IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


අනාගත විදුලි බිල කොතැනද?

පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැති සතරවැනි සමාලෝචනයේදී විස්තීරණ ණය මුදලේ ඊළඟ වාරිකය ගෙවීමට නම් විදුලි බිලේ සංශෝධන ඇතිකළ යුතු බව දන්වා තිබේ.

ඒ අනුව විදුලි බිල වැඩි කිරීම පිළිබඳව ඉතා ඉක්මනින් රජය තීරණයක් ගත යුතුව තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විස්තීරණ ණය මුදල මුලින්ම අනුමත කළ අවස්ථාවේදී එළඹි එකඟතා අනුවම ක්‍රියාත්මක කිරීමට ද රජයට සිදුව තිබේ.

විවිධ හේතු මත අයිඑම්එෆ් - ශ්‍රී ලංකා එකඟතා අනුව කටයුතු නොකරන තත්වයක් ඇති වන්නේ නම් ශ්‍රී ලංකාවට ඊළඟ ආර්ථික අර්බුදයට මුහුණදීමට සිදුවනු ඇත. මෙම රජය බලයට පත්වීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වැනි සමාලෝචනය සඳහා එහි නිලධාරීහු ශ්‍රී ලංකාවට පැමිණ නිරීක්ෂණ කටයුතුවල නියැලු‍ණහ. 2024 වසරේ නොවැම්බර් 23 එම සමාලෝචනය අවසන් විය. ඒ අනුව ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර මාණ්ඩලික මට්ටමේ ගිවිසුමක් අත්සන් කිරීම ද සිදුවිය. එසේ වුවද එම සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් වූයේ නැත. එයට හේතුව අයවැය ලේඛනය මගින් මූල්‍ය සහ රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳව නිශ්චිත වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නොතිබීමයි.

ඒ අනුව තුන්වැනි සමාලෝචන වාර්තාව රජය 2025 වසර සඳහා වූ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන තුරුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය වෙත ඉදිරිපත් වූයේ නැත. සමාලෝචනය නිමවී මාස තුනකටත් වැඩි කාලයක් ගතවීමෙන් පසු රජය  අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට කටයුතු කළ අතර ඒ අනුව 2025 පෙබරවාරි 28 වෙනි දින තුන්වැනි වාරිකය නිකුත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබුණි. ඒ පිළිබඳව නිරීක්ෂණය කරන විට පැහැදිලි වන්නේ රජය විසින් 2025 වසරේදී අනුගමනය කරනු ලබන රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය පිළිවෙත පිළිබඳ සැලසුමක් ඉදිරිපත් කර තිබුණේ නම් මීට වඩා කෙටි කලක් තුළදී මුල් ගිවිසුම අනුව කටයුතු කිරීමට හැකියාව තිබුණු බවයි.

සිදුවන ප්‍රමාදය හේතුවෙන් මුලින් ඇතිකර ගත් එකඟතාවලට අනුකූලව විස්තීරණ ණය මුදලට අදාළ කාලසීමාවේදී එම එකඟතා ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් නොලැබේ. අනෙක් අතට විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය ආදිය සම්බන්ධයෙන් නිශ්චය කර ඇති කාලසීමාවලට අනුව කටයුතු කිරීමට නොහැකි තත්වයක් ද උද්ගතවේ. බරපතළම ප්‍රශ්නය වන්නේ ණය ගෙවීමේ හැකියාව සහ අයිඑම්එෆ් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම තුළ ඇතිවන ආර්ථික ස්ථායීතාව පිළිබඳව ආයෝජකයන් ඇතුළු බොහෝ දෙනකු තබා ඇති විශ්වාසය කඩවීමයි. කිසියම් හෝ හේතුවක් නිසා එම අයගේ අපේක්ෂා බිඳ වැටෙන තත්වයක් නිර්මාණය වුවහොත් සියල්ල කණපිට පෙරළීම සඳහා වැඩි කාලයක් ගත වන්නේ නැත.

2025 අප්‍රේල් මාසයේදී ගිවිසුම පිළිබඳ සතරවැනි සමාලෝචනය සඳහා මූල්‍ය අරමුදලේ කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණියෝය. ඔවුන් සමාලෝචනය අවසන් කර මාණ්ඩලික මට්ටමේ එකඟතා ද ඇති කරගෙන වාර්තාවක් නිකුත් කර තිබේ. එම වාර්තාවේ ඊළඟ වාරිකය මුදා හැරීමට නම් සම්පූර්ණ කළ යුතු කොන්දේසි දෙකක් දක්වා තිබේ. ඉන් පළමු කොන්දේසිය වන්නේ විදුලි බිල පිරිවැය ආවරණය වන මට්ටමකට පත්කර ඒ සඳහා වන යාන්ත්‍රනයක් සකස් කළ යුතුය යන්නයි. දෙවැනි කොන්දේසිය වන්නේ මූල්‍ය සුරක්ෂිතතාව පිළිබඳ විමර්ශනය විධිමත් අයුරින් සම්පූර්ණ කළ යුතුය යන්නයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විදුලි බිල පිළිබඳ සංශෝධන 2025 වසරේ මාර්තු 31 වැනි දින වනවිට ක්‍රියාත්මක කළයුතු යැයි අවධාරණය කළ බව වාර්තා විය. සමාලෝචනයෙන් පසු ඉදිරිපත් කළ වාර්තාවේ එසේ මිල නියම කිරීම පිළිබඳ කටයුතු කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇති බව සඳහන් කර තිබේ. ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මැතිවරණයට පෙර විදුලි බිල අඩු කිරීම පිළිබඳව ප්‍රකාශ කළ අදහස් ඇතුළත් වීඩියෝ පටයක් මේ දිනවල සමාජ මාධ්‍යවල විශාල ලෙස සංසරණය වේ. රුපියල් 3000ක විදුලි බිලක් රුපියල් 1000කින් අඩු කිරීමටත්, රුපියල් 9000ක විදුලි බිලක් රුපියල් 3000කින් අඩු කිරීමටත්, කටයුතු කරන බවක් එම වීඩියෝවෙන් ප්‍රකාශ වේ. රජය ඒ ආකාරයටම නොවුවද විදුලිබිල යම් ප්‍රමාණයකින් අඩු කිරීමට කටයුතු කළේය. ගැටලුව ඇතිව තිබෙන්නේ එම මිල අඩු කිරීම හේතුවෙනි.

පසුගිය රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා ක්‍රියාත්මක කිරීමට පටන් ගත් පසු විදුලි බිල විශාල ලෙස ඉහළ නැංවූයේය. එක අතකින් විදුලි පිරිවැයට සමාන වන ලෙස මිල ඉහළ නැංවීමත් සිදු කරන අතරම විදුලිබල මණ්ඩලයේ ලාභය ඉහළ නංවා ලබාගෙන ඇති ණය ආපසු ගෙවීමට හැකි තත්වයක් ද ඇති කළේය. විදුලිබල මණ්ඩලයට ලාභ ලැබීමට ද, ණය විශාල ලෙස ආපසු ගෙවීමට ද හැකි තත්වයක් එතුළින් නිර්මාණය විය. පසුගිය රජය ද ඉන්පසු විදුලි බිල යම් ප්‍රමාණයකින් අඩු කරන ලද නමුත් ලාභය සහ ණය ආපසු ගෙවීමේ ක්‍රියාවලියට එමගින් වැඩි බලපෑමක් සිදුවූයේ නැත. එසේ වුවද නව රජය විදුලි බිල අඩු කිරීමත් සමග විදුලි පිරිවැය ආවරණය කර ගැනීම සම්බන්ධයෙන් මෙන්ම ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් ද ගැටලු ඇතිවී තිබේ.

මාර්තු මස 31 වැනි දිනට ප්‍රථම නව ගාස්තු සංශෝධන සහ ඒ සඳහා වූ යාන්ත්‍රණයක් සැකසිය යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් නියම කෙරුණ ද පළාත් පාලන මැතිවරණයට මුහුණදීමට තිබියදී එවැනි පියවරක් ගැනීමට රජය සූදානම් නොවූ බව පෙනී යයි. මැතිවරණයට පෙර මාධ්‍ය සමග පැවති සාකච්ඡාවලදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා අනුව විදුලි බිල ප්‍රතිශෝධනය කිරීමට සිදුවන බව පිළිගත්තේය. එහෙත් ඔහු ප්‍රකාශ කර සිටියේ නව රජය අඩු කරන ලද ප්‍රමාණයට වඩා වැඩි මිලක් ඇති නොකරන බවය. එහි අදහස වන්නේ රජය විසින් අවසන් වරට අඩුකළ මිල ගණන් ඉක්මවා යන ආකාරයේ මිල වැඩි වීමක් සිදු නොවන බවයි.

කෙසේ වුවද විදුලි නිෂ්පාදනය සඳහා වැයවන පිරිවැයට වඩා වැඩි මිලක් නියම කිරීමට රජයට අනිවාර්යයෙන්ම සිදුවේ. එසේ වුවද පිරිවැය අඩු සහ ස්වාභාවික මූලාශ්‍ර මගින් විදුලිය නිපදවීම සම්බන්ධයෙන් පසුගිය කාලය තුළදී රජය අනුගමනය කළ ප්‍රතිපත්ති හා හඳුන්වා දුන් නව වෙනස්කම් පිළිබඳව ද අවධානය යොමුකළ යුතුව ඇත.

සූර්යබල විදුලි නිෂ්පාදනය සම්බන්ධයෙන් රජය විසින් මෑතකදී පසුගාමී වෙනස්කම් හඳුන්වා දෙනු ලැබීය. ගෘහස්ථ පාරිභෝගිකයන් අතිවිශාල පිරිසක් සූර්ය බල විදුලි නිෂ්පාදනයට එකතු වෙමින් සිටි අතර රජයට කිසිදු පිරිවැයක් දැරීමට සිදු නොවන ආකාරයෙන් විදුලි නිෂ්පාදනය ඉහළ දැමීමට එමගින් හැකිවිය. මධ්‍යම පාන්තික සහ අඩු ආදායම්ලාභී පිරිස්වලට එය අමතර ආදායම් මාර්ගයක් ද වූ බැවින් ඒ ඔස්සේ සුර්යබල විදුලි නිෂ්පාදනය විශාල ලෙස ඉහළ යන පරිසරයක් ද ඇතිව තිබුණි.

එසේ වුවද රජය විසින් සූර්යබල විදුලිය ගෘහස්ත නිෂ්පාදකයන්ගෙන් මිලදී ගන්නා මිල සැලකිය යුතු මට්ටමකින් අඩු කළේය. ඒ අතරම රජය  නියම කරන කාලපරිච්ඡේදවල සූර්යබල විදුලි නිෂ්පාදනය නතර කරන ලෙසට ද නියම කර තිබේ. සූර්යබල විදුලි නිෂ්පාදනය අඛණ්ඩව ඉහළ ගියේ නම් විදුලි පිරිවැය තවත් අඩුවන අතර නිෂ්පාදන පරිවැය සහ මිල අතර පරතරය ද තවදුරටත් අඩුවීමට ඉඩ තිබුණි. එබැවින් රටේ බලශක්ති ප්‍රතිපත්තියේ ඇති කරන වෙනස්වීම් මගින් නිෂ්පාදන පිරිවැය අඩු කරන ක්‍රමවේදයක් හඳුන්වාදීම පිළිබඳවත්, ජාතික විදුලිබල පද්ධතියේ අසමතුලිතා ඇති නොවන ආකාරයෙන් කළමනාකරණය කිරීම සඳහා වූ විද්‍යාත්මක ක්‍රමවේද ඇතිකර ගැනීමත් ඉතා වැදගත් වේ. පුනර්ජනනීය විදුලි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ඉතා සුදුසු පසුබිමක් නිර්මාණය වී තිබියදී එය කළමනාකරණය කර ගැනීමට නොහැකිව සූර්ය බල විදුලි නිෂ්පාදනය අඩාල කර දැමීම අවාසනාවන්ත තත්වයකි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතරවැනි සමාලෝචනය අවසන් කර ඊළඟ ණය වාරිකය ලබාදීම විදුලි මිල සංශෝධනය කරන තුරු සිදුවේ යැයි සිතිය නොහැක. එවැනි තත්වයක් තුළ විදුලි බිල තවත් නොබෝ දිනකින් වැඩි කිරීම හැර ගත හැකි වෙනත් විකල්පයක් නැත. එබැවින් ඊළඟ ණය වාරිකය ලබා ගැනීමටත්, අයිඑම්එෆ් - ශ්‍රී ලංකා ගිවිසුම බිඳ වැටීම වළක්වා ගැනීමටත් විදුලිබිල තවත් දින කීපයකින් ඉහළ දමනු ඇත. කෙසේ වුවද ඊළඟ මිල සංශෝධනය ඇති කිරීමට පෙර සූර්ය බල විදුලි සැපයුම අඩාළ කිරීමට ගෙන ඇති තීරණය පිළිබඳව සමාලෝචනයක යෙදීම ඉතා වැදගත් වනු ඇත. විශාල දියුණුවක් අත්කර ගනිමින් තිබූ සූර්ය විදුලි නිෂ්පාදනය අඛණ්ඩව ඉහළ නැංවීමට කටයුතු කරන්නේ නම් රටේ ඉහළ විදුලි පිරිවැය පිළිබඳ ගැටලුව සැලකිය යුතු මට්ටමකින් විසඳා ගැනීමට ඉඩ ලැබෙනු ඇත.

අතිවිශාල ආයෝජනයක් රජය සිදු නොකර, ඉතා කෙටි කාලයක් තුළදී රටේ විදුලි නිෂ්පාදනය ඉහළ දැමීමටත්, විදුලි නිෂ්පාදන පිරිවැය අඩු කිරීමටත් හැකි එකම ක්‍රමය වන්නේ සූර්ය විදුලි නිෂ්පාදනය ඉහළ දැමීමයි. ජාතික විදුලිබල පද්ධතියට සූර්යබල විදුලිය එකතු කර ගැනීමේදි සංකූලතා ඇති වන්නේ නම් එය විදුලි කළමනාකරණය පිළිබඳ ගැටලුවක් මිස නිෂ්පාදනයේ ගැටලුවක් නොවේ. ලොව බොහෝ රටවල් සූර්ය විදුලිබල නිෂ්පාදනය ඉහළ නංවා ගැටලුවක් ඇති නොවන ආකාරයෙන් ඒවා ජාතික විදුලිබල පද්ධතියට එකතු කර තිබේ. එවැනි තත්වයක් තුළ මූල්‍ය අරමුදලේ යෝජනා ක්‍රියාත්මක කරන අතරම විදුලි නිෂ්පාදන පිරිවැය කෙටි කලකින් පහළ දැමිය හැකි එවැනි ක්‍රියාමාර්ග අනුගමනය කිරීම පිළිබඳව ද රජයේ අවධානය යොමුවිය යුතුය.

 

(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
 සුනන්ද මද්දුම බණ්ඩාර



අදහස් (0)

අනාගත විදුලි බිල කොතැනද?

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

නව ව්‍යවස්ථාව කෙසේ වියයුතුද?
2025 මැයි මස 07 115 1

ශ්‍රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ


අනාගත විදුලි බිල කොතැනද?
2025 මැයි මස 07 169 0

පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.


ටින් අංකය හිස් ටින් එකක්ද?
2025 මැයි මස 07 1510 0

1917 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 102 වැනි වගන්තියට අනුව, 2024 ජනවාරි 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, වයස අවුරුදු 18 හෝ ඊට වැඩි හෝ 2024 ජනවාරි 1 වැනි දින හෝ ඊට පසු වයස අව


ප්‍රබන්ධය ඉතිහාසයටත් වඩා සැබෑවක්
2025 මැයි මස 07 97 0

ප්‍රවීණ ගීත රචක ලේඛක මහින්ද චන්ද්‍රසේකර මහතා විසින් රචිත ‘වාපී’ නවකතාව අනුරාධපුරයේදී පසුගියදා එළිදැක්වුනි. ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ මහතා එම උළෙලේද


ටයිටැනික් මගියාගේ ලියමන පවුම් තුන්ලක්ෂයකට අලෙවි වෙයි
2025 මැයි මස 07 327 0

ටයිටැනික් නෞකාව ගිලීගොස් වසර 113 ක් ගත වී ඇති නමුත්, තවමත් ඒ ගැන නොයෙක් නොයෙක් කතා කරළියට පැමිණෙයි. ජීවිත 1500 ක් බිලි ගනිමින්, ටයිටැනික් නැව සීතල උතුරු අත්ලා


​කාගේත් තරම උරගාන පුංචි ඡන්දය
2025 මැයි මස 05 375 0

ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1054 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 253 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1295 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site