කාලය ඉක්මනට ගෙවිලා යනවා. ගෙවිලා යන කාලයත් සමඟ තාක්ෂණයත් දිනෙන් දිනම දියුණුවෙනවා. විශේෂයෙන්ම පරිගණකය අද නැතුවම බැරි උපකරණයක් වෙලා. සමාජ ජාල වෙබ් අඩවි ඉන් ප්‍රධානයි. දවසින් දවස මෙම සමාජ ජාල වෙබ් අඩවි වල සැරිසරන පිරිස වැඩිවෙනවා. ඒත් එහි ඇති තාක්ෂණික භාවිතය හා එහි සීමා එම පිරිස නොදන්නවා විය හැකියි. ඒ නිසාමයි අද සමාජජාල වෙබ් අඩවි භාවිත කරන්නන් අතරින් ඛේදවාචක වැඩිපුරම අසන්නට ලැබෙන්නේ.
මා අදත් ඔබට කියන්නේ එවැනිම කතාවක්. ඒ තාක්ෂණික මෙවලම් භාවිතයේදී ඔබත් ඒ පිළිබඳ දැනුවත් විය යුතු නිසා.
ඇය ඉමල්කා. ප්‍රසන්න පෙනුමැති යුවතියක්. පවුලේ තිබූ ආර්ථිකමය ගැටලූ හේතුකරගෙන උසස් පෙළින් පසු පාසල් අධ්‍යාපනයට සමුදුන්නා. ඒ අතරෙයි ඉමල්කට මංගල යෝජනාවක් ආවේ. ඔහු ගාමින්ද. නගරයේ හෝටලයක කෝකියෙක් විදියට සේවය කළා. ඔහු ඉමල්කලාගේ දුර නෑයෙකුත් වුණා. ඒ නිසාම ඉමල්කා ගාමින්දටත් ගාමින්ද ඉමල්කටත් කැමැත්ත ප්‍රකාශ කරගත්තා.
එසේ ඇරඹුණු ආදරය සුන්දරව ගලා ගෙන ගියා. බක්මහේ ආව නැකැත් දවසක ගාමින්ද ඔහුගේ මනමාලිය කැන්දාගෙන ගියා. ඒ ආදරය ගොඩක් සුන්දර වුණා. ගාමින්දත් ඉමල්කත් මාපියන් වෙන්න පෙරුම් පිරුවේ ඒ ආකාරයට. ඔවුන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ට කරමින් ඉමල්කා පුතෙකු ලැබුවා. ගාමින්දටත් රටක් රාජ්‍යයක් ලැබුණා වගේ සතුටක් දැණුනා.
ගාමින්දගේ පුංචි කුරුලූ කූඩුවේ ආදරය ඉතිරිලා පැතිරිලා ගියා. ඒ ආකාරයට වසර දෙකතුනක් ගලා ගිය අතර නැවතත් ඉමල්කා
ගැබ්බර වුණා. ගාමින්ද පුංචි පුතුගේ තනියට එන ලේ කැටි බිළිඳා එනතුරු මඟබලා සිටියා. ඇය පුංචි දුවණියක්.
දුවයි, පුතයි එක්ක ජීවිතය ගෙන ගිය මේ පුංචි පවුල සැබෑවටම සතුටින් ජීවත්වුණා. ඉමල්කා ගාමින්දටත්, ගාමින්ද ඉමල්කාටත් තව තවත් ආදරය වුණා.
ඒ අතර තුරයි ගාමින්දට පිටරට රැුකියාවකට යන්න අවස්ථාව උදාවූයේ. එය ඔහු දුටු සිහිනයක්. ඒත් එය සැබෑවෙලා ගාමින්ද ඒ සතුටත් එක්කම
ගොඩක් දුක්වුණා. ඒ ඔහුගේ ප්‍රිය බිරිඳවූ ඉමල්කාවත් දෑසවන් දරුදෙදෙනාවත් තනිකරදමා යාමට සිදුවීම පිළිබඳව.
ගාමින්දගේ සිහිනය ගැන ඉමල්කා දැනගෙන හිටියා. ඔහුගෙන් දුරස්වීම වේදනාවක් වුවත් ඔහුට රටයාමට අවශ්‍ය චිත්ත ධෛර්ය සැපයීමට ඉමල්කා කටයුතු කළා.
සිය දරු දෙදෙනාත් බිරිඳත් නිරන්තරයෙන්ම දැකීම ප්‍රිය කටයුත්තක් ලෙස සැලකූ ගාමින්ද වෙන රටක සිටියත් ඔවුන් දැකගත හැක්කේ කෙසේදැයි කල්පනා කළා. ඒ නිසයි ඔහු රටයාමට පෙර පරිගණකයක් නිවසට ගෙන එන්නේ.
එහිදී ඉන්ටනෙට් යන ආකාරයත්, ස්කයිප් මගින් කතාකරන ආකාරයත් ඉමල්කාට කියාදුන් ගාමින්ද හැමදාම හවසට දරුදෙදෙනා සමඟ කතා කරන ලෙස ඇයට උපදෙස් දුන්නා.
ඒ ආකාරයට ඉමල්කා සමඟ ගනුදෙනු කළහැකි, කතා කළ හැකි සියලූ පහසුකම් සම්පාදනය කළා. ගාමින්ද විරහ ගින්දරත් තුරුලූ කරගෙනම ගුවන්ගත වුණා. පුංචි දරුදෙදෙනා තුරුලූකරගත් ඉමල්කා ඔහුට සෙත් පැතූමුත් හදවතින් දස දහස්වතාවක් හඬාවැටුනා.
විවාහවීමෙන් පසු ගාමින්දගෙන් වෙන්ව සිටි පළමු දිනය ගෙවාදැමීමත් ඉමල්කාට දුෂ්කර කටයුත්තක් වුණා.
පරිගණකය ක්‍රියාත්මක කර ඉමල්කා ගාමින්ද කතාකරන තුරු බලාසිටියා. ගාමින්දත් එරටට පයතැබූ විගසම සිදුකළේ ඉමල්කාට කතාකිරීම. ඒ වෙද්දි පුංචි පැටව් දෙන්නා සුව නින්දේ පසුවුණා. ඉමල්කත් ගාමින්දත් ඒ වෙන්වීමේ හුදකලාබව හා ගුවන්ගමනේ ආ ගිය තොරතුරු පිළිබඳව බොහෝවෙලා කතාකළා.
ඒ ආකාරයට ඉමල්කත් ගාමින්දත් ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු කතාකිරීම හැමදාම සිදුකළා. අඹුසැමියන් වූමින් ඔවුන් අතර කිසිදු රහසක් තිබුණේ නෑ.
දවසක් ඉමල්කා එසේ කතාකර සිටින අතරතුරකදී හදිසි විදුලි ඇණහිටීමක් සිදුවුණා. යළිත් විදුලිය ආවත් පරිගණකය නම් වැඩකළේ නැහැ.
ඉමල්කා ගාමින්දට කතාකර ගත නොහැකිව මානසිකව ලෙඩවුණා. ඒ නිසයි පරිගණකය හදාගැනීමට අසල නිවසක සිටි ගාමිණි අයියාට කතාකළේ. ඔහු ගාමින්ද සිටි කාලයේ සිටම පවුලේ හිතවතෙක් වුණා.
ගාමිණි අයියාත් ඉමල්කාගේ ආරාධනය පිළිගෙන ඇගේ නිවසට පැමිණියා. පරිගණකය පරීක්ෂාකර එය නැවත සක්‍රීයකර දුන්නා. ඉමල්කාටත් ගොඩක් සතුටුයි. ඇය ගාමිණි අයියාට මුව නොසෑහෙන ලෙස ස්තූති කළා.
එය සුළුදෙයක් කියූ ගාමිණි අයියා නිහඬවම නිවසින් පිටවී මඟට බැස්සා.
ඉමල්කාට පරිගණකය සක්‍රීයවීම මහමෙරක් වගේ. ඇය යළිත් හැමදිනකම ගාමින්දත් සමඟ දොඩමළුවුණා. පුංචි පැටව් දෙන්නත්, තාත්තත් සමඟ ආදරයෙන් කතාකළා. ඒ ආදරය එසේ ගලාගෙන ගියා වගේම ගාමින්ද හම්බකරන හැම සතපහක්ම ඉමල්කාට එවීමටත් අමතක කළේ නැහැ. සිය ආදරණීය සැමියා එවන මුදල් නිශ්කාරණේ වියදම් නොකිරීමට ඉමල්කා වගබලා ගත්තා. ඒ සියළු මූල්‍යමය කටයුතු ගැනත් ඔවුන් ස්කයිප් එකෙන් කතාකළා.
දවසක් ඉමල්කාට අමුතු දුරකථන ඇමතුමක් ආවා. ඇයගේ නිරුවත් වීඩියෝ පට මේ නිර්නාමික පුද්ගලයා ලඟ තිබෙන බවත් ඒවා ලබාගැනීමට නම් ඔහුට ලක්ෂගානක මුදල් අවශ්‍ය බවත් ඔහු පැවසුවා.
ඉමල්කා හොඳටම බයවුණා. ඇය සැබෑවටම ආදරය කළේ ගාමින්දට විතරයි. ඇගේ ලෝකයේ සිටියේ ඔහුත් පුංචි පැටවුන් දෙදෙනාත් විතරයි. ඇයගේ බලාපොරොත්තුව වූයේ ගාමින්ද පැමිණෙන තුරු දරුවන් දෙදෙනා බලාගෙන චරිතවත් ජීවිතයක් ගතකිරීම. එහෙත් මේ සිදුවූයේ කුමක්ද? ඇය දස අතේ කල්පනා කළා.
ඒත් ඇයට කිසිවක් සිතාගත නොහැකිවුණා. ළමා කාලයේ ආර්ථිකයෙන් බැටකෑ ඇය විවාහයෙන් පසුව හිනාවී ජීවත්වුණා. ඒත් ඒ හිනාවත් උදුරගන්න තවත් නරුමයෙක් බිහිවෙලා.
ඇය තර්ජනය කරන පුද්ගලයාට මුදල් නොමැති බව පැවසුවා. ඒත් ඔහු ඇගේ නමට එවන සියලූම මුදල්වල තොරතුරු දන්න බව පැවසුවා. ගාමින්ද ඇයට කියන සියලූම දේ ඔහුත් ඇයට කියනවා. ඇය තවතවත් කලබල වුණා. මුදල් දීම කෙසේ වෙතත් ඇගේ නිරුවත් වීඩියෝ ඔහුට කොහෙන්ද? ඇය කල්පනා කළා. මේ සිදුවීම ගාමින්ද දැනගත්තොත් මොනව හිතාවිද ඇය කල්පනා කළා.
ඒ නිසයි ඇය ඇගේ හොඳම යෙහෙළිය වූ සුසීමා මුණ ගැසුණේ. සුසීමා ඉමල්කාගේ කතාව අහගෙන හිටියා. ඒ අනුව ඇයට පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට යන්න ඇයව යොමුකළා.
එහි පිහිට පතා ගිය ඇය සැබැවින්ම විස්මයට පත්වුණා. ඒ සිදුව ඇති දේ විශ්වාස කරගත නොහැකි වූ නිසා ඇයගේ පරිගණකය ලෙඩදුන් වෙලාවේ එය සැදීමට භාරදුන් ගාමිණි අයියා පිළිබඳ ඇය මොහොතකටවත් සැකකළේ නෑ.
ඒත් ඔහු උපක්‍රමශීලී වෙලා. යම්කිසි ක්‍රමයකට ඇගේ පරිගණකයේ පාලනය ඔහුගේ අතට අරගෙන. එනම් ඇය ස්කයිප් යන හැම මොහොතකම, ඇය කරන්නේ කුමක්ද කියන්නේ කුමක්ද කියා ඔහු බලා ඉඳලා. ඒ අනුව ඇය සැමියා හා කතාකරන විට ඇය සිටි ආකාරයට වීඩියෝ කරලා ඇය සැමියත් සමඟ මුදල් ගනුදෙනු පිළිබඳ කතා කළ සියළු දේ අහගෙන ඉඳලා සියළු තොරතුරු එකතු කරගෙන ඇය බියවද්දා මුදල් ලබාගැනීමට කටයුතු කරලා.
|
මෙම සිදුවීමෙන් ඔබට සිතීමට බොහෝ දේ තිබෙනවා. පරිගණක විධි පිළිබඳ දැනුම වර්ධනය
|




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසියම් පරිඝනකයක් වෙනත් රටක සිට හෝ පාලනය කළ හැකි මෘදුකාග ඇත. නමුත් එය පළමුව ඉන්ස්ටෝල් කළයුතුයි. පරිගණකය කිසියම් නඩත්තු/අලූත්වැඩියා සඳහා බාරදෙන විට ඒ කෙනාට ඒක පහසුවෙන්ම කරන්න පුළුවන්. (නදී)
ඉතාම වැදගත් පාඩමක් (නි)
කරුණාකරලා දන්නා කෙනෙක් ඉන්නවා නම් ඔය හදිසි ප්‍රතිචාර සංසදයේ දුරකතන අකය දෙන්නකෝ අපිටත් විස්තර දැනගන්න පුළුවන්නේ (නදී)
අලුතෙන් පරිගණකයක් ගෙන ඉගෙනගන්න දරුවන්ට හා වැඩිහිටියන්ට දෙන මේ උතුම් පණිවුඩය ඉතාමත් උසස් ලෙස අගය කරමි. ඔබට බුදු සරණයි! දම්පහල අමරවංශ නාහිමි , ඇමෙරිකාවේ සිට. (නි)
හරි වැදගත් පාඩමක් ඔබලාට ස්තුතියි (දී)
මාගලී ෆොන්සේකා ඔයා නොදන්නවා විය හැකියි. ඔබගේ පරිගණකයට මෘදුකාංග ඇතුලත් කිරීම මගින් ලෝකයේ කොතැනක සිටියත් එම පරිගණකයේ සිදුවෙන දේවල් නැරඹීමේ හැකියාවක් සහ එම පරිගණකය හැසිරවීමේ හැකියාවක් පවතිනවා. කෙසේ උවත් තමාගේ පරිගණකය අලුත්වැඩියාවකට ලබාදීමෙන් පසු ඔබගේ පරිගණකයේ අනිවාර්යෙන්ම තිබිය යුතු මෘදුකාංග හැර වෙනත් දේවල් ඇතිනම් ප්‍රවේසම් වෙන්න (නදී)
මෙතන හිතා ගන්න බැරි දේවලුත් තියෙනවා. ස්කයිප් එකේ රහස් අංක තියෙන්නේ දෙන්න ලග. විශේෂයෙන් සැමියාගේ එක. කොහොමද නිරුවත් රුප එයා ගත්තේ කියන එක, ඇය ළඟ ඉන්න කොට. පරිගනකය අරගෙන ගියානම් හරි. එත් නිවසට පැමිණ කලේ කොහොමද කියන එක ප්‍රශ්නයක්. ස්කයිප් එකේ ෆොටෝ වගේ වෙන කෙනෙක්ට ගන්න බැ, ඒ අයගේ රහස් අංකය නැතිව. එක්කෝ එයා සැමියා එක්ක කතා කරන දේවල් පින්තුර මකන්නේ නැ වෙන්න ඕනි. නැත්නම් එයා සැමියා එක්ක කරන දේවල් කැමරාවෙන් පටිගත කරන්න ඕනි පරිගණකයට. ඉස්කයිප් ගොඩක් අරශාවයි. වෙන කෙනෙකුට අහන්න බැ ටැප් කරන්න බැ. අර කෙනා කොහොම ගත්තාද කියල හිතා ගන්න බැ. (ර)
අහල ඇතිනේ ටීම් විවර් ගැන. මේකත් එහම සොෆ්ට්වෙයර් එකක්.(හේ)
එක අමාරු වැඩක් නෙමෙයි. ඔයාගේ පරිගණකයේ ඉන්ස්ට්‍රෝල් කරන පොඩි සොෆ්ට්වෙයර් එකකින් මේක කරන්න පුළුවන්.(හේ)
ගොඩක් හොඳයි දැනුම්වත් කළ එක (නදී)
මගලී, මේක උදාහරණ කතාවක් ඔයාගේ මොලේ හුලන්ද ? (නදී)