නිලූක්ෂි උපන්නේ දකුණු පළාතේ. ඇගේ තාත්තා ගාල්ල ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයක රජයේ නිලධාරියෙක්. නිලූක්‍ෂිගේ අම්මා ගෙදර දොරේ වැඩපළ කරගෙන ඉන්න සම්ප්‍රදායික මවක්. නිලූක්ෂි කියන්නේ පවුලේ වැඩිමහල් දරුවා. නිලූක්‍ෂිට වඩා වයසින් බාල තව නංගියෙකුයි, මල්ලියෙකුයි ඉන්නවා. නිලූක්ෂි පුංචි සන්දියේ ඉඳලම ඉගෙනීමට උපන් හපන්කම් දක්වපු කෙල්ලෙක්. මේ නිසාම ඇගේ පාසල ඇතුලේ ඇයට ලොකු තැනක් ලැබුණා. ඕන දේකට පැනලා ඉදිරිපත් වෙන නිලූක්ෂි පාසල ඇතුළේ ජනප්‍රිය චරිතයක් වුණා. සාමාන්‍ය පෙළ පන්තියේ ඉඳපු රූමත් ගැහැනු ළමයි අතර නිලූක්ෂි ගොඩාක් ඉදිරියෙන් හිටියා. විවිධාකාර පිරිමි ළමයි ඇය දිහා බලලා විහිළු තහළු කළා. පස්සෙන් ගියා. ඇගේ ජංගම දුරකථනය හරහා සමහර පිරිමි ළමයි ඇය සමඟ කතා කළා. ජීවිතේ ගැන බරක් පතළක් නොතේරෙන වයසක ඉන්න නිලූක්‍ෂිගේ පුංචි පුංචි පේ‍්‍රම සබඳතාත් ඒ අතර තිබුණා.
ඒ මොන දේවල් කළත් ඇගේ එකම ඉලක්කය වුණේ අධ්‍යාපනය. ඒත් අ.පො.ස සාමාන්‍ය පෙළ කඩඉම ඔන්න මෙන්න කියලා අවාසනාවන්ත විදිහට ඇගේ තාත්තා අසනීප වුණා. මේ දේවල් එක්ක ඇගේ සිහින බලාපොරොත්තු එකින් එක බොඳ වෙලා ගියා. ඇය සාමාන්‍ය පෙළ සාමාන්‍ය විදිහට සමත් වුණා. උසස් අධ්‍යාපන වරම් ලැබුණත් ගෙදර තිබුණ ආර්ථික ප්‍රශ්නත් සමඟ ඇයට වුවමනා වුණේ රැකියාවක් කරන්න.
මාපියන්ගේ අකමැත්ත මතම ගමේ පරිසරයෙන් මිදිලා ඇය කොළඹට ආවා. යහළුවකුගේ මාර්ගයෙන් සොයාගත්ත රැුකියාව, යාළුවො, පරිසරය ඇයට අලූත්. මේ අලූත් පරිසරය ඇගේ ජීවිතේ ටිකෙන් ටික වෙනසකට හැරෙව්වා. නිලූක්ෂි කොළඹ නිදහස් ජීවිතේට බොහෝ සෙයින් ඇළුම් කළා. මව්පියන්ගෙන් මිදිලා යහළුවන් එක්ක ගෙවන බෝඩිං ජීවිතේ නීරස වුණේ මුල් දින කිහිපයේ විතරයි. කාලය ගෙවුණේ පුදුම වේගයෙන්. විෂමාකාර මිනිසුන් ගැවසෙන කොළඹ සමාජය ඇයට හුරු පුරුදු වෙන්න මහ කාලයක් ගියේ නැහැ.
ඔය අතරතුර මඟතොටේදී ආලවන්තකම්පාන පිරිමි අතර නිලූක්‍ෂිගේ හිත ඇදිලා ගිය විශේෂ කෙනෙක් හිටියා. ඇගේ ආදරවන්තයා වුණේ රොමේෂ්. ඔහු සේවය කළේ මහරගම ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක. කොළඹ ඉසව්වේ ඇය ගැන සොයා බලන්න කාත්කවුරුත් නැහැ. රොමේෂ් මුණගැහිලා දින කිහිපයයි. මේ කොලොන්තොටේ නිදහස ඇය උපරිමයෙන්ම වින්දා. මුණ ගැහිලා දින කිහිපයක් ඇතුළත හෝටල් කාමර ගාණේ රිංගුවේ රොමේෂ් කියන්නේ කවුරුන්ද?, කොහේද ඉන්නෙ කියලවත් දන්නෙ නැතුව. ආදරෙන් මත්වෙලා හිටපු නිලූක්‍ෂිට රොමේෂ්ගෙන් තොර ලෝකයක් තිබුණේ නැහැ. ඇය සිතුවේ ජීවිතේ කියන්නේ මේ තාවකාලික වින්දනය කියලා.
මේ සිදාදියේ ඇගේ සීමා මායිම්වලට වැටකඩුළු බඳින්න අම්මා අප්පා නැහැ. යාළුවෝ ගොන්නක් එක්ක තනිවෙච්ච කොළඹ ජීවිතේට සැනසීමක් සෙව්වේ ඇය ඔන්න ඔය විදිහට. රොමේෂ් ඒ අහිංසකීගෙන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තා. ඒත් රොමේෂ් පිළිබඳ කෙස් ගසක තරම්වත් අවිශ්වාසයක් ඇය හිතුවෙ නැහැ. ඇය ඒතරමටම රොමේෂ්ට පණ වගේ ආදරය කළා. ඒත් රොමේෂ් නිලූක්‍ෂිට ආදරය කළේ ඇගේ රූපයට, අඟ පසඟට විතරයි. ඇගේ අඟ පසඟට පමණක් ආදරේ කරපු රොමේෂ් ඇයට මේ කරන්නේ වංචාවක් කියලා තේරුම් ගන්න අවබෝධයක් තිබුණේ නැහැ. රොමේෂ් ඇයව සිහින ලෝකෙක පා කෙරෙව්වා.
රැකියාවට යන මුවාවෙන් බෝඩිං කාමරයෙන් එන නිලූක්ෂි රොමේෂ් සමඟ හෝටල් කාමරවල පෙම්සුව වින්දා. ඇය රැකියාවට වඩා කළේ රොමේෂ් සමඟ හෝටල් කාමරවල ලැගුම් ගත්ත එක. නිතරදෙවේලේ පෙම්සුව විඳින්න ගිය හෝටල් කාමර මේ දෙන්නට හුරු පුරුදු තැන් බවට පත්වුණා. දිනක් රොමේෂ්ට මිතුරෙකුගෙන් අමුතු යෝජනාවක් ආවා.
‘‘මචං අර උඹේ අතේ එල්ලිලා අපේ හොටෙල් එකට එන කෙල්ල උඹේ සිරා එකද?’’
‘‘පිස්සුද බං ඒක ආතල් එකට කරන එකක්’’
‘‘මචං පොඩි ජොබ් එකක් තියෙනවා. ඒකිව එතනට දැම්මොත් අපටත් ගාණක් සෙට් වෙනවා’’
‘‘කොහොම හරි කැමති කරව ගනිං’’
‘‘ඒකිගේ ඇඟපත තිබුණට තවම අවුරුදු දහ අටක්වත් නැහැ බං’’
‘‘වයස නම් මොනවද බං’’
මේ විදිහට තමයි නිලූක්ෂිව ගණිකා සේවයට යොමු වෙන්නේ.. රොමේෂ් රැුකියාව පිළිබඳ නිලූක්‍ෂිට වර්ණනා කළා. ආසාව ඇති කළා. ඇයට උවමනා වුණෙත් හොඳ පඩියකට නිදහස් රැකියාවක්. ඇය අධ්‍යාපනය අතරමඟ නතර කරලා කොළඹට ආවෙත් ගෙදර අඟහිඟකම් නිසා. අම්මටයි, අසනීපෙන් ඇඳ උඩ ඉන්න තාත්තටයි ශක්තියක් වෙන්න. මේ නිසා රොමේෂ්ගෙ අලූත් රැකියාවට ඇය කැමැත්ත ප්‍රකාශ කරන්න දෙවරක් හිතුවෙ නැහැ.
රොමේෂ් ඇයව මුලින් යොමු කළේ බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි එක්තරා ආයතනයක පිළිගැනීමේ නිලධාරිනියක් විදිහට. කවදාවත් ලිප්ස්ටික් කූරක් තොල්වල නොගාපු, උස් අඩි පාවහන් නොපැළඳපු නිලූක්‍ෂිට මේ දේවල්, රැකියා අලූත් දෙයක් වුණා. මේ දේවල් එක්ක ඇගේ ජීවිතේ වෙනමම මාවතකට හැරුණා. රොමේෂ් සූක්ෂම වුණා. ඇය රැකියාව කළ ස්ථානයත් සම්බාහන මධ්‍යස්ථානයක්. එම සේවා ස්ථානයේ මිතුරියන් හරහා වැඩි මුදලක් ඉපයීමට විවිධ රැකියා මාර්ග පිළිබඳ ඇය තුළ ආශාවක් ඇති කරවන්න රොමේෂ් උත්සාහ කළා. මේ අගාධයට ඇද දමන්න උත්සාහ ගන්නේ තමන් පණ වගේ ආදරේ කරන රොමේෂ් කියලා ඇය සිහිනෙන්වත් සිතුවේ නැහැ. ඇය සේවය කළ සම්බාහන මධ්‍යස්ථානය තුළදීම ඇය ඉහළ මිලකට අලෙවි වුණා. නිලූක්ෂිගෙ අතට ලැබෙන ගතමනාව ඒ හැමදේම යටපත් කළා. ඇය දිනකට ඉහළ වැටුපක් ලබාගත්තා. ඉන් හරි අඩක් යැව්වේ ගෙදරට.
‘‘අපට ඔක්කොම පඩිය එව්වම උඹ කොහොමද පුතේ කොළඹ ජීවත්වෙන්නේ’’ අම්මගේ දෑස්වලින් වැටෙන කඳුළුවලට ඇය සැනසීමක් ලබා දුන්නේ මේ විදිහට.
‘‘මට ප්‍රමෝෂන් එකක් ලැබුණා අම්මේ, මට දැන් හොඳ පඩියක් ගෙවනවා’’
අම්මගෙ දෑස්වල කඳුළු ඉනුවේ සතුටට දින සති මාස ගෙවිලා ගියා. ඇය මේ වෘත්තියේ පළපුරුදුකාරියක් වුණා. ඇගේ අඟ පසඟ ඇයට හොඳ ඉල්ලූමක් දුන්නා. ඇය නිතරම හිතුවේ ලැබෙන මුදල ගැන.
ඉඳහිට ගමට ගිය ඇය දෙස බලන ගම්මු ඇගේ කොළඹ අරුමෝසම්වලට විවිධ කතා කිව්වා. `ඇගේ කොටපු පච්චෙට, නහයට දාපු කරාබුවට, ඇගේ අශීලාචාර හැසිරීම් රටා ඉබේටම වගේ ඉඟි කළා. එහෙත් ඇය මේ සියලූ දෑ වසන් කරමින් මාස දහයකට වඩා කාලයක් මෙම වෘත්තියේ නිරත වෙමින් මුදල් හම්බ කළා.
ඇයව මේ වෘත්තියට වක්‍රාකාරයෙන් යොමු කළේ රොමේෂ් කියලා ඇය දැනගන්න කොට ඇය නීතියේ රැුහැනට හසුවෙලා හමාරයි. රොමේෂ් මේ වෘත්තියේ අතරමැදියෙක් විදිහට විශාල මුදලක් හම්බ කළා. බම්බලපිටිය ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සංකීර්ණයේ සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය මෙම ගණිකා වෘත්තියට යොමු කරන සෑම තරුණියක් වෙනුවෙන්ම රොමේෂ්ට ලොකු මුදලක් ලැබුණා. දිනක් එම සුපිරි වෙළෙඳ සංකීර්ණයේ හදිසි පොලිස් වැටලීමකදී කොටු වුණ අය අතර හිටපු එක් තරුණියක් වුණේ නිලූක්ෂි.. ඇගේ තොරතුරු අනුව ඇය බාලවයස්කාරියක් ලෙස ඔප්පු වුණා. මේ නිසා ඇයට නීතියෙන් ගැලවීමක් ලැබුණේ නැහැ. මාපියන් කොළඹට ගෙන්වා ඇගේ සියලූ තොරතුරු හෙළි කළා. ඇය බාලවයස්කාරියක් නිසා නීතියෙන් කිසිදු සමාවක් ලැබුණේ නැහැ.
නිලූක්‍ෂිගේ අම්මා පොලිස් භූමියේ විලාප දුන්නේ හිතේ ඇවිළුණු දරු දුකට. අහිංසක මව්පියන්ගේ හිතට දුන්නු ගින්දරට නිලූක්‍ෂිට කවමදාකවත් සැනසීමක් ළඟා කරගන්න බැහැ. ජීවිතේ වැරදුණේ ඇගේ පෙම්වතා නිසා. ඇගේ ජීවිතේ අගාධයට ඇද දාපු ඒ තිරිසන් පේ‍්‍රමවන්තයා ඇගේ ජීවිතේ විතරක් නෙමෙයි. තවත් තරුණියන්ගේ ජීවිත කොච්චරනම් මේ විදිහට විනාශ කරලා ඇතිද?
නිලූක්ෂි ඇගේ වැරදුණු ජීවිතේ හදාගන්න තවමත් මඟක් සොයනවා. ඒත් මේ සමාජය ඇතුළේ ඒකට ඉඩක් නැහැ.
ඇය ඉකිගහලම දැන් හෙම්බත් වෙලා. කතා කරගන්න බැරුව වෙව්ලනවා. සමාජයට මූණදෙන්න බැහැ. දෙමාපියෝ අසරණ වෙලා. ජීවිතේ කියන්නෙ සෙල්ලමක් නෙමෙයි.
සාමාන්‍ය පෙළින් පස්සේ රැකියාවක් සොයාගෙන කොළොම්තොටට එන ඔයාට පුංචි දෙයක් කියන්නම්. මේ සමාජයේ හරි විෂයි. මව්පියන් තරම් ආදරය කරන කෙනෙක් මේ නොදන්න සමාජයේ නැහැ. නොදන්න ඉසව්වකට ඇවිල්ලා.. නොදන්න ආදරේකට ළංවෙලා ජීවිතේ විනාශ කරගන්න එපා.
නම් ගම් මනඃකල්පිතයි
හැත්තෑව අසූව දශකවල සහ ඉන් ඔබ්බෙහි මෙරට ගීත සාහිත්‍යයෙහි සුපෝෂණය සඳහා අතිමහත් මෙහෙයක් ඉටු කළ ප්‍රවීණ ගීත පද රචක රඹුකන සිද්ධාර්ථ හිමියෝ වචනයේ පරිසමාප
මෙම ලිපිය 2019 අප්‍රේල් 21 වැනිදාට යෙදුණු පාස්කු ඉරිදා දිනයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් සිදු කරන ලද ප්‍රහාර මාලාව පිළිබඳ ත්‍රිත්වයේ තුන්වැනි සහ අ
වසර 2017 දී හඳුන්වා දෙන ලද පළාත් පාලන ආයතන සංශෝධන පනත යටතේ මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විණි. ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුය යන අදහස මුලි
සිද්ධාර්ථ ගෞතම චරිතය ලොවට දායාද වන්නේ ක්‍රිස්තු පූර්ව හය වැනි සියවසේදීය. එම අසිරිමත් උපත තත්කාලීන විවිධ ආගමික මතවාද ප්‍රකාශ කළ ෂඩ් ශාස්තෘවරුන්ට කිසි
අප ජීවත් වන්නේ නව තාක්ෂණික ලෝකයකය. ඒහි පස්සිකෝ සන්දිට්ඨිකෝ හෙවත් එන්න බලන්න ගුණය අත්විඳින්න යන ගුණාංග ඇති ආගමකට පැවැත්මක් තිබේ. කෙසේ වුවත් ලෝකය කෙතරම්
දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අම්මගෙ තාත්තගේ ආදරේ තේරෙන්නෙ බොරු ආදරේ රඟ තේරුණාට පස්සෙ
ප්‍රශීන් Wednesday, 24 June 2015 03:29 PM
දැන ගියොත් කතරගම. නොදැන ගියොත් අතරමග. (හේ)
උදිත් Thursday, 25 June 2015 08:25 PM
අපි ඇත්තටම ආදරය කරන්නේ මම කියන කෙනාට. මට තව කෙනෙකුගේ ඇසුරෙන් ලැබෙන සතුටට. ඔහොම යනකොට හැඟීම් වලට වහල්වෙලා අපේ වගේ සංස්කෘතියක් තිබෙන රටක අමාරුවේ වැටෙනවා. කොල්ලා ඇත්තටම කෙල්ලට ආදරය කරනවා නම් කෙල්ලව ප්‍රවේශම් කරනවා විවාහ වෙනතුරු (නි)