IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


අවුරුද්දේ මුල් මාස තුනේදී හාරසිය අනූ අටක් බිලිගත් මගමරුවා

 

 

මරණය මහ මග බලා සිටී. පරෙස්සම් වන්න ඒ අනතුරු ඇඟවීම කරන්නට අපට සිදුව ඇත්තේ ලංකාවේ සිදුවන මාර්ග අනතුරු ප‍්‍රවණතාව දිනෙන් දින ඉහළ යමින් තිබෙන වාතාවරණයකදීය. වාහනවල ගමන් ගන්නා මගීන්ට පමණක් නොව පදිකයන්ට පවා තම පණ නල රැකගන්නට අනවරත අරගලයක යෙදෙන්නට සිදුව ඇති බව ඉකුත් කාල පරිච්ඡේදය මුළුල්ලේ සිදුවූ රිය අනතුරු හා එහි ස්වභාවය විසින් පැහැදිලි කරනු ලබන සත්‍යයයි.

අන්තර්ජාලයට මුදාහැර ඇති පොලිස් මූලස්ථාන වාර්තා අනුව 2013 වසරේ පළමු මාස 3 තුළ සිදුවූ භයානක රිය අනතුරු සංඛ්‍යාව 470 කි. මේ අනතුරු වලින් මිය ගිය සංඛ්‍යාව 498 ක් වී ඇති අතර සිදුවූ සම්පූර්ණ රිය අනතුරු සංඛ්‍යාව 2218 කි.

මේ අනතුරු වලින් වැඩි සංඛ්‍යාවක් සිදුවී ඇත්තේ මෝටර් බයිසිකල් හා ත‍්‍රීවිල් අනතුරුවලිනි. මෙහි වඩාත්ම ඛේදනීය තත්ත්වය වන්නේ අනතුරු ඔස්සේ බිලිගත් වැඩි ජීවිත සංඛ්‍යාව වන්නේ මහ මග පයින් ගමන් කළ අයවලූන් වීමය. මෙකී දත්ත මගින් පැහැදිලි කරන ආකාරයට රිය අනතුරු නිසා දිනකට මිය ගිය සංඛ්‍යාව 5 ත් - 6 ත් අතර වෙයි.

පොලිස් රථවාහන ඒකකය අන්තර්ජාලයට මුදාහල අවසන් වාර්තාව වූ 2011 වාර්තාව අනුව දිනකට පොලීසියට වාර්තා වී ඇති රථ වාහන වැරදි සංඛ්‍යාව 956 කි. මත්ද්‍රව්‍ය හෝ මත්පැන් පානය කර රිය පැදවීම අධික වේගයෙන් රිය පැදවීම, රියදුරු බලපත‍්‍ර නොමැතිව රිය ධාවනය කිරීම, ආරක්ෂිත හිස් වැසුම් නොමැතිව මෝටර් බයිසිකල් ධාවනය, ධාවනයට නුසුදුසු වාහන ධාවනය කිරීම, පරිසර දුෂිත ශ්‍රේණියට අයත් වාහන ධාවනය එකී වාර්තාවේ වර්ගීකරණය කර ඇති වැරදිය.

2012 වසරේදී මාර්ග අනතුරු හේතුවෙන් මියගිය සම්පූර්ණ සංඛ්‍යාව 1500 කි. 2012 වසරේ මුල් මාස පහ තුළ රිය අනතුරු 12,500 ක් පමණ වාර්තා වී ඇත. ඒ අනතුරු හේතුවෙන් 700 කට ආසන්න පිරිසක් මිය ගොස් 1500 ක පමණ සංඛ්‍යාවක් තුවාල ලබා ඇත.

ඉකුත් වසරේ ජනවාරි මාසයේ පමණක් රිය අනතුරු 156 ක් පමණ සිදුව තිබේ.

පෞද්ගලික බස් රථ ධාවකයන් අතර විශාල තරගයක් පවතී. මේ තරඟය නිසා රිය අනතුරු 10 ක් පමණ දිනකට සිදුවන අතර හත් දෙනකුටත් අවම තරමින් මරණයට පත්වේ. එසේ මිය යන හත්දෙනා අතුරින් තිදෙනකුවත් තරුණයන් වන බවත් ඉතිරි හතර දෙනා ළමයින්, කාන්තාවන් හා වියපත් වූවන් ලෙස වර්ග කළ හැකි බවත් ශ්‍රී ලංකා පොලීසිය ඉකුත් කාලයේ කර තිබූ ප‍්‍රකාශ අනුව පැහැදිලිවෙයි. මේ අනතුරු හේතුවෙන් මරණයට පත්වන සංඛ්‍යාව පමණි. තුවාල ලබා සදාකල් ආබාධිත හෝ රෝගී තත්ත්වලට බඳුන්වන්නන්ගේ ජීවිතද අපට මෙහිදී අමතක කළ නොහැකි කාරණයකි.

විශේෂයෙන්ම වගකීමකින් තොර රිය ධාවනය වළක්වාගත හැකිව තිබූ අනතුරු හේතුවෙන් රටකට මිනිස් සම්පත් අකල්හි අහිමි වී යාම කිසිඳු හේතුවක් මත සාධාරණීකරණය කළ නොහැකිය.

2008 වසරේ සිට 2012 වසර දක්වා සිදුවූ රිය අනතුරු වලින් මියගිය සංඛ්‍යාව 11612 කි.

සැබැවින්ම ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය පවතින කාලයේදී මියගිය සංඛ්‍යාවට වැඩි සංඛ්‍යාවක් රිය අනතුරු නිසා වසරකට මියයන අතර ඩෙංගු රෝගය හේතුවෙන් මියයන සංඛ්‍යාවටද වඩා වැඩි සංඛ්‍යාවක් රිය අනතුරු වලින් මියයති. රිය අනතුරු හේතුවෙන් සිදුවන මරණ සුපරීක්ෂාකාරිත්වය හා සැලකිල්ල මත බොහෝ දුරට වළක්වාගත හැකි මරණ වීම මේ කාරණාව පිටුපස ඇති බරපතලම සාධකයකි.

මේ තරම් රිය අනතුරු ඇතිවන්නේ ඇයි?

වාහනයක් තවත් වාහනයක නැත්නම් ගසක හෝ සත්වයකුගේ එසේත් නොමැති නම් නිශ්චල යමක ගැටීම නිසා තුවාල වීම හෝ මරණයක් සිදුවිය හැකි එක් ක‍්‍රියාවලියක් ලෙස හැඳින්විය හැකිය.

එමෙන්ම වාහනවල තත්ත්වය, වේගය හා මාර්ගයේ තත්ත්වය රිය ධාවනය පිළිබඳ රියදුරුගේ පළපුරුද්ද, හැසිරීම, නොඉවසිලිමත්කම, බීමත්කම ද රිය අනතුරු සිදුවීමට පසුබිම සකස්කරයි.

පෞද්ගලික බස්, ත‍්‍රීවිල් හා මෝටර් රථ ලංකාවේ රිය අනතුරු වලදී පෙරමුණේම සිටියි.

 

 

ත‍්‍රිවිල් රථය බර අඩු වාහනයක් නිසා එහි වේගය පාලනය කළ හැකි සම්භාවිතාව ඉතා අඩුවෙයි. අධිකවේගය සහ අනෙක් වාහන අතරින් ධාවනය කරමින් හදිස්සි ලෙස රිය පැදවීමට ත‍්‍රීවිල් රථ රියදුරන් බහුතරය දරන උත්සාහය ත‍්‍රීවිල් රථ ඇසුරේ අනතුරු වැඩිවන්නට ප‍්‍රබල හේතුවකි.

මාර්ග නීතිවලට වඩා කුලී ගමන් වාර සංඛ්‍යාව පිළිබඳව සැලකිලිමත් වීම වැඩිමනක් ත‍්‍රීවිල් රථ රියදුරන්ගේ සිරිතයි. මෙයද අනතුරු වලට මග සකස්කරයි.
රිය අනතුරු වලින් සියයට අනූවක් පමණ සිදුවන්නේ වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදීය. මේ අපරික්ෂාකාරී නොඉවසිලිවන්ත බව බොහෝවිට කෙළවර වන්නේ ජීවිතයක් හෝ ජීවිත කිහිපයක් මාරයා වෙත බිලිකරමිනි. නැත්නම් ආබාධිතයන් හා රෝගීන් බවට පත් කරමිනි. ලොරි, බස්, කන්ටේනර් ටිපර් වැනි ප‍්‍රමාණයෙන් විශාල වාහනවල ත‍්‍රීවිල් රථයක් හැපුණු විට සිදුවන හානිය වඩාත් පුළුල් වෙයි. එමෙන්ම ඉක්මනින් පුද්ගලයන් එළියට විසිවීමේ ස්වභාවය නිසා ත‍්‍රීවිල් රථයක් අනතුරකට බඳුන්වූ විට මරණ හෝ මරණීය තුවාල සිදුවීමේ සම්භාවිතාවද ඉතා ඉහළය.

වට රවුම් හෝ මාර්ග සංඥා ඇති ස්ථානවලදී මං තීරු දෙකක වෙනත් වාහන නවත්වාගෙන සිටියත් ත‍්‍රිරෝද රථයක් පදවාගෙනවිත් පාරේ ඉඩ ඇති තැනකින් රිංගාවිත් තෙවැනි මං තීරුවත් නිල නොවන ලෙසින් නිර්මාණය කරන්නේ ඉබේටමය. මෙවැනි මාර්ග නීති කඩකිරීම් ගැන බොහෝ අවස්ථාවලදී පොලිස් නිලධාරීන් හැසිරෙන්නේද මේ කිසිවක් පිළිබඳව වගේ වගක් නැති ආකාරයටය.

එමෙන්ම පෞද්ගලික බස් හිමියන් වැඩි මගී ප‍්‍රමාණයක් පටවා ගැනීම තම එකම අරමුණ කරගත් තරඟය මත මාරාවේශයෙන් හැසිරෙන්නේ මහ පාරම බද්දට ගත්තාක් වැනි ආකාරයකිනි. ජීවිත මෙන්ම දේපළ ද විශාල ප‍්‍රමාණයක් රිය අනතුරු නිසා රටකට අහිමි වී යාම නොවැලැක්විය හැකි කාරණයකි.
ඉකුත් කාලයේ ධාවනයට නුසුදුසු මට්ටමේ අබලන් වාහන පාසල් දරුවන් ප‍්‍රවාහනයට යොදාගැනීම නිසා එම අබලන්කාරි බව හේතුවෙන්ම ඇතිවූ අනතුරු හේතුවෙන් දරු පැටවුන් සැලකිය යුතු සංඛ්‍යාවකට තම ජීවිත අහිමි විය. වාහනයේ තිරිංග ඇතුළු වාහනයේ තත්ත්වය මගී ප‍්‍රවාහනයට සුදුසුදැයි සොයාබලන්නට අනතුරක් සිදුවන තුරුම නිසි බලධාරියකු නැත.

රිය අනතුරු වළක්වා ගැනීමට ඇති මාර්ග දියුණු රටවල අධික වේගයෙන් ධාවනය වන වාහන අල්ලා ගැනීමට මාර්ගවල කැමරා සවිකර ඇති අතර එම නීතිරීති කඩකළ විට දඩ කොළය නිවෙසටම පැමිණෙයි. අප රටේ මෙන් අල්ලස් මාර්ගයෙන් නීතියෙන් ගැලවෙන මාර්ග ඒ රටවල්වල නැත. රුපියල් 500 ට දැනට නීතිය ක‍්‍රියාත්මක නොකරන පොලීසියේ නිලධාරීන්ද නැත.

එමෙන්ම ඒ රටවල පාර දෙපස වේග සංඥා ක‍්‍රියාත්මකය. අප රටේ වේග සංඥා නොමැති නිසා එකම වේගයකින් රිය ධාවනය කරන්නට රියදුරෝ පෙළඹී සිටිති. වේග පාලන සංඥා දුටු විට මීටරය දෙස බලා ධාවනයේ යෙදීමට නිරායාසයෙන්ම රියැදුරෝ පුරුදු වෙති. එයද අනතුරු වළක්වා ගැනීමට මාර්ගයකි. ක‍්‍රමවත් ලෙස පදික වේදිකා ඉදිකර තිබීමද පදිකයන් රිය අනතුරු සිදුවීමේදී ඊට බිලිවීම වළක්වාලීමට හේතුවකි.

කහ ඉරි නොමැති ස්ථාන වලින් පාර පැනීමට පදිකයෝ පුරුදු වී සිටිති. මෙයද අනතුරුවලට අතවැනීමකි. ප‍්‍රධාන නගරයන්හි පදිකයන් කහඉරි නොමැති ස්ථාන වලින් පාර පැනීම වැළැක්වීමට ආරක්ෂිත වැට නිර්මාණය කිරීමද යෝග්‍ය ක‍්‍රියාමාර්ගයකි. රියදුරන් තම වගකීම පිළිබඳව සැලකිලිමත් වීම හෝ මගීන්ගේ ස්වයං විමසිලිමත බව හා මාර්ග නීතිවලට ගරු කිරීමද අනතුරු වළක්වා ගැනීමෙහිලා ප‍්‍රබල ලෙස මහෝපකාරී වන්නකි.

 

 

අප රටේ හදිසි අනතුරු වලින් මියයන බහුතරය වයස අවුරුදු 15 ත් 30 ත් අතර වයස් කාණ්ඩයට අයත් වන රටේ තරුණ ජනගහණයයි. රටේ තරුණ ජනගහනය වලක්වාගත හැකි රිය අනතුරු හේතුවෙන් මරණයට පත්වීම තක්සේරු කළනොහැකි තරමේ බුද්ධිමය සම්පතක් හා ශ‍්‍රම සම්පතක් රටට අහිමිවී යාමකි. සංවර්ධනය වන රටකට එකී අහිමිවීම කෙසේවත් දැරිය නොහැකි පාඩුවකි. එමෙන්ම රිය අනතුරට පත්වන්නන් නිසා ඔවුන්ගේ යැපෙන පවුලේ සාමාජිකයන් පත්වන අපහසුතා, මුහුන දෙන ගැටලූ අවසානයේ සමාජ ප‍්‍රශ්න දක්වා ඔඩු දිවීමද වළක්වාලිය නොහැක්කකි.

ඉකුත් වසරේ මැයි 21 වැනිදා ශ්‍රී ලංකාවේ කිසිදු රිය අනතුරක් ඇති නොවූ දිනයකි. ලංකාවේ රිය අනතුරු සිදුවන ප‍්‍රවණතාවට අනුව වසරකට එවන් එක් දිනයක් හෝ තිබීමත් භාග්‍යයකි.


 

සටහන : සංජීවිකා සමරතුංග

 



අදහස් (0)

අවුරුද්දේ මුල් මාස තුනේදී හාරසිය අනූ අටක් බිලිගත් මගමරුවා

රේමා Friday, 05 July 2013 03:04 AM

මේ ලිපිය ගොඩක් හොදයි. සංජීවිකාගේ ලිපි ගොඩක් වැදගත්. තව තවත් හොඳ ලිපි පලකරන්න ඔබට ස්තුතියි. (නි)

:       0       0

ප්‍රියන්ජිත් Monday, 01 July 2013 11:13 PM

සල්ලි ලෝකය පිස්සු හදවයි . (අ)

:       0       0

ගමගේ Friday, 05 July 2013 02:17 PM

මම නම් කියන්නේ පාරේ ගහල තියෙන ඉරි වලට , සංඥා වලට පන දීලා දැඩි දඬුවම් දීලා, ටික දවසකට හිරේ දාලා ලයිසං කැන්සල් කරලා රට හැදුවොත් බොහෝ ලාංකිකයන්ට දීර්ඝායුෂ ලැබේවි. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

​කාගේත් තරම උරගාන පුංචි ඡන්දය
2025 මැයි මස 05 119 0

ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.


ලොවම බලාසිටින ඉන්දු - පාකිස්තාන අර්බුදය
2025 මැයි මස 05 286 0

ඉන්දු-පාකිස්තාන අර්බුදය දේශසීමා ගැටුමක් මෙන්ම රාජ්‍ය දෙක අතර පවත්නා ගැටුමකි. දේශසීමා අර්බුද දිගුකාලීන ගැටුම් ලෙස ජාත්‍යන්තර සබඳතා විෂයයේදී හඳුනා ගැ


කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 837 1

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 548 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 424 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1746 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 718 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 186 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1221 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site