දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07කට ආසන්න කාලයක් ලංකාවේ පළාත් පාලන ආයතන සදහා මැතිවරණයක් පැවැත්වූයේ නැත. ලංකාවේ පවතින පළාත් පාලන ආයතන 339 ක් සදහා නියෝජිතයන් පත්කර ගැනීම මෙම මැතිවරණයේ ප්‍රධාන අපේක්ෂාව විය. මේ අනුව නගර සභා 28ක්, සුළු නගර සභා 36ක් සහ ප්‍රාදේශීය සභා 275ක් මෙම පළාත් පාලන ආයතනවලට ඇතුළත් විය.
ඕනෑම රටක පාලනය ගෙන යෑම මධ්‍යම ආණ්ඩුවට පමණක් තනිවම කළ හැකි කාර්යයක් නොවේ. පාලනය සම්බන්ධව සාකච්ජා කිරීමේ දී එය කිසියම් විමධ්‍යගතකරණයකට ලක්විය යුතු බවට අවධානය යොමුවන්නේ එබැවිනි. ලංකාවේ බලය විමධ්‍යගතකරණ ක්‍රියාවලිය තුළ පහළින්ම තිබෙන ආයතන පද්ධතිය ලෙස අපට හදුනාගතහැකිවන්නේ පළාත් පාලන ආයතනයි. මෙම මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ සංධිස්ථානයක් බව මුලින් සදහන් කළේ එය වසර 07කින් පැවැත්වූ එකක් වීම නිසාය. 2018න් පසුව මෙම මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ 2022 වසරේය. එහෙත් එවකට පැවැති ආණ්ඩුව විවිධ හේතු ඉදිරිපත් කරමින් එය ප්‍රමාද කළේය. අනෙක් අතින් මීට පෙර මෙරට පළාත් පාලන ආයතන සදහා සභිකයන් තෝරාගැනීමට යොදාගත්තේ සමානුපාතික නියෝජන ක්‍රමයකි. සමානුපාතික නියෝජන ක්‍රමයට එල්ල වූ දැඩි විවේචන හේතුවෙන් ඊට විකල්පයක් ලෙස සුදුසු මැතිවරණ ක්‍රමයක් හදුන්වාදිය යුතු බවට මෙරට සමාජයේ ප්‍රබල සංවාදයක් ඇති විය. 2012 වසරේ දී අංක 22 දරණ පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත පාර්ලිමේන්තුව තුළ සම්මත කරගන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය. පළාත් පාලන ආයතන සදහා සභිකයන් තෝරාගැනීමේදී මිශ්‍ර නියෝජන ක්‍රමය හෙවත් ජර්මන් නියෝජන ක්‍රමය යොදාගන්නේ ඒ අනුවය.
2018 මැතිවරණය පැවැත්වූයේ පෙබරවාරි මස 10 වැනි දාය. එයින් ජය ලැබූවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණය. එම සමස්ත මැතිවරණයේ දී ජන්ද පනස් ලක්ෂ හය දහස් තිස් හතකට ආසන්න ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට එම පක්ෂය සමත් විය. එය ප්‍රතිශතයක් ලෙස සියයට 30.48කි. එම පළාත් පාලන මැතිවරණයේ දී සභිකයන් 3476 දිනා ගැනීමට ඔවුහු සමත් වූහ. ලංකාවේ පළාත් පාලන ආයතන 231ක ජය තහවුරු කර ගැනීමට ඒ අනුව ඔවුනට 2018 මැතිවරණයේදී හැකියාව ලැබිණ. ඔවුන්ගේ ප්‍රධාන විරුද්ධ කණ්ඩායම වූයේ එක්සත් ජාතික පෙරමුණය. එම පක්ෂය 2018දී තිස් හය ලක්ෂ හතළිස් දහස් හයසිය විස්සක් ලබාගත් අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 29. 42කි. එහිදී සභිකයන් 2433ක් දිනාගැනීමට ඔවුහු සමත් වූහ. දිනාගත් ආයතන ගණන 34කි. මේ වන විට රටේ ප්‍රධාන පක්ෂය බවට පත් වී ඇති ජාතික ජන බලවේගය 2018 මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ ලෙස ඉදිරිපත් වූ අතර ඔවුන් දිනාගත් ජන්ද ගණන හත් ලක්ෂ දස දහස් නවසිය තිස් දෙකකි. ප්‍රතිශතයක් ලෙස එය 5. 75කි. දිනාගත් මන්ත්‍රි ධුර ගණන 434කි.
2022 වසරේ පැවැත්වෙන්නට තිබූ මැතිවරණය නොපැවැති අතර ඉන් පසු පැවැත්වූ ඉතාමත් වැදගත් මැතිවරණය වූයේ 2024 සැප්තැම්බර් 21 දා පැවැති ජනාධිපතිවරණයයි. එයින් ජය ලැබුවේ ජාතික ජන බලවේගය නියෝජනය කළ අනුර කුමාර දිසානායක මහතාය. ජන්ද පනස් හය ලක්ෂ තිස් හතර දහස් නවසිය පහළවක ජන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට එහිදී ඔහුට හැකි විය. ප්‍රතිශතයක් ලෙස එය සියයට 42. 31කි. ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ සජිත් ප්‍රේමදාස මහතා ජන්ද හතළිස් තුන් ලක්ෂ හැටතුන් දහස් තිස් පහක් ලබාගත් අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 32.76කි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ජන්ද විසි දෙලක්ෂ අනූ නව දහස් හත්සිය හැට දෙකක් ලබාගත්තේය. එය සියයට 17.27ක ප්‍රතිශතයකි. මෙම ජනාධිපතිවරණයෙන් පසු පැවැත්වූ මහ මැතිවරණයද මෙරට මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ වෙයි. එය පැවැත්වූයේ 2024 නොවැම්බර් මස 14 වැනි දාය. එයින් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට ජාතික ජන බලවේගයට හැකියාව ලැබිණ. එම පක්ෂය ලැබූ මුළු ජන්ද සංඛ්‍යාව සලකා බැලීමේ දී එය ජනාධිපතිවරණයේ දිනාගත් ජන්ද සංඛ්‍යාවට වඩා විශාල වැඩිවීමකි. එහිදී ලැබූ ජන්ද සංඛ්‍යාව හැට අට ලක්ෂ හැට තුන් දහස් එකසිය අසූ හයකි. ප්‍රතිශතයක් ලෙස එය 61.56ක අගයකි. ජාතික ජන බලවේගයේ ප්‍රධාන ප්‍රතිවාදී පක්ෂය වූ සමගි ජන බලවේගය 2024 මහ මැතිවරණයේදී ලැබූ ජන්ද සංඛ්‍යාව දහ නව ලක්ෂ හැට අට දහස් හත්සිය දහසයකි. එය ප්‍රතිශතයක් ලෙස 17.66කි. මෙම පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රධාන වශයෙන් කඩාවැටීමක් පෙන්නුම් කළ පක්ෂය වූයේ පොදුජන පෙරමුණයි.
වර්තමානයේ සියලුදෙනාගේ අවධානයට කතාබහට ලක්ව ඇති 2025 පළාත් පාලන ජන්දය පෙරේදා පැවැත්වූයේ මෙවන් මැතිවරණ පසුබිමක් සහිතවය. මෙම ජන්දයේ ප්‍රතිඵලය විග්‍රහ කරගැනීමේදී පසුගිය මැතිවරණ කිහිපය වැදගත්වන්නේ මේ නිසාය. මෙම මැතිවරණය ජාතික ජනබලවේග ආණ්ඩුව තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ලබාගෙන මාස හයක් පමණ කාලයක් ගතවූ තැන පැවැත්වූ පළමු මැතිවරණයයි. ඒ නිසාම ආණ්ඩුවට මේ මැතිවරණය ඉතාම වැදගත් වෙයි. මෙම පළාත් පාලන මැතිවරණය මේ වනවිට බලයේ සිටින ආණ්ඩුව පිළිබදව ජනතා ප්‍රසාදය කවරාකාරද යන්න විමසා බැලිය හැකි ඉතාමත් ප්‍රබල අවස්ථාවක් වනු ඇත. දේශපාලන විචාරකයන්ගේ, ජනමාධ්‍යවල, විරුද්ධ පක්ෂවල අවධානයද මේ කෙරෙහි ප්‍රබල ලෙස යොමුවන්නේ ආණ්ඩුව පිළිබද ජනතා ආකල්පය කෙබදුදැයි දැන ගැනීමට මෙය ප්‍රබල සාක්ෂියක් සපයන බැවිනි.
දැනට බලයේ සිටින ජාතික ජන බලවේගය මෙම මැතිවරණයෙන් ලබාගෙන ඇත්තේ ජන්ද තිස් නව ලක්ෂ අනූ තුන් දහස් දෙසිය විසි දෙකකි. එය ප්‍රතිශතයක් ලෙස ගතහොත් සියයට 43. 19 ක අගයකි. මුළු මන්ත්‍රී සංඛ්‍යාව 3509 ක් දිනාගැනීමට ජාතික ජන බලවේගය සමත් වී තිබේ. පළාත් පාලන ආයතන 339 අතරින් 240කට ආසන්න සංඛ්‍යාවක බලය තහවුරු කරගැනීමට ඔවුහු සමත් වී සිටිති. සමගි ජන බලවේගය මෙවර මැතිවරණයේදී ලබාගත් මුළු ජන්ද සංඛ්‍යාව දහනව ලක්ෂ හැත්තෑ තුන් දහස් එකසිය පහළවක් ලබාගෙන ඇත. එය ප්‍රතිශතයක් ලෙස 21.34ක අගයකි.
2025 පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල විමර්ශනය කර බලන විට එළැඹිය හැකි ප්‍රධාන මතය වන්නේ ජාතික ජනබලවේගයේ ජන්ද පදනමට කිසියම් ආකාරයක හානියක් සිදුවී ඇති බවය. පෙර මැතිවරණය සමග සසදා බලන විට එය දහනව ලක්ෂයක පමණ ජන්ද සංඛ්‍යාවක අහිමි වීමකි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 2024 මහ මැතිවරණයේදී ලබාගන්නේ 3.14ක ජන්ද අගයකි. ඔවුන් ලබාගත් මුළු ජන්ද සංඛ්‍යාව තුන්ලක්ෂ පනස් දහස් හාරසිය විසි නවයකි. එහෙත් මෙම පළාත් පාලන මැතිවරණයේදී ඔවුන් එම ජන්ද සංඛ්‍යාව යම්කිසි අන්දමකට වර්ධනය කරගෙන ඇති බව පැහැදිලිය. ඒ අනුව ඔවුන් මෙම මැතිවරණයේදී ජන්ද අට ලක්ෂ හැටපන්දහස් හයසිය තිස් පහක් ලබාගෙන ඇත. එය ප්‍රතිශතයක් ලෙස 9.34ක අගයකි.
අනෙක් අතින් එක්සත් ජාතික පක්ෂය යනු ශ්‍රී ලංකාවේ මැතිවරණ සිතියම තුළ තිබුණු ඉතාමත්ම බලවත් දිගු ඉතිහාසයකට හිමිකම් කී දේශපාලන පක්ෂයකි. එම පක්ෂය මෙවර මැතිවරණයේදී ලබා ගෙන ඇත්තේ ජන්ද හාර ලක්ෂ විසි තුන් දහස් දෙසිය හැට නවයක් වැනි ගණනකි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 4.5කට ආසන්න අගයකි. එය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල කඩාවැටීමකි.
මේ මැතිවරණයේ ප්‍රතිඵල විශ්ලේෂණය කරන විට පැහැදිලිවන්නේ ජාතික ජන බලවේගයේ ජන්ද පදනමට කිසියම් හානියක් වී ඇති අන්දමයි. තුනෙන් දෙකක බලයක් ලබාගත් ආණ්ඩුව මාස 6ක් යනවිට ඔවුන්ගේ ජන්ද පදනමේ යම් අඩුවීමක් පෙන්නුම් කරන්නේ ඇයිද යන්න සොයා බැලීම ඉතාම වැදගත් කරුණයි. පසුගිය ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මහ මැතිවරණය ජයග්‍රහණය කර ජාතික ජන බලවේගය බලය තහවුරු කරගන්නේ ජනතාවට විශාල අපේක්ෂා ගණනාවක් ලබා දෙමිනි. තමන් බලයට පත් වී ඉතාම කෙටි කාලයකින් ජනතා අපේක්ෂා ඉටු කරන බවට වන පොරොන්දුව ඔවුහු ජනතාව හමුවේ තැබූහ. එහෙත් ආණ්ඩුව බලයට පත් වී මාස හයක් පමණ කාලයක් ගත වී ඇතත් ආණ්ඩුවක් ලෙසත් පක්ෂයක් ලෙසත් දේශපාලන බලවේගයක් ලෙසත් සැබෑ දේශපාලන පරිසරයක් තුළ ඉටු කිරීමට තවමත් ජාතික ජන බලවේගය අපොහොසත් වී ඇති බව පැහැදිලි වේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙන්ම විවිධ වෘතිකයන්ගේ ඇතැමුන්ගේ මතයයි. ජන්ද විශාල ගණනක් මෙවර මැතිවරණයේදී ආණ්ඩුවට අහිමි වී ඇති වගක් පෙනේ. ඉතාමත් ඉහළ දේශපාලන ජනප්‍රියත්වයක් ලබාගෙන සිටි පක්ෂයක් මාස හයක් පමණ කෙටි කාලයකදී මෙසේ කඩා වැටීම ගැඹුරින් විශ්ලේෂණය කළ යුතු කාරණයකි.
ආණ්ඩුවට මේ වන විට එල්ල වී තිබෙන ප්‍රධාන චෝදනාවක් වූයේ රට ඉදිරීයට රැගෙන යාමේ පැහැදිලි සංවර්ධන වැඩපිළිවෙළක් නොමැති බවය. ආණ්ඩුව පත් වී මාස හයක පමණ කාලය තුළ ඔවුන් ආරම්භ කළ සංවර්ධන වැඩපිළිවෙළ කුමක්දැයි ඇතැම් විශ්ලේෂකයෝ ප්‍රශ්න කරති. එය විපක්ෂ කණ්ඩායම්වලට ආණ්ඩුව විවේචනය සදහා ලැබෙන හොද අවස්ථාවකි. මේ කාරණය ආණ්ඩුවේ ජන්ද පදනම පහළ යාමටද බලපෑ ඇතැයි සිතිය හැකිය.
අනෙක් කාරණය නම් මෙවර පළාත් පාලන මැතිවරණයේ ආයතන 265 ක පමණ බලය තහවුරු කරගැනීමට ජාතික ජන බලවේගයට හැකීවී ඇතැයි කීවත් ඒවායි අති බහුතරයක ඔවුන්ට සියයට 50ක බලය අහිමි වී ඇති බව පෙනේ. එය බරපතළ තත්වයකි. මේ තත්වයට මුහුණ දීමට මේ වන විටත් ජාතික ජන බලවේගයට විකල්පයක් තිබිය යුතුය. කෙසේ වෙතත් ජාතික ජන බලවේගයේ ජන්ද පදනම අඩුවීම යනු ජනතාවගේ පවත්නා කිසියම් අතෘප්තියක් සංකේතවත් වීමකි. තමන් අපේක්ෂා කළ අරමුණු ඉටු නොවන විට ජනතාව වෙනත් පක්ෂ වටා ක්‍රමානුකූලව පෙළගැසීමක් දැකිය හැකිය.
කිසියම් ලෙසකින් මෙම විරුද්ධ පක්ෂ එක් වී පළාත් පාලන ආයතන තුළ ජාතික ජන බලවේගය සතු බලයට තර්ජනයක් හෝ අභියෝගයක් කළොත් එය විශාල ගැටලුවක් බවට පත් වනු ඇත. එය ආණ්ඩු පක්ෂයට හානියකි. එයින් මතුකෙරෙන අනෙක් කරුණ වන්නේ අලුතින් හදුන්වා දුන් මැතිවරණ ක්‍රමයේ පවත්නා ගැටලුකාරී ස්වභාවයය. මෙම විකෘතිය 2018 මැතිවරණයේදීද දක්නට ලැබුණත් වසර හතක් ගතවන තුරුත් එය සංශෝධනය කිරීමේ වුවමනාවක් නොතිබිණ. පළාත් පාලන ආයතනවල බලය බෙදීමේදී යම් විකෘතියකට මේ නිසා මුහුණ දෙන්නට සිදුවන බව පෙනේ.
ලංකාවේ බොහෝ මැතිවරණවලදී මීට පෙර දක්නට ලැබුණේ ප්‍රධාන පක්ෂ දෙකක් අතර වන තරගයකි. එනම් ද්විපක්ෂ ක්‍රමයකි. එහෙත් මෙවර පළාත් පාලන මැතිවරණය විශ්ලේෂණය කිරීමේ දී පෙනෙන්නේ බහු පක්ෂ ක්‍රමයකට නැවතත් මාරු වීමක් ලෙසය. කිසිම පක්ෂයකට බහුතර බලය ලබාගැනීමට නොහැකි තත්වයක් උදාවීමෙන් මේ ලක්ෂණය මතුවී තිබේ. එබදු තත්වයක් තුළ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වීමේ ඉඩ කඩ වැඩිය. එසේ ඇතිවන දේශපාලන අස්ථාවරත්වය රටේ ආර්ථික අස්ථාවරත්වයක් ඇතිවීම කෙරෙහිද බලපානු ඇත.
මෙතරම් ජනප්‍රසාදයක් තිබුණු ආණ්ඩුවක තම ස්ථාවර ජන්ද පදනම යම් මට්ටමකින් අඩු වී යාම සම්බන්ධයෙන් විව්ධ අය විවිධ හේතු දක්වන්නට පුළුවන. එහෙත් තේරුම් ගතයුතු යථාර්ථය නම් ජනතාව ජාතික ජන බලවේගයට මෙම පළාත් පාලන මැතිවරණයෙන් කිසියම් සංඥාවක් ලබා දී ඇති බවයි. මේ කෙරෙහි අනිවාර්ය අවධානය යොමු කරන්නට ආණ්ඩුවට සිදුවනු ඇත.
(*** සාකච්ඡා සටහන - ගාමිණී කන්දේපොළ)
දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07
ශ්රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ
පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.
1917 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 102 වැනි වගන්තියට අනුව, 2024 ජනවාරි 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, වයස අවුරුදු 18 හෝ ඊට වැඩි හෝ 2024 ජනවාරි 1 වැනි දින හෝ ඊට පසු වයස අව
ප්‍රවීණ ගීත රචක ලේඛක මහින්ද චන්ද්‍රසේකර මහතා විසින් රචිත ‘වාපී’ නවකතාව අනුරාධපුරයේදී පසුගියදා එළිදැක්වුනි. ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ මහතා එම උළෙලේද
ටයිටැනික් නෞකාව ගිලීගොස් වසර 113 ක් ගත වී ඇති නමුත්, තවමත් ඒ ගැන නොයෙක් නොයෙක් කතා කරළියට පැමිණෙයි. ජීවිත 1500 ක් බිලි ගනිමින්, ටයිටැනික් නැව සීතල උතුරු අත්ලා
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පුංචි ඡන්දයේ සංඥාව
වත්සි Thursday, 08 May 2025 04:03 PM
ජාජබ සේදුම් කැල හන්දියේ චණ්ඩි විලාසයෙන් විරුද්ධවාදීන්ට දෙස් දෙවොල් තැබුව ද පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයේ ඇත්ත කතාව මෙම විග්‍රහය තුළ ගැබ්ව ඇත...