IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


අඥාන පුරුද්ද නඩත්තුව

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නාලිකා ප්‍රතිව්‍යුහගතකරණයට යෝජනා ලබා ගැනීමේ සාකච්ඡාවක් පසුගිය හතර වැනිදා පැවැත් වුණේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් සහ සිංහල සේවා අධ්‍යක්ෂ යන නිලධාරීන්ගේ මූලිකත්වයෙනි. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කළ අය එතැනට පැමිණ සිටියහ. මම ද ඉන් එකෙකි. පැය දෙකකට වැඩි කාලයක් තිස්සේ උණුසුම් ලෙස එම සාකච්ඡාව පැවතුණි. එතැන දී අනුෂා ගෝකුල අප මිතුරිය කී කතාවකින් නොව උපහැරණයකින් මෙවර ලිපිය ආරම්භ කිරීම සුදුසු යැයි සිතේ. ඇය ගේ උපහැරණය වූයේ ‘බල්ලා පොළොවේ ගැසුවා වගේ’ යන්නය.

අප කාටත් සිනහ ගිය ද එය නම් කදිම උපහැරණයකි. ගෙදර සහ පාරවල්වල සිටින බලු‍ සහෝදරයන් හෝ සහෝදර බල්ලන් කෙරෙහි අනුකම්පාවක් ඇති මට ඒ උපහැරණය ටිකක් සැර වැඩි වුණත් එය කදිම උපහැරණයකි. රටේ පාලකයෝ සහ බලවතුන් කෙසේ වෙතත් පොදු ජනයාගේ පැත්තෙන් බලන විට රට පත් වී ඇත්තේ බල්ලා පොළොවේ ගැසුවා වැනි තැනකට ය. එනම් කරකවලා පොළොවේ ගැසූ තත්ත්වයකට ය. රට යන්නේ කොහාටද කියා ඇසුවොත් ඊට දිය හැක්කේ පිළිතුරක් නොව ‘නැත අප දන්නේ’ යන්න ය.

රාජ්‍යය පිළිබඳ අප සිතුවොත් ඒ තත්ත්වය වඩාත් භයානක ය. මන්ද, රාජ්‍යය නම් වූ හැවක් මිස ඇතුළත කිසිවක් තිබෙන බවක් පෙනෙන්නට නැත. පුදුමය වන්නේ මෙවැනි බිමක මහජන නියෝජිතයන් යැයි කියා ගන්නා පිරිසක් අති දැවැන්ත මුදල් කන්දරාවක් වියදම් කරමින් ජනතාව විසින් සිය බදු වියදමින් නඩත්තු කිරීමය. පොදුජන මනසේ කිසිම ඉඩක් ලබා නැති සහ ලබා ගැනීමට නුසුදුසු ඒ අය පැවතීමේ තර්කය කුමක් දැයි ඒ මහජන නියෝජිතයන් යැයි කියා ගන්නා අයවත් දන්නේ නැත. ඔවුන්ට රටක් හෝ රාජ්‍යයක් අවශ්‍ය බවක් පෙනෙන්නට නැති අතර අරමුණ තම පැවැත්ම පමණ ම ය. මේ නියෝජිතයන් යැයි කියා ගන්නා පාලකයන් සහ ඔවුන්ගේ නායකයන් නිර්මාණය කර ඇත්තේ පොදු ජනයාට ද රට සහ රාජ්‍යය එපාකරවන තත්ත්වයකි. 

මෙය ඉතා නරක තත්ත්වයකි. මන්ද, පොදු ජනයා දේශපාලනික වීමේ ආර්ථික සහ සමාජ හේතු අතර රට සහ රාජ්‍යය කෙරෙහි වන ඔවුනගේ හැඟීම සහ බැඳීම තීරණාත්මක සාධකයකි. කලක සිටම මේ බැඳීම සහ හැඟීම නඩත්තු කිරීමට ජනයා අවිඥානිකව හෝ සවිඥානිකව කටයුතු කළේ අපටත් රටක් රාජ්‍යයක් තිබිය යුතුය, යන අපේක්ෂාවෙනි. එහෙත් දැන් බොහෝ දෙනකුට එවැනි අපේක්ෂා නැත. ඔවුන් ද පොළොවේ ගැසුවා වැනිය. තම මූලික අවශ්‍යතා සපුරාගැනීම පවා අර්බුදයට ගොස් ඇති මොහොතක, රටෙන් රාජ්‍යයෙන් ඊට පිළිසරණක් නොලැබෙන විට තිබු හැඟීම් සහ බැඳීම් සුනුවිසුණු වී යෑම පුදුමයක් නොවේ ම ය. රට යන මිනිසුන් නොව රට හැර යන අය සහ රටින් පලා යන අය වැඩි වන්නේ ඒ නිසා ය.

බැරි වුණත් බොහෝ දෙනකුගේ මානසික වුවමනාව මේ රට හැර යාමය. ගිය වැඩිහිටි බොහෝ දෙනකුට මේ බිම ගැන මිස රාජ්‍යය ගැන නම් අතීත කාමයක් නැත. මන්ද, ඔවුන් රාජ්‍යක් යනු කුමක් දැයි වටහා ගනිමින් සිටින නිසා ය. කුඩා දරුවන් ඒ රටවලට හුරුවනු ඇත. වැඩිහිටියන්ට දැනෙන පාළුව ඔවුන්ට නො දැනෙනු ඇත. ගැටලු‍ව එය නොවේ. මේ රට මේ තත්ත්වයට පත් කළෝ කවරහු ද යන්න ය. එසේම මේ රට හැර යන ශ්‍රම බලකාය අහිමි වීමෙන් රටට අත්වන්නේ කවර ඉරණමක් ද යන්න ය. 

රාජ්‍යක් ගොඩනැඟීම සහ විධිමත්ව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය බොහෝ දෙනකු රට හැර යන අය අතර වෙති. මේ අය මේ රට විසින් දවසකින් දෙකකින් නිර්මාණය කරගත් අය නොවෙති.  රටේ ජාතික ආදායමෙන්, ජාතික ශ්‍රමයෙන්, ජාතික කාලයෙන් සහ ජාතික අවකාශයෙන් වැඩි ප්‍රමාණයක් වැය කොට උගන්වා පුරුදු පුහුණු කරගත් අය වෙති. මේ රටේ පාලකයන් මේ පිරිසෙන් වැඩ ගන්නවාට වඩා පළිගන්නට යෑමේ ප්‍රතිවිපාකය වුණේ ඔවුන් රට හැර යාමය.

මෙය සරල කරුණක් නොවන්නේ ඒ නිසා මෙරට අධ්‍යාපන, උසස් අධ්‍යාපන, සෞඛ්‍ය, වෛද්‍ය, තාක්ෂණ, කෘෂිකර්ම, කර්මාන්ත, තොරතුරු තාක්ෂණ, පරිපාලන සහ වෙනත් බොහෝ ක්ෂේත්‍රවලට අදාළ සහ අත්‍යාවශ්‍ය විශේෂඥ, පළපුරුදු, පුහුණු සහ තරුණ සහ වැඩිහිටි ශ්‍රම බලකායක් රටට අහිමි වීම ය. මෙහි ප්‍රතිවිපාක නොතකන පාලකයන් මේ බිම රැගෙන යන්නේ රටක් රාජ්‍යයක් කරා නොව තුන් බියෙන් පෙළෙන සහ පෙළන විශාලාවක් වෙත ය, මිහි පිට අපායක් වෙත ය.

අප ඇත්තටම ඔවුන්ට ආදරේ නම් තරුණ ජනයා රට හැර යෑම සහ යෑමට  උත්සාහ කිරීම ගැන වැඩිහිටි අපට විරුද්ධ විය හැකි ද? යන්න සංවාදයට ලක්විය යුතු කරුණකි. අප විරුද්ධ වුවහොත්, ඔවුන්ට නිවී සැනසිල්ලේ සිටීමට හැකි රටක් සහ රාජ්‍යයක් නිර්මාණය කිරීමට නො හැකි වීමේ වැරැද්ද අපට පෙන්වා දෙනු ඇත. මේ පෘථිවියේ ඕනෑම තැනක ජීවත් වීමට ඔනෑම කෙනකුට අයිතියක් ඇති බව ඔවුන් පණ්ඩිතයන් සේ අපට පෙන්වා දෙනු ඇත. එවිට අප නිරුත්තර වනු ඇත. එසේ ඔවුන් පවසන්නේ ජාතික රාජ්‍ය සීමා නොතකන ලෝකයක් ඇතැයි සිතා වන්නට පුළුවන.

එහෙත් ඔවුන්ගේ සිහින රටවල් සියල්ල දැඩි ජාතික රාජ්‍යවාදී දෘෂ්ටිවාදයක සිටින ජාතික ආරක්ෂණවා දී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන රාජ්‍ය බව ඔවුන්ට වැටහෙන විට ඒ ජාතික සීමා උල්ලංඝනය කළ නොහැකි බව තේරුම් යන විට මේ රට රාජ්‍යය කෙසේ වෙතත් මේ බිම දෙස නැවත හැරී බලනු ඇත. හිතන්න, මේ රටේ පාලකයන් අපේ දරුවන්ට අත්කර දී ඇති අසරණ ඉරණමක තරම ගැන.

ලෝකයේ දියුණු සහ ශක්තිමත් රටවල් සියල්ල දැඩි ආරක්ෂණවාදී සහ ජාතිකවාදී දෘෂ්ටියක සහ ප්‍රයෝගිකත්වයක සිටිද්දී අපේ පාලකයන් සියල්ල උනා දැමුවේ ඒ දියුණු සහ ශක්තිමත් ජාතික රාජ්‍යවල පය පිහදාන පාපිසි බවට මේ රට පත් කරමිනි. ඇත්ත වශයෙන් ම රට දියුණු ජාතික රාජ්‍යයක් කිරීමේ ක්‍රමෝපායික මහන්සියක් අපේ රටේ පාලකයන් ගත්තේ ම නැති තරම් ය. ලොව ශක්තිමත් රාජ්‍ය ‘ජාතික තාප්ප’ බඳිද්දී අපේ පාලකයන් කළේ තිබුණු කොට බිත්තිත් කඩා දැමීම ය. එසේ කඩා දමා ලෝකයක් ඉදිරියේ දුක කියන සිඟන්නන් බවට රටම පත් කිරීම ය.

ඉතින්, අප මේ භුක්ති විඳිමින් සිටින්නේ රටක් ජාතික රාජ්‍යයක් ලෙස ගොඩ නැගීමට ඒ  සඳහා වූ ජාතික අභිලාශ සහ ඒවා මත පදනම් වූ ප්‍රතිපත්ති සහ ක්‍රමෝපාය අවශ්‍ය බව පාලකයන් වටහා නො ගැනීමේ ප්‍රතිවිපාක ය. අප කළ වැරැද්ද වන්නේ එවැන්නන් දිගින් දිගටම අපේ පාලකයන් ලෙස තබා ගැනීමේ අඥාන පුරුද්ද නඩත්තු කිරීම ය. 

ඊට හේතුව අප බොහෝ දේ දන්නවා යැයි සිතා සිටියත් දේශපාලනය සහ සමාජ ආණ්ඩුකරණය පිළිබඳ සාක්ෂරතාව අතින් අප හද්ද මෝඩයන් වීම ය. ඒ පිළිබඳ දන්නා වුන් කියන දේවල් ඇසීමට, කියවීමට, බැලීමට සහ අවබෝධ කර ගැනීමට අපේ ඇස් කන් සහ මනස සුදානම් නැතිකම ය. හඳ පෙන්වන්නාගේ ඇඟිල්ලේ ඇදය දෙස මිස සඳ දෙස නොබැලීමේ පුරුද්ද ය.

ඇත්තටම අපිට, අපේ රටට රාජ්‍යයක් අවශ්‍ය නැති ද? අපි අපේ බිම පවත්වාගෙන යා යුත්තේ සතිපොළක් හෝ ගාලක් ලෙස ද? දැනට සිදුවන්නේ දෙවැන්නය. එනම් කුලියක් නොගෙවා හෝ ඉතා කුඩා නෛතික කුලියක් සහ විශාල අල්ලස් කොමිස් කුට්ටි ගෙවා බඩු විකුණන, ’ස්වරූපයෙන් සතිපොළක්’ ගානට රට පත්කොට තිබීමය. ඇතැම් අල්ලස් කාක්කන් නිසා බඩු නො විකුණා යන අය ද නැතුවා නොවේ.

එක්කෝ පරණ තාලේ ගාලක් එනම් පරණ කාලේ කරත්ත නැවතුම් පොළක් ලෙස රට පාවිච්චි කිරීම ය. මේ රට මේ තත්ත්වයෙන් ගලවා ගැනීමට හෝ නව ආකාරයේ ජාතික රාජ්‍යයක් ගොඩනැගීම මේ පාලකයන්ට නම් ඔවුන්ගේ ජීවිත කාලය පුරාවටවත් කළ නො හැක්කකි.  එවැනි පාලකයන් සහ ඔවුන්ගේ සහචරයන් ගැන යම් මට්ටමකින් විශ්වාසය බිඳ වැටීම ජනයාගේ පැත්තෙන් සිදුවෙමින් පැවතීම ගනඳුර මැද වූ අපේක්ෂාවේ එළියකි.

අප ඒ එළිය සුරැකිය යුතුවා පමණක් නොව එය රටේ සහ පෘථිවියේ සෑම තැනකම ඉන්නා මේ රටට හිතැති මිනිසුන් ප්‍රබෝධවත් කරන සහ ඒකාබද්ධ කරන දීප්තිමත් ආලෝක දහරාවක් බවට පත්කරගත යුතුම ය. එහෙත් පෞද්ගලිකත්වයට වඩා පුරවැසිකම වටින, පුරවැසිකමට වඩා සාමාජිකකම වටින, සාමාජිකකමට වඩා සංවිධානය වටින, සවිධානයට වඩා සම්මේලනගත වීම වටින මහා සහ අඛණ්ඩ ශක්තිමත් දම්වැලක් නිර්මාණය කරගෙන ඒ දම්වැලේ පුරුක් බවට මහජන සමාජය පත්කර නොගතහොත් මේ සමාජය යළි වැටෙන්නේ 2022 හෑරුණු වළට ම ය. බුද්ධිය මඟ කියත්වා.

කොළඹ විශ්වවිද්‍යාලයේ රාජ්‍ය ප්‍රතිපත්ති හා දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ධම්ම දිසානායක



අදහස් (3)

අඥාන පුරුද්ද නඩත්තුව

නෙළුම් පුෂ්පසිරි Tuesday, 16 May 2023 10:08 AM

ඔබතුමාගේ මෙම විවරණය ඉතාමත් කාලෝචිත ලිපියකි. ශ්‍රී ලංකා ගුවන්විදුලි නාලිකාවද පාඩු ලබන ආයතනයක් බවට දශක ගණනාවක් තිස්සේ මැසිවිලි නගයි. වරද ඇත්තේ නිලධාරින් තුළ සහ ආදල විෂය පථය බාර ඇමැතිවරයා අතයි. මේ රටේ ගුවන්විදුලි ශ්‍රාවකයා අපේක්ෂා කරන්නේ පාලකයින්ට ආවඩන සුදු හුණු ගාන කේවට්ටයින් නොවේ. එහෙත් වර්ථමානයේ සිදුවන්නේ එයමයි. තමන්ගේ තනතුර රැක ගැනීමට මහජන මනස විකෘති කරන නිර්මාණශීලිත්වයක් නැති මහලු ගිරවුන් ඉවත් කර සුදුසුකම් ඇති ශිල්ප නිපුණතාවලින් යුක්ත දක්ෂතා ඇති පිරිසක් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවටද අවශ්‍ය බව සඳහන් කරමි. ස්තුතියි...!

:       0       1

සාර්කැස්ටික් Thursday, 18 May 2023 07:28 AM

පොහොට්ටුවට තෙල් බෙදන්න හඩ්සන්ට ගුවන් විදුලිය එයාගේ පවුලේ බූදලයක්ද?

:       0       1

W.asarath Saturday, 20 May 2023 11:39 AM

ගුවන් විදුලියේ ඇතැම් පුද්ගලයින් සමාජයට පිළිලයකි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 301 1

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


නව ව්‍යවස්ථාව කෙසේ වියයුතුද?
2025 මැයි මස 07 201 1

ශ්‍රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ


අනාගත විදුලි බිල කොතැනද?
2025 මැයි මස 07 776 0

පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.


ටින් අංකය හිස් ටින් එකක්ද?
2025 මැයි මස 07 2869 0

1917 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 102 වැනි වගන්තියට අනුව, 2024 ජනවාරි 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, වයස අවුරුදු 18 හෝ ඊට වැඩි හෝ 2024 ජනවාරි 1 වැනි දින හෝ ඊට පසු වයස අව


ප්‍රබන්ධය ඉතිහාසයටත් වඩා සැබෑවක්
2025 මැයි මස 07 170 0

ප්‍රවීණ ගීත රචක ලේඛක මහින්ද චන්ද්‍රසේකර මහතා විසින් රචිත ‘වාපී’ නවකතාව අනුරාධපුරයේදී පසුගියදා එළිදැක්වුනි. ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ මහතා එම උළෙලේද


ටයිටැනික් මගියාගේ ලියමන පවුම් තුන්ලක්ෂයකට අලෙවි වෙයි
2025 මැයි මස 07 650 0

ටයිටැනික් නෞකාව ගිලීගොස් වසර 113 ක් ගත වී ඇති නමුත්, තවමත් ඒ ගැන නොයෙක් නොයෙක් කතා කරළියට පැමිණෙයි. ජීවිත 1500 ක් බිලි ගනිමින්, ටයිටැනික් නැව සීතල උතුරු අත්ලා


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1209 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 301 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1335 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site