සෙවණැල්ල උපමා කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම් පද තියෙනවා. පහන් සිතින් තමන් කරන කතා හා ක්‍රියාවල විපාකය තමා පසු පසම එනවාය කියලා කියන කාරණය පැහැදිලි කිරීමට සෙවණැල්ල උපමා වශයෙන් යොදාගෙන තිබෙනවා. තමාගේම පසු පස එන සෙවණැල්ල නිසා තමන්ට අලාභයක් හෝ අවාසියක් හෝ සිදුවන්නේ නැහැ. ඒ වගේම තමා පසු පසම එන සෙවණැල්ල නවතා දැමීමට ක්‍රමයක්වත් තමන්ට නැහැ. ඔබ කැමති වුණත් අකමැති වුණත් සෙවණැල්ල තමන්ගේ පසු පසම එනවා. එහෙම වුණත් එයින් තමන්ට අයහපතක් හෝ පලප්‍රයෝජනයක් හෝ ලැබෙන්නේ නැහැ.
කර්මය සචේතනික අචේතනික කියලා කොටස් තියෙනවාද?

බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබන්නේ මිනිසා කරන කියන හැම කර්මයකටම තමන්ගේ මනස මූලික වන බවයි. මනස මූලිකවී කිසියම් කාය කර්මයක් (කයින් කරන ක්‍රියාව) හෝ වචී කර්මයක් (වචනයෙන් කරන ක්‍රියාව) කළවිට එයට සචේතනික කර්ම කියලා කියනවා. සචේතනික ව කර්මයක් කළාම එම කර්මය සඳහා විපාකයක් ලැබෙනවා. මනස මූලික නොවී කිසියම් කාය කර්මයක් (කයින් කරන ක්‍රියාව) හෝ වචී කර්මයක් (වචනයෙන් කරන ක්‍රියාව) කළාම ඒවාට අචේතනික කර්ම කියලා කියනවා. අචේතනික වශයෙන් කිසියම් කර්මයක් කළවිට එම කර්මය සඳහා විපාක ලැබෙන්නේ නැහැ. අචේතනික කර්මවලට විපාකයක් ලැබුණේ නැතත් එබඳු කර්ම නිසා ඇතැම් විට තමාට අලාභ පාඩු සිදුවෙන්න පු`ඵවන්. අචේතනික කර්ම විපාක දෙන්නේ නැහැ. එබඳු කර්ම කුසල හෝ අකුසල වශයෙන් බෙදා වර්ග කරන්න බැහැ. මානසික විකෘතිතා සහිත පුද්ගලයන් කරනු ලබන ක්‍රියා අචේතනික ගණයට වැටෙන නිසා ඒවායේ විපාක පෙරළා තමන්ට ලැබෙන්නේ නැහැ. අචේතනික කර්ම විපාක නොදෙන ඒවා නිසා ඇතැම් කෙනෙකුට ඒවා අහෝසි කර්ම කියා හිතෙන්නට පු`ඵවන්.
ඒත් අචේතනික කර්ම අහෝසි කර්ම නොවෙයි. අහෝසි කර්ම කියලා කියන්නේ විපාක දෙන්නට අවස්ථාවක් නොලැබුණු කර්මවලටයි. අචේතනික කර්මයක් ලෙස ගැනෙන්නේ කර්මයක් බවට පත් නොවන කර්මයි. ඒ කියන්නේ බාහිර සමාජයට කාය වාචසික කර්මයක් වගේ පෙනුණාට එය කරන පුද්ගලයාගේ මානසිකත්වය සමග ක්‍රියාවෙහි සම්බන්ධතාවක් නොමැති වීමයි. අහෝසි කර්ම කියලා කර්ම විශේෂයක් නැහැ. කිසියම් කර්මයක් කරන විට එය අහෝසි කර්ම ගොඩට වැටෙන්නේ නැහැ. එහෙම නම් අහෝසි කර්ම බවට පත් වන්නේ මොන වාගේ කර්ම ද? අහෝසි කර්ම බවට පත් වන්නේ තමා කළ කර්ම විපාක දීමට අවස්ථාවක් නොලැබී ගිය ඒවා ය. කිසියම් කර්මයක් අහෝසි කර්ම කියලා තේරුම් බේරුම් කර ගන්නේ සියල්ල සිදුවී අවසානයේ. එනම්, විපාක ලබා දෙන්නට අවස්ථාවක් නෙලැබූ විට.

විපාක ලැබෙන්නේ සචේතනික කර්ම විතරයිද?
පොදු සමාජයේ හිත සුව පිණිස සම්‍යක්ප්‍රයෝගයක් හැරුණු විට සචේතනික ව කරනු ලබන හැම කාය වචී කර්මයකට ම විපාක ලැබෙනවා. ඒවායින් වැඩි කොටසක් මිනිසා අත්විඳින්නේ මේ ලෝකයේදීමයි. ඇතැම් මිනිසුන්ගේ කර්ම විපාක හරිම අරුමයි. ඒ කියන්නේ තමන් කර්මයේ විපාක විඳිද්දීත් තමන් ඒ අත්විඳින්නේ කළ කර්මයේ විපාක යයි තේරුම් ගන්නේවත් නැහැ. වර්තමාන සිංහල සමාජයේ දේශපාලන ක්ෂේත්‍රයේ සිටින බොහෝ අයට ධර්මය පිළිබඳ අවබෝධය හරිම අඩුයි. දේශපාලන මුවාවෙන් යම් යම් වැරදි කරනවා. ඒවායේ ඵල විපාක අනිවාර්යයෙන් ම ලැබෙනවා. සමාජය දෙස විමර්ශනශීලීව බලන කෙනෙකුට කර්ම විපාක ඇස්පනාපිටම දැකගන්නත් පු`ඵවන්. ඒනිසා ම සෙවණැල්ල ගැනම පමණක් නොවෙයි සෙවණැල්ලේ උපමාව තුළින් උගන්වන ධර්ම කරුණු පිළිබඳව විමසිලිමත් වීමත් වැදගත්. ඔබ පසුපස ම යන ඔබේ සෙවණැල්ල ගැන මින් පෙර ඔබ කල්පනා කරලා එහෙම තිබෙනවා ද? ඔබේ සෙවණැල්ලෙන් ඔබට සිදුවී තිබෙන්නේ යහපතක් ද?, අයහපතක් ද? කියා සිතා බැලීම ඔබට වැදගත්. යමක් ගැන වැඩිපුර කල්පනා කරනවා නම් එය එසේ කරන්නේ එම සිද්ධිය හිතට කරදරයක් හෝ විපත්තියක් බවට පත් වුණාම නේ ද?
සෙවණැල්ලත් ළඟ ඉන්නේ ආලෝකයේදී විතරයි
තමන්ගේ ඡායාව කවර දාකවත් අයහපතක් බවට පත් වෙලා නැති නිසාත් එයින් කරදරයක් හෝ විපත්තියක් නොවුණ නිසාත් සමහර විට ඒ ගැන ඔබ මීට පෙර හිතලා නැතුවා වෙන්න පු`ඵවන්. ඒ වුණත් එය අමතක කරලා දමන එක එතරම් සුදුසු දෙයක් නොවෙයි. සෙවණැල්ල වුණත් තනියට ඉන්නේ ආලෝකයේ දී යි කියලා කියමනක් තිබෙනවා. ඔබ සමහරවිට එය අහලත් ඇති. ලෝකයේ තැන් තැන්වල දී සෙවණැල්ල වුණත් ළඟ පාත නැහැ නේ ද කියලා හිතන විට ජීවිතය ගැන පුදුම තනිකමක් දැනෙන්න පු`ඵවන්.
අඳුරේ දී ඡායාව දෘශ්‍යමාන නොවුණට එය විශ්වයේ තියෙනවා. නමුත් භෞතික ඇසට එය පෙනෙන්නේ නැහැ. ඇසට නොපෙනෙන හැම දෙයක්ම නැහැ කියන තීරණයේ ඉන්නේ මිනිස් මනසේ පවතින අනුවණකම නිසා ඔබ හිතන හැටියට ඔබගේ ඇස ඉතා ප්‍රාණවත් ලෙස තිබුණත් එයට නොපෙනෙන දේවල් බොහෝමයි. හිතේ පවතින අරමුණු අනුව තමයි ඇසට පෙනීම ලබා දෙන්නේ. යමක් ගැන සොයා විමසා බලන්නට අදහසක් නැතිනම් එය ඔබට පෙනෙන්නේ නැහැ.
භෞතික දේ ගැන එහෙමනම් ඊට වඩා සියුම් දේවල් ගැන කවර කතා ද? පුද්ගලයකු හැටියට නිවැරදි තීරණයක් ගන්න නම් මේ හැම දෙයක්ම වැදගත් වෙනවා. ඒ ගැන සොයා විමසා බලන්නේ නැතිව සාවද්‍ය තීරණවලට පැමිණ තම ජීවිතයත්, සමාජ පරිසරයත් අපවිත්‍ර කරන කෙනෙක් ද ඔබ?
ඇස, කන, නාසය, දිව, ශරීරය ආදී සෑම ඉන්ද්‍රියකම හැටි එහෙම තමයි. තමා ළඟ සිදු වෙන විශාල ශබ්දයක් වුව ද නො ඇසී යන්නට පු`ඵවන්. ඒ ශ්‍රවණාබාධයක් නිසා නොවෙයි. තමන් වෙනත් අවධානයක සිටින නිසා.
යහපත් සිතුවිල්ල සංසාර ගමනට ආලෝකයක්
සෙවණැල්ල වගේ තමන්ගේ පසුපසම ගමන් කරන දෙයක් තියෙනවා. ඒ තමයි තමන් සිදු කරන යහපත් ක්‍රියාදාමයන්. හොඳ සිතුවිල්ලක් මුල් කරගෙන කරන යහපත් ක්‍රියාදාමයන් විසින් තමන්ට යහපත් සමාජ වටපිටාවක් ඇති කෙරෙනවා. යන යන තැන කැටිව යනවා. එය උදුරා ගන්න කිසිම සොරෙකුට බැහැ. වෙනත් කිසිවකුටත් බැහැ. එනිසාම ඔබ ඔබගේ ජීවිතය සාර්ථක කරනවා.
“යහපත් වැඩ කරන අපටම තමයි සියලුම විපත්ති” කියලා ඇතමෙකු තර්ක කරන්න ඒවි. එබඳු අවස්ථාවකදී හොඳට කල්පනා කරලා බලන්න, තමන් කළ හොඳ වැඩවලින් අයහපත් ප්‍රතිඵලයක් තමන්ට ලැබී තියෙනවා ද කියලා. මෝඩකම නිසා කරපු දේවල් ගැනවත් යමකට අහුවීම ගැනවත් නොවෙයි මං මේ කියන්නේ. යහපත් චේතනාව මුල් වෙලා කරපු ක්‍රියාවන් ගැන. ඔබටම හිතේවි. එහෙම අයහපතක් සිදු වෙලා නැති බව.
ආත්මාර්ථකාමී චේතනා මුල් කරගෙන යමක් යමක් බලාපොරොත්තුව කරන ක්‍රියා මේ ගණයට ගන්න බැහැ. එය හරි හැටි කල්පනා කරලා බලන්න. හොඳ දෙයක් කළොත් කවදාවත් ඉන් නරකක් වෙන්නේ නැහැ. නමුත් කරන දෙය ගැන හොඳින් හිතා බලා එය කිරීම යහපත්. මට්ටකුණ්ඩලී කියන චරිතය ඔබට මතක ඇති. යහපතක් කළ අයට පෙරළා එයට අනුරූප විපාක ලැබෙනවා කියන අදහස මතු වන්නේ ඔහුගේ ක්‍රියාදාමයන් ඇසුරෙන්.
මට්ටකුණ්ඩලී දෙවියෙක් වුණේ මනෝ කර්මයෙන්
බුදුරජාණන් වහන්සේ දැක සිත පහදවා ගත් පිනෙන් මට්ටකුණ්ඩලී මරණින් පසුව දේව ආත්මයක උපත ලැබුවා. යහපත් කෙනෙකු බවට පත් වුණා. එකී උදාර බවට පත්වීමට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ප්‍රසාද ජනක චිත්තය ඇකි කර ගැනීම පමණයි සිදුවුණේ. ඒ කියන්නේ කර්ම විපාකය සඳහා වඩාත් ප්‍රබල වන්නේ පුද්ගල සචේතනික බව කියල මෙයින් පෙනෙනවා.
එදිනෙදා ජීවිතය සාර්ථක කර ගැනීමට තමන් කරන ක්‍රියාදාමය ඉතා වැදගත් වෙනවා. යහපත් ක්‍රියා කරන්නට ඕනෑය කියා හිතට හැඟෙන්නේ පුණ්‍යවන්ත අයට පමණයි. පව්කාරයන්ට එබඳු සිතුවිලි අරහං. හිතට වුණත් යහපත හුරුපුරුදු කරල එබඳු දෙවල් තමයි, හිතට මතු කරළා දෙන්නේ. හිතට එබඳු චේතනාවක් එන්නේ නිතර නිතර යහපත් දෙයම කරන අයට.
චේතනාවත් ක්‍රියාවත් අතරේ පවතින්නේ අවියෝජනීය සබඳතාවක්. හොඳ දෙය ම කරන විට හිතට එබඳු අදහස් හැඟෙනවා. සිතුවිලි යහපත් වන විට කය වචනය දෙකින් එබඳුම ක්‍රියාවන් කරනවා. තමා කළ යහපත කවදාවත් නැති වෙන්නේවත් අන්සතු වෙන්නේවත් නැහැ. සැප විපාක දෙමින් එය නැවත නැවතත් සැරිසරනවා.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනුවත් කළ ඔබ වහන්සේට පින්! (නි)
නොදන්නා දහම් කරුණු කියාදුන් ඔබවහන්සේට නිදුක් නීරෝගී බව අත්වේවා. උතුම් දහම් අවබෝධය වහ වහා ලැබේවා! (නි)
තව ටිකක් කර්මය ගැන කියාදෙන්න. හොඳ කර්මයක් කළොත් නරක කර්මයක් අහෝසි වෙනවද? (නි)
කරුණාකර මෙම ලිපිය සහ අනෙකුත් මෙවැනි ලිපි වෙන කෙනෙකුට ඊමේල් කර යවන්න පහසුකමක් ලිපිය තුළටම ඇතුළත් කිරීමට සළසා දෙන්නේ නම් ඔබට පින්!!
සාදු සාදු සාදු ! (ම)
ඔබ වහන්සේගේ පැහැදිලිකිරීම හරිම උතුම් (නි)
සාදු සාදු සාදු ! (හේ)
හොඳ කර්මයක් මඟින් නරක කර්මයක් අහෝසි වෙන්න නම් ඒ ජීවිතයේම නිවන් දකින්න ඕනෑ කියලයි මම නම් හිතන්නේ (නි)
ඔබ වහන්සේට බෞද්ධ ධර්මය මේ මුළු ලෝකයටම බෙදා දෙන්න තවත් අවස්ථෘ ලැබේවා. සාදු සාදු සාදු ! (බ)
සාධු සාධු!! තවත් මේ වගේ දහම් කරුණු අපි බලාපොරොත්තු වෙනවා (නි)
බුදු සරණයි! (නි)