වෙනත් සිත්තරකු විසින් අඳිනු ලැබූ බවට විශ්වාස කළ මෝනලිසාගේ ගල් අඟුරුවලින් සිතුවම් කරන දළ කළු සුදු සිතුවම චිත්‍රයට නගා ඇත්තේ ද සුප්‍රකට කලාකරු ලියනාඩෝ ඩාවින්චි යැයි ප්‍රංශ කලා විශේෂඥයෝ පවසති.
ගල් අඟුරුවලින් සිතුවම් කරන ලද මෝනලිසාගේ කළු සුදු ආලේඛ්‍ය සිතුවම වෙනත් කලා එකතුවක් සමඟ වසර 150කට පමණ කාලයක් පැවැති අතර එය සිතුවමට නගන ලද්දේ වෙනත් නිර්මාණකරුවකු යැයි මීට පෙර විශ්වාස කරන ලදි.
මෙම කළු සුදු මෝනලිසාගේ නග්න ආලේඛ්‍ය දළ සිතුවම සම්බන්ධයෙන් ප්‍රංශයේ පැරිස් හි ලුවි කෞතුකාගාරය එම සිතුවම පරීක්ෂාවට ලක් කර තිබෙන අතර එහිදි මෙම කළු සුදු දළ සිතුවම ආසන්න වශයෙන් හෝ නිර්මාණය කරන ලද්දේ ලියනාඩෝ ඩාවින්චි යැයි විශ්වාසයක් ගොඩනැගී තිබේ. මෙම කළු සුදු දළ ආලේඛ්‍ය සිතුවම ‘මොනා වන්නා’ නමින් හැඳින්විණි.
මෙම සිතුවම 1862 වසරේ සිට පැරිස් අගනුවර උතුරට වන්නට පිහිටි ෂොන්ටිලි මාලිගාවේ කොන්ඬේ කෞතුකාගාරයේ පුනරුද සිතුවම් එකතුවක් සමඟ තබා තිබිණි.
වසර 1452 සිට 1519 දක්වා ජීවත් වූ ලියනාඩෝ ඩාවින්චි ඉතාලි පුනරුද යුගයේ සිටි ශ්‍රේෂ්ඨතම කලාකරුවකු ලෙස හැඳින්වෙන අතර ඔහුගේ ‘මෝනලිසා’ සිතුවම ලොව මිලෙන් වැඩිම සහ සුවිශේෂී නිර්මාණයක් ලෙසින් සැලකෙයි.
ලියනාඩෝ ඩාවින්චි වමත්කරුවකු ලෙසින් හැඳින්වෙන අතර ඔහු විසින්ම කරන ලද බව සොයාගත් මෙම දළ කළු සුදු නග්න සිතුවමේ ඇතැම් තැන්වල දකුණු අතින් කරන ලද ඇඳීම් සොයාගත හැකි බව ද විශේෂඥයෝ පෙන්වාදෙති.
මෙම සොයාගැනීම් තිබුණද තවදුරටත් මේ සම්බන්ධයෙන් සොයා බලන බව ද ඔවුහු පවසති.
(ඒ.එෆ්.පී -055)

2025 දෙසැම්බර් මස 04
114
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
360
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
373
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘මොනා වන්නා’ ඩාවින්චිගේ සිත්තම් අතරට