කාර්යබහුල දිවියට මද විරාමයක් ලබාදෙමින් පූජනීය නගරයට ඇතුළුවූයේ ශ්‍රීමා බෝ සෙවනේදී සිත් පහන් කර ගැනීමටය.
බෝපත් සිළි සිළි හඬ දෙමින් සිතට බුද්ධාලම්භන ප‍්‍රීතියක් එක් කළ අතර හඳුන්කූරු, පහන් හා මල්වල එකතු වූ අපූරු සුගන්දය පුන්‍ය භූමියේ පහන් සිතිවිළි තවතවත් වර්ධනය කළේය.
ජයසිරි මා බෝ සමිඳු අභියස දොහොත් මුදුන් දී වන්දනා කළ මා කිරි සුදු පාටින් බබළමින් අහස් කුස සිපගැනීමට වෙරදරන සෑ රදුන් දෙසට ගමන් කළෙමි.
”දුවේ ඔයාට මතකද? අපි හැම පෝයකටම මෙහෙට එනවා. මගේ දු මතක් කරන්න රත්තරං”
සවන වැකි ඒ අනුවේදනීය හඬ ආ දෙස මම හැරී බැලූවෙමි.
දිගු සුදු ගවුමකින් සැරසී කොණ්ඩය තනි කරලට ගොතා සිටි සුන්දර තරුණියකි. පෙනුමේ හැටියට ඇයට වයස අවුරුදු 15 ක් හෝ 16 ක් විය හැකිය. කිසිදු හැඟීමක් ඵල නොකළ ඇය සෑරදුන් දෙස අර්ථ විරහිතව බලා සිටියාය. ඒත් ඒ නෙත්හි කුමක් හෝ ලොකු දුකක් වේදනාවක් සැඟවී ඇති බව මට වැටහී ගියේ ඇගේ දෑසෙන් ගලා යන කඳුළු නිසාවෙනි.
ඇය අසල සිටි මැදිවයස් ගැහැනිය ඇගේ අම්මා විය හැකිය. මම ඇය දෙස බැලූවෙමි.
”අනේ බලන්න දුවේ, රත්තරන් වගේ හිටපු මගේ කෙල්ලට වෙච්ච දේ. කතා කරන්නෑ, හිනාවෙන්නෑ, කිසිම දෙයක් කියන්නෑ, බලාගත්ත අතේ බලාගෙන ඉන්නවා. මෙයා මෙහෙම හිටපු කෙනෙක් නෙවෙයි.” ඇගේ දෙනෙතින් කඳුළු කැට කඩා හැළෙන්නට විය. මම ඇය දෙසට හැරුනෙමි.
”ඇයි දුවට මොකද වුණේ”
මම ඇගෙන් විමසුවෙමි. සියලූ සත්ත්වයින්ගේ සිතට සැනසුමක් ලබාදෙන මේ පින්බිමේ සිට ඇය ඒ සෝචනීය පුවත දිග හැරියාය.
”අපි මෙහෙ අය නෙවෙයි දුවේ. අපි ගාල්ලේ. මට ඉන්නේ මේ දුව විතරයි. මගේ මහත්තයා නැතිවුණේ මම තරුණ කාලේ. මේ දරුවා නිසා මම ආයේ විවාහයක් වුණේ නෑ. මම හැමදේම කළේ මේ දරුවා සතුටින් තියන්න. එයාට ඉල්ලන ඉල්ලන දේ ගෙනැත් දුන්නා. ඒත් එයාගේ සැප වෙනුවෙන් භෞතික දේවල් එකතු කරපු මට එයාව ටික ටික ලොකු වෙනවා කියලා හිතුනේ නෑ. මට එයාව තේරුම් ගන්න බැරිවුණා....”
මම යළිත් ඒ අහිංසකාවිය දෙස හැරී බැලූවෙමි. මේ සුන්දර පුංචි කෙල්ලට ඇත්තටම මොකද වුණේ. ඔවුන් ජය සිරිමා බෝ සමිඳුගේ පිහිට ඉල්ලා ශුද්ධ නගරයට පැමිණ ඇත. මම නැවතත් ඒ අහිංසකාවියගේ මව දෙසට හැරුණෙමි.
”මම ගොඩක් මහන්සිවෙලයි මේ දරුවා ලොකු මහත් කළේ. මගෙ දුව ඉගෙන ගන්න ගොඩක් දක්ෂයි. සාමාන්‍ය පෙළ විභාගය හොඳටම පාස්වුණා. එයා විභාගය හොඳට පාස්වුණොත් ලැප්ටොප් එකක් අරගෙන දෙන්න මම පොරොන්දුවෙලා හිටියේ. ඒ නිසා මම දුවට පරිගණකයක් අරගෙන දුන්නා. අපේ ගෙදර මගේ නංගි කෙනෙකුත් හිටියා.
උසස් පෙළ පංති පටන්ගන්න තුරු දුව හිටියේ ගෙදර. නංගී දුවගේ තනියට ඉන්න නිසා මම බයනැතිව වැඩට ගියා. ඒත් දුව හිටියේ වෙනම කාමරයක. එයා පාඩම් වැඩ කරනවා ඇති කියලා නංගිත් වැඩිය එයාගේ කාමරයට ගිහින් නෑ. දුව විද්‍යා අංශයෙනුයි උසස් පෙළ කරන්න බලාපොරොත්තු වුණේ. ඒ නිසා මම ඉන්ටනෙට් ලයින් එකත් අරගෙන දුන්නා.
මම දැනගෙන හිටියේ නැතිවුණාට දහය වසර ඉඳලා දුවට පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධයක් තිබිලා තියෙනවා. එයා ගෙදර හිටියට ඒ ළමයත් එක්ක නිතරම ස්කයිප් එකෙන් කතා කරලා.
දවසක් හයියෙන් කතා කරන සද්දයක් ඇහෙන නිසා නංගි දුවගේ කාමරයට ගිහින්. එයා දොර රෙද්ද අයින් කරලා බලද්දි දුව ඒ පිරිමි ළමයත් එක්ක රණ්ඩු වෙනවලූ. මම හවස ගෙදර ආවහම මේ විස්තරේ නංගී කිව්වා. මම දුවගෙන් ඒ ගැන ඇහුවා.
ඒ පිරිමි දරුවා දුවගෙම පන්තියේ ළමයෙක්. අම්මලා තාත්තලත් වැදගත් අය. ඒ නිසා මම ඒ දරුවත් එක්ක කතා කළා. ඒ ළමයා එයාගේ මව්පියෝ මට මුණගැස්සුවා. අපේ දරුවෝ පුංචි කාලෙදිම ඒ වගේ දේකට අනුබල දීලා අපි ලොකු වැරැුද්දක් කළේ.
ඇයගේ දෑස් අගින් කඳුළු බිංදු ගලාගෙන යන්නීය. සැබැවින්ම එය වරදකි. තාරුණ්‍යයට ආදරය දැනෙයි. ඔවුන් ආදරය සොයා යයි. ඒත් ඉගෙන ගන්නා වයසේ බාලවයස්කාර දරුවන්ට විවාහයක පදනම ඇතිව එවැනි සම්බන්ධතා පවත්වන්නට දීම කොතරම් යෝග්‍යය ද යන්න ගැටළුවකි. ඇගේ එම ලිහිල් ප‍්‍රතිපත්තියම අද ඇයට කඳුළු උරුම කර දී ඇත.
ඒත් එම අහිංසකාවියට මෙම තත්ත්වය උදාවූයේ කෙසේද? තවමත් ගැටළුවකි. මම නැවතත් ඇගේ මව් දෙසට හැරුනෙමි.
”අපි දෙපැත්තෙන්ම කතා කරාට පස්සේ මේ දරුවෝ ගොඩක් හොඳට හිටියා මිස්. ඒත් ආයෙත් කාලයකට පස්සේ දෙන්නා ස්කයිප් එකෙන් නිතර නිතර රණ්ඩුවෙනවා කියලා නංගී කිව්වා. මම දුවගෙන් ඒ ගැන අහලා බැලූවා. එයා කිව්ව දේ මට විශ්වාස කරන්නත් බැරිවුණා දුවේ.’’
”ඒ පිරිමි ළමයා නිතරම නිල් චිත‍්‍රපටි බලනවලූ. ඒවා බලලා දුවත් එක්ක කියනවලූ. දුව ඒකට කැමති නෑ. ඒ නිසා රංඩු වෙනවා කියලා දුව කිව්වා.”
අද අහන්න දකින්න ලැබෙන දේත් එක්ක මම ඉක්මන්වෙලා ගත්ත තීරණේ භයානකකම ගැන හිතුනේ ඒ වෙලාවේ. මට ඉන්නේ දුව විතරයි. මම කැමති නෑ එයා අඬනවා බලන්න. ඒ නිසා මම ඒ දරුවාගෙ අම්මලාට කතා කරලා එයා නිල් චිත‍්‍රපටි බලන එක ගැන දැනුම්වත් කළා. එයාලගේ අම්මලත් ඒ දරුවට අවවාද කරලා තිබ්බා.
එදායින් පස්සේ සතියක් විතර ඒ දරුවා අපේ දුවට කතා කරලා නෑ. දවස් දෙක තුනකින් විතර දුවට එයාගේ යාළුවෝ කතා කරලා එයාගේ නිරුවත් ෆොටෝ ඉන්ටනෙට් එකේ තියන බව කියලා තියනවා. මුලින් දුව ඒක මට හැංගුවා. ඒත් අන්තිමට දුව මට ඒ ගැන කිව්වා.
ඒක එහෙම වුණේ කොහොමද කියලා දුව මට කලින් කිව්වේ නෑ. එයා මුලින්ම කිව්වේ එයාගේ ෆේස්බුක් ගිණුමේ තිබුණ ෆොටෝ අරගෙන වෙනස් කරලා හදලා දාලා තියෙන්නේ කියලා. ඒත් ප‍්‍රශ්නෙ ටික ටික දුරදිග ගිය නිසා එයා මට හැමදේම කිව්වා.
අර ළමයාට නිල් චිත‍්‍රපටි බලන්න එපා කිව්වාම එයා කියලා ඒවා නොබලා ඉන්නනම් දුවගෙ පින්තූර එවන්න කියලා. දුව ඒක විශ්වාස කරලා. එයාට තිබුණ ආදරේට, එයා ඒ වගේ දේවලින් ගලවා ගන්න දුවම එයාගේ ෆෝන් එකෙන් පින්තූර අරගෙන ඒ පිරිමි ළමයට යවලා. ඒත් එයා නිල් චිත‍්‍රපටි බලන එක නතර කරලා නෑ. දුව ඒ නිසා නිතරම එයත් එක්ක රණ්ඩු කරලා. අන්තිමට දුව මට කියලා එයාගේ මව්පියන්ට කියලා අවවාද කළ තරහට මගෙ දරුවගෙන් පළිගත්තේ එහෙමයි.
ඔය සිද්ධියෙන් පස්සේ දුව ගොඩක් මානසිකව වැටුණා. හීනෙන් බයවෙලා නැගිට්ටා. ඇඳේ ඉඳගෙන අඬන්න වුණා. මෙයාට ඉස්කෝලේ ගුරුවරුත් ගොඩක් ආදරෙයි. යාළුවොත් ගොඩක් ගරු කළා. ඒත් ඔය සිදුවීම ගොඩක් අය දැනගත්තට පස්සේ එක දිගටම මෙයාට කෝල් ආව අවස්ථා තිබුණා. අද ඒ ගැන කල්පනා කරලම ඒ දුක දරාගන්න බැරුව මෙයා නිහඬ වෙලා. දැන් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නනවා. ඒත් මෙයා ඒ පරිසරයෙන් ඈත් කරන්න ඕනෑ නිසයි අපි අනුරාධපුරේ ආවේ. ඉස්සර මෙයා ගොඩක් ආසයි උඩමළුවට එන්න. මට ඕන කොහොම හරි මගෙ අහිංසකීව සනීප කරගන්න.
සැබැවින්ම ඛේදනීය ඉරණමකි. ආදරය සුන්දරය. එම සුන්දර ආදරය තුළ විශ්වාසය, ගෞරවය, ආරක්ෂාව ආදී බොහෝ දේ තිබිය යුතුය. අද පවතින ඒකාකාරී අධ්‍යාපන රටාව මත ළමයින්ගේ පරිකල්පන ශක්තිය හීන වී ඇත. දහම් අධ්‍යාපනයක් නොලබන දරුවෝ පින, පව, සංස්කෘතිය, සදාචාරය, කර්මඵල පිළිබඳ කිසිදු හැඟීමකින් තොරව අර්ථ විරහිත ජීවිත ගත කරති.
ඒ වෙතින් නොදැනුවත්වම ඔවුන් ඔවුන්වම විනාශ කර ගනිමින් සමාජය ද කෙළෙසා දමයි. නව තාක්ෂණය අවශ්‍යය. එහෙත් එය භාවිතය දැලි පිහියෙන් කිරි කෑමක් බඳුය. එබැවින් ජීවිතයට අවශ්‍ය දේ තෝරාගෙන අනවශ්‍ය දේ බැහැර කර තාක්ෂණය භාවිත කළ යුතු බව සිහියට ගත යුතුය.
අද පරිගණක අපරාධ දවසින් දවස වැඩිවෙනවා. ඊට හේතු ලෙස අප දකින්නේ අන්තර්ජාල භාවිතය පිළිබඳ ඇති නොදැනුවත්කම හෝ ගණන් නොගන්නාකම.
විශේෂයෙන්ම පාසල් යන වයසේ දරුවෝ අද ජංගම දුරකථනයත් පරිගණකයක් කරගෙන. හැම වෙලාවෙම අන්තර්ජාලයේ සැරිසරනවා. අද ෆේස්බුක් ගිණුම් බොහෝදෙනෙක් භාවිත කරනවා. ඒත් ෆේස්බුක් එකක් තියෙන්නේ මොකටද කළ යුත්තේ මොනවද කියන සීමා මායිම් දන්නේ නෑ.
සමහර අවස්ථාවල ෆේස්බුක් එකට ලස්සන පින්තූර, වීඩියෝ පට එනවා. ඒවා බලන්න පාස්වර්ඞ් ගහලා ඒ සයිට්වලට යන්න ඕනෑ. සමහර දේවල් හොඳ වගේම, හොඳ වගේ එන දරුවන්ට අනුචිත බොහෝ දේත් එහි තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම නිරුවත් පින්තූර වගේම අසභ්‍ය වීඩියෝ දර්ශන. මේ වගේ දේවල් බලපුවහම සාමාන්‍ය විදියට ජීවිතය දකින දරුවෙක් අසාමාන්‍ය වෙනවා. ඒකට ඇබ්බැහිවෙනවා. ඒ නිසා අධ්‍යාපනය කඩාවැටීම් සිදුවෙනවා. විශේෂයෙන්ම පාසල් යන දරුවන්ගේ අතට අන්තර්ජාල භාවිතය පත්කරද්දි ඔවුන් යන සයිට්, ඔවුන් බලන කරන දේවල් හොයා බලන්න මව්පියෝ දැනුම්වත්වෙන්න ඕන.
ඒ වගේම තරුණ ගෑනු ළමයි තමන්ගේ හොඳම යාළුවා, යෙහෙළිය, ඥාතියා, ආදරවන්තයා යන මේ කවුරු කිව්වත් තමන්ගේ නිරුවත් පින්තූර අන්තර්ජාලයට මුදාහරින්න එපා. ඒ වගේම ස්කයිප් එකක් ඉදිරියේ නිරුවත් වෙන්න එපා. අද ළමයි තාවකාලික ගැටලූවලට පිළියම් විදියට අන්ධානුකරණයෙන් අදහන අන්තර්ජාල පෙම්වතුන්ට රැුවටෙනවා. ඔවුන් කියන හැමදේම කරනවා. අන්තිමට ජීවිතය වරද්දා ගන්නවා. අන්තර්ජාල භාවිතයේදී කල්පනාකාරී වෙන්න. ඔබට ආත්ම ගෞරවයක් තියනවා. ඔබ ආරක්ෂා කරගත යුතු දේවල් තියනවා.
ඔබේ මව්පියෝ දිවා රෑ නොබලා මහන්සි වෙන්නේ ඔබේ ජීවිත සුඛිත මුදිත කරන්න. ඒ නිසා එයාලගෙ ජීවිතවලට කඳුළු දීලා, ඔබ සමාජය ඉදිරියේ අසරණවන්න, පිළිකුලට, හිනාවට බඳුන් වන චරිතයක් වෙන්න එපා. බුද්ධිමත්ව අන්තර්ජාලය භාවිත කරන්න. ජීවිතයට වැදගත් යයි පෙනෙන දේ පමණක් ගන්න. ජීවිතයට අනවශ්‍ය දේ එකතු කරගෙන විනාශ වෙන්න එපා.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙපාර්ශවයෙම දෙමව්පියන්ගෙ තමයි මූලික වරද. (නි)
මෙවන් ලිපි දිගින් දිගටම ඉදිරිපත් කිරීම සමාජයේ යහපත් පැවැත්මට යම් රුකුලක් වේවි (නි)
දෙමාපියන් මේ පිලිබදව යොදන අවදානය ඉතා අවම මට්ටමකට වැටිලා තියෙනවා. මෙයට ප්‍රදාන හේතුව නම් මුදල් පසුපස හඹායාම නිසාත් සමහර දෙමාපියන්ගේ ඇති දැනුමේ අඩුබව නිසාත් මෙවෙනි ව්‍යසනයන් සිදුවන බව මගේ අදහසයි. මේ සදහා දැනුවත් වීමේ වැඩමුලු පාසල් මට්ටමින් හා ගම් මට්ටමින් සිදු කිරීම බලදාරින් විසින් කල යුත්තක් බව මගේ පෞද්ගලික අදහස වේ . (නදී)
මේ දවස්වල ඇහෙන්නේ ඇත්තටම අහන්න පුළුවන් හොඳ දේවල් නෙමෙයි.මේවට අපි කාටද වැරදි කියන්නේ පවතින සමාජයටද එහෙම නැත්තම් දෙමව්පියන්ටද එහෙමත් නැත්තම් මේ දේවල් බලල මං මුලාවෙන දරු දැරියන්ටද. අපේ කුඩා කාලේ අපිට මේ වගේ පහසුකම් තිබුනේ නැහැ. නමුත් අපි හොඳ විදියට ඉගෙන ගත්ත හොඳ දේවල් ඉගෙන ගත්ත. අපි දෙමව්පියන්ට ගුරුවරුන්ට බය වුණා. කවදාවත් ගුරුවරයෙක් දීපු අවවාදයක් මඟ හැරියේ නැහැ. ඉහ මුදුනින් පිළිගත්තා. සාර ධර්මය අතින් ලංකාවට ඉහලින් රටක් තිබුනේ නැහැ. නමුත් දැන් ඒ තත්වය හොඳටම පිරිහිලා. දරුවන්ට ළමා ලෝකයක් කියල දෙයක් ඇත්තෙම නැහැ පවතින අධ්‍යාපන ක්‍රමයත් එක්ක. ළමය නිකන් මැසිමක් වගේ වෙලා. ඉස්සර තිබුන ලස්සන වටපිටාව කෘතීම වෙලා. දරුවා ඒ දේ හොයන්නේ අනියම් මාර්ගයෙන්. දෙමව්පියනේගේ වගකීමක් තියනවා දරුවෝ ගැන හොයල බලන්න. දරුවෝ ඉල්ලන හැම දෙයක්ම අරන් දුන්නම අපේ යුතු කම ඉවරයි කියල හිතනවානම් ඒ වගේ ලොකු වරදක් තවත් ලෝකේ කොහෙත් නැහැ. අනිත් දේ අපේ සංස්කෘතියට ගැලපෙන්නේ නැති දේවල් තමා හතර වටින්ම අපිට දකින්න ලැබෙන්නේ. ඉස්කෝලේ යන ළමයාගේ අතට මොකටද පෝන් එකක්. අපි හැම දෙයක්ම කරන්නේ අපේ දරුවන්ගේ අනාගතය ගැන හිතල. නමුත් දරුවෝ මේ විදියට අයාලේ ගියොත් වෙන්නේ අපි කරන හැම දෙයක්ම ගඟට ඉනි කැපුවා වගේ වෙන එක. කරුණාකරලා රජය වත් මේ දේවල් වලට මැදිහත් වෙලා මොකක් හරි විසදුමකට ආවේ නැත්තම් අපිට අනාගතයේ ඉතිරි වෙන්නේ තනිකර මානසික අසහනයෙන් පිරුන දරුවෝ ටිකක් විතරයි. (අ)
මේ වගේ දේවල් ගැන ළමයින්ව දැනුවත් කරන්න ඕන. ඉස්කෝලවලම කරන්න පුළුවන්. කෙලින්ම කතා කල යුතු මාතෘකා මේවා. අපේ සංස්කෘතිය ගැන කයිවාරු ගහල වැඩක් නෑ දැන්. යථාර්තයට මුහුණ දීලා මේවා කතා කරන්න සහ සියලු දෙනා දැනුවත් කරන්න අපි පෙරට ආ යුතුයි. (ර)
දෙමව්පියන් විශේෂයෙන් තම දු දරුවන් ගැන සැලකිලිමත් නොවීමත් , නුතන බටහිර සදාචාරය පමණට වඩා වැළඳ ගෑනිමත් , රුපවාහිනිය සහ පරිගණකය පාවිච්චිය දියුණුවට ඉගෙනිමට වඩා , ෆේස් බුක් , චැට් වෙනි දේවලට , සීමාව ඉක්මවා යාමත් , පරිගණකය ඉදිපිට කළ යුතු නොකළ යුතු දේවල් ගැන වැටහිමක් නොමැති කමත් මේවාට ඉවහල් වේ , (හේ)
මන් හිතන්නේ අපි ළමුන්ට අන්තරජාල දැනුම ලබාදීමට නිසි ක්‍රමවේදයක් හදල නැ. පාසලේ ගුරුවරුන්ට වඩා දරුවන්ගේ පරිගණක දැනුම වැඩි, එතැනදී ගුරුවරු දියුණු වන ලෝකයත් එක්ක යාවත්කාලින වෙලා නැ. (ර)
ඔය ළමයි ඔය තරමටම මෝඩද ..? (ර)
ඉතා දුක්බර කතාවක්.මේවගේ කරුණු සම්බන්දව සියලුම පාසල් වල සම්මන්ත්‍රණ වගේ සංවිධාන කරලා හරි මේවගේ සිදුවීම් පෙන්නලා සිසුන් දැනුවත් කරන්න ඕන. රජය මගින් කරන්න පුලුවන්නම් ගොඩක් හොයිය. හුඟක් අය මේවගේ කෙරන්නේ නොදැනුවත් කමින්. අනික දෙමාපියනුත් තමාගේ දරුවා ගැන හොඳ සැලකිලිමත්ව ඉන්න ඕන. මොකද සමහර කලුසුද්දෝ කියනවා ළමයාගේ කවුරු එක්කද ආශ්‍රය කෙරන්නේ , දුරකථනය, පරිගණකය, පොත්, ඩයරි, අන්තෙර්ජාල ගිණුම් වගේ ඒවා දෙමාපියන් අනිවාර්යෙන් හොයල බලන්න ඕන. අනික නුවන්, කිව්වා වගේ කවදාවත් ඩිජිටල් උපකරණයකින් නිරුවත් ඡායාරූපයක් ගන්න එපා. ඔබ නැවත එය මකා දැමුවත් ඒ චිප් එක ඇතිතාක් කල් නැවත එය ලබාගන්න පුළුවන්. ඔබ කොයි තරම් මැකුවත් නැවත එය ලබා ගන්න පුළුවන්. ඒ නිසා කවදාවත්ම නිරුවත් ඡායාරූප ගන්න එපා. එය පරණ මුද්‍රිත කැමරාවකින් ගන්නවට වැඩිය අති භයානකයි. (ර)
කවදාවත් ඩිජිටල් උපකරණයකින් නිරුවත් ඡායාරූපයක් ගන්න එපා. ඔබ නැවත එය මකා දැමුවත් ඒ චිප් එක ඇතිතාක් කල් නැවත එය ලබාගන්න පුළුවන්. ඔබ කොයි තරම් මැකුවත් නැවත එය ලබා ගන්න පුළුවන්. ඒ නිසා කවදාවත්ම නිරුවත් ඡායාරූප ගන්න එපා. එය පරණ මුද්‍රිත කැමරාවකින් ගන්නවට වැඩිය අති භයානකයි (නදී)
ලංකාදීප කර්තෘ මණ්ඩලය බොහම ස්තුතියි. මෙවන් ලිපි දිගින් දිගටම ඉදිරිපත් කිරීමෙන් සමාජයට ඉතා වටිනා පණිවිඩයක්, මනා අවබෝදයක් දෙන්න පුළුවන්...කුෂාන් කිව්වා වගේ ආදරේ කියන්නේ මොකක්ද කියලවත් මේ ළමයි දන්නේ නෑ. මෙතන තියෙන්නේ ආදරෙයි රාගයයි අතර පටලේවිල්ලක්. පව් අසරණ කෙල්ලෝ නොදැනුවත් කමින් නරුමයන්ට ආදරය කරලා අමාරුවේ වැටෙනවා... (ස)
ළමයින්ගේ අනාගතය සුරක්ෂිත කිරීම වැඩිහිටියන්ගේ වගකීමක්.(අ)
පිටිගලට මිලානෝ, යුරෝපයේ හිටියට ඒ ගැන අඩු දැනීමක් තියෙන්නේ. තවමත් ලංකාව සංස්කෘතිය සභ්‍යත්වය අතින් ශ්‍රේෂ්ඨයි. ඒ ගැන කිසිම සැකයක් නැහැ. මේ ලිපියේ තියෙන්නේ එක්තරා කතාවක් විතරයි. එමඟින් ලංකාවේ ළමයින් සමඟ යුරෝපයේ ළමයින්ගේ සංස්කෘතිය සසඳන්න ඔබට කොහෙත්ම බැහැ. (නි)
මේ සමාජය ගන්න දෙයක් නෑ දැන්.විනාශ වෙලා ඉවරයි.ගෑනු ළමයි දැන් යන විදියත් හරි නෑ.(හේ)
තමන් කරන්න යන දේ ගැන දෙපාරක් හිතල බලන්න.එකෙන් තමන්ට වගේම දෙමාපියන්ටත් අවනම්බුවක් වෙනවා නේද කියලා හිතන්න.තමන්ගේ පෙම්වතා නෙමෙයි මොකා කිව්වත් තමන්ගේ ෆොටෝ කාටවත් දෙන්න එපා.දෙමුපියොත් තමන්ගේ දරුවෝ ගැන මීට වඩා සැලකිල්ලෙන් හොයලා බලලා වැඩ කරන්න ඕනි. (හේ)
ආදරය නිසා ගොඩක් කෙල්ලෝ තම පෙම්වතා කියන ඕනෑම දෙයක් කරන්නට පෙලබෙනවා තිරිසන්නු වගේ කොල්ලෝ එකෙන් අයුතු යෝජනා ගන්නවා මේක තාක්ෂණයේ වැරැද්දක් නෙමෙයි මිනිස්සුන්ගේ පිරිහිම.(හේ)
මේ වගේ දේවල් වලදි බුද්ධියත්, ඉවසීමත් හරි වැදගත්. දෙමව්පියන්ට පස්සෙ තේරුන එක වැරදියි. වැඩිහිටි උනාම අදාල වයස් වලදි අදාල දේවල් කරන්න හරි උපදෙස් දෙන්න ඕන. (ර)
හරිම අනුවේදනීයයි. ධර්මය ගැන කිසිම අවබෝධයක් නැති එකේ විපාක තමයි මේ. දරුවන් කරන හැමදෙයක් ගැනම අපි සෙවිල්ලෙන් ඉන්න ඕනෑ. (නි)
රටේ අනාගතය බාරගන්න සිටින කුඩා දරුවන් තමන්ගේ නොදැනුවත්කම මත හෝ කුමක් හෝ හේතුවක් නිසා ආදරය සහ ලිංගිකත්වය දෙක පටළවාගෙන තමන්ගේ අනාගතය අඳුරුකර ගැනීමක් දකින්න ලැබෙනවා.එය අද විශාල තර්ජනයක් බවට පත්වී තිබේ.එම නිසා මල් අකලට පරනොවී ලොව සුවඳවත් කිරීමට දෙමාපියන්ගේ හා සමාජයේ වගකීම නිසිලෙස ඉටුකළ යුතු බවත්, ඔවුන්ට හොඳ දැනුමක් ඒ පිළිබඳව ලබාදිය යුතු බවත් ප්‍රකාශ කරනවා (නි)
අාදරය සුන්දර වරදකී.... කල්පනාකාරී වන්න (නි)
අපේ පරණ වැඩිහිටියො අවුරුදු 16 හා සමාන වයස් වලදි විවාහ වුණා. අද කාලෙ හැටියට 16න් බැන්ඳෙ නැතත් අපි අපේ දරුවන්ට සමාජ හා ලිංගික අධ්‍යාපනයක් ලබාදෙන්න ඕනෑ. ඉස්සර 16න් බැන්ඳා කියන්නෙ ඒ දැනුම තිබුණා කියන එකනෙ. එහෙනම් ඇයි අද දරුවන්ට නිසි ලෙස ඒක උගන්වන්නේ නැත්තේ? (නි)
නිදහස අහිමි රටක තවත් එක් සෝචනීය සිදුවීමක්. ලංකාවේ ලිංගිකත්වය ගැන දෙමාපියන් හා දරුවන් අතර සහ සමාජීය ලෙස ලොකු පරතෙරයක් දකින්න පුළුවන් අනෙක් රටවල් ඒක්ක ගත්තම. (ර)
අද මුළුලොවම එක තැන් කල මේ උතුම් පරිගණක විද්‍යාව ගැන නිසි අධ්‍යාපනයක් දෙන්නේ නම් අපේ අසරණ ළමයි මෙවැනි සෝචනීය අතවර වලට ලක් වන්නේ නැත. (ර)
තවත් එක ආදර කතාවක්. ආදරේ කියන්නේ මොකක්ද කියලවත් මේ ළමයි දන්නේ නැ. මෙතන තියෙන්නේ ආදරෙයි රාගයයි අතර පටලේවිල්ලක් පව් අසරණ කෙල්ල නරුමයෙකුට ආදරය කල පව ගෙවනවා දැන්. (ර)
නව තාක්ෂණය තමන්ගේ සහ අන් අයගේ යහපත පිණිස භාවිතා කරන්න. තවද දෙමාපියන් කිසිවිටකත් තමන්ගේ දරුවන් පිලිබද 100% විස්වාසය තබන්න එපා. සැම විටම සුලු හෝ සැකයක් තිබිය යුතුය.එවිට සමාජය යම්තාක් දුරට හොද අතට පත්වේ..... තමන් තමන්ට අවංක නම් මේ සමාජයේ මෙතරම් පහත් ක්‍රියා සිදු නොවෙනු ඇත. මුලින්ම තමන් තමන්ට අවංක වන්න.(හේ)
හරිම අනුවේදනීය කතාවක් (නි)
පිටිගල මිලානෝ, ඔයා පැස්බරා වංශයේද, ඔලුව වැල්ලේ හංගන්ද ඉන්නේ? මෙන්ඩිස්, දැන්වත් ඔය කයිවාරුව නවත්වන්න. ඇස් ඇරලා බලන්න ඇත්ත මොකක්ද කියලා. ඔයා කියන සභ්‍යත්වය බලෙන් පවත්වාගෙන යන එකක් මිසක් හරි අවබෝදයක් ඇතිව අනුගමනය කරන එකක් නෙමෙයි කියල කවදද ඔයාල වටහා ගන්නේ. අපේ ළමයින්ට ඇත්ත නැත්ත උගන්වල අවබෝදය ලබා දුන්නොත් විතරයි මේ දේවල් වලක්වන්න පුළුවන්. ඔයාල වගේ කට්ටිය තමයි මෙවැනි මාතෘකා සමාජයේ සාකච්ඡාවට ලක් වෙන්න ඉඩ නොදී වළක්වාගෙන ඉන්නේ. පරක්කු වෙන්න වෙන්න අපේ ළමයින්ටම තමයි පාඩුව. (නදී)
සමාජයේ පිරිහීමයි මෙයට හේතුව.(හේ)
කොහෙද දැන් ඔය ෆොටෝ ටික තියෙන්නේ .(හේ)
දැන් අපේ සමාජය විනාශ වෙලා ඉවරයි.(හේ)
ඔය ගැහැණු ළමයි අහිංසකයි කිව්වාට කිසිම ලැජ්ජාවක් නැති අයයි. සුළුවෙන් වත් ලැජ්ජාවක් තිබුනා නම් තමන්ගේ නිරුවත් ෆොටෝ අන්තර්ජාලයට මුදා හරීද. (හේ)
අන්තෝ ජටා බහි ජටා (අ)
හොද වැඩේ. (ර)
හැදියවක් නැති ළමයින්ගේ වැඩ තමයි ඔය.(හේ)
මේවා දැනුවත් කල යුත්තේ පාසැල තුලමයි.. අද ළමයින් ඉස්සරට වඩා ගොඩක් වෙනස්.. වරදට පෙළබීමට ඇති ඉඩකඩ බොහොම වැඩි.මව්පියන් දරුවන් පිළිබඳ නිතරම අවදානයෙන් සිටිය යුතුයි.(දිල්)
ලංකාවේ ළමයි ගැන අපිට හරිම කණගාටුයි. පිටරට වල හැදෙන ළමයින්ට මේවා ගැන හොඳ අවබෝධයක් තිබෙනවා. ඔවුන් බොහෝ බුද්ධිමත් සහ තමන්ගේ ගරුත්වය ගැන හිතනවා. ලංකාව නම් ළමයින් හදන්න එතරම් හොඳ රටක් නෙමෙයි. යහපත් ගුණධර්ම ලංකාවේ ළමයින්ට ඉගෙනගන්න ලැබෙනවා අඩුයි වගේ මට හැඟෙන්නේ. මේ රටවල ළමයින්ට පොඩි කාලේ ඉඳලම කියාදෙන්නේ ඉවසීම සහ හොඳ ගුණධර්ම. (නි)
වරද වෙනතුරුම දෙමාපියන් හොයා බැලුවේ නැද්ද? දෙමාපියන් මීට වැඩිය ළමයින් ගැන හොයලා බලන්න ඕනෑ. (නි)