IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


ඡන්දයෙන් විවර වූ ජනමනස

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගොස් රැස්වීම් ඇමතූ අතර, දියත් කර තිබූ ප්‍රචාරක ව්‍යාපාරය දැවැන්ත එකකි. රැස්වීම් සඳහා කෝටි ගණන් වියදම් කරන්නට ඇති බව පෙනේ.

උදාහරණයක් ලෙස මැයි රැලිය සඳහා ලංකාවේ හතර වටින් බස්රථවලින් කොළඹ ගෝල්ෆෙස් පිටියට සෙනග ගෙනැවිත් තිබුණි, බස් රථ 5300ක් ගෙනා බව රැලි සංවිධායකයෝ ප්‍රකාශ කළහ. එසේ ගෙන එනු ලැබූ එක් රථයකට අවම වශයෙන් බස් ගාස්තුව ඇතුළුව පැමිණෙන පුද්ගලයන්ට කෑම බීම සහ අන් පහසුකම් සැලසීමට රුපියල් ලක්ෂයක් පමණ වැය වෙතැයි උපකල්පනය කළ හැකි ය. එනම් එහි ප්‍රවාහන වියදම පමණක් ලක්ෂ 5300ක් හෙවත් රුපියල් කෝටි 53කි.

මේ එක රැලියක එක් අංශයක් සඳහා වන වියදමක් පමණි. වේදිකා ඉදිකිරීම්, ශබ්දවාහිනී, සංග්‍ර වියදම් ආදි මෙකී නොකී වියදම් රැසක් තිබේ. ඒ අනුව, රැලියේ සමස්ත වියදම රුපියල් කෝටි 100 හෙවත් බිලියනකට ආසන්න විය හැකි ය. උදාහරණයක් ලෙස ජනතාව මත පනවන වැට් වැනි බද්දකින් වසරකට ආණ්ඩුව උපයා ගන්නා මුදල ආසන්න වශයෙන් රුපියල් බිලියනයකි. එහෙත් ආණ්ඩුව කරන මාලිමා/ජවිපෙ විසින් එක් තනි රැස්වීමක් සඳහා දිනකට ඒසා දැවැන්ත මුදලක් වියදම් කරනු පෙනේ. මේ එක් රැස්වීමක් සඳහා පමණි. ජනාධිපතිවරයා සහභාගී වූ මහාපරිමාණ රැස්වීම් සෑම දිස්ත්‍රික්කයකම පැවැත්විය. ඒවාහි වියදම් ද මීට මදක් පමණක් අඩු වන්නට ඇත. අපගේ ප්‍රශ්නය වන්නේ, වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ මේවැනි දේවල් තවදුරටත් ඉදිරියට ගෙනයෑමට ද යන්න ය. ඔවුන්ට බලය නැති කාලයේ මේ වැනි නාස්තිකාර මහජන රැස්වීම් හෙළා දුටු අතර, ඒවා යොදාගනිමින් ඒවාට එරෙහිව ජනමතයක් ගොඩ නගා ඒ ජනමතය ඔස්සේ බලයට පැමිණියේ ය. කෙසේ වෙතත්, එසේ බලයට පැමිණි ඔවුන් ද අද තමාගේ විවේචනයට බඳුන් වූ දෙයම ඊටත් වඩා දෙගුණයකින් ඉදිරියට කරගෙනු යනු පෙනේ.

අපගේ දෙවැනි ප්‍රශ්නය නම් මේසා දැවැන්ත මුදලක් එක් මැයි රැලියක් වෙනුවෙන් ආණ්ඩුව වියදම් කරන්නේ කෙසේ ද? එම මුදල් ලැබෙන මූලාශ්‍ර මොනවාද? කිසියම් ව්‍යාපාරිකයකු හෝ එවැනි කණ්ඩායමක් හෝ මේ මුදල වියදම් කරන්නේ නම් ඒ කුමන අරමුණකින් ද? මේ වියදම් කරන මුදල වෙනුවෙන් ආණ්ඩුව ඔවුන්ට දෙන සංතෝසම් මොනවාද?

වත්මන් ආණ්ඩුවේ ජනවරම තුළ ඉහත ප්‍රශ්න අතිශය සාධාරණ බව කිවයුතු ය. මන්ද ඔවුන් බලය ගත්තේ මේවැනි තැන්වල දී විනිවිදභාවය ආරක්ෂා කරන බව කියමිනි. පොරොන්දු වෙමිනි. එසේ කළ නොහැකි නම් ඒ පූර්ණ වශයෙන් ම ජනවරම පාවාදීමක් මිස අන් කුමක්ද? එසේ නොකරන්නේ නම්, මාලිමා/ජවිපෙ විසින් ම 76 වසරක ශාපය ලෙස නම් කර ගර්හාවට ලක් කළ දේශපාලන පක්ෂ සහ මාලිමාව අතර වෙනස් කුමක් ද? පැහැදිලිවම පෙනෙන එවන් වෙනසක් නැත. ආණ්ඩුව බලයට පත්ව දැන් මාස 8 ලබා ඇති මේ මොහොතේ ආණ්ඩුවට තමා සහ තමන්ගේ ප්‍රතිවාදියා අතර වෙනස පෙන්වා දීමට කිසිදු ආකාරයකින් නොහැකි වී ඇත.

ඒ අසමත්වීම නොවේ ද මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙන්වා සිටියේ. මාලිමාව මෙවර ජයග්‍රහණය කරනවාට වඩා අනාගත පරාජයක අඳුරු සෙවණැලි සෑම මැතිවරණ ප්‍රතිඵලයකම පේලි අතර ලියවී ඇත.

මේ පරාජිතබව දැනගෙන විය යුතුයි ජනාධිපතිවරයා ප්‍රමුඛ ජවිපෙ/මාලිමා ආණ්ඩුව විශාල වශයෙන් මුදල් වියදම් කරමින් රටපුරා ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන ගියේ. එම ව්‍යාපාරය විසින් අදාළ ප්‍රචාරණයේ දී ප්‍රජාතන්ත්‍ර විරෝධී මෙන්ම නීතිවිරෝධී ද වන ප්‍රකාශ රැසක් ම කරනු දක්නට ලැබුණි. එම ප්‍රකාශ ජනාධිපති සහ අගමැති මුවින්ම පිටවීම ද මෙහි දී විශේෂය.

ජනාධිපතිවරයා අඟවා සිටියේ මාලිමාව පරාජය වන පළාත් පාලන ආයතන සඳහා මුදල් පවා ලබා නොදෙන බවයි. එවැනි තර්ජනාත්මක ප්‍රකාශයක් මීට පෙර බලයේ සිටි කිසිදු ආණ්ඩුවක් විසින් කර නැත. මෙම ප්‍රකාශය ජනාධිපතිවරයායට සිදු කිරීමට බල කරන ලද්දක් බව සිතිය හැකි ය. ඒ තම දේශපාලන බලවේගය විසින් ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි පසුබිම තුළ මාලිමාව එන්න එන්නම ජනතාව අතරින් විතැන් වෙමින් තිබීමයි. කොටින්ම එම ප්‍රකාශය පැහැදිලි මැතිවරණ නීති උල්ලංඝණය කිරීමකි. ජනතා මතයට දැඩි සේ බලපෑම් කිරීමකි.

මේ අතර, අගමැතිනිය ද ඉතා නීතිවිරෝධී ප්‍රකාශයක් කළා ය. ඒ තම පාක්ෂිකයන්ට මැතිවරණ නොනගත සමයේ මැතිවරණ නීති උල්ලංඝණය කරමින් ප්‍රචාරක කටයුතුවල නිරත වන ලෙස අනියමින් ඉල්ලා සිටීමෙනි. අගමැතිනිය තම ධුරයට එන්නේ, ඒ වන විට උගතුන් සඳහා වන ජනතා ඉල්ලු‍ම ප්‍රයෝජනයට ගනිමිනි. උගතුන් විසින් මෙම ක්‍රමය සපුරා වෙනස් කරනු ඇති බවට මතයක් මාලිමාව විසින් ම නිර්මාණය කරන ලදී. එහෙත් උගතුන් විසින් රට වෙනස් කරනු ඇති බවට හදවතින් ම අපේක්ෂා කරමින් මාලිමාව වටා එක් වූ ජනතා අපේක්ෂා මහදවල් භංග කරමින් අගමැතිනිය කළ එම ප්‍රකාශය සාමාන්‍යයෙන් ඔවුන් විසින් ම නූගත් යැයි කියා ගර්හාවට ලක් කරන සාමාන්‍ය දේශපාලකයකු විසින්වත් නොකරන තරමේ එකකි.

මේ තත්වයේ සියලු කාරණා පිළිබඳ අවධානයෙන් පසුවන ජනතාව මෙවර තම අතැති ඡන්ද අවිය ඒවාට එරෙහිව භාවිත කළ බවට පැහැදිලි සාක්ෂි තිබේ. 2024 වසරේ මාලිමාව ලද ජන වරම යනු ඔවුන්ගේ යම් කිසි යහපත්කමක් නිසා ලද එකක් නොව, සෙසු පක්ෂ පිළිබඳව නිර්මාණය වූ විරෝධය මතින් ලබාදුන් එකකි. එවන් ජනතා හැඟීමක් වෙනස් වන්නට කිසියම් කාලයක් ගත වේ. කාලය ගතවන විට සිදුවූයේ කුමක්ද සහ සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳ අවබෝධයක් ලැබේ. මෙවර මැතිවරණ ප්‍රතිඵලය තුළ අපට පෙනී යන්නේ ජනතාව තුළ ආණ්ඩුව පිළිබඳ ගොඩනැගෙමින් තිබෙන එම අභ්‍යන්තර සංවාදයයි. ආණ්ඩුව පත් වී දැන් මාස 7ක් පමණ ඉක්මවා ගොස් තිබේ. එහෙත් තාමත් ආණ්ඩුවට නොහැකි වී ඇත්තේ, තමා සෙසු පක්ෂවලින් වෙනස් වන්නේ කෙසේ ද යන්න තහවුරු කිරීමය. ඔවුන් රට තුළ ගොඩ නැගූ වාගාලාප ඒවාට පමණක් සීමා වී ඇත. ක්‍රියාවෙන්, භාවිතාවෙන් තමන් අනෙකාට වඩා වෙනස් බව පෙනී ගොස් නැත. එන්න එන්නම ආණ්ඩුව පෙන්වා දෙමින් සිටින්නේ, තමා 76 වසරේ ම කොටස්කරුවන් පමණක් බවයි. ඒ තුළයි ජනතාව මෙවර මායාවෙන් මිදීමට පටන් අරගෙන තිබෙන්නේ.

මෙවර මැතිවරණයේ කැපී පෙනෙනම ලක්ෂණය වන්නේ පොදුජන පෙරමුණේ නැවත නැගීමයි. දෙකයි පනහේ සිට ඔවුන් මේ වන විට සියයට 9 ඉක්මවා ඡන්ද ලබාගෙන තිබේ. සංඛ්‍යා දත්තවලට අනුව එය සියයට 300කට වඩා වැඩිවීමකි. පොදුජන පෙරමුණ පසුගිය කාලයේ නැත්තටම නැතිවන්නට පරාජය විය. එහි සාමාජිකයන්ට විවිධ ශාරිරික සහ මානසික අඩන්තේට්ටම්වලට පවා ලක්වීමට සිදුවිය. මන්ත්‍රීවරයකු මහමග දී ඝාතනය කිරීමට පවා කටයුතු කෙරුණි. එවන් පසුබිමක් තුළ මෙවර පළාත් පාලන මැතිවරණයේ දී පොදුජන පෙරමුණේ නැගීම අළු මතින් නැගිටීමකි. විධායක ජනාධිපතිවරයකු සහ තුනෙන් දෙකක බලයක් තිබෙන ආණ්ඩුවට පිටුපා නැවත වරයක් ජනතාව තම මුල්සොයා යමින් තිබෙන බව මේ නැග්මෙන් අපට පසක් වන සත්‍යකි.

මේ වන විට ජනතාව කිසියම් ආකාරයක විවෘත මනසක සිටින බව පෙනී යයි. ඒ විශාල වෙනසක් සඳහා අපේක්ෂා දල්වා ගෙන එය සිදුවන තුරු බලා සිටිය ද එය සාර්ථක නොවන බව මේ වනවිට පෙනෙන්නට තිබේ. ඒ අනුව, මෙම මැතිවරණ ප්‍රතිඵලය මෙරට ජනතා රැල්ල අනාගතයේ විකාශනය වන ආකාරය පිළිබඳ සංක්‍රාන්තිමය සංධිස්ථානයක් ලෙස සැලකිය හැකි ය. ආණ්ඩුව පවා එය දැන සිටි බවට සැක නැත. අප මෙම සටහනේ මුලම සඳහන් කළ ආකාරයට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මෙය සැලකූයේ කඩයිම් මැතිවරණක් ලෙසයි. රුපියල් බිලියන ගණන් වියදම් කරමින් රටපුරා බස් රථවලින් සෙනග අදිමින් රැස්වීම් පැවැත්වූයේ මේ නිසා ය. මෙය පරාජිත මනසකින් අවසන් වුවහොත් එම රැල්ල නැවැත්වීමට ඉදිරියේ දී තමාට කොහොමත් නොහැකි වන බව ආණ්ඩුව ඉතා හොඳින් දනී. ඒ නිසා ඔවුන්ට අවශ්‍ය වූයේ පසුගිය මැතිවරණ දෙකම ඉක්මවා ගිය ප්‍රතිඵලයකි. කෙසේ වෙතත්, ආණ්ඩුවේ එම අපේක්ෂාව මේ වන විට සපුරා බිඳ වැටී තිබේ. ඒ මත ආණ්ඩුව ඉදිරියේ දී කිසියම් ආකාරයකින් තම ගමන් මාර්ගය වෙනස් කර ගැනීමට සිතනු ඇති බව පෙන්වා දිය හැකි ය.

එහි දී ඔවුන් මාර්ග දෙකක් ගැන සිතනු ඇත. එකක් නම් විපක්ෂ හඬ මෙන්ම නායකයන් ද මර්දනය කරමින් යන මාර්ගයයි. එවන් මාර්ගයක ගියහොත් නම් නැවතත් ආණ්ඩුව මීටත් වඩා ජනතාව අතර අප්‍රසාදයට ලක්වීමට නියමිත ය. දෙවැනි මාර්ගය නම්, තම උද්ධච්ඡ ස්වරූපය අතහැර තමා පිළිබඳ යථාර්ථවාදී තක්සේරුවකට ඒමයි. එවැනි ගමනක් ගියහොත් අවම වශයෙන් ආණ්ඩුවට තම ඉදිරි කාලය අභියෝග මැද වුව ගෙවා දැමීමට හැකිවනු ඇත. කෙසේ වෙතත්, ආණ්ඩුවේ පොදු හඬ සලකා බලන විට එවැනි නිහතමානී එළඹුමකට ඔවුන්ට යා හැකි මානසික පුළුල්බවක් තිබේ යැයි සිතිය නොහැකියි.

 

(***)
සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මහින්ද පතිරණ



අදහස් (0)

ඡන්දයෙන් විවර වූ ජනමනස

ඔබේ අදහස් එවන්න

 

 
 

කිවිදා දැක්ම

ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 133 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 1140 3

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


ඉහළින් ගිලිහුණු උළෙල
2025 අප්‍රේල් මස 25 1037 5

මෙවර අලු‍ත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 259 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 964 5

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


ජනමතය උරගා බැලීමක්
2025 මාර්තු මස 28 326 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දී ඇති කාලයකය. පළාත් පාලන මැතිවරණය අවසාන වරට පැවැත්වුණේ 2018 වර්ෂයේදීය. ඒ පැවැත්වූයේත් නියම


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 31 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1295 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 333 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site