IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


අතුරුදන් සැමියා කුස්සියේ ළිප යට

14_RASA_P_4   

 

 

සදාහරිත දේශගුණයක් සහිත මීගොඩ ප්‍රදේශයේ ඕවිටිගල නම් ග්‍රාමයක් විය. එහි ඇල්බඞ් සිංඤෝ නම් විවාහක පුද්ගලයෙක් වූවේය. ඔහු රහසිගතව මරා සඟවා දමා තිබූ අතර මාදම්පේ විසූ ඇස්.පී.ඩබ්ලිව්. පෙරේරා මහතා විසින් එය කවියට නඟනු ලැබිණ. කැප්ටන් මුද්‍රණාලයේ මුද්‍රණය කරවූ එම කතා පුවත කවි කොළයක් විය.


හාරන කාලෙට පුදුම දෙයක් වුනි ඇසුවන්ගේ හදවත     පැලෙනා
ඇල්බොඞ් සිංඤොව මරලා දෙවියනි, වළදාලා එතනම     තිබුණා
දකිනා කාගෙත් හදවත පැලෙනා විලසට කටයුතු කර     තිබුණා
මෙව්වා දෙවියනි, හදවත නැතුවද දකිනා හැමදෙත්     පුදුමවුණා


මීට දශක කීපයකට පෙර ඕවිටිගල ගම්මානයම කම්පාවට පත්කළ ඒ බිහිසුණු ඝාතනයේ සුලමුල මෙසේය.65fgj


ඇල්බට් සිංඤෝගේ ජන්මභූමිය වූයේ ඕවිටිගලය. සොයුර සොයුරියන් කීපදෙනෙකුගෙන් යුත් ඇල්බට් සිංඤෝ ඔහුගේ මනාපය පරිදි ඇඹේණියක් කැන්දාගෙන ආවේය. ඔහුටම කියා නිවසක් සාදාගෙන ආදරයෙන් කල්ගත කළේය.


ඇල්බට්ගේ පුංචි පැළ ඔහුගේ ආදරණීය බිරිඳගේ දෑතින් සැරසෙද්දී ඇල්බට් තව තවත් මහන්සිවී කටයුතු කළේ අනාගතය පිළිබඳව දහසකුත් වූ බලාපොරොත්තු හදදරා ගනිමිනි.


“ඇල්බට් සිංඤෝ උඹ තාත්තා කෙනෙක් වෙන්න යනවා” ආදරය පිරුණු ඇල්බට්ගේ පුංචි ගෙපැලට ඒ සුභාරංචිය තව තවත් සතුට ගෙනාවේය. ඔහු ඔහුට හැකි පරිදි ආදරණීය බිරිඳ බලාගත්තේය. ඇගේ අවශ්‍යතාවයන් නොඅඩුව සැපයුවේය. කුරුළු කූඩුව ආලෝකමත් කිරීමට එන කිරිකැටියා වෙනුවෙන් තව තවත් මහන්සිවී කටයුතු කළේය.


ඇල්බට්ටත් පවුලේ සියලු දෙනාටත් සතුටගෙන දෙමින් ගෙපැළ පුරා කිරිසුවඳ පැතිර ගියේය. මොළකැටි අත්පා ගසමින් සිඟිත්තිය දිනෙන් දින වැඩුණාය. “උඹට ඉන්නේ කෙල්ලෙක් නිසා ටිකක් මහන්සිවෙලා උපයන්න වෙයි ඇල්බට් සිංඤෝ”

66
ඔහුට ජීවිතය ගෙනයාමට අනේකවිද උපදෙස් ගෙනදෙන්නෝ වූහ. ඇල්බට් සිංඤෝද දියණියකගේ වගකීම් සිතදරාගනිමින් තව තවත් මහන්සිවී වැඩ කළේය. කය වෙහෙසවා වැඩ කරන ඔහු සවස් යාමයේ පුංචි අඩියකින් සප්පායම් වීමට ද පුරුදු වූයේ යහළුවන්ගේ ඉල්ලීම් නිසාමය.


දියණිය ටික ටික ලොකු මහත් වනවිට ඔහුගේ බිරිඳ රහමෙර පානයෙන් වැළකී සිටින ලෙස ඇල්බට්ට ආයාචනා කළාය. එහෙත් ඇල්බට් සිංඤෝට ඉන්මිදීමට නොහැකි විය. නිවැසියන්ගේ හිත් අමනාපකම් පසෙකලා යහළුමිත්‍රයන් සමඟ එක්වී රහමෙර පානය කළේය. ඒ නිසාම ආදරය පිරුණු කැදැල්ලේ හිත් අමනාපකම නැමති දෙදරීම ආරම්භ වූවේය.


දියණිය යෞවනත්වයට පත් වුවද ඔහුට ඔහුගේ පුරුදු මත් වතුර අතැර දැමීමට නොහැකි වූවේය. එවැනි හිත් අමනාපකම් බහුල වූ වාතාවරණයකදී මවගේ ආශිර්වාදය මධ්‍යයේ දියණිය විවාහ දිවියටද පත්වූවාය. විවාහ වූ පසුවත් ඇය ඇගේ ස්වාමියාගේ නිවසට නොගියාය. ඇය ඇගේම නිවසේ ජීවිතය සරිකළාය.
බිරිඳත්, දුවත්, බෑනාත්, ඇල්බට් සිංඤෝත් එකම ගෘහයේ ජීවත් වූ අතර ඔහුගේ බේබදුකම නිවැසියන්ට මහත් හිසරදයක් විය. විවාපත් දියණියක් සිටින පියකු ලෙස මීට වඩා වගකීමෙන් කටයුතු කරන්නැයි බිරිඳ අවවාද කළද ඒ කිසිත් නොතකා ඔහු ඔහුට ආවේණික ජීවිතය ගෙවා දැම්මේය.


නොයෙකුත් හිත් අමනාපකම් හා සණ්ඩු සරුවල් අතරේ ඇල්බට්ගේ පවුල් ජීවිතය සරිවූවේය. සණ්ඩු සරුවල්වලින් පිරීගිය ගෘහය තුළ ඇල්බට් තනි මිනිසෙක් වූවේය. ඔහුගේ බීමත්කම නිසා නිවසෙහි ආර්ථිකය කඩාවැටුණු අතර ඒ නිසාම ගුටි බැට හුවමාරුවීම් ද සිදුවූවේය. අසමගියෙන් පිරි ඇල්බට්ගේ පවුල් ජීවිතය සැබැවින්ම අසල්වාසීන්ටද හිරිහැරයක් බවට පත්විය. ඇල්බට් නිවසට කුමන පීඩනයක් ඇති කළ ද ගමේ මිනිසුන් සමඟ සහයෝගයෙන් කටයුතු කළේය. ඒ නිසා ඇල්බට්ට මූණට බැණ නොවැදීමට ගම්මු ක්‍රියා කළහ. එවැනි වාතාවරණයකදී කොහාගේ කුජනයත් සමග ඕවිටිගලටත් බක්මහ අසිරිය ළඟා වූවේය. සෑම නිවෙසකම කෙසෙල්කැන් ඉදෙන්නට විය. කැවුම් කොකිස් සුවඳ ගම පුරා පැතිරයන්නට විය. ඇල්බට් සිංඤෝගේ නිවසේ උදවියත් ඊට සූදානම් වූහ.


සුපුරුදු ලෙස ගමේ උදවිය කැවුම් පිඟන් රැගෙන නෑගෙවල්වලට ඇවිදින්නට වූහ. ඇල්බට් සිංඤෝගේ නිවසටත් ඔවුහු ගොඩවූහ. එහෙත් ඇල්බට් සිංඤෝ පේන්නට නොසිටියේය. “අවුරුදු නැකතේ ඇල්බට් අයියා කොයි ගිහින්ද? බොහෝ අය විමසූහ.


“ඇල්බට් අලුත් රස්සාවකට ගියා. සල්ලි, ලියුම් එවනවා. ඒත් අවුරුද්දට එන්න බැරිවුණා” ඔහුගේ බිරිඳ බිය සැක සඟවා ගැනීමේ වෑයමක හිඳිමින් පිළිතුරු දුන්නාය. බක් මහ අසිරිය ටික ටික ගෙවී ගියේය. ගම්මුන් ඇල්බට් සිංඤෝ ගැන අසන සෑම වාරයකදීම ඔහු රැකියාවකට පිටගම් ගිය බව ඔහුගේ බිරිඳ පැවසුවාය. එහෙත් ඇගේ සැකමුසු පිළිතුරු ගමේ ඇතැමුන්ගේ කුකුසට ජීවය දුන්නක් විය. ඒ පිළිබඳව තතු ඇල්බට්ගේ සහෝදරයන්ගේද සවනත වැකී තිබිණි. ඔවුහු ඇල්බට්ගේ නිවසට යාබද නිවෙස්වලින් යම් යම් තොරතුරු ලබා ගත්හ. ඉන් පසු ඇල්බට්ගේ බිරිඳගෙන් ඇල්බට් පිළිබඳව විචාළහ.


එහිදීද ඇය දුන් පිළිතුර වූයේ ඔහු රැකියාවකට පිටගම් ගිය බවකි. ඇගේ හැසිරීම පිළිබඳ සැක උපදවාගත් ඇල්බට්ගේ සොහොයුරෝ ඔහුගේ අතුරුදන්වීම පිළිබඳව පාදුක්ක පොලිසියට පැමිණිලි කළහ. ඉන්පසු වේලුසාමි නම් පොලිස් නිලධාරියා සමඟ නෑනාගේ නිවසට පැමිණියහ. කාකි ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින් දුටු පමණින්ම ඇල්බට් සිංඤෝගේ පවුලේ උදවිය කලබලයට පත්වූහ. වේලුසාමි නම් පොලිස් නිලධාරියාගේ සූක්ෂම දෙනෙත ඔවුනගේ කලබලය හඳුනා ගත්තේය. ඔහු ඇල්බට් සිංඤෝගේ බිරිඳගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළේය. ඇය සියලු දෙනාට දුන් පිළිතුරම පොලිස් නිලධාරියාටද දුන්නාය.


ඔහු “ලියුම් එව්වානම් කෝ එවපු ලියුම් ගේන්න බලන්න” ලෙසින් හරස් ප්‍රශ්න නැගුවේය. ඇල්බට්ගේ බිරිඳ අන්ද මන්ද වී එහෙ මෙහෙ ගියද ඇයට පෙන්වීමට පුංචි හෝ ලියුම් කඩදහියක් නොවීය. ඉන් සැකය තහවුරු කරගත් පොලිස් නිලධාරියා ඇල්බට්ගේ දුවත් බෑනාත් ප්‍රශ්න කිරීමට ගත්තේය. ඔවුන් සැපයූ පිළිතුරු මත කුමක් හෝ බරපතළ දෙයක් සිදුකර ඇති බව වටහාගත් පොලිස් නිලධාරියා ඒ නිවස සෝදිසි කිරීමට ආරම්භ කළේය.


නිවසේ සැම තැන බැලුවද කිසිදු සාක්ෂියක් නොවීය. අවසානයේ ඔවුන්ගේ නෙත ගැටුණු ස්ථානය වූයේ මුලුතැන් ගෙයයි. පොලිස් නිලධාරීහු මුලුතැන්ගෙය සිසාරා බැලූහ. ඔවුන්ගේ තියුණු ඇස් එක් තැනෙක නතර විය. අලුතින් මැටිගා බඳින ලද ළිපක් එහි විය. ගම්මුලාදෑනිත් පොලිසියත් ඇල්බට් සිංඤෝගේ පවුලේ උදවියත් ඊළඟට සිදුවන්නේ කුමක්දැයි බලා සිටියහ පොලිස් ඇස් රහසක් එළිකිරීමට වෙහෙසෙද්දී ඇල්බට් සිංඤෝගේ පවුලේ උදවිය භ්‍රාන්තියෙන් තැති ගත්හ.


කිසිවෙකුත් නොසිතු ලෙස පොලිස් අණ ක්‍රියාත්මක විය. අලුතින් බැඳි ළිප අසල හැරීම ආරම්භ වූවේය. අලුතින් වසන ලද පස් බුරුල් හෙයින් දිගටම හෑරූ පොලිස් නිලධාරීන්ට ඇල්බට් සිංඤෝගේ දිරාගිය මළ සිරුර සොයාගත හැකිවිය. සිරුර දොස්තර අමරසේකරට භාර කළේය. ඔහු මරණ පරීක්ෂණය සිදුකළේය. හිසට දරුණු ලෙස පහරදී මරා දමා ඇති බවත් මරණය සිදුකර මාස තුනක් පමණ පසුවී ඇති බවත් මරණ පරීක්ෂණයෙන් සනාථ වූවේය.
ඥාති හිතමිත්‍රාදීහු ඇල්බට් සිංඤෝගේ බිහිසුණු මරණය පිළිබඳව විස්සෝප වූහ. ඒ පිළිබඳව ඇස්.පී.ඩබ්ලිව්. පෙරේරා කවිකම් කර තිබුණේ මෙසේය.


ඇල්බට් සිංඤෝගෙ ඥාති සහෝදර සියලු දෙනා අනෙ සෝක     වෙලා
කවදා නුඹ දැක සැනසෙන්ඩද පනෙ පොළොව හැපෙනවා කදුළු     සලා
පෙර කළ පාපය දෝ පලදුන්නේ මෙහෙමට වෙන්නට උනෙ     කියලා
වැඩිමල් අය ඉඳ පොළොවෙ හැපෙනවා මේ මරණෙ ගැන     දුක්වීලා


ඇල්බට් සිංඤෝගේ මරණය පිළිබඳව එදා ඔහුගේ ඥාතීන් දුක්වූ ආකාරය ඒ ආකාරයට කවියට නැඟුණු අතර එහි ප්‍රාණ ඝාතයේ ආදීනව පිළිබඳවත් යම් පමණකට සටහන් කර ඇත. ඇල්බට් සිංඤෝගේ මිනී මරුවන් වූ බිරිඳටත්, දුවටත්, බෑනාටත් ඒ කර්මවලට මුහුණ දීමට සිදුවිය. එනම් මේ ලෝක වශයෙන් ඔවුන් නීතියෙන් දඬුවම් ලැබූ අතර ප්‍රාණඝාතය හේතුකොට ගෙන තව තවත් වද බන්ධනවලට ද ලක්විය හැකිය. එදා ජනමාධ්‍ය ප්‍රචලිත නොවූ අවධියක මෙවැනි සිදුවීම් ජනතාව අතරට ගෙන ගිය සත දහයේ කවි කොළයේ ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය විය. පෙරකී කතාව කවි කොළයේ සටහන් වූයේ මේ ආකාරයෙනි.

 

මෙන්න මීගොඩ පාදුක්කේ අතුරුදහන්ව සිටි සැමියා කුස්සියේ ලිපයට වළදමා තිබී හමුවීමේ ශෝකජනක අරුම පුදුම සිද්ධිය.


බිරිඳ, දුව, බෑනා සහ සොහොයුරිය ඇතුලු හතරදෙනෙක් සැකපිට හිරබාරේ.

 

 1 2

 

m

 
 



අදහස් (0)

අතුරුදන් සැමියා කුස්සියේ ළිප යට

අජිත් Wednesday, 18 May 2016 02:39 PM

බලන්න මේ කවි දිහා මොන තරම් හොදට ගලපු ගේය පද රචනද! දැන් කාලේ ළමයි කියවිය යුතුමයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 727 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2390 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site