කොළඹ දිස්ත‍්‍රික්කය තුළ දිනකට රු. 10,000/-ක පමණ ශුද්ධ ලාබයක් ලැබිය හැකි හොඳම ව්‍යාපාරයනම් ආයුර්වේද ලේබලය ගසාගත් සම්බාහන මධ්‍යස්ථානයක් (Spa/Massage Center) පවත්වා ගෙන යාමයි. මුළු කොලොම්තොට හා ආශ‍්‍රිත ප‍්‍රදේශවල වසංගතයක් ලෙස පැතිරෙන මෙම ව්‍යාපාර යනු හුදෙක් ‘‘ලිංගික ආස්වාදය’’ සපයන ජාවාරමකි. ආසන්න වශයෙන් 95%කට වඩා ස්පාවල සැබෑ යථාර්ථය මෙයයි. එලෙසම එම යථාර්ථය හොඳින්ම දන්නේ පිරිමින් පමණි. එනම් වයස 15 සිට 80ටත් එහා පිරිමි පාර්ශ්වයයි. කොළඹ ප‍්‍රදේශ 15 සහ ආශ‍්‍රිත නගර 10ක පමණ වපසරියක පුළුල් ගවේෂණයක් මඟින් අපි මෙහි යථාර්ථය සොයා ගත්තෙමු. ඒ අතර ඍජුවම ගණිකා සේවය ලබාදෙන ස්ථාන සහ තෙරපිවරියන්ව අප සොයාගත් අතර ‘‘ස්පා’’ ජාවාරමේ යටිකූට්ටු වැඩ කිඩ රාශියක් පිළිබඳ විස්තර දැනගත්තෙමු.
ප‍්‍රථමයෙන් අපි ගල්කිස්සේ නිවසක පවත්වා ගෙනයන එක්තරා ස්පා එකකට පිවිසුනෙමු. රු. 1000/-කට පැයක සම්බාහනයක් කර ගත හැකි අතර අපට රිසි තරුණියක් තෝරා ගත හැක. කොළඹ හතේ තවත් ශාඛාවක් පවත්වාගෙන යන මොවුන් සතුව සිටින්නේ සුරූපී අඩු වයස් තරුණියන්ය. මහල් දෙකේම කාමර තිබෙන අතර නියමිත පරිදි ලියාපදිංචි කොට සම්මත තත්ත්වයන් යටතේ පවත්වාගෙන යන්නකි. මෙහිදී හමුවන තරුණිය කුරුණෑගල ප‍්‍රදේශයේ සිට පැමිණි වයස 21ක් වන තැනැත්තියකි. ‘‘අයියේ, අපි නැවතිලා ඉන්නෙත් මෙහෙම තමයි. අපිට එළියට එහෙම යන්න බෑ. තුන් වේලටම කෑම අපිට මෙහෙන් ලැබෙනවා. මේක හවුල් ව්‍යාපාරයක්. ඇඞ් එකකින් තමයි මාත් මුලින්ම මෙහෙට ආවේ. මෙතනදී එක සර් කෙනෙක් මසාජ් බෙඞ් එකට නිරුවතින් නැගලා අපිට කරන්න
ඕන මසාජ් එක ගැන කියලා දෙනවා. අපි කස්ටමස්ලා ආවම සම්මත මසාජ් එක පැය භාගයක් විතර කරලා අන්තිමට අදාළ දේ අහනවා.
සාමාන්‍යයෙන් අපි රු. 500/-ක් හෝ 1000/-ක් ගන්නවා. මම නම් කරන්නේ සාමාන්‍යයෙන් මගේ ආරක්ෂාව බලාගෙන තමයි. ඊට එහා කිසිම දෙයකට මම එකඟවෙන්නෙ නෑ. ඒත් මම දන්නවා ගාල්ලෙ පැත්තේ ඉඳලා ආපු අක්කා කෙනෙක් අපේ සර්ගෙ ටේ‍්‍රනිං එකේදී කෙලින්ම වැඩිහිටියන්ට සීමාවූ දේවල් කළා කියලා, එයා කස්ටමස්ලාට නොම්බරේ දීලා රෑට මේක වැහුවම හොරෙන් ජනේලෙන් පැනලා එළියට යනවා. මම මේක කරන්නේ අපේ ගෙදර ආර්ථිකය හින්දයි. අම්මායි තාත්තයි මල්ලියි විතරයි ඉන්නේ. එයාලා හිතන්නේ මම කොළඹ වැඩ කරන්නේ ෆාමසියක කියලා. සමහර කස්ටමස්ලා මට සීයලා වගේ. එක දවසක් එහෙම කෙනෙක් මට රු. 5000/-ක් දුන්නා. සමහරු 1000/-, 2000/- දෙනවා. මේ ආපු මාස 3ට මම රු. 120,000/-ක් විතර හම්බකර ගත්තා.
එම ස්පා ආයතනයේ සේවය කරන තවත් තරුණියන් දෙදෙනෙකු සමඟ කථා කිරීමට අපට හැකි වුණා. සමස්තයක් වශයෙන් ගත්කල ඔවුන් සියල්ල සුරූපී සේම වයස අවුරුදු 23ට අඩු තරුණියන්ය. මොවුන් මෙම ආයතනය තුළ අන්වර්ථ නමක් පවත්වාගෙන යන අතර තමාගේ වාරයට අනුව ලැබෙන පාර්භෝගිකයාට ඉතාමත් චාටු බසින් කථාවට අල්ලාගෙන ඇය කෙරෙහි උනන්දුව වැඩිකරව ගනියි. ඉතිරි දෑ මෙහි ලිවිය නොහැක.
මෙලෙස තවත් ස්ථානයක් පිළිබඳව අපට විශ්වාසදායී පසුබිම් තොරතුරු ලැබුණි. ඒ අනුව එහි වර්තමාන ස්ථානගතවීම සොයා අප ඇදුණේ කොළඹට ආසන්න තැනකටය. එම ස්පා ආයතනය විටින්විට තම ස්ථානය වෙනස්කොට ඇත. එහිද දුර බැහැර ප‍්‍රදේශවලින් පැමිණෙන තරුණියන් සිටින අතර, ඉන් හැටන් ප‍්‍රදේශයේ සිට වසරක සිට මෙම ආයතනයේ නැවතී සේවය කරන විසිතුන් හැවිරිදි එක් දරු මවක් සිටියි. ඇය ළාබල පෙනුමක් සහිත මෙම විෂය පථය හොඳ හැටි දන්නා පුරුදුකාරියකි. ඇගේ සැමියාගෙන් දැන් වෙන්ව සිටින අතර වසරක් පමණ වයසැති තම දරුවා සමඟ මෙම ස්පා එකේ සේවය කරයි. සම්බාහන ආයතනයේ හිමිකරුවන් ඇය නිහඬව ගෙනයන ලෝකයේ පැරණිතම රැකියාව පිළිබඳ නොදන්නවා විය නොහැක. ඇයගෙන් නිතරම සේවය ලබාගන්නා විශේෂිත පාරිභෝගිකයෝ කිහිපදෙනෙකු සමඟ ඈ සබඳතා පවත්වන්නීය.
උදයංගනී වැනි තවත් තරුණියන් එම ස්ථානයේ රහසිගතව එම කාර්යය කරගෙන යන බව දැනගන්නට ලැබුණේ ඇය ගෙන්මය. මෙම ස්ථානය මේ වනවිට මහරගම ආශ‍්‍රිතව පවත්වාගෙන යන අතර, බොහෝ ආදායමක් වසර කිහිපයක් පුරා රැුස්කර ගත් ඇය මේ වනවිට වෙනත් පුරුෂයෙකු හා සරණ බැදීමට යයි. මෙම ස්ථානයේ සේවයේ යෙදුණු තවත් වසය 21හි පසුවන ළාබල තරුණියක් සම්බාහනයට තරමක් එහා ගිය ආස්වාදයක් පාරිභෝගිකයන්ට ලබාදෙන්නීය. ඒ සඳහා ඇය රු. 500 සිට 2000 දක්වා අයකරයි.
ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නියමිත නීතිරීති අනුව සම්බාහන මධ්‍යස්ථානයක් ඇරඹීමට සහතිකලත් ආයුර්වේද වෛද්‍යවරයෙකු සේම සුදුසු බඩු භාණ්ඩ තිබිය යුතුය. එලෙසම සුදුසුකම්ලත් තෙරපිවරියක් සිටිය යුතුය. කෙසේ හෝ මේ අවශ්‍යතා සපුරාගෙන ව්‍යාපාරිකයන් මෙවැනි ස්ථාන නීත්‍යානුකූලව ආරම්භ කරයි. මෙවැනි මධ්‍යස්ථානවල සේවය කරන තරුණ වෛද්‍යවරු ඉතා ඉහළ මාසික වැටුපක් ලබා ගන්නා අතර, තෙරපිවරියන් මඟින් විටින්විට නොමිලයේම තම කායික අවශ්‍යතා ද සපුරා ගනිති. යොවුන්වියට එළැඹුණු නමුත් විශාල ආර්ථික අපහසුතා ඇති යෞවනියන් අකමැත්තෙන් වුවද පිරිමින් සමඟ ගැවසීමට පෙළැඹෙන අතර කල්යත්ම මෙම රැුකියාවේ රසය තේරුම් ගන්නා ඔවුහු කෙසේ හෝ පාරිභෝගිකයන්ගෙන් වැඩි කුට්ටියක් කඩා ගැනීමට මාන බලති.
දෙහිවල ආයුර්වේද මධ්‍යස්ථානයක ඉරේෂා අපත් සමඟ පැවසුවේ තරමක වෙනස් කතාවකි. ‘‘මම මේ රස්සාවට ඇවිත් මාස හයයි. මම පොළොන්නරුවේ ටිකක් දුෂ්කර පැත්තක ඉන්නේ. අම්මයි මල්ලියි ගෙදර ඉන්නේ. අපේ තාත්තා නැහැ. මල්ලි තවම නවය වසරේ. මේ රස්සාවට ආවේ අපේ සුදුසුකම්වලට වෙන රස්සා නැති නිසයි. මුලින්ම මම ගාමන්ට් එකක වැඩ කළා. ඒත් ඒකේ පඩි ගොඩක් මදියි. ඒකෙම හිටපු අක්කා කෙනෙක්ගෙන් තමයි මේ තැනට රස්සාවට අවේ. ආපු දවස්වල නම් මට බයයි වගේම ගොඩක් ලජ්ජ හිතුණා. සමහරුන්ගේ ඇඟවල් දැක්කම අප‍්‍රිය හිතුන වාර අනන්තයි. සමහරුන්ගේ ඇඟවල් මගේ අත් දෙකින් සම්බාහනය කරද්දි මාර හිරිකිතයි. ඒත්් ඒකට මට පුරුදු වෙන්න වුණා. නාකි සීයල වගේම ළමයි ඉන්න මිනිස්සුත් එනවා. සමහරු බෙඞ් එකේ ඉද්දි තුවාය අඳින්නෙ නෑ. මට පෙම්වතෙක් නම් නැහැ. තවත් දවසක් නාකි සීයා කෙනෙක් ඇවිත් මට මසාජ් එපා දුවේ, ටිකක් ළඟට වෙලා ඉඳිං කියලා මගේ මුළු සර්වාංගෙම අත ගෑවා. මම ආපු මුල් දවස්වල සමහරු මට සල්ලි නොදී පැනලා ගිය අවස්ථා කීපයක් තියෙනවා.
අපිට කස්ටමස්ලාගෙන් සල්ලි ඉල්ලලා දුන්නෙ නැති වුණාම බොස්ට පැමිණිලි කරන්න බැහැ. මොකද අපි කාමරවල එහෙම බෝඞ් ගහලා තියෙන්නේ. හැබැයි සල්ලි නොදී පැනලා යන කොල්ලන්ට අයෙ එන්නනම් වෙන්නෙ නැහැ මේ පැත්තේ. මමත් මාස 3-4 යද්දී මේ පැත්තේ සෙල්ලම් ගොඩක් ඉගෙන ගත්තා. දැන් නම් මුලින්ම සල්ලි අරගෙන තමයි මසාජ් කරන්නේ.
ඉරේෂා යනු වයස 22ක තරුණියකි. තම අම්මටයි මල්ලිටයි ගාමන්ට් රස්සාවක් කරනවා යැයි බොරු කියා මෙවැනි අසම්මත ක‍්‍රියාවල නියැලෙන්නීය. තම දියණියන් කොළඹ ගාමන්ට්වල රස්සාවල් කරනවා යැයි හිතාගෙන දිවි ගෙවන අසරණ අම්මලා බොහොමයක් මෙහි වෙසෙති. ඒ කෙසේ නමුත් මෙම රස්සාවේ ඉතාමත් පහත් අංගයනම් සැමියා සහ දරුවන් සිටින මැදි වයසේ අම්මලා ද මෙම රස්සාව කිිරීමයි.
මෙවැනි බොහෝ දෑ අද ‘‘ස්පා’’ මුවාවෙන් සිදුවේ. ඔබගේ දියණිය හෝ බිරිය හෝ ගැන නිරතුරු අවධානයෙන් සිටින්න. තම දියණිය හෝ බිරිඳ හෝ රැකියාව කරන තැනට වරින්වර ගොස් ඇගේ රැකියාව ගැන අවධානයෙන් සිටින්න. එසේ නොමැතිව ඔවුන්ට නිදහසේ රැකියාව කිරීමට ඉඩදීම මෙවැනි කටයුතුවලින් තරුණියන් අමාරුවේ වැටීමට හේතුව බව මතක තබාගන්න.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එරන්ද පුතා දන්නේ නැහැ මේ තැන් වල වැඩකරන බවලතුන් ගැන. නිකම් හරි පාරේදී මුණ ගැහුනාම කියන්නේ තමන්ගේ අසරණකම සහ අහිංසක නිසා මේකට අහුවුණ විදියට. නමුත් මේගොල්ලන්ගෙන් බහුතරයක් හරිම කපටියි. අපේ ගමේ එක්තරා උගත් හැදිච්ච තරුණ පුතෙක්ව මේ රැකියාව කරන තරුණියක් රවටා ගත්තේ බැංකුවේ වැඩකරනවා කියලා. සැකයක් නොසිතෙන්න මේ කපටි අම්මණ්ඩි බැංකුවේ වැඩ සහ විස්තර දැනගෙන තියෙන්නේ තමන් සොයාගෙන නිතර එන බැංකු විධායක නිලධාරියෙකුගෙන්. කවදාවත් ගුරුවර තරුණයාට තමන් වැඩකරන තැනට එන්න නොදී යෝජනාවක් කපුවෙක් ලවා එවලා ඉක්මනට බඳින්න ඕනෑ කියලා. දැන් ඉතින් මොනවා කරන්නද? (නි)
මමත් කියන්නේ මේ වගේ තැන් වලට අහුවුණා කියලා පිට මිනිසුන්ට විතරක් දොස් පවරන්න බැහැ. දුප්පත්කම එකක්. විලි බිය නැතිකම තව දෙයක්. මොන රැකියාවකට ගියත් ඒ යන්න කලින් තමන් ඒ ගැන දැනුවත් වෙලා ගමේ ගුරුවරයෙක් වගේ රටතොට ගැන දැනුවත් කෙනෙක්ගෙන් උපදෙස් අරගෙන පෙර විපරමක් කරන්න බැරිකමක් නැහැනේ (නි)
මේ තැනක වැඩකරන තරුණියක් අපේ ගමේ ඉන්නවා. පුදුම උද්දච්චකමක් තියෙන්නේ. සමහරු හිතන්නේ මේ උදවිය හරි අහිංසකයි කියලා. (නි)
මේ කතාව ඇත්ත. මගෙත් හොඳම යාළුවා මේ වගේ තැනක ැවඩ කරන්නේ අන්ත දුප්පත් කම නිසයි. මේ රස්සාව මහා ජරා එකක්, පිරිමින්ගේ නිරුවත බල බල සල්ලි හොයන එක. ගොඩක් කෙල්ලෝ සල්ලි හොයන්න මේ වගේ තැන් වල වැඩ කරනවා. එ්ත් එයාල ගණිකාවෝ නෙවෙයි මේ ස්පා කියන්නේ වසංගතයක්. මගේ යාළුවා කියන විදියට ගොඩක්ම එන්නේ ලොකු ළමයි ඉන්න තාත්තල සීයලා. (නදී)
දිලිනි ඔයාගේ කතාව හරි මදි. තමන්ගේ දුව, බිරිද වැඩ කරන තැන දෙමව්පියන් හෝ ස්වාමි පුරුෂය දැන ගෙන ඉන්න ඕනා. මොකද ගැහැණු ළමයි ගොඩක් සංවේදීයි. සමහර විට දුප්පත්කම නිසා තමයි මේ වගේ ජොබ් එකකට යන්නේ. පව් ඉතින් එයාලා. පිරිමි දහස් ගණනකගේ නිරුවත දකින්න වෙනවනේ.(නදී)
රංජිත්, ඔබ ට්‍රීට්මන්ට් ගන්න නිතරම රට යනවා නේද? මේ වගේ ජොබ් කියන්නේ කාලකන්නි ජොබ්. කෙල්ලෙක් නොවිකිනි විකිනෙන්නේ මේ වගේ ජරා ජොබ් හින්දයි. (නදී)
අද තිබෙන ආර්ථික අපහසුකම් නිසා හොඳ ආදායමක් ලබන්න පුළුවන් නිසා මේ ස්පා වල වැඩ කරන්න කෙල්ලො යනවා. (බ)
අපෝයි ඔව්. මේවායේ ඉන්නේ කඩුලු හතෙන්ම පැනපු කට්ටිය. සල්ලි තියනවා නම් සීයාකෙනෙකු හරි කමක් නැහැ. හැබැයි සමාජයේ පෙනී සිටින්නේ හරියට බැංකු විධායක නිලධාරිනියන් ගනකාධිකාරිනියන් වගේ ඇඳ පැළඳගෙන. (ර)
එහෙම නම් ඉතින් මුළු ලංකාවේම පිරිමින්ට වෙන්නේ නෝනලා සහෝදරියෝ දුවල වැඩ කරන තැන් වලට ගිහින් තනි රකින්න. මීට ප්‍රායෝගික නැද්ද සෑම තරුණියක්ම තොත්ත බබ්බු නොවී සිහි කල්පනාවෙන් බුද්ධියෙන් තමන් රැකියාවල් තෝරාගෙන එසේ තෝරාගත් කුමන හෝ රැකියාවක යම් කිසි අවදානමක් තිබෙන බව පේනවා නම් වහාම පවුලේ අයටද දන්වා එයින් ඉවත් වීම . (හේ)
සරණ, දොස්තරලා සම්බාහනය කරන්නේ නැහැනේ. මෝඩ කතානේ ඔයා කියන්නේ. (නි)
පිටරට ඉඳලා නිවාඩුවට එන අය නිතරම මේවට යනවා හස්තකර්ම සම්භානයක් කරගන්න. ඔබගේ ස්වාමියාත් හිටි හැටියේ වැඩකට කියා ගෙදරින් හෝ සිටිනා හෝටලයෙන් එලියට බහිනකොට ටිකක් විමසිලිමත් වෙන්න. (ර)
අනුන්ගේ හස්තයකින් කරන කර්මයට හවුල් නොවී. තමුන්ගේ අතට වෙල් දමාගන්න .කරදරයක් නෑ (ම)
හරි දැන් මේ බවලතුන් හරි හොඳයි කියන කට්ටිය කියන්නකෝ තමන්ගේ බිරිඳ දුව සහෝදරි මේවගේ තැනක වැඩ කරනවට කැමතිද කියලා. නැහැ කියන්න එපා. මොකද ඔයාලා මෙතන ලියලා තියෙන්නේ මේක ලංකාවේ අහිංසකම චරිතවත්ම බවලතුන් කරන රැකියාව වගේ (බ)
සරණ කොහොමද දන්නේ ? ඔබ එහෙනම් ඔය දෙවර්ගයේම උදවිය කාලා බලලා වෙන්න ඇති. මගේ අක්කාගේ සැමියාව රවට්ටා ගත්තේ ඔය ස්පා එකක වැඩ කරන චරිතවත් එක්කෙනෙක් තමයි. දරුවා ලැබෙන්න අක්ක ගමට ආපු ටිකට මායම් දමලා ඒ අයියාව අල්ල ගත්තේ (නදී)
සරණ, හැම පිරිමියාගේම ඇඟට අත ගහන්න ලැහැස්ති තරුණියක් චරිතවත් සහ පව් නොකරනවා වෙන්නේ කොහොමද ? මගේ ආගමට අනුව රාගයට උල් පන්දම් දීමත් පවේම කොටසක්. මේ බවලතුන් පිරිමියෙකුට තමන් ගේ සේවාව නිසා සැඟවුන රාගය මතු කරනවා නම් ඒ උදවිය උපාසිකා ගනයටද දැන් ඔබ කියන හැටියට වැටෙන්නේ ? (නදී)
මම නම් කියන්නේ ඇඟලුම් සේවිකා වෘත්තිය නම්බුකාරයි. අහිංසක තරුණියක් කන්න නැතුව මියගියත් මෙහෙම රස්සාවක් නම් තෝරාගන්නේ නැහැ. (නි)
මට නම් ඔය බොරුවට තමන් හරිම අහිංසකයි අසරණයි කියල පෙන්නගෙන ලෝකේ කාලා වතුර බොන බවලතුන්ව පේන්න බැහැ. මගේ යාළුවෙක්ව ස්පා එකක වැඩ කරන සක්කරවට්ටමකට අහු වෙන්න ගිහින් අපි පුදුම උත්සාහයක් කරලා බේරා ගත්තේ. (නදී)
කාලකන්නි ජොබ්. මිට වැඩිය හොඳයි චරිතේ තියාගෙන පාරේ හිඟාකෑවා නම් (නදී)
මා ඉන්නා නගරයේ සහ උප නගරවල නීතියට යටත් සැබෑ සම්බාහන ආයතන හා ස්පා තිබෙනවා. මා සම්බාහනයක් අවශ්‍ය වෙලාවට ඒවාට ගොස් තිබෙනවා, නමුත් ලිංගික සේවාවක් ලබාගැනීමට නොවේ. නියමිත අධ්‍යාපන සුදුසුකම් ලත් වෘත්තිකයකු මගින් අවශ්‍ය සම්බාහනය ලබාගන්න. නමුත් වෙනස මෙයයි. මෙහේ රස්සාවල උස් පහත් භේදයක් නෑ. නීතියට යටත් ලිංගික සේවා සපයන ආයතනත් මෙහි තිබෙනවා. නමුත් මට ඒවාට යෑමට අවශ්‍යතාවයක් නැහැ, හිත පාලනය කර ගැනීමේ හැකියාව ඇති නිසා. (නදී)
ඒෂාන්, ඒ තැන්වලත් වැරදි කරන උදවිය ඇති, මා එසේ නෑ කියා නෑ. ඒ වගේම එහෙම නැති අයත් ඇති. සම්බාහන ආයතනයක සේවය කරන පමණින් අපේ සමාජයේ කොටසක් ගැන විනිශ්චය කිරීම සුදුසු දැයි කියා මම ප්‍රශ්න කළේ. කවුරුවත් ඇඟ අල්ලපු පමණින් රාගය ඉස්මතු වෙනවා නම් දොස්තර කෙනෙක් ලඟටවත් ඔබට යන්න බැරි වෙයි. (නදී)
චමිකා, මම කියෙව්වා පුවත්පත්වලින් සමහර රටවල ගුරුවරියන් තමන්ගේ සිසුන් සමග සම්බන්ධතා පවත්වමින් ඔවුන් අපහරණයට ලක් කළ පුවත්. ඔබේ නිර්නායක අනුව ගුරු වෘත්තියත් පහත් වෙනවා ද?(හේ)
මේවා ස්පා මුවාවෙන් කරන ගණිකා ආයතන. ඒවා වලට පොලිසිය පනින්නේ නෑ. ස්පා කෙල්ලෝ ගොඩක් ගණිකාවෝ. එයාලා දවසට 5000ක් විතර හොයාගන්නවා. මේ ජොබ් එක රටෙන් තුරන් කරලා දන්න ඕන. මේකෙන් ඒඩ්ස් හැදෙනවා වැඩයි. (ර)
ඔව් ඔව් කාන්ති, මේ අය හරිම කපටියි.මේ වගේ දේවල් තහනම් කරන්න ඕනෑ. (නි)
තුෂාර, ජෙහාන් ඔබලාට සිංහල කියවා තේරුම් ගැනීමේ අපහසුතාවයක් තිබෙනවා ද? (ස)
මමත් කියන්නේ මේ තරුණියන් හරිම කපටියි. අපේ ඥාති අයියා කෙනෙකුට පත්තරෙන් ආපු විවාහ යෝජනාවකින් හමුවුණ මේ රැකියාව කරන තරුණියක් කිව්වේ කොළඹ පිළිගත් පුද්ගලික ආයතනයක වැඩ කියලා. ඔය යෝජනා වලින් විවාහ වෙන්න යන උදවිය කරුණාකර හොඳට සොයා බලන්න . (ම)
මේ ගැහැණුන්ට සල්ලි ඇරෙන්න වෙන දෙයක් ඕනෑ නැහැ. කාර්යාලයේ මගේ මිතුරියකගේ පොහොසත් සැමියාව රවටාගත් මේ උඩැක්කියක් දැන් එයාගේ අනියම් බිරිඳ බවට පත්වෙලා. අර අශිලාචාර ගැහැණියගේ ගමේ මුළු පවුලම නඩත්තු කරන්නේ මිතුරියගේ සැමියාගේ මුදලින්. ඒ මිතුරියගේ ජීවිතයම දැන් ගිනි ගොඩක්. (නි)
මහා ජරා රස්සාවක්. හොද විවාහයක් කර ගන්නත් බැහැ (ම)
සමහර රැකියා කරද්දි බොරු කියන්න වෙනවා. හමුදාවට ගියොත් මිනී මරන්න වෙනවා. ඒ දෙකම පස් පව්වලට අයත් ඒවා. ඒ නිසා මෙය අන් ඒවාට වඩා පහත් වෙන්නේ කොහොමද? (ම)
මේ රස්සාව තනිකර බොරුවක් විතරයි. මේ කෙල්ලෝ කරන්නේ පුදුම කපටි කම්, ඒ වගේම හෙන බොරුකරියෝ, තමන්ගේ දෙමව්පියන්ට නෑ හිත මිතුරන්ට ගොඩක් බොරු කරලා තමයි මේ රස්සාවට එන්නේ. මෙයාලව බඳින පිරිමින්ට සොරිම තමයි. (නදී)
ඔබ මෙහෙම තැනක වැඩ කරන්න කැමති නැත්නම් එහෙම තැනක වැඩ කරන්න එපා ඔබ අළුත් තැනක ට්‍රීට්මන්ට් කැමති නැනේ නුඹ එතනට යන්න එපා. කවුරුත් කාටවත් බල කරන නැහැ නේ. (බ)
කවුද මේ අහිංසක සීලාචාර පුරුෂයෝ ඕවට යන්නේ මුකුත් නොදැනද?ගෙවල්වල ඉන්න අඹු දරුවෝ අහිංසක වෙන්න ඕන.එකනේ අමාරුවේ වැටෙන්නේ? (ම)
සරණ, මම අදයි දන්නේ දොස්තරලා සම්බාහනය කර කර ලෙඩ්ඩු බලනවා කියලා. (නි)
ෂේන් කියන දේ හරි (නි)
අමාලි, අනෙක් රැකියා කරන ගමන් හොරකම් කරන, ජරාව කන, අනිත් අයව කපන, බොරු කියන අය අනන්තවත් ඉන්නවා. සමහර විට මේ සම්බාහන ආයතනවල වැඩකරන කාන්තාවන් ඇති ඔබ ඔය කියන බැංකු නිලධාරිනියන්, ගණකාධිකාරිනියන්ට වඩා චරිතවත්, පව් නොකරන අය. (ර)
සරණ සහ ශේන්, ඔබලා ස්පා හොදියි කියා ප්‍රකාශ කරන්නේ ඔබලත් එහි හැංගුන රසය දන්නා නිසා නොවේද?(ම)