IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


අයි.එම්.එෆ්. දෙවැනි වාරිකය ලැබේද? නැද්ද?

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ලබා ගැනීමට පෙර පැවැත්වෙන සාකච්ඡා පසුගිය සතියේ අවසන් විය. සාකච්ඡාව පැවැත්වුණේ IMF හි නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සහ මහ බැංකු නිලධාරීන් අතරේය.

කෙසේ වුවද, සාකච්ඡාව අවසන්වීමෙන් පසු IMF නිලධාරීන් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ දී දෙවැනි වාරිකය ලබාදෙන දිනයක් පිළිබඳව කිසිවක් සඳහන් කළේ නැත.

ශ්‍රී ලංකාවේ ඇතැම් දේශපාලන නායකයන් සහ ඇතැම් ආර්ථික විද්‍යාඥයන් සිතා සිටිනුයේ ශ්‍රී ලංකාව සමග සාකච්ඡාවට පැමිණි නිලධාරීන්ට ණය මුදලේ දෙවැනි වාරිකය ක්ෂණිකව ලබාදීමේ හැකියාවක් තිබෙන බවය. එබැවින් IMF-ශ්‍රී ලංකා සාකච්ඡා නිමවා ඇති නමුත් දෙ‍වැනි වාරිකය ලබාදීම කල් යෑමට හෝ  ලබා නොදෙන තත්ත්වයක් ඇතිව තිබේ යැයි එම පුද්ගලයන් ප්‍රකාශ කරන බව පෙනේ.

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු විසින් ව්‍යාපාර ණය ලබාදීමේ දී අනුගමනය කරන පිළිවෙත හෝ අඩුම තරමින් නිවාස ණය ලබාදීමේ දී අනුගමනය කරන ක්‍රියාමාර්ග පිළිබඳ සුළු වැටහීමක් හෝ මෙම ප්‍රකාශ කරන අයට නොතිබෙන බව පෙනේ. බැංකුවකින් නිවසක් සාදා ගැනීම සඳහා ණය ලබාගත් විට මුළු ණය මුදලම එකවර ණය ඉල්ලු‍ම්කරු අතට ලැබෙන්නේ නැත. එය ලබා දෙන්නේ වාරික වශයෙනි. පළමු වැනි වාරිකය ලැබීමෙන් පසු ඇතිවී තිබෙන ප්‍රගතිය සමාලෝචනය කර දෙවැනි ණය වාරිකය ලබා දෙනු ඇත. එහෙත් මෙවැනි ව්‍යවහාර පිළිබඳව අල්ප හෝ දැනුමක් නැති අය සිතන්නේ IMF සමාලෝචනයට පැමිණි නිලධාරීන්ට සාකච්ඡාවෙන් පසු ණය මුදල සඳහා ක්ෂණයකින් චෙක්පත් නිකුත් කළ හැකි බවකි. එසේ ණය පිළිබඳ තීරණයක් ගැනීමට සාකච්ඡාවට එන අයට හැකියාවක් තිබේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අධ්‍යක්ෂ මණ්ඩලයක් සිටීමේ අවශ්‍යතාවක් නැත. හේතුව ණය විමර්ශනය කිරීම සඳහා යවන පුද්ගලයන්ට ඊළඟ ණය වාරිකය ද තීරණය කිරීමට බලය ඇති බැවිනි.

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර ඇති ගිවිසුම අනුව අඛණ්ඩව ශ්‍රී ලංකාවට ණය මුදල් ලැබීම වැළැක්වීම සඳහා විවිධ බලවේග විශාල ප්‍රයත්නයක් දරමින් සිටින බවක් පෙනී යයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් සිටින්නේ තමන් බලයට පත්වූ දවසක IMF සමග ඇති කරගෙන තිබෙන කොන්දේසි සංශෝධනය කරන බවයි. හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කර තිබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ණය මුදල අත්හිටුවා ඇති බවත්, එයට හේතුව ගිවිසුමේ සඳහන් බදු ඉලක්ක සපුරා ගැනීමට රජයට නොහැකි වී ඇති  බවත්ය. ජනවරමක් නැති ආණ්ඩුවක් සමග IMF ක්‍රියාවලියේ ඉදිරි පැවැත්මක් නොමැති  බවත්, ලබන වසරේ පත්වන නව ආණ්ඩුවක් විසින් IMF සමග නැවත සාකච්ඡා කරන  බවත් ප්‍රකාශ කර තිබුණි. මැතිවරණයක් පැවැත්වීමට තවත් වසරකට වැඩි කාලයක් තිබේ. රට තවම බංකොලොත් බවින් අත්මිදී නැත. එවැනි තත්ත්වයක් යටතේ විපක්ෂය බලපොරොත්තු වන්නේ නව රජයක් බලයට පැමිණ IMF කොන්දේසි වෙනස් කරන තුරු රට මේ තත්ත්වයේම පැවතිය යුතු බවය. යළි ඉන්ධන සහ ගෑස් පෝලිම් ඇතිවන යුගයක් බිහිකර ගැනීමත් විදුලිය කැපෙන යුගයක් ඇතිකර ගැනීමත් එම අයගේ බලාපොරොත්තුව වන බව පෙනේ. ජනතාව ආර්ථික වශයෙන් ඝාතනය කර හෝ මැතිවරණ දිනීම හැර ජනතාව මුහුණ දී ඇති අර්බුදයට විසඳුම් ලබාදීම හෝ පිළිබඳව අපේක්ෂාවක් ඔවුන් තුළ නැති බව පෙනේ.

දේශපාලන අරමුණු මත මෙවැනි විග්‍රහ ඉදිරිපත් කිරීම රට මුහුණ දී සිටින ඛේදවාචකයේ තවත් එක් පැති කඩකි. අසත්‍ය සහ ජනතාව නොමග යවන තොරතුරු ප්‍රකාශයට පත්කර ජනතාව තුළ සැකය හා අවිශ්වාසය ඇතිකර රටත්, ජනතාවත් බලාපොරොත්තු විරහිත තත්ත්වයකට ගෙන ඒම ඔවුන්ගේ අරමුණ බව පෙනී යයි. මම පසුගිය සතියේ මගේ ලිපියෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා නිමවා මාසයක් පමණ ගිය පසු දෙවැනි වාරිකය ලබාදීමට තීරණය කරනු ඇතැයි සඳහන් කළෙමි. එම ලිපිය පළවූයේ සාකච්ඡා නිම වීමට පෙරය. එසේ සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එවැනි විමර්ශනයක් කර ලැබෙන තොරතුරු නිලධාරි මට්ටමේ සාකච්ඡා සඳහා යොමුකර අවසානයේ දී ඒවා IMF අධ්‍යක්ෂ මණ්ඩලයට අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බැවිනි. එයට බොහෝ විට මාසයක් හෝ ඊට වැඩි කාලයක් ගතවීමට ඉඩ ඇති නිසා මම එසේ සඳහන් කළෙමි. ඒත් විපක්ෂය සහ ඇතැම් සංවිධාන දෙවැනි වාරිකය නොලැබී යාමට ඉඩ ඇතැයි හැඟෙන ආකාරයේ ප්‍රවෘත්ති පළකර තිබුණි. ඔවුන්ට අවශ්‍යව ඇත්තේ කවර හෝ මාර්ගයකින් තම දේශපාලන අභිමතාර්ථ සාර්ථක කර ගැනීම මිස රටේ ඉදිරි ගමනට අදාළව සත්‍ය තත්ත්වය විග්‍රහ කිරීම නොවේ.

IMF නිලධාරීන් විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවේ දී එම නිලධාරීන් විසින් ප්‍රකාශ කළ තොරතුරු සහ විග්‍රහ හොඳින් විමසුමට ලක් කළේ නම් සත්‍ය තත්ත්වය වටහා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. සැප්තැම්බර් මස 27 වැනිදා පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානි පීටර් බෲවර් මහතා ප්‍රකාශ කළේ මේ දක්වා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑහීමට පත්වන බවයි.

ශ්‍රී ලාංකිකයන්ට මතුවූ සුවිශාල අභියෝග හමුවේ සුවිශේෂ ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර තිබෙන බවත්, අසීරුවෙන් වුව ද බෙහෙවින් අවශ්‍ය වූ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම මගින් ශ්‍රී ලංකාව ප්‍රශංසනීය ප්‍රගතියක් අත්කර ගෙන තිබෙන බවත් IMF මෙහෙයුම් ප්‍රධානියා තවදුරටත් ප්‍රකාශ කළේය. ඔහු ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීමෙන් පසු ඇතිකරගෙන තිබෙන ප්‍රගතිය පිළිබඳව ද තම ප්‍රසාදය පළ කළේය. ශ්‍රී ලංකාව විසින් සියයට 70ක පමණ මට්ටමකට පත්ව තිබූ උද්ධමනය දැන් සියයට 2 කට පමණ අඩුකර ගෙන තිබේ. රටේ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 1.5 කින් වැඩිකර ගෙන තිබේ.

කෙසේ වුවද, ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් දක්නට ලැබෙන අයහපත් තත්ත්වය පිළිබඳව ද මෙහෙයුම් ප්‍රධානියා විසින් කරුණු ඉදිරිපත් කරන ලදී. පසුගිය මාස කිහිපය තුළ රටේ සංචිත ප්‍රමාණයේ වැඩිවීමක් සිදුවූයේ නැත. රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 9ක් පමණක් වෙද්දි රජයේ වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 19 ක් පමණ වන බවත්, හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10 ක් වන බවත් පෙන්වා දෙනු ලැබීය. එබැවින් බදු ක්‍රමය කළමනාකරණය කිරීම වැනි පියවර අනුගමනය කළ යුතුව ඇතැයි ද පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ලබාගත් ප්‍රථම අවස්ථාව මෙය නොවේ. මීට පෙර 16 වතාවක් එයින් ණය ලබාගෙන ඇති අතර, ඉන් අනුමත වූ සම්පූර්ණ මුදලම ලබාගෙන නොමැති අවස්ථා ද තිබේ. එයට හේතුව ශ්‍රී ලංකාව විසින් ණය කොන්දේසි කඩ කිරීම නිසා ඒවා දිගටම පවත්වාගෙන නොයෑම හෝ ශ්‍රී ලංකා රජය විසින් ඉතිරි ණය කොටස ලබා ගැනීම අත්හැර දැමීම හෝ හේතුවෙනි. සම්පූර්ණ මුදල ලබා නොගැනීම තුළ පැහැදිලි වන්නේ ඒ තුළින් විශේෂ අවාසියක් ශ්‍රී ලංකාවට සිදුව නැති බවයි. එසේ වුවද මෙවර විශේෂත්වය වන්නේ ඉතිහාසය තුළ දරුණුම ආර්ථික අර්බුදයට රට මුහුණ දී සිටින බැවින් ඉන් ගොඩ ඒම සඳහා IMF ණය මුදල අත්‍යාවශ්‍ය කොන්දේසියක්ව පැවතීමයි. එසේම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී ද IMF විසින් ශ්‍රී ලංකාවට ණය මුදල් අනුමත කිරීම රටේ ආර්ථිකය පිළිබඳ විශ්වාසය තහවුරු කිරීමක් ලෙස පෙනී යන බැවින් ඒ අතින් බැලූ විට ද IMF ණය මුදල අඛණ්ඩව ලබා ගැනීම අත්‍යාවශ්‍ය හේතුවක් වන බව පැහැදිලි වේ.

ඇතැම් අය රටට IMF ණය මුදලේ දෙවැනි වාරිකය ලබා නොදීම පිළිබඳව අවරගණයේ ප්‍රකාශ නිකුත් කර තිබුණ ද සමහර ජාත්‍යන්තර සංවිධාන විසින් ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව හිතකර වාර්තා නිකුත් කර තිබීම සතුටට කරුණකි. ලෝක ප්‍රසිද්ධ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින් ආයතනය පසුගියදා ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණි ඉහළ නැංවීමට කටයුතු කළේය. එම වාර්තාව පළකර තිබුණේ මෙරට මාධ්‍ය කීපයක් විසින් පමණි. ණය ගෙවා ගැනීමට නොහැකිව බංකොලොත් වූ රටක් මාස කීපයක් තුළ දී මේ ආකාරයට තම ණය ගෙවීමේ හැකියාව පිළිබඳව ජාත්‍යන්තර මට්ටමින් හොඳ පිළිගැනීමක් ලබා ගැනීමට හැකි වී ඇති බව ණය ශ්‍රේණි ඉහළ දැමීමෙන් පැහැදිලි වේ. ඉදිරියේ දී අනෙකුත් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ඒ ආකාරයට රටේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දමනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

රජය කටයුතු කරන්නේ රට මුහුණ දී සිටින ප්‍රශ්නවලට විසඳුමක් ලබාගෙන රටේ ජන ජීවිතය හොඳ මට්ටමකට ගෙන ඒමට සහ රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට පත්කර ගැනීමටය. විපක්ෂයට අවශ්‍යව ඇත්තේ ලබන මැතිවරණයෙන් එම පක්ෂ ජය ගන්නා තුරු IMF ණය ලබාදීම නවතා එම පක්ෂවල ජයග්‍රහණයට හේතුවන අයුරින් රටේ ජන ජීවිතය නැවත වරක් අවුල් කිරීමට බව සිදුවන සිදුවීම්වලින් පැහැදිලි වේ.

 

(***)

කැලණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර



අදහස් (3)

අයි.එම්.එෆ්. දෙවැනි වාරිකය ලැබේද? නැද්ද?

Chandana Fernando Wednesday, 04 October 2023 04:58 PM

යථාර්ථවාදී විග්‍රහයක් සමග සියලු කෝණයන්ගෙන් අදහස් දැක්වීමක්... ස්තුතියි...!

:       7       5

smm Wednesday, 04 October 2023 07:51 PM

ඔය ආචාර්යට තේරෙන්නේ නැද්ද ඡන්දයක් තිබ්බා නම් මෙච්චර කඩේ යන්න වෙන්නේ නැහැ කියලා...

:       1       2

බද්රානි Friday, 06 October 2023 01:28 AM

අනේ පලයන් යන්න... අනුන්ගෙන් ණයට අරගෙන සංවර්ධනය වෙන්න තටමන අයගේ උගත්කම දාන්න බල්ලාට... දැන් අර කලින් ගත්ත වාරිකයට මොකද වුනේ...? ලංකාවේ තුප්පහි පාලකයින් පුළුවන් තරම් ණය අරගෙන ඒකත් හොරා කනබව ඔබගේ ඔය ටිකිරි මොලේට වැටහෙන්නේ නැද්ද මෝඩයෝ...? පාලකයින්ට මුට්ටි අල්ලන්ට නම් කන්න ඇති... ඒත්, බලන්න මේ රටේ ජනතාවට අත්වෙලා තියන ඉරණම..? ඔය කියන ලංකාවේ ශ්‍රේණිය ඉහළ ගියා කියලා මේ රටේ ජනතාවට සෙතක් සිදුවෙලා තියනවාද..? අර පිටරටවල බැල මෙහෙවරකම් කරලා එවන ශුද්ධ ඩොලර් ටිකටත් ලංකාවේ හොර පාලක කල්ලිය බව තේරෙන්නෙම නැද්ද..? කාලකන්නි අසමත් තුප්පහි ජාතිය වැනසෙන්නම ඕනෑ මේ කරන අපරාදෙට...

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

​කාගේත් තරම උරගාන පුංචි ඡන්දය
2025 මැයි මස 05 278 0

ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.


ලොවම බලාසිටින ඉන්දු - පාකිස්තාන අර්බුදය
2025 මැයි මස 05 604 0

ඉන්දු-පාකිස්තාන අර්බුදය දේශසීමා ගැටුමක් මෙන්ම රාජ්‍ය දෙක අතර පවත්නා ගැටුමකි. දේශසීමා අර්බුද දිගුකාලීන ගැටුම් ලෙස ජාත්‍යන්තර සබඳතා විෂයයේදී හඳුනා ගැ


කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 954 1

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 634 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 495 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1867 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 838 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 208 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1258 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site