IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


ඉහළින් ගිලිහුණු උළෙල

මෙවර අලු‍ත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑම අවුරුදු උළෙලකදීම අප දුටුවේ රටේ ජනාධිපතිවරයා අවුරුදු නැකැත්වලට ඉතා උනන්දුවෙන් සහභාගී වීම ය. එහෙත් මෙවර ජනාධිපති අනුර කුමාර දිසානායක එසේ කළ බවක් අපි නොදුටුවෙමු. ආණ්ඩුව පාර්ශ්වයෙන් නිලනොලත් ලෙස නිවේදනය කර තිබුණේ මුදල් ඉතිරි කිරීම සඳහා ජනාධිපතිවරයා අවුරුදු චාරිත්‍ර නොකරන බවයි.

කැපී පෙනෙන විශේෂය වන්නේ, ජනාධිපතිවරයා මාර්තු 14 වැනි දා මුස්ලිම්වරුන්ගේ ඉෆ්තාර් උත්සවය අරලියගහ මන්දිරයේ ඉතා ඉහළින් සැමරීම ය. විශාල පිරිසක් ඊට සහභාගී වී සිටිනු දැකගත හැකි වූ අතර, එම උත්සවයට රුපියල් මිලියන ගාණක් වැය වන්නට ඇත. කෙසේ වෙතත්, උපරිමයෙන් රුපියල් 250ක් වැය විය හැකි කිරී ඉතිරීමේ නැකත සිදුකිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබුණේ නැත. ජනාධිපතිවරයා තම පාර්ලිමේන්තු මංගල සැසියට සහභාගී වන අවස්ථාවේ දී ජයමංගල ගාථා කීම ද කිසියම් හේතුවක් මත අතහැර දැමූ බව අපි දුටුවෙමු. 

සිංහල අලු‍ත් අවුරුද්ද යනු මෙරට විශාලතම සංස්කෘතික උළෙලය. මිලියන ගණනාවක් මෙරට ජනතාව මතු නොව විදේශවල සිටින සිංහල ජනතාව ද මෙය සමරති. එහි විශේෂය නම් සියලු‍දෙනා එකම අවස්ථාවක, එකම වේලාවක එකම නැකතක මේ චාරිත්‍ර ඉටු කිරීමයි. ඒ තුළ සුවිශේෂ සංකේතීය වැදගත්කම් රැසකි. ගම් නගර, දේශ විදේශ සියලු‍ භූගෝලීය විෂමතා කිසිදු භේදයකින් තොරව එකම වේලාවක එකම සිතිවිලි සහිතව ඒකාත්මික කරන මෙවැනි උත්සවයක් ලොව නැති තරම් ය.

මෙය ඈත අතීතයේ සිට ලංකාවේ සිංහලයන් සිදුකළ චාරිත්‍රයක් බව ඉතිහාසගත කරුණුවලින් ද තහවුරු වේ. එවක එම උත්සව සඳහා රටේ නායකයා ලෙස රජු සහභාගී විය. එදා අද වැනි මාධ්‍ය නොතිබූ අතර අඬබෙර ආදිය ගැසීමෙන් නැකත් වේලාව සඳහා ජන සමූහ ඒකාරාශී කරගත් බව කියැවේ. මෑත කාලයේ රූපවාහිනී, ගුවන්විදුලි ආදිය පැමිණීමත් සමගම පැරැණි මාධ්‍ය තවදුරටත් අවශ්‍ය නොවූ අතර, රූප සහ ශබ්ද සහිතව රටේ නායකයා ද අදාළ අවුරුදු නැකත් සිදුකරන ආකාරය රට පුරා ලොව පුරා දැකගත හැකි විය.

ජනාධිපතිවරයා රටේ ප්‍රධාන ජන සමූහයේ ප්‍රමුඛතම සංස්කෘතික උත්සවයට සම්බන්ධවීම මගින් කියා සිටින්නේ තමන් මේ සංස්කෘතියේ ප්‍රධාන ධජය දරන්නා බවයි. රටක ජනතාවක් විසින් එම රටේ නායකයා පත්කරනු ගනු ලබන්නේ දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික වශයෙන් රටක් සංවිධානය කිරීම සඳහා ය. මේ සියල්ල එකට බැඳී තිබෙන පුරවැසි ජීවිතයේ අවියෝජනීය අංශයෝය. උදාහරණයක් ලෙස අවුරුදු උළෙල ආර්ථික සහ සංස්කෘතික වශයෙන් එකිනෙකින් වෙන්කළ නොහැකි ය. බක් මාසයේ හෙවත් අවුරුදු මාසයේ ඔබ අවට පරිසරය දෙස බැලු‍වහොත් එය මනාව පෙනී යනු ඇත.

ගස් වැල් පලින් බර වී තිබෙන අතර ගොවිජනයා තම අස්වැන්න නිවසට ගෙන අටුකොටු පුරවා තිබෙන කාලයකි. සියලු‍දෙනාගේ සිත් තුළ යම් සතුටු හැඟීම් ඇතිව තිබෙන සමයකි. සතා සිව්පාවාට පවා එය වෙනසක් නැත. ඒ අනුව, අවුරුදු යනු කෘත්‍රිම පනවා ගැනීමක් නොව, ස්වභාවධර්මය සමග තාර්කිකව ඒකාත්මික වීමකි. එවන් සංස්කෘතික සහ ආර්ථික තාර්කිකවත්වයක් තුළයි රටේ නායකයා සහ පුරවැසියා මේ ක්‍රියාදාමය තුළ එකම වර්ගයේ සිතිවිලි සමග එක්වන්නේ.

රටේ නායකයා මෙම උත්සවයට සහභාගී වීම තුළ තිබෙන තවත් වැදගත් පණිවුඩයක් තිබේ. ඒ නම්, මේ සංස්කෘතික වටිනාකම් පද්ධතිය පෙර දවස මෙන්ම ඉදිරි අනාගත පරම්පරාවලට ද රැගෙන යාම සඳහා විශාල උත්තේජනයක් වීමයි. ජනාධිතිවරයාම එම ආදර්ශය ලබාදීමෙන් එය තවදුරටත් ශක්තිමත් වේ.

එහෙත් මෙවර රුපියල් 250ක් වියදම් කර නැකතට කිරි උතුරුවා මේ මාහැඟි අවුරුදු සිරිත ඉටුකිරීම ජනාධිපතිවරයා අතහැර දැමීම අප තේරුම්ගත යුත්තේ කෙසේ ද? වියදම් පක්ෂය ගැන සිතා අන් කාලවල පරිදි රූපවාහිනිය ඔස්සේ සජීවී ව ජනාධිපතිවරයාගේ ක්‍රියාව විකාශය නොකර සිටීමට අපට යම් සමාවක් දිය හැකි ය. කෙසේ වෙතත්, වියදම් සාධකය මීට කිසිසේත්ම හේතු වූ බව අපි නොසිතමු. එසේ සිතීමට තරම් මෝඩයෝ මෙරට නොවෙසෙති.

ජනාධිපතිවරයා රටපුරා ගොස් දේශපාලන වේදිකාවල කරන ප්‍රකාශ දිනපතා රූපවාහිනී තිර මත විනාඩි ගණන් දිගහැරෙන අවස්ථාවක, වසරකට වරක් කෙරෙන ළිපගිනි මෙළවීමක් එක තප්පර තිහක් පමණ පෙන්වීමෙන් ආණ්ඩුවට රුපියල් කෝටි ගාණක පාඩුවක් වන්නේ නැත. අවම වශයෙන් අවුරුදු සිරිත කරන ආකාරය ඡායාරූපගත කොට මාධ්‍යට නිකුත් කළ හැකිව තිබුණි. මාධ්‍යට බැරිනම් තම සමාජ මාධ්‍ය පිටුවේ එසේ කළ හැකිව තිබුණි. ඒ කිසිවක් මේ ලිපිය ලියැවෙන මොහොත දක්වා පළ කර නැත. ඉන් කියැවෙන්නේ ජනාධිපතිවරයා සිංහලයාගේ මහා සංස්කෘතික උත්සවය මගහැරි බවයි. අන් කිසිදු සාධාරණ නිගමනයකට ඒමට තරම් අපට සාධක නැත.

එක් අතකින් චිර සාම්ප්‍රදායික ජයමංගල ගාථා කීම අතහැරි ඔහු ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවෙන්ම වගන්තිගත කර තිබෙන බුදුදහමට තිබෙන සුවිශේෂත්වය පිළිබඳ අයිතිය උල්ලංඝනය කළේය. අනෙත් අතින්, සිංහලයාගේ මුඛ්‍යතම සංස්කෘතික රිද්ම නියෝජනය කරන සිංහල අවුරුද්ද සැමරීම අතහැර දැමුවේ ය.

මේවා නොකරන ජනාධිපතිවරයා, ඒ වෙනුවට පසුගිය මාස 7 ඇතුළත මහා විශ්වකර්ම වැඩක් රට වෙනුවෙන් කර තිබේදැයි අපි ප්‍රශ්න කරමු. කිසිවක් කර නැත. කළ එක ම දෙය වූයේ වරින් වර බදුබර වැඩිකොට ජනතාවගේ ජීවිතය තව තවත් දුෂ්කර කිරීම පමණි. එහෙත් දිනපතා රූපවාහිනි තිර මත කියැවෙන මහප්‍රාණ බොරුවල නම් අඩුවක් නැත. පුරසාරම්වල නම් නිමක් නැත.

දැන් දැන් ආණ්ඩුවට අවශ්‍ය වන්නේ තවදුරටත් මෙරට බෙදුම්වාදීන්ට අවශ්‍ය ලෙස ඔවුන්ගේ වෛරී සිතිවිලි සංතර්පණය කරන ක්‍රියා සිදුකිරීම බව පෙනේ. අලු‍ත්ම එක නම්, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන ත්‍රස්තාවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක් තබාගෙන ප්‍රශ්න කිරීමය. මීට වසර 18කට පෙර, එනම් 2006 වසරේ සිදුවූ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා කොළඹ දී අතුරුදන්වීමට සැක ලෙස ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. මේ පිළිබඳ පැමිණිල්ල පවා සිදුකර ඇත්තේ 2025 වසරේ ය. ඊට පෙර එවැනි චෝදනාවක් පවා හිටපු මහඇමතිවරයාට එරෙහිව එල්ල කර නැත. ඇරත් පුද්ගලයකු අතුරුදන් කිරීම ත්‍රස්තවාදය සම්බන්ධ ක්‍රියාවක් ලෙස කෙසේ අර්ථ දැක්වූවාදැයි අපි නොදනිමු. සමස්තයක් ගත් විට පෙනී යන්නේ, පිල්ලෙයාන් අත්අඩංගුවට ගැනීම සඳහාම පැමිණිල්ලක් ගෙන්වාගෙන ඔහු කොටු කර තිබෙන බවයි.

උත්ප්‍රාසජනක කාරණය වන්නේ, අද බලයේ සිටින ආණ්ඩුව කරන ප්‍රධාන දේශපාලන පක්ෂ වන ජනතා විමුක්ති පෙරමුණ 1991 මාර්තු 08 වැනිදා එවක කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර ඔහුගේ කාර්යාලයේදීම වෙඩිතබා ඝාතනය කිරීම පිළිබඳ ස්ථාපති චෝදනාවයි. නැගෙනහිර උපකුලපති අතුරුදන්වීම සහ කොළඹ උපකුලපති ඝාතනය කිරීම අතර වෙනස බැලු‍වහොත් වඩාත් වැඩි තීව්‍රතාවෙන් යුතු චෝදනාව වන්නේ කොළඹ උපකුලපති ඝාතනය කිරීමය. නැගෙනහිර උපකුලපතිවරයාට කුමක් සිදුවිණිදැයි අපට තීරණය කළ නොහැකි ය. ඔහු අතුරුදන්ය. එවක ඇතැම් පිරිස් විදේශගත වී අනවර්ථ නම්වලින් ජීවත්ව සිට තිබේ.

අප මේ උපකුලපතිවරයා ගැන දන්නේ නැත. එහෙත් ඝාතනය කළ මහාචාර්ය විජේසුන්දර ගැන අපි දනිමු. ඔහු ඝාතනය කළේ ද ජනතා විමුක්ති පෙරමුණ බව බැහැර කිරීමට හේතු නැත. එවන් තත්වයක දී, සමාන සිදුවීම් දෙකක්, සමාන නොවන චෝදනා තීව්‍රතා දෙකක් සහිත මේ චෝදනා දෙකට පිල්ලෙයාන්ට සේම, නැතිනම් පිල්ලෙයාන්ට වඩා චෝදනා එල්ල වන්නේ ජනතා විමුක්ති පෙරමුණ වෙතයි. කෙසේ වෙතත්, ස්ටැන්ලි විජේසුන්දර ඝාතනය ගැන ආණ්ඩුව සහ පොලීසිය නිහඬ අතර නැගෙනහිර උපකුලපති අතුරුදන් කිරීම ගැන උනන්දු ය.

අප අවධාරණයෙන් විමසා සිටින්නේ, පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන මේ ආකාරයෙන් රඳවා තබා ගන්නේ, ඔහු එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් කැඩී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව සමග එක්වී මෙරට ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියා කිරීම නිසා ද යන්න ය. කරුණා සහ පිල්ලෙයාන් නොමැතිව ලංකා හමුදාවට නැගෙනහිර පළාත මුදා ගැනීම මහත් දුෂ්කර වන්නට ඉඩ තිබුණි. නොහැකි වන්නට ද ඉඩ තිබුණි. එසේ වූයේ නම් උතුර කොහොමත් බේරා ගැනීමට නොහැකි වේ. මෙන්න මේ කාරණය නිසා පිල්ලෙයාන් ගැන බෙදුම්වාදී කණ්ඩායම් අද ද පසුවන්නේ වෛරයෙනි. යහපාලන ආණ්ඩුව පැමිණි විගස කළේ ද පිල්ලෙයාන් වසර 5ක් පමණ රැඳවුම් භාරයේ තබා ගැනීමයි. පසුව නඩු නොමැතිවම ඔහු අධිකරණය මගින් නිදහස් කෙරුණි. අද ද සිදුවන්නේ එදා ක්‍රියාදාමයම බව පෙනේ. මේ සම්බන්ධයෙන් මෙරට සාමයට ළැදි ජාතිමාමක පුරවැසියන් සහ සංවිධාන පෙළ ගැසිය යුතු බව අපි අවධාරණය කරමු. 

මේ සියල්ලෙන් පෙනී යන්නේ, එක් පැත්තකින් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මෙරට සංස්කෘතික මූල විනාශ කිරීම සඳහා සූක්ෂමව ක්‍රියා කරමින් සිටින අවස්ථාවක අනෙක් පැත්තෙන් ශ්‍රී ලාංකේය ජාතිය නැවත වරක් ඔසවා තැබීම සඳහා ඉතා දුෂ්කර අභියෝග කරට ගත් දේශප්‍රේමීන්ගෙන් පිළිගැනීමට ද කටයුතු කරමින් සිටින බවය. මේ සියල්ල සිදු කරන්නේ,  ජන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය යොදාගෙන කරන මහා මුසාවාද රැල්ලක් නිර්මාණය කරමින් ජනතාව එම මුසාවන් තුළ හිරිවට්ටවා තිබෙන පසුබිමක ය. මෙය ඉවසිය යුතු ද? ඒ අනුව, ජාතියට අන්කවරදාකටත් වඩා සූක්ෂම අභියෝග එල්ල වී තිබෙන බව තේරුම් ගෙන මේ මුළාවෙන් මිදී නැවත වරක් එකාසේ නැගී සිටිය යුතු කාලය මේ බව මේ නව වසරේ අධිෂ්ඨාන කරගනිමු.

 

(***)
සබරගමුව විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මහින්ද පතිරණ



අදහස් (5)

ඉහළින් ගිලිහුණු උළෙල

Neel Friday, 25 April 2025 11:12 PM

වැඩ කරන ජනතාවගේ මාසේ වැටුප වැඩී කළා. ඇඟට දැනේන මට්ටම. ඒ අනුව හැමෝම සතුටින් අවුරුද්ද සමරුවා. අන්න වෙනස...

:       13       13

Palitha Sunday, 27 April 2025 09:31 AM

එළකිරි, එළකිරි.... නියමෙට ලියලා තියෙනවා පච කොටාගේ වැඩ ටික...

:       0       1

sudha Monday, 28 April 2025 08:18 AM

රනීල් වැඩ කරන ජනතාව කියලා හඳුන්වන්නේ කාවද​. පඩි වැඩි වුනේ රජයේ සේවකයන්ට පමනයි. පුද්ගලික අංශයේ සේවකයන්ට පඩි වැඩි වුනාද?​. එතකොට තමන්ගේ දාඩිය මහන්සියෙන් එදිනෙදා වැටුපට හෝ කුලී වැඩ කරන අයට පඩි වැඩි වුනාද​. සුලු ව්‍යාපාර කරන අයට මොකද වුනේ. ඇවිත් අත්සන් කරන නිසා පඩි ගන්නා අය විතරක් ජොලියේ හිටියාම ඇතිද​.

:       0       4

ලුම්බිණි Tuesday, 29 April 2025 01:53 AM

බොරු ෂෝ වලින් කිසිදු ඵලක් නැත. ඇදුරුතුමා දේශපාලනය කරනවා නම් ඒක කරන්න. ඒත් වල්පල් දෙඩවීමෙන් වැළකී ඉන්න.

:       1       0

Sudesh R Wijearathne Tuesday, 29 April 2025 06:52 AM

ලියුම්කරු කවුද කියලා දැක්කාම ප්‍රතිචාර දක්වලා වැඩක් නෑනේ...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 284 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


ඉන්දු - ලංකා ගිවිසුම් රටටත් කියනු
2025 අප්‍රේල් මස 30 166 0

නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන


හෙළ සිනමාවේ නිළි රැජින
2025 අප්‍රේල් මස 30 423 1

හෙළ සිනමාමේ වත්මන් නිළි රැජින ලෙසින් සැලකෙන මාලිනී ෆොන්සේකා අද 30 වැනිදා ජීවන ගමන් මගේ 78 වැනි විය සපුරයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වචන ඇහුවාම දැන් කාලෙ සින්දු එපාවෙනවා
2025 අප්‍රේල් මස 29 534 0

ප්‍රවීණ ගීත රචක සාහිත්‍යවේදී බණ්ඩාර ඇහැළියගොඩගේ නිර්මාණ හා නිර්මාණ දිවිය අළලා ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචිත ‘නොනිමෙන පහන්සිළ - බණ්ඩාර ඇහැළ


විදුදය බිහිකළ හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියෝ
2025 අප්‍රේල් මස 29 158 0

1827 ජනවාරි 20 වැනිදා ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණු වෙරළබඩ නගරයක් වන හික්කඩුවේදී වලාකුලුගේ දොන් ජහානිස් අබේවීර ගුණවර්ධන මහ ලියනාර


මාර්ගගත සුරක්ෂිත පනත අවශ්‍යද?
2025 අප්‍රේල් මස 29 46 0

ඉතිහාසයේ වඩාත්ම දරුණු ආර්ථික අර්බුදයට පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම් තරමක ස්ථාවර වීමක් අත්කර ගෙන ඇති අතරම, වර්ධනාත්මක ගමන් පථයක් ඔස්සේ වූ ප්‍රගතිය පැහ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 253 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 72 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1102 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site