IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


අනුරපුර වැව් රක්ෂිත වැනසීම් නොදන්නා සේ ඉන්නේ ඇයි?

අනුරාධපුර පූජා නගරයේ පිහිටි බුලංකුලම වැව ඇතුළු ඓතිහාසික වැව් බොහොමයක රක්ෂිත ප්‍රදේශ කැබලි කර විකිණීමත් මහා පරිමාණ හෝටල් ඉදිකිරීමත් ප්‍රසිද්ධියේ සිදුවන බව පූජා නගරයේ ජනතාව හා මහා සංඝරත්නය චෝදනා කරන බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.

බුලංකුලම වැව යනු වසර දෙදහසකට වැඩි ඉතිහාසයක් සහිත අපගේ ශිෂ්ටාචාරයේම අංගයක් වූ වැවකි. පුරාවිද්‍යාත්මක සාධකවලට අනුව වැව් බැඳි රාජ්‍යයේ බුලංකුලම වැවේ නිර්මාතෘවරයා පණ්ඩුකාභය රජතුමාය. අනුරාධපුර ශුද්ධ බුද්ධ භූමියේ වැඩ වාසය කරන මහා සංඝරත්නයත් ජනතාවත් අද චෝදනා කරන්නේ ඒ බුලංකුලම වැව ඇතුළු ඓතිහාසික වැව් බොහොමයක රක්ෂිත ප්‍රදේශ කැබලිකර විකිණීමත් මහා පරිමාණ හෝටල් ඉදි කිරීමත් ප්‍රසිද්ධියේ සිදුවන බවය.

රටට සිදුවෙමින් පවතින්නේ කුමක්ද යන්න සම්බන්ධයෙන් ගැඹුරු අවධානයක් යොමු කළ යුතු තරම්ය. විශේෂයෙන්ම මෑතක සිට මහා පරිසර සංහාරයක් සිදුවන බවට රටේ නන්දෙසින්ම මහා ඝෝෂාවක් මතු විය. ගින්නක් නැතිව දුමක් නොනගින බව අදහන සමාජයකට එම නන්දෙසින් එන ඝෝෂාව දේශපාලන නන්දෙඩවීමක් නොවේ. බුලංකුලම වැව හරහාද කියැවෙන්නේ එම යථාර්ථයම වේ.

අනුරාධපුර ගජබා ආශ්‍රමාධිපති හකුරුවෙල චන්දාලෝක ස්වාමීන් වහන්සේ මාධ්‍ය හමුවක් පවත්වා රට හමුවේ ප්‍රකාශ කර තිබුණේ “අවුරුදු දෙදහස් ගණනක උරුමයක් සහිත බුලංකුලම වැව ඇතුළු වැව් බොහොමයක රක්ෂිත ප්‍රදේශ කුට්ටිකර විකිණීමත් මහා පරිමාණ හෝටල් ඉදි කිරීමත් සිදුවන බවය. වැවේ වපසරිය අක්කර 300 ක්. ඒ වුණාට අද වෙනකොට වැව් රක්ෂිතයේ අක්කර 200 ක් අනවසරයෙන් වගා කරලා. එක ව්‍යාපාරිකයෙක් අක්කර හතක් අල්ලාගෙන තට්ටු ගානක හෝටලයක් හදලා. තව ව්‍යාපාරිකයෙක් අක්කර 16 ක් අල්ලාගෙන. මේවා කැබලි කරලා කොළඹ අයට ලක්ෂ ගණන්වලට විකුණනවා” යි උන්වහන්සේ ප්‍රකාශ කළ බව අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. එමෙන්ම මේ සම්බන්ධයෙන් කතා කරන තමන් වහන්සේට එක් ව්‍යාපාරිකයකු මරණ තර්ජනය කළ බවත් ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කළද පොලිසිය නිසි විමර්ශනයක් නොකළ බවත් උන්වහන්සේ පවසති.

අප පුවත්පත වාර්තා කළ තවත් ප්‍රවෘත්තියකින් කියැවුණේ නවගත්තේගම මහ මුල්ලේගම වැවේ බැම්ම හිතුමනාපේ කපා මසුන් ඇල්ලීමට ලබාදී ඇති බවය. කිසිදු අවසරයකින් තොරව නීති විරෝධී අයුරින් ගොවි නියාමකවරයකු මෙම වැව් බැම්ම කපා ඇති බවට ගොවි සංවිධාන චෝදනා කරන බවද අප ප්‍රවෘත්තියේ සඳහන්ය. මෙසේ වගකීම් විරහිත ලෙස කටයුතු කිරීමට ඉඩ සලසා බලධාරීන් මර නින්දේ පසුවන්නේ දැයි සැකයකි. ප්‍රභාකරන්ට අදාළව එක් හොඳක් තිබේ. එනම් ප්‍රභාකරන් වන සංහාරයක නොයෙදුණු බවය. එහෙම බලන විට අපේ ඇතැමුන් ප්‍රභාකරන්ටත් එහාය.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මාධ්‍ය හමුවක් පවත්වමින් ඉකුත්දා ප්‍රකාශ කළේ වසර පහකට බලයට පත්වන පාලකයන් රටේ අයිතිකරුවන් නොවන බව මතක තබා ගත යුතු බවය. රටේ අයිතිකරුවන් වන්නේ මහ ජනතාව බවත් සංවර්ධනය මුවාවෙන් විනාශකාරී තීරණ ගැනීමට කිසිවකුටත් ඉඩදිය නොහැකි බවත් උන්වහන්සේ තවදුරටත් කියා සිටිති.

මුතුරාජවෙල රක්ෂිතයේ ප්‍රේෂණ කලාපය තුළ ලංකා විදුලිබල මණ්ඩලය මගින් අක්කර සියයක් වැලි පුරවා ඉදි කිරීමට නියමිත ද්‍රවතාප ස්වාභාවික වායු බලාගාරයට විරෝධය පළ කරමින් උන්වහන්සේ එසේ ප්‍රකාශ කළ බව මාධ්‍ය වාර්තාවන්හි සඳහන්ය. උන්වහන්සේ පවසන්නේ ප්‍රේෂණ කලාපයේ අක්කර සියයක් ගොඩ කළ විට එම ප්‍රදේශවල දැනට ගලන ගංවතුර මෙන් දෙතුන් ගුණයක ගංවතුරක් ගලන බවය.

පරිසරය විනාශ කරමින් කරනු ලබන ඕනෑම සංවර්ධන ව්‍යාපෘතියක අපේක්ෂිත ඉලක්ක නොසපුරන්නාසේම අනපේක්ෂිත මහ විපත්ද රැගෙන එයි. එහෙත් යමක මිල දන්නා එහෙත් එහි අගය නොදන්නා නරුම මනසක් ඇති අයකුට එය වටහා ගැනීම අසීරුය. අනුරාධපුර පූජා නගරයේ පිහිටි බුලංකුලම වැව ඇතුළු ඓතිහාසික වැව් බොහොමයක රක්ෂිත ප්‍රදේශ කැබලිකර විකුණන්නේත් ඒවායේ මහා පරිමාණ හෝටල් සංකීර්ණ ඉදිවන්නේත් කෙසේ දැයි යන්න ඒ අනුව වටහා ගැනීම අසීරු නැත.

ඉඩම් කට්ටිකර විකිණීම හෝ මහා පරිමාණ ඉදිකිරීම් හොර රහසේ කළ හැකි දේ නොවේ. ජනතාවට පෙනෙන විනාශය පොලිසියට, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට, සංස්කෘතික අමාත්‍යාංශය ඇතුළු අනෙකුත් වගකිව යුතු ආයතනවලට නොපෙනෙන්නේ ඇයිද යන්න විමසිය යුතුය. මෙබඳු දේ දේශපාලන බල අධිකාරියේ ආශිර්වාදයකින් තොරව කළ නොහැකි බවද ඒකාන්ත සත්‍යයකි.

දියෙන් ඇතිවන මඩ දියෙන්ම සෝදා හරින්නාක් මෙන් කුප්‍රකට දේශපාලනඥයන්ගේ දූෂිත අඥාන ක්‍රියාකාරකම් මැඩලිය හැකිවන්නේද පිරිසුදු පරිණත දේශපාලන ක්‍රියාකාරකම්වලටය. එබඳු මැදිහත්වීමක් ඉතා ඉක්මනින් අවශ්‍ය බව අපි අවධාරණය කරමු.

(***)



අදහස් (0)

අනුරපුර වැව් රක්ෂිත වැනසීම් නොදන්නා සේ ඉන්නේ ඇයි?

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 189 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මැතිවරණ ප්‍රතිඵල පුරසාරම්
2025 මැයි මස 10 142 0

ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.


පළාත් පාලන ආයතන අනාගතය
2025 මැයි මස 09 126 1

පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා


අරගලය ඉතිරි කළ වෙනස
2025 මැයි මස 09 231 0

අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව


ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 367 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 1023 2

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 844 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1406 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 361 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site