IMG-LOGO

2024 මැයි මස 18 වන සෙනසුරාදා


අර්හත් මිහිඳු හිමියන්ගේ සොහොන

වාර්ෂිකව පොසොන් සමයේ මිහින්තලයට හා අනුරපුරයට රොක්වන ලක්‍ෂ සංඛ්‍යාත පිරිසගෙන් කීයෙන් කී දෙනකු මිහිඳු හිමියන් ආදාහනය කළ තැන ගැන විමසන්නේද. 13 සියවසේ දී රජරට ශිෂ්ටාචාරය බිඳවැටීමෙන් පසු සියලූ පුරාණ ආරාමික ඉදිකිරීම් කෙතෙක් දුරට වන වැදී ගියේද මෙරට ඉංග‍්‍රීසි පාලන අවධිය වන විට අවම වශයෙන් මහා ස්තූප පැවැති අභයගිරිය හා ෙඡ්තවනයවත් හරිහැටි හඳුනාගත නොහැකිව අභයගිරිය ෙඡ්තවනය  ලෙසත් ඡේතවනය අභයගිරිය ලෙසත් ව්‍යවහාරයට පත්ව තිබුණි. 19 වැනි සියවසේ අග භාගයේ සිට ඇති වූ බෞද්ධ ප‍්‍රබෝධය නිසා නටඹුන් ව පැවැති අනුරාධපුර බෞද්ධ සිද්ධස්ථාන පිළිසකර කිරීම ඇරඹුණ අතර 1860 න් පසු ඉංග‍්‍රීසි රජය විසින් මෙකී පුරාස්ථාන වාර්තා කිරීම සඳහා ඡායාරූප ගැනීමට ලෝටන්ද සැලසුම් ඇඳීමට ජේ ද ස්මිතර් ද කැනීම් හා සංරක්‍ෂණය සඳහා එච්.සී.පී. බෙඞ් ද පත්කරන ලදී. එකල්හි ජනවහරේ තිබූ පරිදි ස්මිතර් විසින් ඔහුගේ ආකිටෙක්චරල් රිමේන්ස් අනුරාධපුර ග‍්‍රන්ථයේත් බෙල් විසින් ආකියොලොජිකල් සර්වේ ඔෆ් සිලෝන් ඇනුඇල් රිපෝර්ට් ග‍්‍රන්ථයේත් ථූපාරම ස්තූපයට බටහිරින් පිහිටි නටබුන් ස්මාරකය මිහිඳු සොහොන ලෙසත් නැගෙනහිරින් පිහිටි නටබුන් චෛත්‍යය සංඝමිත්තා සොහොන ලෙසත් හඳුන්වා දෙනලදී. තව ද පසුගිය කාලයේ දී  ඡේතවන ව්‍යාපෘති බලධාරීන් විසින් ඡේතවන ස්තූප සලපතළ මළුව මිහිඳු හිමියන් ආදාහනය කළ ස්ථානය ලෙස හඳුන්වාදී තිබුණි. එහෙත් මෙම ස්තූප සලපතළ මළුව සුපරීක්‍ෂාකාරී ලෙස මූලාශ‍්‍රය ලේඛන පිරික්සීමේ දී ඉහත කී හඳුනාගැනීම් සාවද්‍ය බව වැටහේ. කෙසේ වෙතත් ශ්‍රී ලාංකේය බෞද්ධ ශිෂ්ටාචාරයේ නියමුවන් වන මිහිඳු හිමියන් ආදාහනය කරන ලද නිවැරදි ස්ථානය සොයා ගැනීම මෙරට බෞද්ධයන්ට විශේෂයෙන් වැදගත් වන්නේය. අර්හත් මිහිඳු හිමියන්ගේ ආදාහනය පිළිබඳව වඩාත් විස්තර හමුවන්නේ මහාවංශයේ ය. එහි ටීකාවේ හා අනිකුත් ග‍්‍රන්ථවල ඇති සඳහන්වල මහාවංශයට වඩා වෙනසක් නැත. පළමුව ඒ ථූපාරමය අසළ නොවන බවට ඇති සාධක විමසිය යුතුය. ථූපාරමය ඉදිකිරීම පිළිබඳව මහාවංශයේ හා ටීකාවේ සඳහන් විස්තරයේ එහි නිදන් කිරිම සඳහා සුමන සාමනේරයන් විසින් ගෙන එනලද සර්වඥ ධාතු සහිත කරඬුව පිට තබාගත් ඇතා ථූපාරාම ස්තූපය ඉදිකරන ස්ථානයට ගොස් ඇතුළේ උස ප‍්‍රමාණයට ස්තූපය බඳින තුරු ධාතු බිමට ගැනීමට ඉඩ නොදුන් බවත් ඇතා ස්තූපයට බටහිර දෙසින් බෝධිඝරය ඉදිවන ස්ථානයේ රැඳී සිටි බවත් දැක්වේ. මහාවංශය ඒ පිළිබඳව දක්වන්නේ හස්ති තෙම ථූපාරාම චෛත්‍යස්ථානයෙන් පිටුපස කරන ලද්දා වූ මහේජ වස්තු නම් දේවස්ථානයට ගොස් බෝධිස්ථානයේ නැවතී පෙරදිගට අභිමුඛව සිටි බවය. මේ අනුව ථූපාරාමයේ බෝධිස්ථානය පිහිටා තිබී ඇත්තේ ථූපාරාම ස්තූපයට බටහිරිනි. සම සතරැුස්වූ ථූපාරාම භූමිය වටකොට පුරාණ ප‍්‍රාකාරයක් ඇති අතර ස්තූපයට බටහිරින් එම සීමාව තුළ ඇත්තේ නටඹුන්ව ගිය එක් ස්මාරකයක් පමණකි. ඊට අමතරව වෙනත් ස්මාරකයක් පිහිටීමට එහි ඉඩක් නැත. මහාවංශයේ හා එහි ටීකාවේ දැක්වෙන පරිදි මහාමෙව්නාවේ ශ්‍රී මහා බෝධිය පිහිටුවීමෙන් පසු හටගත් පළමු අටපල බෝධි අතුරින් එකක් සිටුවා ඇත්තේ ථූපාරාමයේය. ථූපාරාම භූමිය ඇතුළත වෙනත් බෝධිඝර දක්නට නැති නිසාත් මහාවංශයේ හා ටීකාවේ මෙම ස්ථානය බෝධිස්ථානය ලෙස නම් කර තිබීම අනුවත් මේ ස්මාරකය අස්ටඵල බෝධිය සිටවූ ස්ථානය ලෙස නිගමනය කළ හැකිය. ථූපාරම බෝධිඝරය අප විසින් කැනීම් හේතුවෙන්ද බෝධි පරීක්‍ෂිප්ත ව තිබූ වෘතාකාර ගඩොලූ බැම්ම ද ඒ වටා තැන්පත් කොට තිබූ සිරිපතුල් ගල්ද දැනට මතුපිට දක්නට ඇති මාලකයට යටින් වූ පැරණි බැම්මේම පනාබැම්ම වශයෙන් ගඩොලින් කළ මීටර් දෙකක් පමණ ගැඹුරැති බැම්මද හමුවිය. බෝධිය පිහිටි ස්ථානය හාරා ගැලවූ එහි බැම්මේ ගඩොළු කැබැලිවලින් වළ පුරවා තිබුණි. ලැබුණු සාධක සියල්ල අනුව ස්මිතර් දැක්වූ පරිදි මෙය මිහිඳු සොහොන නොවන බව තහවුරු විය. මිහිඳු හිමියන්ගේ ආදාහනය පිළීබඳ මහාවංශයේ හා එහි ටීකාවේ සඳහන් වන්නේ දේහය මහා විහාරයට ගෙනවුත් එහි පැනඹ මළුවේ තබා තිබී ඉනික්බිති ව නැගෙනහිර දෙස තෙරුන්ගේ බද්ධමාලකයෙහි ආදාහනය කොට එහි චෛත්‍යයක් ද බඳවන ලද බවය. එතැන් පටන් එය සිසාරා තුන් යොදුන් මානයේ කළුරිය කළ ආර්යන්ගේ සිරුරු දවනු ලැබූ බවයි. එසේ නම් මිහිඳු හිමියන්ගේ සොහොන සෙවීමේ දී පුරාණ පැනඹ මළුව හා බද්ධමාලකය පිහිටි තැන් හඳුනා ගත යුතුය. තෙරුවන්ගේ බද්ධ මාලකයක් ගැන මහා වංශයේ හා එහි ටීකාවේ ද සඳහනක් ඇත. එනම් අරිට්ඨාදි භික්‍ෂුන් සඳහා උන් වහන්සේ විසින්ම තුම්බරු නම් වූ බද්ධ මාලකයක් බැඳ උපසම්පදා කිරීම සම්බන්ධවය. ටීකාව එය දක්වන්නේ තමන් විසින් බඳනා ලද තුම්බරු නම් මාලකයෙහි පළමු වරට කර්ම වාක්‍යයෙන් උපසම්පදා කර්මය කළහ මිහිඳු හිමියන් මහමෙව්නාවේ (මහා විහාරයේ) වැඩ වාසය කළේ ශ්‍රී මහා බෝධිය අසළ රාජගෘහයේ බවද පසුව ඉදිකළ කාලපාසාදය එතැනට මඳක් උතුරින් වූ බවද වංශකථාවේ සඳහන් වේ. මහා විහාරය යනුවෙන් එකල අදහස් කර ඇත්තේ විශේෂයෙන් මිහිඳු හිමියන් වැඩ සිටි ආවාසය හා අවට ගොඩනැගිලිය. ක‍්‍රි.ව. 411 දී පමණ ෆාහියන් හිමි මහා විහාරය පිළිබඳ ව විස්තර කිරීමේ දී තමා රහත් හිමි නමකගේ ආදාහන කටයුතු දුටු බවත් ආදාහනය කළේ විහාරයෙන් ලී 4-5 ක් නැනෙහිර දෙසින් බවත් දක්වයි. ෆාහියන් දේශාටන වාර්තාවේ විමල් බලගල්ල පරිවර්තනයේ එය වරදවා නගරයෙන් නැගෙනහිර යැයි සඳහන් කර ඇත. ලී 4-5 යනු කි.මීටර් එකක පමණ වේ. බොහෝ සෙයින් ෆාහියන් හිමි සඳහන් කරන්නේ මිහිඳු මිහියන් ආදාහනය කළ ආදාහන භූමිය වන විට මෙම ස්ථානය වෙනස් විය හැකි බැවිනි. පැනඹමළුව යනු වංසකථා විස්තර අනුව මහාවිහාරයේ ලහබත්ගෙය පිහිටි ප‍්‍රදේශයයි. මිහිඳු හිමියන් මහා විහාරයේ පූජනීය ස්ථාන පිහිටන තැන් රජතුමාට දක්වමින් ලෝවාමහාපාය පිහිටන තැනට ගොස් අනතුරු ව ගියේ සලාකය ලබා දෙන ලහබත්ගෙය පිහිටන තැනටය. ලහබත් ගෙය ලෝවාමහාපායට ඉදිරියෙන් (බටහිර දෙසින්) පිහිටා ඇති නටඹුන් ගොඩනැගිල්ල බව මහා බෝධිවංශ ගැටපදයේ මහාවිහාරයේ පූජනීය ස්ථාන විස්තර කෙරෙන සිංහ වික‍්‍රාන්ති සැලැස්මේ පෙන්වා දෙයි. ඒ ශ්‍රී මහා බෝධියට උතුරු දෙස (රුවන්වැලි සෑය දෙසට) ඊට ආසන්නම තැනයි. දීපවංශය ද පැහැදිලිව පවසන්නේ තිස්සමහාරාමයෙන් (මහාවිහාරයෙන්) නැගෙනහිර දෙස තෙරුන් වහන්සේ ආදාහනය කළ වගයි. තෙරුන්ගේ බද්ධමාලක යනු භික්‍ෂූන් වහන්සේලා පොහොය කිරීමට පෙර ඇවත් දෙසීම සඳහා යොදාගත් ස්ථානය විය යුතුය. දෙපෝයකට වරක් භික්‍ෂූන් වහන්සේලා එක් වී උපෝසථඝරයෙහි දී පාතිමොක්ඛය කියවන අතර විනයට අනුව ඒ සඳහා උපෝසථඝරයට ඇතුළු වීමට පෙර තමා අතින් වරදක් සිදු වී ඇත් නම් එය ප‍්‍රකාශ කොට පිරිසිදු වී ඇතුළු විය යුතුය. එහෙයින් මහාවිහාරයේ පොහොය ගෙය වූ ලෝවාමහාපාය අසළ බද්ධමාලකයක් තිබීම බොහෝ සෙයින් සිදුවිය හැකිය. මාලක යන්නට අර්ථ සපයන මහාචාර්ය විල්හෙල්ම් ගයිගර් එය යම් කිසි පූජනීය කටයුත්තක් කරගෙන ගිය මළුවක් හෝ අවකාශයක් බව දක්වා තිබේ. මේ අතර ෙඡ්තවන විහාර ව්‍යාපෘතියේ නිලධාරීන් විසින් ෙඡ්තවන ස්තූප සලපතළ මළුවේ කැනීම් කිරීමේ දී මීටර් එකක් පමණ ගැඹුරින් ගඩොලූ ප‍්‍රාකාරයක් හා අඟුරු හමුවූ බවත් එ නිසා එය මිහිඳු හිමියන් ආදාහනය කළ ස්ථානය බවත් දක්වා ඇතත් එය පිළිගැනීමට අපහසු හා නිශ්චිත සාක්‍ෂ්‍ය මත නො පිහිටා කරන ලද ඉක්මන් ප‍්‍රකාශයක් බව පෙනේ. ඔවුන් තෙරුන් ආදාහනය කළේ නගරයට නැගෙනහිරින් යැයි සළකා ඇතත් වංශකථා අනුව එය සිදුවී ඇත්තේ නගරයට නොව මහා විහාරයට නැගෙනහිරින්ය. පිහිටීම අනුව බලන කල ෙඡ්තවන ස්තූපය පිහිටා ඇත්තේ මහිවාහාර මූලස්ථානයට නැගෙනහිරින් නොවේ. ෆාහියන් හිමි රහතන් වහන්සේලා ආදාහනය කළ මළුව යනුයෙන් දක්වන්නේ මිහිඳු හිමියන් ආදාහනය කළ මළුව නම් ෙඡ්තවන ස්තූපය ඉදිකිරීමෙන් පසු යුගයේත් මෙම ආදාහන භූමිය ආරක්‍ෂා වී තිබී ඇත. මහසෙන් රජු පිළිබඳව අප‍්‍රසාදයකින් සිටි මහාවිහාර වාසීන් මෙසේ මිහිඳු හිමියන් ආදාහයන කළ මළුව නම් ෙඡ්තවන ස්තූපය ඉදිකිරීමෙන් පසු යුගයේත් මෙම ආදාහන භූමිය ආරක්‍ෂා වී තිබි ඇත. මහසෙන් රජු පිළිබඳව අප‍්‍රසාදයකින් සිටි මහාවිහාර වාසීන් මෙසේ මිහිඳු හිමියන් ආදාහනය කළ භූමි වසා දමා සලපතළ මළුවක් සැදුවේ නම් නිහඬව සිටියේ යැයි කිසිසේත් සැලකිය නොහැක්කේ මිහිඳු හිමි ආදාහයන කළ තැන උත්තිය රජු විසින් චෛත්‍යයක් ද ඉදිකොට තිබූ බව සඳහන් වීමෙන් එතැන අති පූජනීය තැනක් සේ සැලකී ඇති බැවිනි. රජතුමා එසේ කළේ නම් එතුමා ගැන දොස් පවරා ලියා ඇති මහාවංස විස්තරයේ නිසැකවම එය සඳහන් කරනු ඇත. මහාවංශයෙන් දැක්වෙන්නේ එතුමාගේ ආගමික ප‍්‍රතිපත්තිය පිළිබඳ සැබෑ මුහුණුවර නොවේ. වංසත්ථප්පකාසිනියේ සඳහන් පරිදි මහසෙන් රජතුමා දිවයින පුරා තිබූ මිසදිටු ආරාම බිඳ දමා ශිවලිංග විනාශ කළා පමණක් නොව ත‍්‍රීකුණාමලයේ (ගෝකණ්ණ) එවැනි දේවාල තුනක් බිඳ දමා ගෝකණ්ණ ආදි විහාර තුනක් ඉදිකළ බවද සඳහන්ය. (මේ අනුව පූජනීයත්වයට පත්ව තිබූ මිහිඳු සෑය පිහිටි ස්ථානය යටකොට ගිහියනගේ පයට පෑගෙන පරිදි සලපතල මළුවක් ඉදිකරන ලද්දේ යැයි සිතිය නොහැකිය. මහා විහාර භූමියේ මධ්‍යස්ථානය වූයේ මිහිඳු හිමියන් වැඩ සිටි ස්ථානයයි. ඒ ශ්‍රී මහා බෝධි පරිශ‍්‍රයේ බටහිරින් පිහිටි රාජගෘහයයි. මේ අනුව විහාරයෙන් නැගෙනහිර යනු බොහෝ සෙයින් පැනඹමළුව තිබූ තැනින් නැතහොත් ශ්‍රී මහා බෝධිය පිහිටි තැනින් නැගෙනහිර විය යුතුය. ලෝවාමහාපායෙන් නැගෙනහිර කෙළින්ම යොමු වන්නේ මල්වතු ඔය බටහිර සීමාවටය. මේ කරුණුවලින් පැහැදිලි වන්නේ මිහිඳු හිමියන් ආදාහනය කර ඇත්තේ ලොවාමහාපායට පිටුපස එනම් නැගෙනහිර ස්ථානයක බවය.

අභයගිරි විහාර ව්‍යාපෘතියේ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ සේවා සම්මානිත මහාචාර්ය ටී.ජී කුලතුංග
ථූපාරාම මහා සෑය ලෝවාමහාපාය



අදහස් (0)

අර්හත් මිහිඳු හිමියන්ගේ සොහොන

සුනිල් පෙරේරා Saturday, 16 March 2013 12:22 PM

ලංකාදීපයම කියවන්න ඕනි මේ වගේ අපූරු ලිපි බලන්න (ස)

:       0       0

ශෂි Tuesday, 23 October 2012 02:02 PM

ගොඩක් රසවත් ලිපියක් (ස)

:       0       0

සචිනි Friday, 28 December 2012 02:19 PM

කියවන්න ආස හිතෙන ගොඩක් වැදගත් ලිපියක් (ස)

:       0       0

දිලූෂාන් Wednesday, 17 October 2012 05:25 PM

හොද ලිපියක්. (නි)

:       0       0

භක්ති Sunday, 28 October 2012 12:10 PM

හොද ලිපියක්. මේ තැන් මහජනතාවටත් පහසුවෙන් වන්දනාමාන කරන්න පුලුවන් විදියට වැඩපිළිවෙළක් සකස් කළොත් හොදයි. (නි)

:       0       0

නිලන්ත Wednesday, 17 October 2012 10:12 AM

සාධු... සාධු... සාධු...! (නි)

:       0       0

ආනන්ද ජයරත්න Monday, 15 October 2012 07:08 AM

මෙවට කමෙන්ට් දාන්න කවුරුත් නැහැ මොකක් හරි නොවැදගත් දෙයකට නම් එල්ලීගෙන කෙමන්ට්ස් දානවා

:       0       0

සුමුදු Sunday, 16 December 2012 01:45 PM

බෞද්ධයින්ට ඉතාමත් වටිනා ලිපියක්. (නි)

:       0       0

කෙනත් Tuesday, 23 October 2012 08:57 PM

මීට වසර 2300 කට පෙර අප ගැන අනුකම්පාවෙන් මේ සිහල බිමට වැඩමකර, උතුම් බුදුසමය , තථාගත අරහත් සම්මා සම්බුදුන් වහන්සේගේ අකාලික වූ, සසර දුක් නිවාලන්න වූ ශ්‍රී සද්ධර්මය ලක්දිවේ ස්ථාපිත කොට, ඒ සද්ධර්මයත් , සසුනත් වසර 5000ක් පැවතීමට අඩිතාලම දමා, රටේ පාලක හා හුදු ජනතාවම තිසරණයෙහි පිහිටුවා, මුළු ලොවෙහිම ධර්ම භාණ්ඩාගාරය උතුම් රටක් බවටත් ශ්‍රේෂ්ඨ සිංහල ජාතියකුත් , මහා ශිස්ටාචාරයකුත් අපට දායාද කළ, ඒ මහා අරහත් මිහිදු මහා රහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු ! (නි)

:       0       0

නිත්‍යා Saturday, 05 January 2013 01:06 PM

ඉතා වැදගත් (ස)

:       0       0

නවරත්න Saturday, 20 October 2012 09:31 AM

හොද ලිපියක්, ලංකාදීප කර්තෘ මණ්ඩලයට බොහොම පින්.(ස)

:       0       0

උපාලි Friday, 22 February 2013 02:34 PM

ඉතිහාසය ගැන අපේ මිනිස්සු දැනගන්න ඕනෑ. (නි)

:       0       0

දහම් Tuesday, 27 November 2012 09:07 AM

ශ්‍රී ලංකාව ධර්මද්වීපයක් වේවා! (නි)

:       0       0

අමිල Monday, 05 November 2012 02:08 PM

වටිනා ලිපියක්

:       0       0

චන්දන Monday, 15 October 2012 03:03 PM

මම නම් ආසයි මේ වගේ පුවත් වලට.ගොඩක් හොඳ වැඩක්. (නි)

:       0       0

අනුෂ්ක Thursday, 18 October 2012 11:56 AM

බලා සැනහෙන්න

:       0       0

සෙනෙවි Tuesday, 04 June 2013 04:58 PM

දිවයිනේ පිහිටී වෙනත් ඓතිහාසික ස්ථාන ගැනත් සොයා බලා මේ වගේම ජනතාවගේ ඇස යොමු කිරිමට කාරුණික වන්න. ඔබලාට පිං ! මෙම ලිපිය ඉතා අගනේය. (නි)

:       0       0

රංජිත් Friday, 19 April 2013 01:04 PM

බොහොම හොඳ ලිපියක්. මේ වගේ ලිපි තමයි අපිටත් ඕනෑ. (නි)

:       0       0

කුමාර Sunday, 03 March 2013 03:14 PM

ඉතිහාසය විසින් සමහර දේවල් වසන් කර ඇත්තේ ඒවායේම ආරක්ෂාව පිණිස වෙන්න ඇති. (නි)

:       0       0

විභූති Tuesday, 16 October 2012 07:21 PM

හොද ලිපියක්..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

නීතියේ සදාචාරයේ විකෘතිය
2024 මැයි මස 18 148 0

ලබන සැප්තැම්බර් 17 වැනිදාත් ඔක්තෝබර් 16 වැනිදාත් අතර දිනෙක ඊළඟ ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පසුගිය 9 වැනිදා නිවේදනයක් මගින් ප්‍ර


පාසල් දරුවන්ගේ උදේ ආහාරය සුළුවට නොතකමු
2024 මැයි මස 18 77 0

සකල සිරින් පිරි ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ගෙන් ලක්ෂ 6ක පිරිසක් උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණෙන බව අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. පාඨලී චම්පික රණවක ම


දුයිෂෙන් අල්තීනායි අපේ කරළියට ඇවිත්
2024 මැයි මස 17 261 0

‘‘ගුරුවරයා අල්තීනායි නගරයට යන දවසේ සමුගන්නා සැටි චිත්‍ර ගත කරපන්. මතකද ඔහු අන්තිම වරට කෑගැසූ හැටි. අල්තීනායි අද වනතුරුත් අමතක නොකර, සෑම මිනිසකුගේම හදව


සරසවියට සංගීත තාක්ෂණය හඳුන්වා දුන්නේ මමයි
2024 මැයි මස 17 541 0

‘‘ශ්‍රී ලාංකේය රවි ශංකර්’’ ලෙස විරුදාවලිය ලත්, එතෙර මෙන්ම මෙතෙරදීත් ඇගැයුමට හා ප්‍රශංසාවට ලක්වූ, රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට මුලින්ම සංගීත තාක්‍ෂ


රුසියා යුදබිමෙන් පැනගත් සෙබළා හෙළි කරන කතාව
2024 මැයි මස 17 2035 5

රුසියාවේ යුක්රේන යුද බිමේ ඉදිරි ආරක්ෂක වළල්ලේ මාස එකහමාරකට ආසන්න කාලයක් දිවා රෑ ජීවිතයත් මරණයත් අතර දෝලනය වෙමින් එම්.එච්. නිශ්ශංක පින්තු මහතා සටන් වැද


විශ්‍රාමික සෙබළුන් බිලිදුන් මිනිස් ජාවාරම
2024 මැයි මස 17 361 2

කලින් කලට විවිධාකාරයේ ජාවරම් රට තුළ නිර්මාණය වේ. වැලි ජාවාරම්, මත්ද්රදව්යැ ජාවරම්, ඖෂධ ජාවාරම් ආදිය ශ්රී ලංකාවට අලු‍ත් අත්දැකීම් නොවන්නේය. මේ දිනවල උණ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 787 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2337 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2002 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site