IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


23 වැනිදාට විසුරුවලා පෙන්වන්න කියලා අභියෝග කරනවා

1    

 

රටේ නිර්මාණය වී තිබෙන්නේ අලූත් දේශපාලන තත්ත්වයකි. මෙම අලූත් තත්ත්වය තුළ විපක්ෂනායක භූමිකාවේ ස්වරූපය කෙබඳුද? ඒ පිළිබඳවත් දේශපාලන පෙළගැසීම් පිළිබඳවත් විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මහතා සමඟ කළ සාකච්ඡුාවක් මෙසේ සටහන් කර තබමු.

 


ප‍්‍රශ්නය:- රටේ දේශපාලනයේ දැන් මොකද වෙන්නේ?
පිළිතුර:-
මේ රටට අත්‍යවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුව අබියසට පැමිණ තිබෙනවා. හැබැයි ඒ ව්‍යවස්ථා සංශෝධනය මේ රටේ ජනතාවගේ අභිප‍්‍රායන් මල්පල ගන්වන්නක් විය යුතු මිසක් එක්සත් ජාතික පක්ෂයට  ඕනෑ දේ වෙන්න දෙන්නේ නෑ.

 


ප‍්‍රශ්නය:- දැනට ඉදිරිපත් කරලා තියෙන සංශෝධන එජාපයට  ඕනෑ දේ කියලා මතයක් තියෙනවා?
පිළිතුර:-
මෙහෙමයි. ඒ ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ අපේ සමහර ප‍්‍රශ්න තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා සාකච්ඡුා කරලා විසඳාගන්න. නමුත් මූලික දේ තමයි මේ ඇ21_MAIN_P_6විල්ලා තියෙන්නේ. ව්‍යවස්ථාවෙන් භාගයක් විතරයි. ඒ කියන්නේ විධායක ජනාධිපති ධුරයේ බලතල අඩු කිරීමට හා කොමිෂන් සභා පත් කිරීමට අදාළ කොටස විතරයි තියෙන්නේ. නමුත් අපට ඒ වගේම වැදගත් වෙනවා කේවල ක‍්‍රමය හා අනුපාත ක‍්‍රමය සම්මිශ‍්‍රණය වූ සෑම මැතිවරණ කොට්ඨාසයකටම වග කියන මන්තී‍්‍රවරයෙක් පත්වන මනාප පොරයෙන් තොර වූ හොඳ මැතිවරණ ක‍්‍රමයක්. ඒකත් ජනතාවගේ දීර්ඝ කාලීන බලාපොරොත්තුවක්. ඒ පිළිබඳව අපි දැනටත් සාකච්ඡුා කරගෙන යනවා. ඒ නිසා ඉතා ඉක්මනින් එයත් ගේන්න  ඕනෑ. ලංකා නිදහස් පක්ෂය ඉතාම පැහැදිලි ස්ථාවරයක ඉන්නවා. මේක කෑල්ලෙන් කෑල්ල කළ යුතු ඒවා නොවෙයි. මේ දෙකම එකවර කළ යුතුයි කියලා.

 


ප‍්‍රශ්නය:- අපේ‍්‍රල් 23 ට කලින් මේවා කරගන්න පුළුවන් කියලා ඔබ හිතනවද?
පිළිතුර:-
ඇයි මොකද මේ අපේ‍්‍රල් 23 ක් ගහන්නේ මොකටද? යම් වැඩක් කරන්න  ඕනෑ නම් ජනතාවගේ අවශ්‍යතාවය මේ ව්‍යවස්ථා සංශෝධනය කර ගැනීම නම් අලූත් මැතිවරණ ක‍්‍රමයක් ලබා දීම නම් කවුද මේ අපේ‍්‍රල් 23 දිනයක් දාගෙන ඉන්නේ.

 


ප‍්‍රශ්නය:- ඒක තිබුණේ දින සියයෙ වැඩ සටහන තුළයි.
පිළිතුර:-
දින සියයේ වැඩසටහන තුළ තිබ්බේ ජනවාරි මාසය වන විට මේ මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීමේ ලියවිල්ල ඉදිරිපත් කරනවා කියලා. ඒත් ඒ ගොල්ලෝ ඉදිරිපත් කළේ නැහැනේ. මේ මාසේ 17 වෙනකොට ඒක අනුමත වෙන්න තිබුණේ. ඉතින් ඒක අපේ වැරැුද්දක්ද? ඒ නිසා අපි කියනවා ඒ වැරැුද්ද නිවැරැුදි කරගෙන තව දින සීයක් හරි ඉඳලා මේ වැඩකටයුත්ත ඉවර කරමු.

 


ප‍්‍රශ්නය:- ඔබේ පක්ෂයෙ සභාපති යහපාලන ආණ්ඩුවේ නායකයා. ඔබ කියන්නේ ඔහු ජනතාවට දුන් පොරොන්දු ඉටු කළේ නැහැ කියලද?
පිළිතුර:-
එතැන ප‍්‍රමාදයක් වෙලා තියෙනවා. ඉතින් ඒක ජනාධිපතිතුමාට විතරක් දාන්න එපා. ඒකේ මූලික වෙලා වැඩ කරන්නේ අධිකරණ ඇමැතිතුමා අග‍්‍රාමාත්‍යතුමා ජනාධිපතිතුමා. ඊයෙත් මේ පිළිබඳව පක්ෂ නායක රැුස්වීමක් කියලා කිව්වා. මේක මම ජනතාවට දුන්න පොරොන්දුවක්. ඒක නිසා මේක අනිවාර්යයෙන්ම ඉෂ්ට කරන්න  ඕනෑ කියලා. ඒ නිසා එතුමාට අවශ්‍යතාව තියෙනවා මේක කරන්න. එක්සත් ජාතික පක්ෂයට  ඕනෑකම තියෙනවා මේක කකුලෙන් ඇදලා පරණ ක‍්‍රමයටම යන්න. මෙන්න මේකනේ ඇත්ත දේ. නමුත් ඒකට ඉඩ දෙන්න අපට බෑ. විශේෂයෙන්ම අපි කියනවා. මේ රටේ ජනතාව ශක්තිමත් ලෙස මේකට බලපෑමක් කරලා. නව මැතිවරණ ක‍්‍රමය ගෙන ඒම අනිවාර්යයෙන්ම කළ යුතුයි කියලා.

 


ප‍්‍රශ්නය:- යූඑන්පිය කියනවනේ අපේ‍්‍රල් 23 පාර්ලිමේන්තුව විසුරුවනවා කියලා?
පිළිතුර:-
මම අභියෝග කරනවා 23 වැනිදාට විසුරුවලා පෙන්වන්න කියලා.

 


ප‍්‍රශ්නය:- ලංකා නිදහස් පක්ෂය කැමැතියි මේ ආණ්ඩුව තවත් පරණ වෙනවා නම්?
පිළිතුර:-
ඒ මොකටද?

 


ප‍්‍රශ්නය:- ඡුන්දෙදි ඒකත් එක වාසියක්?
පිළිතුර:-
නෑ. මේ රටේ ස්වර්ණමය අවස්ථාවක් පැමිණ තිබෙනවා. දශක තුනක් තිස්සේ මේ රටේ ජනතාව සාකච්ඡුා කරපු මේ රටට වින්නැහියක් වෙච්ච විධායක ජනාධිපතිධුරය ඉවත් කරලා මනාප ක‍්‍රමය ඉවත් කරලා හොඳ මැතිවරණ ක‍්‍රමයක් සාදා ගැනීම සඳහා ප‍්‍රධාන දේශපාලන පක්ෂ යම් ආකාරයක සම තලයකට පැමිණ තිබෙ3නවා. මේ අවස්ථාව කවදාවත් ඉතිහාසයෙ ඇවිත් නැහැ. අපි කියන්නේ මේ අවස්ථාවේදී මේ තත්ත්වය ප‍්‍රයෝජනයට අරගෙන. අපේ දේශපාලන පැවැත්ම පක්ෂවල දේශපාලන පැවැත්ම මොකක් වුණත් අපි හොඳ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හදලා හොඳ මැතිවරණ ක‍්‍රමයක් ගේමු. මේක මේ අවස්ථාවේදී ගිලිහුණොත් තව වසර ගාණකට මේක කරන්න වෙන්නේ නැහැ කියන එකයි අපේ ස්ථාවරය.

 


ප‍්‍රශ්නය:- සන්ධාන පාක්ෂිකයා ඉන්නෙ ඉක්මනින්ම සන්ධාන ආණ්ඩුවක් හදා ගැනීමේ පිපාසයෙන්?
පිළිතුර:-
එහෙම බෑ. අර කියමනක් තියෙනවනේ. ”බුල් ඉන්ද චයින ෂොප් කියලා. චීන කඬේකට පැන්න හරක් වගේ වැඩ කරන්න බෑ. දේශපාලනයේදී සමහර විට එක අඩියක් ඉදිරියට තියන කොට අඩි දෙකක් පස්සට ගන්න වෙන අවස්ථා තියෙනවා. ඉතාම සූක්ෂම ලෙස දේශපාලන වාතාවරණය පසුබිම පිළිබඳව හිතන්න  ඕනෑ. එහෙම හිතලා වඩාත් සුදුසු දේශපාලන උපක‍්‍රම තෝරන්න  ඕනෑ. ඒ නිසා මේ හදිසියි කියලා, කතාවක් තියෙනවනේ හදිසියට කොරහටත් අත දාන්න බෑ කියලා. එහෙම හදිසියක් නොවෙයි  ඕනෑ. අපට තිරසාර වශයෙන්ම සන්ධානයට බලය ගැනීමේ වැඩපිළිවෙළකුත්  ඕනෑ. නමුත් අපි විශ්වාස කරනවා. ඒ එක්කම බලය ඉලක්ක කරගෙන පමණක් දේශපාලනය කරන්න හොඳ නෑ. බලය ගැනීම වගේම මේ රටේ ජනතාවට වාසිදායක වන කටයුතු කරන්න  ඕනෑ. විශේෂයෙන්ම මේ රටේ ජනතාවට හොඳ දේශපාලන සංස්කෘතියක්  දායාද කරන්න  ඕනෑ. අන්න ඒකට මේ ව්‍යවස්ථා සංශෝධනය ඉතාම වැදගත්.

 


ප‍්‍රශ්නය:- ඉතිහාසයේ මෙච්චර කාලයක් දක්නට නොලැබුණ අමුතුම ආකාරයේ විපක්ෂනායක ධුරයක් ඔබට ලැබුණේ?
පිළිතුර:-
ඔව්. විශේෂත්වයක් තියෙනවා. ඒ විශේෂත්වය තමයි දැනට පැන නැගී තිබෙන සංකීර්ණ දේශපාලන තත්ත්වය. අපේ පක්ෂයෙ නායකයා තමයි රාජ්‍ය නායකයා. එතුමා අපේ පක්ෂයෙ සභාපති. ඡුන්දය ඉල්ලූවෙත් විපක්ෂයෙන්. එක්සත් ජාතික පක්ෂයේ නායකයා තමයි අගමැති. මෙවැනි වාතාවරණයක් තුළ අද අපට එක්තරා ආකාරයකට අපේ නායකයාත් රැුක ගනිමින් එතුමාගේ ප‍්‍රතිපත්ති හා වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යමින් රටට අවශ්‍ය සුවිශේෂ වූ දේශපාලන තීන්දුවලට උදව් දෙමින් විපක්ෂයෙ කාර්ය භාරයක් කරන්න වෙනවා. වෙන විපක්ෂ නායකයන්ට මෙහෙම දෙයක් තිබුණේ නෑ. ඉස්සර ඉතා පැහැදිලිව වෙන්වුණු පරිශ‍්‍රයන් දෙකක් තිබුණා. ඒක මට නෑ.

 


ප‍්‍රශ්නය:- ඒ සහජීවනය මේ ආණ්ඩුවේ හොරකම් මැරකම් සම්බන්ධයෙනුත් තියෙනවා.
පිළිතුර:-
නෑ. මම අද මහ බැංකුවේ අධිපතිතුමා මේ ළඟදි කරන ලද කි‍්‍රයාවලිය පිළිබඳව මේ රජය දැඩිලෙස විවේචනය කළා. ඒ අවස්ථාවේදී රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා කිව්වා ‘‘එයාර් ලංකා එක ගැන. කොටස් වෙළඳපොළ ගැන. අපේ රජය කාලේදි මේ තැන්වල හුඟාක් වංචා ¥ෂණ වෙලා තියෙනවා. එහෙම බැලූවම මේක එච්චර ලොකු දෙයක් නොවෙයි’’ කියලා. ඒකට මම කිව්වා ඒ කරපු දේවල් ගැන සම්පූර්ණ පරික්ෂණ කරන්න. අපිටත්  ඕනෑ ඒවා ගැන පරීක්ෂණ කරගන්න. නමුත් ඒ කාලයේ වැරදි වුණා කියලා වැරැුද්දක් වෙලා තියෙනවා නම් ඒ ගැන පරීක්ෂණයක් කරන්න. එහෙමයි කියලා යහපාලනය ඇති කරන්න පොරොන්දු වෙච්ච පාලනයට කියන්න බෑ මහ බැංකුවේ අධිපතිතුමා කරපු දේවල් ගැන ප‍්‍රශ්න කරන්න බෑ කියලා.

 


ප‍්‍රශ්නය:- මහ බැංකුවේ අධිපතිවරයාට එරෙහිව එල්ල වෙලා තියෙන චෝදනා සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙන තිබෙන කි‍්‍රයා මාර්ග සම්බන්ධයෙන් ඔබ සෑහීමට පත්වෙනවාද?
පිළිතුර:-
කිසිසේත්ම නෑ. එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ නීතිඥයන් තුන් දෙනෙක් පත් කරලා තියෙනවා. කොමිටියකට. මේක හොරාගෙ අම්මාගෙන් පේන ඇසීමක්.

 


ප‍්‍රශ්නය:- මහ මැතිවරණය කවදා තිබ්බත් එදාට කොහොමද ඉදිරිපත් වෙන්න හිතාගෙන ඉන්නේ?
පිළිතුර:-
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සංධානගත වෙලා එක්සත් ජනතා නිදහස් සන්ධානය හැටියට බුලත් කොළය ලකුණෙන් අපි මැතිවරණයට ඉදිරිපත් වෙනවා.

5

 


ප‍්‍රශ්නය:- දැනට තියෙන පක්ෂත් ඒ සන්ධානයේ ඉන්නවාද?
පිළිතුර:-
අනිවාර්යයෙන්ම. අපිට කාවවත් බලෙන් උස්සාගෙන එන්න බෑ. දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, ඩිව් ගුණසේකර මැතිතුමා, වාසුදේව මැතිතුමා මේ සියලූ දෙනා අපේ රැුස්වීමට ආවා. එහෙම ඇවිත් අපේ මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමාව සන්ධානයෙ නායකයා හැටියට පිළිගත්තා.

 


ප‍්‍රශ්නය:- වාසුදේව මන්තී‍්‍රවරයා....
පිළිතුර:-
එතුමත් ආවා.

 


ප‍්‍රශ්නය:- වාසුදේව මන්තී‍්‍රවරයා අපේ පත්තරයට කිව්වා මෛතී‍්‍රපාල සිරිසේන සන්ධානයෙ නායකයා හැටියට පිළිගන්නෙ නැහැ කියලා...?
පිළිතුර:-
නෑ...නෑ... එතුමා පිළිගත්තා. එතුමා එදා හිටියා. එතුමා ඉතාමත්ම සතුටු වුණා.

 


ප‍්‍රශ්නය:- මේක මේ මුහුද හත්ගව්වක් විතර තියෙද්දි අමුඩ ගහනවා වගේ වැඩක්. අගමැතිවරයෙක් පත් කරන්නේ කොහොමද?
පිළිතුර:-
ඉස්සෙල්ලාම මහ මැතිවරණයක් තියන්න  ඕනා. ඒකට අපේක්ෂකයෙක් විදියට ඉදිරිපත් වෙන්න  ඕනෑ. එයා ජයග‍්‍රහණය කරන්න  ඕනෑ. ඊට පස්සේ ජනාධිපතිතුමාට හැෙඟන්න  ඕනෑ. කාටද පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නේ කියලා. මේ කාරණා සම්පූර්ණ වුණාමනේ පත් කරන්න පුළුවන් වෙන්නේ.

4

 


ප‍්‍රශ්නය:- හැබැයි ඔය කාරණා මේ පාර්ලිමේන්තුවේ නෑ.
පිළිතුර:-
ඔව්. මේ පාර්ලිමේන්තුවට නෑ. නමුත් ඔය සාධක තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒක නිසා කොයිතැනකදිවත් මහින්ද රාජපක්ෂ මැතිතුමා කියලා තියෙනවද එතුමාට අගමැති අපේක්ෂකයා වෙන්න  ඕනෑ කියලා. කියලා නෑනේ. ඉතින් මුලින්ම අපේක්ෂකයකුගේ කැමැත්ත එපැයි. මැතිවරණයක් තියෙනකොට අපි නාම යෝජනා කැඳවනවා. එතකොට එතුමා ඇප්ලිකේෂන් එව්වොත් එහෙම මට අර ආසනයට හරි දිස්ති‍්‍රක්කයට හරි තරග කරන්න  ඕනා කියලා. එතකොට ඉස්සෙල්ලාම අපිට තීරණයක් ගන්න වෙනවා. එතුමට අපේක්ෂකත්වය දෙනවද කියලා. එතැනින්නේ පටන් ගන්න  ඕනෑ කියලා. අනික මීට කලින් කවදාවත් අපි අගමැති අපේක්ෂකයෙක් නම් කරලා නෑ. රත්නසිරි වික‍්‍රමනායක මැතිතුමා නම් කරලා තිබුණෙත් නෑ. මහින්ද රාජපක්ෂ මැතිතුමා නම් කරලා තිබුණෙත් නෑ. දි.මු. ජයරත්න මැතිතුමා නම් කරලා තිබුණෙත් නෑ. ඒවා ඔක්කොම වුණේ පස්සේ.

 


ප‍්‍රශ්නය:-නමුත් 2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන කොටම අනුර බණ්ඩාරනායක අගමැති අපේක්ෂකයා ලෙස නම් කළා.
පිළිතුර:-
ඔව්. ඒ වෙලාවේ තීරණයක් ගත්තා. නමුත් ඒක කි‍්‍රයාත්මක වුණේ නැහැ.

 


ප‍්‍රශ්නය:- මහින්ද රාජපක්ෂ නාම යෝජනා ඉල්ලූවොත්?
පිළිතුර:-
ඉල්ලූවොත් කියන්න බෑ. ඉල්ලලා බලමුකෝ ඉස්සෙල්ලා. එතුමා ඉල්ලලා නෑනේ තවම.

 


ප‍්‍රශ්නය:- මේ හරහා පක්ෂය දෙකඩ වීමේ අනතුරක් ඔබ දකින්නේ නැද්ද?
පිළිතුර:-
නෑ...නෑ... මම හිතන්නෙ නෑ පක්ෂය දෙකඩ වෙයි කියලා. පක්ෂය දෙකඩ කරන්න හුඟක් අයට  ඕනෑකමක් තියෙනවා. ඒවට අපි ඉඩදෙන්නේ නෑ. අපි ශක්තිමත්ව සමගි සම්පන්නව යනවා. අපේ ජනතාව දන්නවා එහෙම වුණොත් වාසිය තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයට. ඒ නිසා මේ විදියේ කැළඹිලි කරන්නේ එක්සත් ජාතික පක්ෂයෙ කොන්ත‍්‍රාත්තුවක් නිසා වෙන්නත් පුළුවන්.

 


ප‍්‍රශ්නය:- සන්ධානය දිනුවොත් ඔබ අගමැති. පරාද වුණොත් විපක්ෂනායක. ඒ නිසා ඔබට කලබල වෙන්න දෙයක් නැහැ.
පිළිතුර:-
මට මම අගමැති වෙනවද නැද්ද කියන එක නොවෙයි ප‍්‍රශ්නය. මට  ඕනෑ සන්ධානය ජයග‍්‍රහණය කරවන්නයි. ඒ සඳහා මගේ පූර්ණ කාලය හා ශක්තිය  මං කැප කරනවා. තනතුරු ලැබෙනවද නොලැබෙනවද කියන එක අපේ වාසනාව අවාසනාව අනුව තීරණය වෙයි. ලැබෙනවා නම් ලැබෙයි. නොලැබෙනවා නම් නොලැබෙයි. මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඒක ලැබිලා නැති වුණානේ. මෙච්චර ජනපි‍්‍රය නායකයකුට හරිද? තව අවුරුදු දෙකක් තියෙද්දී විසුරුවලා ඒක නැති කරගත්තනේ. මේක තමයි දේශපාලන යථාර්ථය. අපි බලාපොරොත්තු වෙන දේවල් දේශපාලනයේදී ඒ විදියටම ලැබෙන්නේ නැහැ. අද ජනපි‍්‍රය පුද්ගලයා සුමානයකින් ජනතාව ප‍්‍රතික්ෂේප කරනවා. ඒ නිසා අපට මේක  ඕනෑ අරක  ඕනෑ කියලා ඉල්ලන්න බෑ. ඒක ජනතාව තීරණය කරයි.

 


ප‍්‍රශ්නය:- ඔබට උපදෙස් දෙන්නේ මෛතී‍්‍රද? මහින්දද? චන්ද්‍රිකාද?
පිළිතුර:-
කවුරුවත් මට උපදෙස් දෙන්නේ නෑ. මම මගේ හෘදය සාක්ෂියට එකඟව මගේ තියෙන දේශපාලන අත්දැකීම් අනුව මම වැඩ කරගෙන යනවා.

 

m



අදහස් (0)

23 වැනිදාට විසුරුවලා පෙන්වන්න කියලා අභියෝග කරනවා

ද සිල්වා Thursday, 26 March 2015 03:13 PM

සුමුදු හේවා මහින්ද එක පාරක් අගමැති උනා දෙපාරක් ජනාධිපති උනා, නිමල් සිරිපාල අවරුදු 30 විතර ඉදන් පක්ෂෙට දර දිය ඇදපු කෙනෙක් එයටත් අවස්ථාවක් ලැබෙන්න ඕනේ , (ස)

:       0       0

සුමුදු හේවා Thursday, 26 March 2015 09:06 PM

රටට යහපතක් වන්නේ කුමකින්ද සහ ජනතා අපේක්ෂාව කුමක්ද යන්නයි වැදගත් වන්නේ. (නි)

:       0       0

අනුර Sunday, 29 March 2015 01:57 PM

ඔහේ පලයන් කීර්ති එ් පාර මොකාටද එන්න හදන්නේ අපි කාටවත් මේ පාර මුට්ටිය අල්ලනේ නැහැ (බ)

:       0       0

සංජු Wednesday, 01 April 2015 01:41 AM

කීර්ති රනිල්ගේ මිනිහෙක්නේ, නිමල්ට අල්ලන්නේ බොරුවට, රනිල්ට එන්න පාර කපන්නන්නේ. අපි නොදන්න දේශපාලනය. (ස)

:       0       0

දුමින්ද Thursday, 26 March 2015 08:50 AM

දේශපාලන උභය ජීවියෙක්. (ස)

:       0       0

සුමුදු හේවා Thursday, 26 March 2015 09:27 AM

අනේ මගේ කට! හිටපු ජනාධිපතිතුමා එනම් මොහුගේ හිටපු නායකයා මොහුගේ දෙපතුලට ඇවිත් ඉල්ලුම්පත්‍රයක් දාන්න ඕනේ! අනේ නොනිර්මල කිලුටුපාල උඩ ගියපු තරමක්! මහින්දට කපල අගමැති වෙන්න ලැබෙයි. කැළණි ගඟෙන් නාලා එන්නකෝ. මිනිස්සුන්ට ඡන්දේ දාට පැන්සල වෙනුවට පොල්ලක් දුන්නනම් ඔයාට බඩකට පුරා ඉල්ලගන්න තිබුන. (බ)

:       0       0

අතුල Monday, 30 March 2015 09:23 AM

කීර්ති එයා කොහේද කියල එයාගේ නෝනා ගෙන්ම අහල බලන්න එයා කියයි. එ්ක නොවෙයි එදා මහින්ද 18 වෙනි සංශෝධනය කියා ජනතාවට විලංගු දමන ඒ මාරාන්තික සංශෝධනය ගෙනාපු වෙලාවේ පූස් පැටියා වගේ අත උස්සපු නිමල් අද සිංහයා වෙලා 19 වෙනි සංශෝධනය රටට ඉතා හොඳයි අඩු පාඩුකම් තිබේනම් එයත් නිවැරදි කළ හැකියි එහෙත් එ්ක උපක්‍රමිකව අහෝසි කරන්න උත්සහ කරනවානම් නුඹලාව මොහොතක් වත් ඔය පාර්ලිමේන්තුවේ තියන්න හොඳ නැහැ (බ)

:       0       0

සිල්වා Sunday, 29 March 2015 04:03 PM

කීර්ති ඔය කොත්තමල්ලි බීලද මේ කියවන්නේ (ස)

:       0       0

කීර්ති Sunday, 29 March 2015 02:15 AM

නිමල් සිරිපාල මහතා හොඳ පන්නරයක් තිබෙන නායකයෙක්. එතුමා තමා ලබන වාරයේ රටේ නායකයා විය යුත්තේ. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

​අසාද් මවුලානා ඉන්දියාව හරහා පලාගියේ ඇයි?
2025 මැයි මස 13 0 0

මෙම ලිපිය 2019 අප්‍රේල් 21 වැනිදාට යෙදුණු පාස්කු ඉරිදා දිනයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් සිදු කරන ලද ප්‍රහාර මාලාව පිළිබඳ ත්‍රිත්වයේ තුන්වැනි සහ අ


ඡන්ද ක්‍රමයේ වෙනසක අවශ්‍යතාව
2025 මැයි මස 13 5 0

වසර 2017 දී හඳුන්වා දෙන ලද පළාත් පාලන ආයතන සංශෝධන පනත යටතේ මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විණි. ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුය යන අදහස මුලි


ජීවිතය බබළවන බුදු සිරිතේ ආදර්ශ
2025 මැයි මස 13 7 0

සිද්ධාර්ථ ගෞතම චරිතය ලොවට දායාද වන්නේ ක්‍රිස්තු පූර්ව හය වැනි සියවසේදීය. එම අසිරිමත් උපත තත්කාලීන විවිධ ආගමික මතවාද ප්‍රකාශ කළ ෂඩ් ශාස්තෘවරුන්ට කිසි


බුදු දහමේ නියම රසය සොයා යමු
2025 මැයි මස 13 6 0

අප ජීවත් වන්නේ නව තාක්ෂණික ලෝකයකය. ඒහි පස්සිකෝ සන්දිට්ඨිකෝ හෙවත් එන්න බලන්න ගුණය අත්විඳින්න යන ගුණාංග ඇති ආගමකට පැවැත්මක් තිබේ. කෙසේ වුවත් ලෝකය කෙතරම්


ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 458 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මැතිවරණ ප්‍රතිඵල පුරසාරම්
2025 මැයි මස 10 373 0

ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1258 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1526 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 399 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site