IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අසූවැනි සංවත්සරය සමරන සඳලංකා මැදි විදුහල

සඳලංකා මැදිවිදුහලේ 80 වැනි සංවත්සරය වෙනුවෙන් අභිමානවත් පා ගමන හා ක්‍රීඩාගාරයට මුල්ගල තැබීම මෙම මස 23 වැනිදා සිදුකෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.

සඳලංකා මැදි විදුහල (ජාතික පාසල) නිදහස් අධ්‍යාපනයේ පියා වූ ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ මධ්‍ය විද්‍යාල සංකල්පයට අනුව දිවයින පුරා විහිදී යන සේ ආරම්භ කළ මධ්‍ය විද්‍යාල 54 ක් අතරින් 35 වන මධ්‍ය විද්‍යාලය ලෙස 1945 ජූලි 02 වන දින ආරම්භ කරන ලදී. විද්‍යාලය ඉදිකිරීමේ ආරම්භක පුරෝගාමියා ලෙස කටයුතු කළේ සඳලංකා ‘සඳ’ ලෙස හා සඳලංකා ‘ගාන්ධි’ ලෙස ජනාදරයට පත් මහජන බැංකුවේ ප්‍රථම සභාපතිවරයා වූද සඳලංකා සමුපකාර ව්‍යාපාරයේ පුරෝගාමියා වූද ගොවි ජනපද ඇති කිරීමේ පුරෝගාමියකු වශයෙන් හා විවිධ වූ සමාජ සේවා කටයුතුවල නියමුවකු වූ ශ්‍රීදර වින්සන්ට් සුභසිංහ මහතාය. එතුමා හා ප්‍රදේශවාසී ජනතාවගේ ආධාර උපකාර ඇතිව තමාගේ හා තම පවුලේ ඉඩකඩම් පරිත්‍යාග කර මෙම පාසල ආරම්භ කර ඇත.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුගම්පල ඡන්ද කොට්ඨාසයේ කුරුණෑගල-මීගමුව ප්‍රධාන මාර්ගයේ මීගමුවේ සිට කිලෝමීටර් 19 ක් පමණ දුරින් සඳලංකාව නම් වූ මනරම් පරිසරයක ප්‍රධාන මාර්ගයෙන් මීටර් 300 ක් ඇතුළතින් අක්කර 16 ක පමණ විශාල වූ වපසරියක මෙම විදුහල පිහිටා ඇත.

ගිරිඋල්ල කලාප අධ්‍යාපන ප්‍රදේශයට අයත් මෙම පාසල සතුව අක්කර 02 ක පමණ වූ කුඹුරුයායක්ද පිරිමි හා ගැහැනු නේවාසිකාගාර දෙකක්ද වේ. විදුහල ආරම්භයේදී 6 ශ්‍රේණියෙන් පටන් ගෙන 6 සිට 12 ශ්‍රේණි දක්වා සියලු‍ම විෂය ධාරාවන් සිංහල සහ ඉංග්‍රීසි යන මාධ්‍යයන් දෙකෙන්ම ඉගැන්වීම් කරනු ලබයි.

විද්‍යාලය ආරම්භයේ සිට මේ දක්වා විදුහල්පතිවරුන් 18 දෙනෙකු යටතේ පාලනය වූ මෙහි වත්මන් විදුහල්පතිවරයා ලෙස කැලු‍ම් කුමාර විජේසුන්දර මහතාද නියෝජ්‍ය විදුහල්පතිවරුන් ලෙස නෙවිල් පද්මසිරි, මහේෂ් බණ්ඩාර මහත්වරු හා දේවිකා පතිරණ මහත්මියද කටයුතු කරති.

විද්‍යාලයේ ආදර්ශ පාඨය වන “අපි හැදෙමු රට හදමු”‍ යන්නය  මෙහි ප්‍රධාන ශාලාව 1945 මාර්තු 03 වැනිදා ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතා විසින් මුල්ගල තබන ලදුව ශ්‍රීදර වින්සන්ට් සුභසිංහ මහතා ප්‍රමුඛ ප්‍රදේශවාසීන්ගේ උත්සාහයෙන් ඉදි කරන ලද්දකි.

1956.09.16 වැනිදා විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය ආරම්භ කර ඇති අතර අද වන විට වසර 69 ක් ගත වී ඇත. මෙම කාලය තුළ සභාපතිවරුන් 17 දෙනකුගේ මඟපෙන්වීම යටතේ කටයුතු කර ඇති මෙහි වත්මන් සභාපතිවරයා ලෙස සුදන්ත විජයකීර්ති මහතා ද ලේකම්  ලෙස රසික ද සිල්වා මහතා ද භාණ්ඩාගාරික ලෙස සමන් රණසිංහ මහතා ද කටයුතු කරති.

විද්‍යාලයේ ක්‍රීඩා පිටිය, පාසල් බස් රථය, සුහුරු පන්ති කාමරය, පැරැණි පරිපාලන ඒකකය, පැරැණි පුස්තකාලය, තොරතුරු තාක්ෂණ විද්‍යාගාරය, ගෘහ විද්‍යාගාරය, පැරැණි සෞන්දර්ය ඒකකය, කියවීම් ශාලාව මින් සමහරක් වන අතර මීට අමතර භෞතික සම්පත් විශාල ප්‍රමාණයක් ආදි ශිෂ්‍ය සංගමය විසින් විද්‍යාලයට ලබා දී ඇත.

විද්‍යාලය බිහිකළ උගතුන්, බුද්ධිමතුන් සංඛ්‍යාව විශාල වන අතර දෙස්, විදෙස් ආයතනවල  ප්‍රධාන පෙළේ නිලධාරීන්, ආයතන ප්‍රධානීන්, කලාකරුවන්, විද්‍යාඥයන්, වෛද්‍ය, ඉංජිනේරු, ගණකාධිකාරී, ආරක්ෂක හා විවිධ ක්ෂේත්‍රවල තනතුරු දරන ආදි සිසුන්ද මෙහිලා මතක් කළ යුතුය.

පසුගිය මාස කිහිපයක කාලය තුළ විද්‍යාලය ලද ජයග්‍රහණ අතර අපොස උසස් පෙළ ප්‍රතිඵල වලින් ජෛව විද්‍යා තාක්ෂණ විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථමයා ලෙස සමත් නෙත්මි නවෝද්‍යා ශිෂ්‍යාව, ටයිකොන්ඩෝ ශූරතා ජාත්‍යන්තර තරගාවලියේදී ඕස්ට්‍රේලියාව, මලයාසියාව වැනි ප්‍රබල රටවල් හතක් පරදා ජයග්‍රහණය කළ දම්සන හේරත් සිසුවාද, ජෝන් ටාබට් ශූරතා තරගාවලියේ අති විශිෂ්ට කුසලතා දක්වමින් සමස්ත ලංකා ශූරතා දිනාගත් චෙනායා, දිල්මි හිමරංසි සිසුවියද තරුෂ දිනෙත් සිසුවාද පොලිස් බාල දක්ෂ අණ දෙන නිලධාරී රෙජිමේන්තු සැරයන් මේජර් නිමාෂා ෂෙහානි සිසුවිය ද වෙති.

සංගීත අංශයේ පළාත් ජයග්‍රහණ ලැබූ ඉරිඟු‍ උතුරික, ප්‍රභාශි උත්තරා සිසුවියෝද මේ අතර වෙයි.

 

(***)
ආදි ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති
අනුර කහඳව



අදහස් (0)

අසූවැනි සංවත්සරය සමරන සඳලංකා මැදි විදුහල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 172 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 154 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site