IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අවුරුදු අසිරිය භුක්ති විඳීමට සැරසෙන ජනතාවගේ දුක

සිංහල දෙමළ අලුත් අවුරුද්දට දින දහයකටත් අඩු කාලයකි. සිවු වසරක් පුරා සිංහල දෙමළ අලුත් අවුරුද්ද ප්‍රීතියෙන් ඉපිළෙමින් සැමරීමේ වරම අහිමි වූ ජනතාව මෙවර දැඩි දුෂ්කර හා අසීරු කොන්දේසිවලට යටත්ව හෝ අලුත් අවුරුද්ද සැමරීමට සුදානමින් සිටිති. එහෙත් ඒ සඳහා වූ සුසංගත පරිසරයක් නොමැති සෙයකි. අලුත් අවුරුදු අසිරිය පමණක් නොව ජීවිතය සම්බන්ධ බලාපොරොත්තු අත්හැරීමට සිදුවිය හැකි බවට අනතුරු ඇඟවීමක් සහිත ප්‍රවෘත්තියක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.

අප පුවත්පත වාර්තා කළ ප්‍රවෘත්තියෙන් කියැවුණේ ශ්‍රී ලංකාවේ පරිභෝජනය කරන පොල්තෙල්වලින් සියයට හැත්තෑ දෙකක් සම්බන්ධයෙන් ප්‍රමිති පරීක්‍ෂාවක් සිදු වී නැති බව නිරීක්‍ෂණය වී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වන බවය.

ඇඟ හිරිගඩු පිපෙන තරමේ ප්‍රවෘත්තියකි. ‘ආරෝග්‍යා පරමාලාභා’ යැයි කීවද මෙරට ජනයා ජීවත් වන්නේ අතිශයින්ම රෝගී වූ පරිසරයකය. මෙම රෝගී පරිසරය කෙතරම් සැහැසි විද යත් ඇතැම් පුරවැසියන්ට මියයාමට සිදුවන්නේ තමන්ට මිය යාමට හේතු වූ රෝගය කුමක්ද යන්න පවා නොදැනය. එය කෙතරම් ශාපලත් අත්දැකීමක්ද යන්න වටහා ගැනීම අසීරු නැත.

එක් අතකින් ඖෂධ මිල අහස උසට නැග තිබේ. කෙතරම් මිල ඉහළ ගියද මුදල් ගෙවා ලබා ගැනීමට නොහැකි තරමට ඖෂධ හිඟයක් රට පුරා තිබේ. ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා සේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් රට හැර යාමේ ප්‍රවණතාවක් සම්බන්ධ පුවත්ද වාර්තා වේ. මෙම පරිසරය තුළ රෝගී නොවී සිටීම සඳහා පුරවැසියාට අනවරත අරගලයක යෙදීමට සිදුව තිබේ. ඒ සඳහා වන උත්තේජනයක් ඇතිකරන අතර ඒ සම්බන්ධ උනන්දුවක් නිර්මාණය කෙරෙන පරිසරයක් ප්‍රතිෂ්ඨාපනය විය යුතු වුවද ජාතියේ ආවාසනාවට. වාර්තාවන්නේ එයට හාත්පසින්ම වෙනස් ප්‍රවෘත්තියකි. ජාතික විගණන කාර්යාලයේ නවතම වාර්තාවක් උපුටා දක්වමින් අප පුවත්පත වාර්තා කළ ප්‍රවෘත්තිය එයට කදිම නිදසුනකි.

අප ප්‍රවෘත්තියට අනුව පොල් තෙල් නිෂ්පාදනය සඳහා තරු පහකින් යුත් ලාංඡනය 2019 වර්ෂයේදී ලබාගෙන ඇත්තේ පොල් තෙල් මෝල් හතක් පමණි. එමෙන්ම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන සහ ආනයනය කරනු ලබන පොල් නිෂ්පාදනවල ගුණාත්මක ප්‍රමිතිය නියම කිරීම හා පවත්වා ගෙන යෑම පොල් සංවර්ධන අධිකාරියේ වගකීමක් බව විගණන අංශ එම වාර්තාවෙන් පෙන්වා දෙන බවද අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.

මෙරට ප්‍රමිති කාර්යාංශයක් තිබේ. ප්‍රමිති කාර්යාංශය තරම් දැඩි විවේචනයට දෝෂ දර්ශනයට ලක්වන තවත් රාජ්‍ය ආයතනයක් නොමැති තරම්ය. එසේ සිදුවී තිබෙන්නේ ඔවුන් තම රාජකාරිය නිසි පරිදි ඉටු නොකිරීම හේතුවෙනි. ජනතාවට ඍජුවම බැදීමක් ඇති මෙබඳු රාජ්‍ය ආයතන කාර්යක්‍ෂමව පවත්වාගෙන යෑමේ වැදගත්කම නිරන්තරයෙන් අවධාරණය කෙරුණද ඒවා ගඟට කැපූ ඉණි බවට පත්ව ඇති සෙයකි. එහෙයින් සියල්ලටම පළමුව ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් සොයා බැලිය යුතුය.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන සහ ආනයනය කරනු ලබන පොල් නිෂ්පාදනවල ප්‍රමිතිය නියම කිරීම හා පවත්වා ගෙන යෑම පොල් සංවර්ධන අධිකාරියේ වගකීමක් බව රජයේ විගණන කාර්යාංශයේ නවතම වාර්තාවේ සඳහන්ය. පොල් සංවර්ධන අධිකාරියේ නිලධාරීන් අවබෝධ කරගත යුතු කාරණය වන්නේ තමන්ට වගකීමක් පවරා ඇත්තේ මෙරට ඇති එක ගසක් සම්බන්ධයෙන් පමණක් බවය. එම එක ගස සම්බන්ධ වගකීම ඉටු කළ නොහැකි නම් එම එක ගස වෙනුවෙන් පිහිටුවා ඇති පොල් සංවර්ධන අධිකාරිය විසුරුවා හැරිය යුතුය.

රජයේ විගණන කාර්යාලයේ වාර්තාවේ සඳහන් තවත් කරුණක් වන්නේ පසුගිය වසර හතරක කාලය තුළ ෆාම් ඔයිල් ආනයනය මෙට්‍රික් ටොන් 1,99433 ක් වූ බවත් ඒ අනුව ප්‍රමිතියෙන් යුත් පොල් තෙල් නිෂ්පාදනය වැඩි කිරීමට කටයුතු නොකර දේශීය පොල් තෙල් නිෂ්පාදනයෙන් වැඩි කොටසක් ෆාම් ඔයිල් හා ආනයනික පොල් තෙල්වලින් සපුරා ගැනීම පොල් සංවර්ධන අධිකාරියේ අරමුණුවලට අනුරූප නොවන බවය. රටට මේ විපත පත්වී ඇත්තේ කවර හේතු නිසාද යන්න රජයේ විගණන වාර්තාවද සාක්‍ෂියකි.

(***)



අදහස් (0)

අවුරුදු අසිරිය භුක්ති විඳීමට සැරසෙන ජනතාවගේ දුක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 345 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1005 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site