

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

​එදා වැටුණු ආර්ථිකයේ අද දවස
2024 මැයි මස 08 125 0

1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35 වැනි වගන්තිය අනුව, සෑම මුදල් වර්ෂයක්ම අවසාන වී මාස හතරක් ඇතුළත, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය තත්වය ද, අදාළ මුදල් වර්ෂය තුළ මු


විශ්වවිද්‍යාල පද්ධතිය කඩා වැටෙන්නට දෙනු එපා
2024 මැයි මස 08 127 0

මෙරට විශ්වවිද්‍යාල පද්ධතියම මේ වන විට අකර්මණ්‍ය තිබේ. ඒ, විශ්වවිද්‍යාලවල අනධ්‍යයන කාර්යමණ්ඩල සේවකයන් සහ විධායක ශ්‍රේණියේ නිලධාරීන් ආරම්භ කර ඇති වැඩ


මල් විකුණගන්න කිලෝමීටර් 4-5 ක් උඩට පහළට දුවනවා, දවසකට කිලෝමීටර් 15-20 ක් දුවනවා ඇති - චීනය දිනූ ලංකාවේ මල් කුමාරයා කියන කතාව
2024 මැයි මස 07 2870 2

චීනයේ කෝටි 13කට අධික පිරිසකගේ සිත් සොරාගත් ශ්‍රී ලංකාවේ මල් කුමාරයෙකු පිළිබඳව තොරතුරු මේ දිනවල මෙරට හා විදෙස් රටවල විවිධ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් කතා


නිදහස් අධ්‍යාපන ඝෝෂාව
2024 මැයි මස 07 275 6

ඉකුත් මැයි 03 වැනි සිකුරාදා දින සවස “නිදහස් අධ්‍යාපනය” බේරා ගැනීමේ සටනකට “වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව” නමින් කැඳවීමක් තිබිණ. ඒ විරෝධය පොලිස්


මධ්‍යම අධිවේගයේ බාල්කයක් කඩාවැටුණේ කාගේ වරදින්ද?
2024 මැයි මස 07 1185 3

අතරමග නවතා දමා තිබෙන කොළඹ-මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ දැවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් කඩා වැටීමේ පුවත අධිවේගී මාර්ගවල ගමනා ගමනයේ යෙදෙන ඕනෑම කෙනකුට ස


ආර්ථිකයේ අනාගතය අඳුරුද?
2024 මැයි මස 06 380 0

ආර්ථිකය සම්බන්ධයෙන් විවිධ අය විවිධ මත පළ කරනු දැකිය හැකිය. මැතිවරණයක් ආසන්නයට ගමන් කරමින් සිටීම එයට ප්‍රධාන හේතුවකි. අපායේ ඉන්ටර්වල් එකක් ගත කරමින් සි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 550 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2022 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1781 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site