IMG-LOGO

අවුරුදු හතළිහකට කලින් මියගිය අත්තම්මා හිරමණය උඩ

1     

 

අවුරුදු 40කට පමණ එහා කාලයකදී මියගිය අත්තම්මාගේ භූතාත්මය සැරිසරමින් නොයෙකුත් පෙරළිකරන බව කියන නිවසක් කැලණිය ප‍්‍රදේශයේ තිබෙන බවට දැන ගැනීමට ලැබී පහුගිය සිකුරාදා රාත‍්‍රියේ ඒ නිවස සොයා ගියේ මේ අද්භූත සිද්ධිය ගැන සොයා බැලීමටය. මේ නිවසේ ජීවත්ව සිටියදී මීට මාස 08කට පමණ කළින් මියගිය තවත් කාන්තාවකගේ භූතාත්මය ඇයගේ අවුරුදු 10ක පමණ වයස මුනුපුරාටද මාස 2ක පමණ කාලයක පටන් කරදර හිරිහැර හිංසා පීඩා කරන බව නිවැස්සන් පැවැසුවේ අප ඔවුන් සොයාගොස් කළ කතාබහේදීය.

 

6
මුනුපුරාට හිරිහැර හිංසා පීඩාකරන්නේ මීට වසර 40කට පමණ කාලයකට පෙර මියගිය කාන්තාවගේ මව බවද නිවැසියන් අප සමග පැවසූහ.
මේ නිසාම දරුවා නිතර ලෙඩවන බවද ඔවුහු වෛද්‍යවරයා සමග කියා සිටියහ.


ඉරිදා ලංකාදීප පත්තරේ පලවන අද්භූත සිද්ධීන් ගැන ගවේෂණය කරමින් පලවන ලිපි කියවා ඒ පවුලේ සාමාජිකාවක් මහනුවර ශික්ෂණ රෝහලේ වෛද්‍ය ජනක ජයසූරිය මහතාට කතාකර මේ අද්භූත සිදුවීම් ගැන තොරතුරු පවසා ඇත.


හොල්මන් අවතාර ගැන තමාගේ කිසිම විශ්වාසයක් නැතත් ලේලිය හා පුතා මේවා විශ්වාස කරන බවත් වෛද්‍යවරයා සමග දීර්ඝ විස්තරයක් කර මේ ගැන සොයා බැලීමට පැමිණෙන ලෙස ඉල්ලීමක් කළාය.


අප එහි ගියේ ඇයගේ ඒ ඉල්ලීම අහක දැමීමට නොහැකි නිසාය.


වෛද්‍ය ජනක ජයසූරිය මහතා තොරතුරු විමසා සිටියේ නිවසේ පදිංචි අඹු-සැමි යුවළකගෙනි.


අඹු-සැමි යුවළගේ පවුල්වල සමීපතමයන් කිහිප දෙනෙක්ම මේ නිවෙසට පැමිණ සිටියේ ඔවුන්ටද මෙහි සත්‍ය අසත්‍යතාවය දැන ගැනීමටය.


වෛද්‍යවරයා එක්ක මුලින්ම කතාබහ කිරීමට එක්වූයේ භූත බලපෑම්වලට ගොදුරු වී නිතර රෝගාතුර වන බව කියන 10 හැවිරිදි පිරිමි දරුවාගේ මව වන්නීය.


අපිට පුත්තු දෙන්නෙක් ඉන්නවා. අපේ පළවැනි දරුවාට තමා භූත බලපෑම් එල්ලවී තිබෙන්නේ යැයි කියා සිටි අවස්ථාවේ මොනවගේ බලපෑම් ද දරුවාට තිබෙන්නේ කියා වෛද්‍යවරයා ඇයගෙන් විමසීය.


මාස 2ක විතර කාලයක ඉඳලා ලොකු පුතාට බඬේ අමාරුව හැදෙනවා. එකපාරටම අතපය දරදඬු වෙනවා. ඇස් දෙක කරකවන ගතියක් තියෙනවා. ඒ වෙලාවට ඇස් දෙක රතු පාට වෙනවා. බඬේ අමාරුවට බෙහෙත් ගන්නවා. ඒත් ආයෙත් ටික දවසක් යද්දී පුතා බඩ රිදෙනවා ඉන්න බැහැ අම්මේ කියා කියනවා. අතපය දරදඬුවීම ඇස් දෙක කරකවන ගතිය ඇස් දෙක රතු පාටවීම ඉඳල හිටලා හැදෙනවා. ඒ විතරක් නොවේ ඒ වගේ වෙලාවට පුතාව උස්සලා වඩාගන්න බැහැ. අසාමාන්‍ය බරගතියක් දැනෙනවා යැයි පුතාට ඇතිවන අසාමාන්‍ය සිදුවීම් ගැන ඇය වෛද්‍යවරයා හමුවේ පැවසුවාය. ඒ විතරක් නොවේ ඩොක්ටර් මෙයාට මේ වෙන සේරම දේවල් මෙතෙක් කාලයක් සිද්ධ වෙන්නේ ගෙයි ඇතුලෙ හරි මිදුළෙ ඉද්දි විතරමයි. ගේට්ටුවෙන් එහාට ගියාට පස්සේ මේ කියන කිසිම දෙයක් වෙන්නේ නැහැ එතකොට සාමාන්‍ය විදිහට ඉන්නවා යැයිද මේ මව කීවාය.

10


මෙන්න මේ වගේ දේවල් හින්දා තමා දේවාලයකට පුතාව අරගෙන ගිහින් සාත්තුවක් කරන්න හිතුනේ. දේවාල කිහිපයකටම අරගෙන ගියා ඒ එක තැනකින් කිව්වා පුතාට මළගිය ප‍්‍රාණකාරයකුගේ බලපෑමක් ඇතිවෙලා කියා. එතැනින් සාත්තු කළා. ඒත් වැඩක් වුණේ නැහැ. හඳහන් බලන තැනකට ගියා. ඒ ගියේ පුතාත් එක්කමයි. හඳහන බලපුකෙනා කිව්වා පුතාගේ හඳහන හොඳ නැහැ, පුතාට අපල ගොඩක් තියෙනවා කියා. පුතාගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙනවා කියලත් ඔහු කිව්වා. ඒ වෙනුවෙන් කළ යුතු ප‍්‍රතිකර්ම පවා අපට කිව්වා. හඳහන අරගෙන තවත් තැනකට ගියා. ඒ නක්‍ෂත‍්‍රකරුවත් පුතාගේ හඳහන බලලා කිව්වේ අධ්‍යාපනය කඩාකප්පල් වෙනවා කියලා. එතකොටත් පුතා ළඟ හිටියා, මමයි මහත්තයයි මේ කතාව අහලා හොඳටම බයවුණා යැයිද ඇය වෛද්‍යවරයා එක්ක කිව්වේ දෙනෙතේ කඳුළු පුරවාගෙනය.


පුතාට ඉගෙනගන්න පුළුවන්ද? කියා වෛද්‍යවරයා විමසූ අවස්ථාවේ ඇය කිව්වේ පුතා ඉගෙන ගැනීමට දක්ෂයෙක් බවය.


බලන්න ඔයගොල්ලෝ දෙන්නා අතින් ලොකු වරදක් වෙලා තියෙනවා. හැබැයි ඒ වරද ඔය දෙන්නා හිතාමතා කරපු දෙයක් නොවේ. නොදැනුවත්කම නිසා සිද්ධ වෙච්ච දෙයක්. හඳහන් බලන්න ගිය එකත් වැරදියි. හඳහන බලන්න යද්දි මේ දරුවා අරගෙන ගියා. ඒකත් වැරදියි. ඒ විතරක් නොවේ හඳහන බලපු අය පුතාගේ අධ්‍යාපනය කඩාකප්පල්වෙනවා කියා ඒ දරුවා ඉදිරියේ කීම සේරටම වඩා බරපතළ වරදක්.


මේ වගේ දේවල් දරුවාට ඇහුණාම පුංචි හිත්වලට තදින්ම කාවඳිනවා. එහෙම නම් මම කොච්චර මහන්සිවෙලා පාඩම් කළත් වැඩක් නැහැනේ කියා දරුවාට හිතෙන්න පුළුවනි. මෙයින් දරුවා ලොකු මානසික පසුබෑමකට ලක්වෙනවා. සමහරවිට ටික කාලයක් ගිහාම ක‍්‍රමයෙන් ඉගෙනීමට තියෙන උනන්දුව කැපවීම හීනවෙලා යන්න ඉඩකඩ තිබෙනවා. කෙනෙකුගේ ජීවිතය ගැන හඳහනෙන් කියන්න බැහැ. ඒක ලොකු බොරුවක් යැයි කියමින් වෛද්‍යවරයා ඔවුන්ට කරුණු කාරණා පහදාදෙන්නේ නැවතත් මේ වගේ තේරුමක් නැති දේවල් පසුපස නොයන ලෙසද ඔවුන්ගෙන් ඉල්ලීමක් කරමිනි.

7


නිවසේ සිටියදී නිතරම පාහේ බඩ රිදෙනවා කීම, අත්පා දරදඬුවීම, ඇස් රතුවීම, ඇස් කැරකැවීම, කරමත යමෙක් වාඩිවී සිටින බව දැනීම වැනි දේවල් සිදුවන්නේ මියගිය ප‍්‍රාණකාරයකුගේ බැල්ම තියෙන බව දේවාල දෙකේම කපුවන් කී නිසා දරුවාගේ මව සිතා ඇත්තේ තම පුතාට මේ සේරම දේවල් වෙන්නේ මීට මාස 08කට පමණ කළින් මියගිය තම මවගේ භූතාත්මයේ බලපෑම් නිසා යැයි කියාය.


සැමියාද විශ්වාස කරන්නේ මියගිය නැන්දම්මාගේ භූතාත්මයේ බලපෑම නිසා මෙවැන්නක් ලොකු පුතාට සිදුවනවා යැයි කියාය.


වෛද්‍යවරයා
දරුවෝ දෙන්නටම ඔයාගේ මැරිච්ච අම්මා ගොඩක් ආදරෙන් ඉන්න ඇතිනේද? ආච්චි අම්මලා මුණුපුරන්ට ගොඩක් ආදරෙයිනේ?


මව
අනේ ඔව් ඩොක්ටර්, හරිම ආදරෙයි. අපි නිකමටවත් දරුවන්ට සැරවැර කරනවාට අම්මා කැමති නැහැ අපිට බනිනවා. දරුවොත් අම්මාට තිබුණේ පුදුම ලෙන්ගතුකමක්. අම්මාගෙන් තොර ලෝකයක් ඒ දරුවෝ දෙන්නාට තිබුණේ නැහැ.


කිසිම කෙනෙක් මියගියාම භූතයෝ, අවතාර වෙලා ජීවතුන් අතර සිටින අයට බලපෑම්, කරදර, හිරිහැර කරන්නේ නැහැ. ඒ විද්‍යාත්මක සත්‍යයක් යැයි පවසමින් කෙනෙකුගේ මරණය සිදුවන ආකාරය ඔවුන්ට බොහොම සරලව පහදා දුන්නේ භූතයන් හා අවතාර ගැන තිබෙන හිත්වල අනියත බිය පහකිරීම සඳහායි.

8
අපි මොහොතකට හිතමු මියගිය කෙනෙක් භූතයෙක් වෙලා එනවා කියා. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඒත් ජීවත්ව සිටියදී ආදරයෙන් ඉඳලා මැරණාම පස්සේ භූතයෙක් වෙලා ඇවිත් දරුවන්ට කරදර කරයිද, හිරිහැර කරයිද? ලෙඩ රෝග ඇතිකරයිද? කියා හිතා බලන්න. එහෙම විශ්වාස කිරීම මියගිය අයටත් කරන ලොකු අගෞරවයක් යැදිද වෛද්‍යවරයා පැවසුවේ ඒ මොහොතේ ගෙදර සිටි අන් අයටද කරුණු කාරණා තේරුම්යන ආකාරයටය.
එතකොට ඩොක්ටර් පුතාට මේ විදිහට වෙන්නේ මොකද කියන එක අපිට ප‍්‍රශ්නයක් යැයි ඒ දරුවාගේ මව හා පියා විමසුවේ ඒ ගැන යමක් දැනගැනීමේ අටියෙනි.


වෛද්‍යවරයා, මේ වගේ ලක්ෂණ හේතුවීමට බලපාන සාධක ගැන ඔවුන්ට කෙටි පැහැදිලි කිරීමක් කර මනා පලපුරුද්දක් ඇති කායික රෝග හා ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වෙත පෙන්විය යුතු බවත් නිසි වෛද්‍ය පරීක්ෂණවලට ලක්කිරීම ඉතාම වැදගත් වන බවත් එහිදී රෝගය කුමක්ද කියා නිගමනයකට පැමිණිය හැකි බවත් කියා සිටියේය.


පරීක්ෂණවලින් දරුවාට කිසියම් හෝ ආකාරයක කායික රෝග තත්ත්වයක් නොමැති බව හෙළිවුවහොත් පමණක් දරුවා මනෝ වෛද්‍ය උපදේශකවරයෙක් හෝ මනෝ වෛද්‍ය විශේෂඥවරයෙක් වෙත යොමුකළ යුතු බවද වෛද්‍යවරයා ඔවුන්ට පැහැදිලිකර දුන්නේය.


මේ නිවසේ අවුරුදු 10ක පමණ කාලයක් තිස්සේ සුදු ඇඳගත් කාන්තාවකගේ රූපයකට සමාන අවතාරයක් හා කළු මිටි අද්භූත වස්තුවක් සැරිසරන බවත් අපට දැන ගැනීමට ලැබුණේ ගෘහමූලිකයාගෙන් හා ඔහුගේ මවගෙනි.

5
ඔහුගේ මව මේ වගේ දේවල් ගැන කිසිම විශ්වාසයක් නොමැති බවද අප සමග පුතා කියා සිටියා. එපමණක් නොව තවත් මේ කියන අවතාර හෝ භූතයන් මේ වනතෙක් ඇසින් දැක නොමැති බවය.


මේ නිවසේ පදිංචිව සිටින දෙදරු මවගේ තාත්තාගේ අම්මාගේ අම්මා හා ඇයගේ සැමියාද ජීවත්වී ඇති අතර ඇයගේ අම්මා මේ දෙදෙනා වෙනත් ගෙදරකට පිටත්කර ඇති බව ගෙදර උදවියගෙන් අපට දැන ගැනීමට ලැබිණි.


අපේ තාත්තාගේ අම්මාගේ අම්මා මේ ගෙදරින් ගිහින් තියෙන්නේ හඬමින් බව අපිත් එක්ක තාත්තයි අම්මයි කියා තිබෙනවා. ඒ තරමට තාත්තාගේ අම්මාගේ අම්මා මේ ගෙදරට ආදරෙන් ඉඳලා තියෙන බවත් මගේ තාත්තා කියා තිබෙනවා. මගේ තාත්තාගේ අම්මාගේ අම්මා මියගිහින් තියෙන්නේ මීට අවුරුදු 40කට කළින්. ඒ මියගිය අත්තම්මාගේ අවතාරය අපේ ගෙදර ඉන්නා බව තේරිලා තියෙනවා. මම එහෙම කියන්න හේතුව මේකයි. මට සමහර වෙලාවට තේරෙනවා මගේ උරහිස උඩ කවුරුහරි ඉඳගෙන ඉන්නවා කියා. එතකොට මම පස්ස හැරිලා බලනවා එත් කවුරුවත් පේන්න නැහැ. ඒ වුණාට ඉන්න බව මට තේරෙනවා. ඒ හින්දා මම අත් දෙකෙන් උරහිසට ගහනවා. එතකොට කෙනෙක් මගේ උරහිස උඩ වාඩිවෙලා ඉන්නවා කියා දැනෙන එක නැතිව යනවා. මේක ඉඳහිට මට සිද්ධවෙනවා යැයි කාන්තාව වෛද්‍යවරයා එක්ක පැවසුවාය.


අනේ ඩොක්ටර් ඒ විතරක් නොවේ සමහර දවස්වලට රෑට කළුපාට කොටයක් වගේ එකක් ගෙදර එහාට මෙහාට යනවා වගේ මට පේනවා. ඒ කළුපාට කොටය වගේ එක, එක පාරටම පෙනිලා නොපෙනී යනවා. අපේ අත්තම්මාගේ ඒ කියන්නේ අපේ තාත්තාගේ අම්මාගේ අම්මාගේ අවතාරය තමා මගේ කර උඩ ඉන්නවා වගේ දැනෙන්නේ කියා විශ්වාසයක් තියෙනවා. කළු කොටයක් විදිහට පේන්නේ මොකක්ද කියන එක ගැන නම් මට කියන්න තෙරෙන්නේ නැහැ කියා යනුවෙන් ද ඇය පවසන්නීය.


වෛද්‍යවරයා එක්ක ඊළඟට කතාබහට එක්වූයේ ඇයගේ සැමියාය. ඒ කියන්නේ ගෙදර ගෘහමූලිකයාය.


වැලමිටට පහළට වෙනකම් සුදු දිග අත් තියෙන සුදු හැට්ටයක් ඇඳගත් කාන්තාවකගේ රූපයක් ගෙදර එහාට මෙහාට ඇවිදිනවා මම දැක තිබෙනවා. හැබැයි මූණ නම් එච්චර පැහැදිලිවම කිසිම දවසක පෙනිලා නැහැ.


තව දවසක් මහ රෑ කුස්සියේ කවුදෝ හිරමනයෙන් පොල් ගානවා වගේ ශබ්දයක් ඇසුනා. මම ගිහින් කුස්සියේ ලයිට් දාලා බලද්දි කිසිම කෙනෙක් පෙන්න හිටියේ නැහැ. හිරමනයත් තිබුණ තැනම තියෙනවා. තවත් සමහර දවස්වලට කුස්සියේ රාක්කවල තියෙන පිඟන් පෙරළෙන හඬ ඇහෙනවා. මම ගිහින් බලපුවාම රාක්කවල පිඟන් ඒ විදිහටම තිබෙනවා. මීට අවුරුදු 40කට කලින් මියගිය මගේ නෝනාගේ අත්තම්මාගේ අවතාරය තමා මට පෙන්නේ කියා හිතුවා. පොල් ගාන හඬ හා පිඟන් පෙරළනවා වගේ ඇසෙන්නෙත් ඒ අත්තම්මාගේ භූතාත්මයේ බලපෑමට බව මම විශ්වාස කරනවා. අවුරුදු 10ක විතර ඉඳන් මේ තත්ත්වය වරින්වර තිබෙනවා යැයි ඔහු කිව්වේ දැන්නම් මේවා තමාට සාමාන්‍ය දේවල් බව පවසමිනි.


විවිධ හේතූන් මත මේ වාගේ මනෝභ‍්‍රාන්තිමය අත්දැකීම් කෙනෙකුට ලැබිය හැකි බව පැහැදිලිකර මුත් වෛද්‍යවරයා මෙවැනි දේවල් දර්ශනය වීමත් එවැනි තත්ත්වයන් බව කියා සිටියේ ඒ ගැන ඔවුන්ට මනෝ විද්‍යාත්මක පැහැදිලි කිරීමක්ද කරමිනි. ගෙදර ජීවත්වූ වැඩිහිටියන් මේ ගෙදර අවතාර තිබෙන බව නිතර පැවසීම නිසා මේ අඹු-සැමි යුවළගේ සිත්සතන්වල පැළපදියම්වී තිබීමත් මෙවැනි රූප වරින්වර දර්ශනය වීමට බලපෑ හැකි බව වෛද්‍යවරයා පවසයි.


හොල්මන්, අවතාර මේ ගෙදර ඉන්නවා යැයි අද්භූත හඬවල් ඇසෙනවා යැයි වැඩිහිටියන් කතාබහ වෙද්දී අවුරුදු 10ක පමණ වයසේ පසුවන දරුවාටත් ඇසෙන්න ඇති බව පැවසූ වෛද්‍යවරයා ඒ පුංචි සිතටද ලොකු බියක් මේ කතා ඇසෙන සෑම මොහොතකම දැනෙන්ට ඇති බවත් ගෙදර උදවියට පැහැදිලිකර දුන්නේය. මව්පියන්ගේ අවසරය ලබාගත් වෛද්‍යවරයා දරුවා කෙටි මෝහන නින්දකට පත් කළේ ඔහුගේ සිත තුළ කාලයක් තිස්සේ පැළපදියම්ව තිබූ ඒ බිය හා සැකසංකා දුරුකිරීමේ අරමුණ ඇතිවය.


දරුවා ඉදිරියේ මේ වගේ අනවශ්‍ය දේවල් ගැන මින් ඉදිරියට කතාබහ නොකරන ලෙස හා ඔහුගේ ආත්මශක්තිය වැඩි කිරීමට අවැසි දේවල් ගැනද ඔවුන්ට වෛද්‍යවරයා පැහැදිලි කර දීමට අමතක කළේ නැත.

m



අදහස් (0)

අවුරුදු හතළිහකට කලින් මියගිය අත්තම්මා හිරමණය උඩ

සොපී Saturday, 15 August 2015 12:04 PM

මනස්ගාත (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බුදු දහමේ කියැවෙන රාජ්‍ය පාලනය
2025 මැයි මස 14 55 0

ලෝකයේ විවිධ රටවල් විවිධ රාජ්‍ය පාලන ආකෘති අනුව පාලනය වේ. රාජාණ්ඩු, සමූහාණ්ඩු, ඒකාධිපති ආණ්ඩු, ප්‍රජාතාන්ත්‍රවාදී ආණ්ඩු යනාදී කුමන ස්වරූපයේ ආණ්ඩුවක් ව


ජ.වි.පෙ. දශක හයක ගමන
2025 මැයි මස 14 209 0

ජනතා විමුක්ති පෙරමුණේ 60 වැනි සංවත්සරය අද 14 වැනිදාට යෙදී තිබේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. ජනතා විමුක්ති පෙරමුණ බිහිවීම රෝහණ විජේවීර සහෝදරයා පැවසූ ආකාරයටම නි


පළාත් පාලන මැතිවරණයේ ජය කාටද?
2025 මැයි මස 14 482 0

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල පිළිබඳව මේ වනවිට දේශපාලන පක්ෂවල නායකයන්, බුද්ධිමතුන් සහ ඡන්ද නිරීක්ෂකයන් මෙන්ම විවිධ පක්ෂවලට අයත් විද්වතුන් විසින් වි


බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
2025 මැයි මස 13 338 0

හැත්තෑව අසූව දශකවල සහ ඉන් ඔබ්බෙහි මෙරට ගීත සාහිත්‍යයෙහි සුපෝෂණය සඳහා අතිමහත් මෙහෙයක් ඉටු කළ ප්‍රවීණ ගීත පද රචක රඹුකන සිද්ධාර්ථ හිමි‍යෝ වචනයේ පරිසමාප


​අසාද් මවුලානා ඉන්දියාව හරහා පලාගියේ ඇයි?
2025 මැයි මස 13 922 0

මෙම ලිපිය 2019 අප්‍රේල් 21 වැනිදාට යෙදුණු පාස්කු ඉරිදා දිනයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් සිදු කරන ලද ප්‍රහාර මාලාව පිළිබඳ ත්‍රිත්වයේ තුන්වැනි සහ අ


ඡන්ද ක්‍රමයේ වෙනසක අවශ්‍යතාව
2025 මැයි මස 13 207 0

වසර 2017 දී හඳුන්වා දෙන ලද පළාත් පාලන ආයතන සංශෝධන පනත යටතේ මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විණි. ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුය යන අදහස මුලි


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1416 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1615 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 423 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site