IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


අයුතු යෝජනා වගේම ගොනාට අන්දන යෝජනාත් එනවා

නර්තනයත්, රංගනයත් සහජයෙන්ම උරුම කරගෙන ආ මේ රුවැත්තිය අද දවස වන විට සිනමාවේත් පුංචි තිරයේත්, ප‍්‍රසංග වේදිකාවේත් නැතුවම බැරි චරිතයක් වී සිටින්නීය. රංගනයටත් වඩා ඇය ගැන බොහෝ දෙනා කතා කරන්නේ නර්තනයේදී ඇය දක්වන අපූරු කුසලතාවය පිළිබඳවයි. බොහෝ දෙනා ඇය නර්තන රැජිනක් ලෙස හඳුන්වයි. මේ දිනවල ‘‘සඳසාවි’’ ටෙලිනාට්‍යයේ සොනාලිගේ චරිතය තුළින් අප හමුවට එන මේ රුවැත්තිය නමින් අනූෂා දමයන්තිය.

නර්තනයේදී සමහර වෙලාවට ඇයගේ අඟ පසඟ නිරාවරණය වන ඇඳුම් අඳින නිසා සමහරු ඇය ගැන වරදවා වටහාගෙන තිබෙන්නට පුළුවනි. මේ නිසා ඇයට දුරකථනයෙන් අයුතු යෝජනා විතරක් නොව, තමාව ගොනාට අන්දන යෝජනාත් එන බව අනූෂා පැවසුවේ, එය නළු නිළියන් මතක තබා ගතයුතු දෙයක් ලෙසිනි. ඉතිං ඒ නිසාම අපි මේ ගැන අනූෂාගෙන් විමසුවෙමු.

 

 
 
 
 
 
 
 


 අනූෂා හැමදාම මෙහෙම නට නටා ඉන්නද කල්පනාව?
දැනට නම් එහෙම තමයි හිතාගෙන ඉන්නේ. නර්තනය මගේ ජීවිතය. පහුගිය අවුරුද්දේ වැඩි හරියක්ම මා හිටියේ පිටරට. මොකද නර්තන ප‍්‍රසංග හරියට පිටරට තිබුණා. මේ වසරේත් කීපයක්ම පිටරට ‘‘ෂෝ’’ ඇවිත් තිබෙනවා. නර්තනයේ යෙදෙද්දී වෙන මොකුත්  ඕනේ නෑ කියලයි මට හිතෙන්නේ.

 


 පෙලවහක් එහෙම කරගන්න අදහසක් නැද්ද?
යෝජනා නම් හරියට එනවා. බඳින්න නම් හෙට වුණත් පුළුවන්. කාත් එක්ක හරි විවාහ වෙන්න මට අවශ්‍ය නෑ. මට ආදරය කරන මා ගැන සොයා බලන මට ගැලපෙන කෙනෙක් තවම හමුවුණේ නෑ. සමහරු බඳින්න  ඕනෑවට බැඳලා දුක් විඳිනවා. ඒවා මා දැකලා තිබෙනවා. මට එහෙම වෙන්න  ඕනේ නෑ. ගෙදරින් නම් බඳින්න කියනවා. ඒත් දැන්ම බෑ කියලා මම පස්සට දානවා. ඒක මම  ඕනකමින්ම කරන දෙයක්. දැනට කාර්යබහුලයි.

විවාහය කියන්නේ වගකීමක්. මගේ වෘත්තීය කාර්යබහුල හින්දා ඒ වගකීම තවම මට ගන්න බැහැ. අනෙක මම විවාහයට ටිකක් බයවෙලා වගෙයිද කොහෙද? අද තිබෙන ප‍්‍රශ්නත් එක්ක තනියෙන් ඉන්න  ඕනේ කියලා සිතෙන වාර අනන්තයි. අප‍්‍රමාණයි. විවාහය ගැන අනෙක් අය කියන දේවල් ගැන අහනකොටත් බයයි. මගේ විවාහය හරියට ‘‘ෆිල්ම්’’ එකක් වගෙයි. ඒ සිහින මට තිබෙනවා. එහෙම හිතන මා විවාහයක් කරගෙන පුංචි දුකක් ආවොත් බයයි. සතුටින් ඉන්න තමයි කැමති. ජීවිතේ එක්වරක් ගන්න තීරණයක් විවාහය. ඒක ලස්සනට ගෙනියන්න  ඕනේ. තවම මට එහෙම කෙනෙක් ඇවිත් නෑ. සමහරු ආවත් මම ඔවුන්ට මාව හඳුනගන්නවත් කාලයක් දෙන්නේ නෑ. ආදරය කරන්නත් කාලයක්  ඕනෑ. අනාගතයේදී බලමු නේද?

 

 

 ඔයා රුවැත්තියක් හින්දා ක්ෂේත‍්‍රයේ අයගෙන් විවාහ යෝජනා අයුතු බලපෑම් එහෙම එන්නත් ඇති නේද?
මුල් කාලයේ ඉඳලම මට අයුතු යෝජනා අයුතු බලපෑම් ආවේ නෑ. හැබැයි විහිළු කරලා තිබෙනවා. ඒවායේ අයුතු ඒවා තිබුණාද දන්නේ නෑ. නමුත් මට ඒවා වැටහුණේ නෑ. අප ඒකට ඉඟිබිඟි පෑවොත් තමයි අයුතු බලපෑම් එන්නේ. කැමැත්තටත් ආදරයටත් ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒක කලා ක්ෂේත‍්‍රයේ විතරක් නොව  ඕනෑම ක්ෂේත‍්‍රයක වෙන්න පුළුවන් දෙයක්. හැබැයි මට නම් අයුතු යෝජනා නම් ආවේ නෑ.

සමහර වෙලාවට මා දඟයි. ඒ හින්දා සමහරු එවැනි යෝජනා කරන්න බය වෙන්න ඇති. මොන ‘‘ඇක්ෂන්’’ එකක් ගනීවිද කියලා බය වෙන්න ඇති. සමහරු ගහයිද කියලත් හිතන්න ඇති. අපි ඉන්න කරන විදිහෙන් තමයි ඔවැනි දේ එන්නේ. ‘‘සෙට්‘‘ එකේදී හැසිරෙන විදිහ ඉගෙනගන්න  ඕනේ. මම හැමදාම ගියේ අම්මත් එක්කයි. මම ක්ෂේත‍්‍රයේ අයට ආදරේ කළා. ගෞරව කලා. ඒ හින්දා ඔවුන් මා ඉන්න තැන අනවශ්‍ය කතාවක්වත් කියන්නේ නෑ. ඒ තරමට ඔවුන් මට ගෞරවයක් දැක්වුවා.

 

 

 මම ඇහුවේ ආදර යෝජනාවක් ආවේ නැද්ද කියලයි.
ආදර යෝජනා නම් ඇවිත් තියෙනවා. එහෙම ආවේ නැත්නම් ඒක බොරුවක්. එකට රඟපාන කොට ආදරේ ඇතිවෙන්න පුළුවන්. ඒක සුන්දරයි. ප‍්‍රධාන නළුවයි නිළියයි අතරත් ආදරයක් ඇතිවෙන්න පුළුවන්. නමුත් ඉතිං අම්මි එක්ක ගිය නිසා ආදරය ප‍්‍රකාශ කරන්න බයවෙන්න ඇති. සෙනෙහස, ගෞරවය, ආදරය හැමදේම මට ක්ෂේත‍්‍රයෙන් ලැබුණා. මට එවැනි තත්ත්වයක් ගොඩනගා ගන්න පුළුවන් වුණා. සමහරු විහිළුවෙන් වගේ අම්මා ළඟට ගිහින් ‘‘මේ කෙල්ල මට දෙන්නකෝ, මට දුන්නා නම් හොඳට බලාගන්නවානේ’’ කියලා කියනවා. කෙළින් කියන්න බැරිදේ තමයි විහිළුවෙන් කියන්නේ. මාත් ඉතිං විහිළුවෙන්ම උත්තර දීලා ෂේප් වෙනවා.
 

 


 දුරකථනයෙන් ඔයාට හරියට අයුතු යෝජනා එන බව ආරංචියි. ඇත්තද අනූෂා ඒ කතාව?
අයුතු යෝජනා කියන්නේ, සමහරු පල්ලෙහා මානසිකත්වයේ ඉඳන් එක එක යෝජනා ඉදිරිපත් කරනවා. ඒවා කියන්නත් බැරි තරම් පිළිකුල්. මං ඒ වෙලාවට කරන්නේ අහගෙන ඉඳලා ‘‘දැන් හරිද? මම තවත් ලොකු පින්කමක් කළා. මම හින්ඳා ඔයා සතුටක් ලැබුවනේ. හැබැයි දිගටම කතාකරන්න එපා. එතකොට නම් මට කේන්ති යනවා’’ කියලා ඔහුට කියනවා. ඒත් සමහරු දිගටම ක්‍්කක දෙනවා. එවිට ඒ අයට ඒ අයගේ භාෂාවෙන්ම උත්තර දෙනවා.

මුලින්ම මා හොඳින් කතාකරලා ඔවුන්ට කියනවා. ඇහුවේ නැත්නම් හොඳට දැනෙන්න කියනවා. එහෙමත් ඇහුවේ නැත්නම් ‘‘රිජෙක්ට් ලිස්ට්’’ එකට දාලා ඒවාට කතානොකර ඉන්නවා. ඔය අතරේ විවාහ යෝජනා කරන අයත් ඉන්නවා. හොඳ යෝජනා ගේන අයත් ඉන්නවා. ඒත් දුරකථනයෙන් හින්දා හොඳ දේ නරක දේ තෝරාගන්න බැහැ. හොඳ යෝජනා ආවත් මා ඒකට අවස්ථාවක් දෙන්නේ නෑ.

 


 ඔය අතරේ ගැහැණු ළමයින්ගේ ප‍්‍රශ්නත් දුරකථනයෙන් ඔයාට කියනවා නේද?
ඒකනම් කියලා වැඩක් නෑ. සමහරු මගේ කකුල්වල නියපොතු ගැන අහනවා. ඒවාට මොනවාද ගාන්නේ? කියලත් අහනවා. සමහරු මගේ කකුල්වල පිංතූර ගහලා එවන්න කියනවා. පුදුම මානසිකත්වයෙන් සමහර ගැහැණු ඉන්නේ. මම ඒ අයට අනුකම්පා කරනවා. මොකද ඔවුන් එයින් ලොකු සතුටක් ලබනවා. අපේ සමාජය හරිම වෙනස්.

මට වෙලාවකට ලොකු බයක් ඇතිවෙනවා. මොකද මෙහෙම යෝජනා කරන අය ඉදිරියේදී සමාජය භාරගත්තාම කොහොම වෙයිද කියලා. ඒක තමයි භයානකම දේ. අපි නොදන්න මානසික ගැටලූ තිබෙන අය රටේ ඉන්නවා. සමහර ගැහැණු ළමයි යම් යම් ලිංගික ප‍්‍රශ්න පවා මගෙන් අහනවා. ඔවුන්ට මම කියන්නේ ඒවා දොස්තරලාට කියන්න කියලයි. අපි එවැනි දේ අහන එකත් ඔවුන්ට ලොකු සතුටක්. වෙන අයට නම් කේන්ති යනවා.

 

 


 දුරකථනයෙන්  ඕගොල්ලන්ව අන්දන ඒවාත් එනවා නේද?
අපොයි ඔව්. ඒ ගැන නම් කිව යුතුමයි. සමහරු පිටරටින් කියලා කතාකරලා අපට නර්තන ප‍්‍රසංගයට ලෑස්ති වෙන්න කියලා. හොඳට වැදගත් විදිහට තමයි කතා කරන්නේ. ඔහු කියන විදිහට එහි වැරැුද්දක් නැති බවයි අපට වැටහෙන්නේ. ඒ තරමට විශ්වාසය රැුකෙන විදිහටයි ඔහු කතාකරන්නේ. කොහොම හරි නර්තන කණ්ඩායමේ ළමයින්ට ලියාපදිංචි වෙන්න රු. 3000/= ගණනේ දාන්න කියනවා. ඔහු දින 2-3 කින් ලංකාවට ආවාම ඒ මුදල් දෙනවා කියනවා. මාත් විශ්වාස කරගෙන ඒ වැඬේ කරන්න ගියත් අම්මා තමයි මාව වැළැක්වූයේ. බලනකොට ඔහු ගොඩක් නිළියන්ට මේ විදිහට කතාකරලා මුදල් ගරාගැනීමේ චේතනාවෙන් ඔය දේ කරන්නේ.

දුරකතනයෙන් අයුතු යෝජනාවලට වඩා මෙවැනි යෝජනා එන එක භයානකයි. අපිව ගොනාට අන්දන්න තමයි ඔවුන් හදන්නේ. සමහරු අහුවෙලා ඇති. ඒ තරම් විශ්වාසය රැකෙන පරිදි ඔහු කතාකරන්නේ. ඒ හින්දා හරිම පරෙස්සම් වෙන්න  ඕනේ. මේ වගේ දේවලින්.

 

 

 



අදහස් (0)

අයුතු යෝජනා වගේම ගොනාට අන්දන යෝජනාත් එනවා

ජීවා Thursday, 30 January 2014 03:08 PM

ඔබට සුභ පැතුම්(දිල්)

:       0       0

මීසා Wednesday, 29 January 2014 06:39 PM

දක්ෂ නිළියක් මෙන්ම හොද නර්තන ශිල්පිනියක්..සුබ පැතුම් (අ)

:       0       0

අල්විස් Wednesday, 29 January 2014 06:55 PM

ඔක්කොම හොඳයි. එච්චර ඇඩ් දාන්නේ නැත්නම්. (නදී)

:       0       0

ජනක Tuesday, 04 February 2014 12:45 PM

ඔබට අපි සුභ පතනවා (දී)

:       0       0

saduni Tuesday, 28 January 2014 09:14 PM

දක්ෂ නිලියක් මෙන්ම හොද නර්තන ශිල්පිනියක්..සුබ පැතුම්...........! (අ)

:       0       0

ගුණේ Wednesday, 29 January 2014 02:01 PM

අනේ මෙයාව කවුරුත් ගොනාට අන්දන්න එපා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

නව ව්‍යවස්ථාව කෙසේ වියයුතුද?
2025 මැයි මස 07 118 1

ශ්‍රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ


අනාගත විදුලි බිල කොතැනද?
2025 මැයි මස 07 176 0

පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.


ටින් අංකය හිස් ටින් එකක්ද?
2025 මැයි මස 07 1624 0

1917 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 102 වැනි වගන්තියට අනුව, 2024 ජනවාරි 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, වයස අවුරුදු 18 හෝ ඊට වැඩි හෝ 2024 ජනවාරි 1 වැනි දින හෝ ඊට පසු වයස අව


ප්‍රබන්ධය ඉතිහාසයටත් වඩා සැබෑවක්
2025 මැයි මස 07 102 0

ප්‍රවීණ ගීත රචක ලේඛක මහින්ද චන්ද්‍රසේකර මහතා විසින් රචිත ‘වාපී’ නවකතාව අනුරාධපුරයේදී පසුගියදා එළිදැක්වුනි. ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ මහතා එම උළෙලේද


ටයිටැනික් මගියාගේ ලියමන පවුම් තුන්ලක්ෂයකට අලෙවි වෙයි
2025 මැයි මස 07 346 0

ටයිටැනික් නෞකාව ගිලීගොස් වසර 113 ක් ගත වී ඇති නමුත්, තවමත් ඒ ගැන නොයෙක් නොයෙක් කතා කරළියට පැමිණෙයි. ජීවිත 1500 ක් බිලි ගනිමින්, ටයිටැනික් නැව සීතල උතුරු අත්ලා


​කාගේත් තරම උරගාන පුංචි ඡන්දය
2025 මැයි මස 05 375 0

ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1060 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 255 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1299 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site