දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන් 133 දෙනකු සහභාගී වූ එම රහස් ඡන්ද විමසුම පසුගිය 7 වැනිදා සවස ආරම්භ වූයේ වතිකානයේ සිස්ටීන් දෙව්මැදුරේදීය.
පළමු දින ඡන්ද විමසුම අවසන් වූයේ සිස්ටීන් දෙව්මැදුරේ චිමිනියෙන් කළු දුමාරයක් නංවමිනි. එයින් සංකේතවත් කෙරුණේ පාප්තුමකු තෝරා ගැනීමට ඡන්ද විමසුමට සහභාගී වුණු කාදිනල්වරුන්ට නොහැකි වුණු බවය.
මෙය අතීතයේ සිට පැවැතෙන සම්ප්රදායයි. ඡන්ද විමසුමෙන් පසු දෙව්මැදුරේ චිමිනියෙන් කළු දුමාරයක් නැගෙන්නේ නම්, එයින් අදහස් වන්නේ පාප්තුමකු තෝරා ගැනීමට අපොහොසත් වී ඇති බවය. සුදු දුමක් නැගෙන්නේ නම්, එයින් අදහස් වන්නේ පාප්තුමකු තෝරා ගැනීමය. කළු දුම සහ සුදු දුම නිකුත් කිරීම සිදුවන්නේ ඡන්ද පත්‍රිකා පිළිස්සීමෙනි. පාප්තුමන් තෝරා ගැනීමේ ක්‍රියාවලියේ දී දුම මගින් පණිවුඩ යැවීමේ ක්‍රමය වතිකානයේ තවමත් සම්ප්රදායයි.
පසුගිය දින කීපයේ ලෝකයේ සියලුම රූපවාහිනී නාළිකා, වෙබ් ප්රවෘත්ති නාළිකා ආදියේ අවධානය යොමු වූයේ සිස්ටීන් දෙව්මැදුරේ චිමිනිය කෙරෙහිය. මුල් වටයේ පැවැති ඡන්ද විමසුම්වලදී සිස්ටීන්චිමිනියෙන් නිකුත් වූයේ කළු දුමාරය පමණි. අවසානයේ, සියලු බලාපොරොත්තු සඵල කරමින්, පෙරේදා (8) රාත්‍රියේ, ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 9.40 ට පමණ, සිස්ටීන් දෙව්මැදුරේ චිමිනියෙන් සුදු දුමාරය නැගුණි.
වතිකානයේ සාන්ත පීතර බැසිලිකාව ඉදිරියේ, සාන්ත පීතර චතුරස්රයට එක්වී සිටි මහා ජන ගංගාව එකහඬින් ප්‍රීති ඝෝෂා කරන්න වූ අතර, ඝාන්ඨාර නාද කෙරුණි. නව පාප්තුමා කවුරුන් ද යන්න සම්බන්ධයෙන් සහ නව පාප්තුමා කුමන රටක කාදිනල්වරයකුදැයි යන්න සම්බන්ධයෙන් කා අතරේත් ඇතිවූයේ දැඩි කුතුහලයකි.
රැස්ව සිටි සියලුදෙනාගේ දෑස් ශාන්ත පීතර බැසිලිකාවේ සඳලුතලය වෙත යොමු විය. ‘පාප්තුමා දිනේවා’ යනුවෙන් සාන්ත පීතර චතුරස්රයට රැස්වුණු පිරිස කෑ කෝ ගසන්න වූහ. මිනිත්තු 60 කට පසු, වතිකාන පූජකතුමකු නව පාප්තුමන් හඳුන්වා දීමට කටයුතු කළේය. ඒ ලතින් බසිනි. ‘රොබර්ටෝ’ යන වදන එහිදී ප්‍රකාශයට පත් විය. ඒ අනුව, නව පාප්තුමා ලෙස ඇමෙරිකන් කාදිනල්වරයකු වන රොබට් ෆ්‍රැන්සිස් ප්‍රෙවොස්ට් තෝරාගෙන ඇති බව තහවුරු විය. කාදිනල් රොබට් ප්‍රෙවොස්ට්, පාප් ධුරයට පත් වූයේ 14 වැනි ලියෝ යන නාමයෙනි.
ඇමෙරිකාවෙන්, පාප් ධුරයට තේරී පත් වුණු පළමු පාප්වරයා ලෙස 14 වැනි ලියෝ සැලකෙයි. පාප්ධුරයට පත් වුණු කාදිනල් රොබට් ප්‍රෙවොස්ට්, පසුගිය වසර කීපයේ වතිකානයේ ඉතා වැදගත් කාර්යයක් සිදු කළ අයෙකි. ඇමෙරිකාව සඳහා රදගුරුවරු තේරීමේ මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ ද කාදිනල් ප්රෙවොස්ට්ය. 2023 දී ප්‍රෙවොස්ට්, අගරදගුරු ලෙස පත් වූ අතර, මාස කිහිපයක් ඇතුළත ෆ්‍රැන්සිස් පාප්තුමා ඔහු කාදිනල්වරයකු ලෙස උසස් කළේය. එහෙයින් ප්‍රෙවොස්ට්, පාප් ධුරයට පත් අලුත් කාදිනල්වරයෙකි. ‘කොන්ක්ලේව්’ ඡන්ද විමසුමට සහභගී වූ කාදිනල්වරුන් 133 දෙනාගෙන්, සියයට 80 ක පිරිසක්, මෑත කාලීනව, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් විසින් පත් කරනු ලැබූ කාදිනල්වරුන් බව වතිකානය පැහැදිලි කර ඇත. ෆ්‍රැන්සිස් පාප්තුමාට සමීපව සිටි, චරිතයක් ලෙස ද කාදිනල් ප්‍රෙවොස්ට් සැලකෙයි.
69 හැවිරිදි රොබට් ෆ්‍රැන්සිස් ප්‍රෙවොස්ට්, 267 වැනි පාප්තුමාය. මොහු උපත ලැබුවේ, ඇමෙරිකාවේ චිකාගෝ නුවරදීය. ඒ, 1955 වසරේදීය. ප්‍රෙවොස්ට්ගේ මවුපියන් ස්පාඤ්ඤ සහ ෆ්රැන්කෝ-ඉතාලි සම්භවයක් ඇති අය යැයි පැවැසෙයි. ප්‍රෙවොස්ට් කුඩා කාලයේ පූජාසනයේ සහායකයකු ලෙස සේවය කළ අතර, 1982 දී පූජකවරයකු බවට පත්විය. ඇමරිකානු ජාතිකයකු වුව ද, ප්‍රෙවොස්ට්, වසර ගණනාවක් පේරු රාජ්‍යයේ මිෂනාරිවරයකු ලෙස සේවය කළ බැවින්, ඔහු ලතින් ඇමරිකාවේ කාර්දිනල්වරයකු ලෙස සැලකෙයි. එහෙයින්, ඇමෙරිකානුවන් සේම පේරු වැසියේ ද ප්‍රෙවොස්ට්, පාප්ධුරයට පත්වීම ගැන ආඩම්බරයෙන් කතා කරති. ප්රෙවොස්ට්ට ඇමෙරිකන් පුරවැසිභාවයත්, පේරු පුරවැසිභාවයත් හිමිය. ප්‍රෙවොස්ට් වයඹදිග පේරු හි ටෘහිලෝ හි දේවධර්ම ගුරුවරයකු ලෙසත් සේවය කළේය. 2014 දී ෆ්‍රැන්සිස් පාප්තුමා ඔහුව පේරු හි චික්ලායෝ හි බිෂොප්වරයා ලෙස පත් කළේය.
ශාන්ත පීතර බැසිලිකාවේ සඳලුතලයේ සිට ජනතාවට අතවනමින්, රැස්ව සිටි පිරිසට ආශිර්වාද කරද්දී, 14 වැනි ලියෝ පාප්තුමන්, එතුමන්ගේ පුරෝගාමියා ස්වර්ගස්ථ ෆ්‍රැන්සිස් පාප්තුමා ආදරයෙන් සිහිපත් කිරීම විශේෂත්වයකි. 14 වැනි ලියෝ පාප්තුමන් මධ්‍යස්ථමතධාරියෙකි. ‘අප සැවොම, දෙවියන් වහන්සේ සමඟ අත්වැල් බැඳගෙන එකමුතුව ඉදිරියට යා යුතුයි’ යැයි සාන්ත පීතර බැසිලිකාවේ ප්‍රීති ඝෝෂා පැවැත්වූ ජන ගංගාව අමතමින් ලියෝ පාප්තුමන් පැහැදිලි කළේය.
(***)
ලුසිත ජයමාන්න
බීබීසී ඇසුරිනි
දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්
ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.
පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා
අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව
මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො
දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ