IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


අස්වාභාවික දොස්තරගේ ඝාතන නඩුව

07_SLTK_P21_Back

 

අස්වාභාවික ගතිපැවතුම්වලට හුරු වූ ඇතැම් පුද්ගලයන් පිළිබඳ තොරතුරු විටින් විට අසන්නට ලැබෙනවා. තම අස්වාභාවික ජීවන පැවැත්ම නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ ශ්‍රී ලාංකික වෛද්‍යවරයකු පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ 2014 ජුනි මාසයේ ඔස්ටේ්‍රලියාවේ වූ එක්තරා සිදුවීමක් සමඟයි.
ඔහු ඔස්ටේ්‍රලියාවේ පර්ත් නගරයේ ජෙරල්ටන් රෝහලේ සේවය කළ ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක්. වසරක පමණ කාලයක් එහි සේවය කළ ඔහු ජනප්‍රිය පුද්ගලයකු වශයෙන් ප්‍රකටව සිටියා. ඔහු විවාහ වී සිටියේ ශ්‍රී ලාංකික වෛද්‍යවරියක සමඟින්. 

 


2014 ජුනි 24 වැනිදා අලුයම පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දුරකථන ඇමතුමක් ලැබුණා. එයින් පැවසුණේ තම සැමියා ඝාතනය කෙරී ඇති බවයි. දුරකථන ඇමතුම ලබා දී තිබුණේ මියගිය පුද්ගලයාගේ බිරිය වූ වෛද්‍යවරිය විසින්. පොලිසිය පැමිණ පරීක්ෂණ ආරම්භ කළා. වෛද්‍යවරයාගේ මරණය ඝාතනයක් බවට සැක කළ පොලිසිය විසින් ඒ සම්බන්ධයෙන් සැකපිට වෛද්‍යවරිය අත්අඩංගුවට ගනු ලැබුවා.


වසර දෙකකට ආසන්න කාලයක් ගෙවුණු මෙම සිදුවීමට අදාළ නඩු විභාගය බටහිර ඔස්ටේ්‍රලියානු ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ දිනවල පැවැත්වෙනවා. සාක්ෂිවලින් අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව ඝාතනයට හේතුව වෛද්‍යවරයාගේ අස්වාභාවික ලිංගික පැවැතුම් බවට සැක කෙරෙනවා. 
34 හැවිරිදි වෛද්‍යවරයා අස්වාභාවික ලිංගික ක්‍රියාවලට හුරු වූ තැනැත්තකු වූ අතර ඔහු තම බිරිය හා සිදුකරන ලිංගික හැසිරීම් සියල්ල වීඩියෝගත කිරීමට හුරු වූ පුද්ගලයෙක්. වෛද්‍යවරිය තම සැමියාගේ අසාමාන්‍ය සිදුවීම්වල ගොදුරක් බවට පත්ව සිටියා. අනාවරණය වන ආකාරයට වෛද්‍යවරයා ඇතැම් අවස්ථාවල ප්‍රචණ්ඩ අයුරින් කටයුතු කළා. ඇයට ඔහු හා විවිධ ආකාරයේ ක්‍රියා සඳහා එක්වන ලෙසට බල කෙරුණා. ඇයගේ සියලු කටයුතු හා ආර්ථිකය පාලනය කරනු ලැබුවේ ඔහු විසින්. 


එක්තරා දිනයක රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වූ වෛද්‍යවරියට එවක 17 හැවිරිදි වූ ඔස්ටේ්‍රලියානු යුවතියක හඳුනා ගන්නට ලැබුණා. එම සුහදත්වය ටික දිනකින් වැඩුණු අතර වෛද්‍යවරිය එම තරුණිය තම සැමියාට හඳුන්වා දුන්නා.


වෛද්‍යවරයා එම යුවතියට තම නිවෙසට පැමිණෙන ලෙසට ආරාධනා කළ අතර ඔවුන් තිදෙනා අතර වෛද්‍යවරියගේ කැමැත්ත ඇතිව විවිධ අස්වාභාවික සබඳතා පැවැත්වුණා. 


නඩු විභාගයේදී සාක්ෂි දුන් නම හෙළි නොකළ, එවක 17 හැවිරිදිව සිටි, මේ වන විට 19 හැවිරිදි එම යුවතිය    “ වෛද්‍යවරයා හැම විටම විවිධ ලිංගික ක්‍රියාකාරකම් වීඩියෝ ගත කළා. ඇතැම් අවස්ථාවල ඔහු තම බිරිය නිරුවත් කොට ඇය විඩියෝ ගත කළා. තවත් අවස්ථාවක වෛද්‍යවරිය ලවා මා නිරුවත් කොට ඇය ලවා මගේ සිරුර ස්පර්ශ කොට ඒවා රූ ගත කළා. ඇතැම් අවස්ථාවල තිදෙනාම එක්ව ස්නානය කළා. ඇතැම් දිනවල ඔවුන් දෙදෙනා එක්ව මගේ දෙපාවල රෝම ඉවත් කළා. ඒ සෑම දෙයක්ම ඔහු විඩියෝ ගත කළා. එක් අවස්ථාවක ඔහු මා වැළඳගෙන මට පෙම්වතෙකු සිටීදැයි ඇසුවා. එක් දිනක් දොස්තරවරිය මට විස්කි වීදුරුවක් ලබා දී ඇය සමඟ නටන්නට මට ආරාධනා කළා. ඉන් පසු වූයේ කුමක්දැයි මට මතක නැහැ. පසුදා උදෑසන මා පිබිදුණේ දැඩි හිසේ අමාරුවක් සමඟයි. වෛද්‍යවරිය මා සමඟ යහනේ නිදා සිටියා. එවක මා කන්‍යාවක්. වෛද්‍යවරියට හැම විටම තම සැමියාගේ විධානයට යටත් වීමට සිදුවුණා. ඇය ඒ සියල්ල සිනහමුසු මුහුණින් ඉවසා සිටියා. මා එම යුවළ සමඟ පැවැති සබඳතා අතහැර දැමුවේ වෛද්‍යවරිය කළ ඉල්ලීමෙන් පසුවයි. එතෙක් වෛද්‍යවරයාට විරුද්ධවන්නට මට හැකියාවක් තිබුණේ නැහැ. ඔහු හැම විටම අපව පාලනය කළා.”


නඩු විභාගයේදී වෛද්‍යවරිය ප්‍රකාශ කොට තිබුණේ එදින සිදුවීම පිළිබඳ කිසිවක් තමාට මතක නැති බවයි. ඝාතනය සිදු වූ දිනයේ පොලිසිය එම නිවෙසට පැමිණ තිබුණේ උදෑසන 6.18ටය. එම අවස්ථාවේ වෛද්‍යවරිය තම යහනේ වාඩි වී සිටියාය. වෛද්‍යවරයාගේ සිරුර ලේ විලක් මැද යහන මත තිබිණි. බිත්තිය මත හා තිර රෙදි මත ලේ පැල්ලම් විසිරී තිබිණි. සිරුර මත කොට්ටයක් විය. පරීක්ෂණය සඳහා පැමිණි පොලිස් නිලධාරියා සිදු වූයේ කුමක්දැයි වෛද්‍යවරියගෙන් විමසීය. තමා කිසිවක් නොදන්නේ යැයි ඇය කියා තිබිණි. යහන මත මිටියක් දක්නට ලැබිණි. එය කාගේදැයි විමසූ විට ඇය පවසා තිබුණේ තම සැමියාට අයත් මිටියක් බවයි.


මෙම ඝාතනය සම්බන්ධයෙන් තමා නිවැරදිකාරිය බැව් වෛද්‍යවරිය ප්‍රකාශ කොට ඇති අතර නඩු විභාගය සති තුනක කාලයක් පුරා පැවැත්වේ.


(ඕස්ටේ්‍රලියන් වුමන් වීක්ලි සහ ඕස්ටේ්‍රලියන් පුවත් ඇසුරිනි)

m



අදහස් (0)

අස්වාභාවික දොස්තරගේ ඝාතන නඩුව

අබේරත්න Wednesday, 10 February 2016 10:54 AM

මොනවා ලියන්නද මන් දන්නේ නැහැ!! (බ)

:       0       0

කෝසල Wednesday, 10 February 2016 07:36 PM

හොඳ ලිපියක් (නි)

:       0       0

මලික් Wednesday, 10 February 2016 11:09 PM

මේ දොස්තර නෝනා අහවලාගේ නෑයෙක්ද? කොහොමද ඔහොම අමතක වෙන්නේ? (නි)

:       0       0

චමින්ද Friday, 12 February 2016 07:42 PM

හොඳ රසවත් ලිපියක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 741 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2398 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site