IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


මුද්දරයේ කොටි මෙහෙයුම

යුරෝප සංගමය විසින් තහනම් කරන ලද සංවිධානයක් වූ එල්.ටී.ටී. සංවිධානයේ ලාංඡන, ඊළාම් සිතියම, කොටි නායක ප‍්‍රභාකරන්ගේ රුව සහ ඔවුනගේ වෙනත් සංකේත භාවිත කරමින් ප‍්‍රංශයේ මුද්දර කිහිපයක් නිකුත්වීම දෙමළ ඩයස්පෝරාව ඊළාම් සිහිනය අතහැර නොමැති බවට තවත් සාක්ෂියක් විය. ප‍්‍රංශ තැපැල් දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇතිව ප‍්‍රංශයේ නිල තැපැල් සේවාව වන ලා පෝස්ටේ තැපැල් සේවය මෙම මුද්දර නිකුත් කැර තිබූ අතර මෙතෙක් අනාවරණය වූ කරුණු වලින් පැහැදිලි වන්නේ අවස්ථා තුනකදී මෙම මුද්දර නිකුත් කැර ඇති බවයි. යුරෝපයේ ජීවත්වන දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයන්ගේ අරමුණ වී ඇත්තේ මෙම මුද්දර යළි තම සංවිධානය ප‍්‍රචලිත කිරීමේ ප‍්‍රචාරක මාධ්‍යයක් ලෙස භාවිත කිරීම විය යුතුය. කොටි හිතවාදී වෙබ් අඩවියක් වන ‘ෂාර්තිව්’ වෙබ් අඩවිය විසින් කොටි සංවිධානයේ සංකේත රැගත් මුද්දර හතරක් දෙසැම්බර් 28 වැනිදා අන්තර්ජාලයේ ප‍්‍රසිද්ධ කැරෙන තුරු කිසිවෙකුත් මේ කාර්යය දැන සිටියේ නැත. මෙම මුද්දර පිළිබඳ තොරතුරු ලැබීමත් සමගම වහාම කි‍්‍රයාත්මක වූ ශී‍්‍ර ලංකා රජය ප‍්‍රංශයේ ශී‍්‍ර ලංකා තානාපති දයාන් ජයතිලක මහතාට දැනුම් දුන්නේ මේ මුද්දර නිකුත් කිරීම සම්බන්ධයෙන් වහාම වාර්තාවක් අවශ්‍ය බවයි. තොරතුරු සොයා බැලූ ප‍්‍රංශයේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය පවසා ඇත්තේ අත් වැරදීමකින් මෙම මුද්දර නිකුත් කැර ඇති බවයි. එමෙන්ම යළිත් මෙවැනි වරදක් සිදුවීමට ඉඩ නොතබන බවට ඔවුන් පොරොන්දු වී ඇතැයි ද ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය පවසයි. වර්තමානයේ තැපැල් සේවාව බොහෝ වෙනස්කම් වලට භාජනය වී තිබේ. ඒ අනුව ලොව රටවල් ගණනාවක තැපැල් සේවාව භාවිත කරන්නන්ට තම සිතැගි පරිදි මුද්දර සකස් කැර ගැනීමේ අවස්ථාව ලැබී තිබේ. ප‍්‍රංශයේ ලා පෝස්ටේ තැපැල් සේවය ද එවැනි ගනුදෙනුකරුවන් මූළික කැරගත් තැපැල් සේවයකි. ඔවුන් තම අන්තර්ජාල වෙබ් අඩවියට පිවිසෙන ගනුදෙනු කරුවන්ට තමන්ට අවශ්‍ය ආකාරයට මුද්දර සකසා ගැනීමේ අවස්ථාව ලබා දී ඇත. මෙම මුද්දර නිකුත් කැර ඇත්තේ එම ක‍්‍රමයට බවත් යුරෝපා සංගමය විසින් තහනම් කරන ලද කොටි සංවිධානයේ සංකේත යොදා ගනිමින් මුද්දර නිකුත් වූයේ වැරදීමකින් බවත් ප‍්‍රංශ තැපැල් සේවය පවසා තිබේ. ඔවුන් ඒ පිළිබඳ ශී‍්‍ර ලංකා රජයට සිය කනගාටුව ප‍්‍රකාශ කැර ඇත. කොටි හිතවාදී මුද්දර නිකුත් කිරීම පිළිබඳව විදෙස් කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා කොළඹ ප‍්‍රංශ තානාපතිනි කි‍්‍රස්ටින් රොබිකොන් මහත්මිය හමුවී සාකච්ඡා කොට තිබේ. ඇය පවසා ඇත්තේ මෙම මුද්දර ප‍්‍රංශ රජයේ නිල මුද්දර නොවන බවයි. ලා පෝස්ටේ තැපැල් සේවාව විසින් පුද්ගලික පදනම මත ගනුදෙනුකරුවන් සීමිත සංඛ්‍යාවකට මේ මුද්දර ලබාදී ඇති බව ද ඇය පවසා තිබේ. මෙවැනි මුද්දර නිකුත් කිරීම සම්බන්ධයෙන් නිශ්චිත කොන්දේසි පනවා තිබෙන බවත් අදාළ පුද්ගලයන් ඒ පිළිබඳව වගකීම දැරිය යුතු බවත් ඇය පවසා තිබේ. මෙවැනි මුද්දර නිකුත් කිරීමේ බලය නියෝජිත ආයතන තුනකට පවරා තිබෙන අතර එහිදී යොදාගන්නා සංකේත රූප සහ අන්තර්ගත කරුණු පිළිබඳ සොයා බැලීමේ බලතල නියෝජිත ආයතන තුනට ඇති බවත් ප‍්‍රංශ රජය පවසා ඇත. බි‍්‍රතාන්‍යයේ හා කැනඩාවේද මෙම මුද්දර සංසරණය වී ඇතැයි පවසන ඒ රටවල බලධාරීන් මේ මුද්දරවලට රාජ්‍ය මට්ටමේ කිසිදු පිළිගැනීමක් නැතැයි ද පවසා     තිබේ. ප‍්‍රභාකරන්ගේ රුව, තමිල් ඊළාම් සිතියම, ඊළාම් ධජය, ඔවුන්ගේ ජාතික පුෂ්පය වූ නියගලා මලත් සත්ත්ව ඡායාරූප කිහිපයකුත් මුද්දර නිර්මාණය කිරීම සඳහා යොදාගත් පිරිස එම රූපවලින් සමන්විත මුද්දර 10,000 ක් තෙවන වටයටත් නිකුත් කැර ඇතැයි දැනගන්නට තිබේ. ඒ අනුව ඔවුන් මුද්දර වර්ග 11 ක් මේ වනවිට නිකුත් කැර තිබේ. කොටි ත‍්‍රස්තවාදීන්ගේ සංකේත වලට අමතරව ගාල්ල වරාය පොලීසියේ ඡායාරූපයක් ඉදිරියේ සුදු වෑන් රථයක් ඇති ආකාරයේ ඡායාරූපයක් භාවිතා කරමින් සුදූ වෑන් කථා ඉස්මතුවන ආකාරයේ මුද්දරයක් නිකුත් කිරීමට ද මොවුන් කටයුතු කැර ඇත. එල්.ටී.ටී.ඊ හිතවාදී මුද්දර ඇලවූ විදේශීය ලිපි හෝ භාණ්ඩ මෙරටට ලැබුණහොත් ඒවා මධ්‍යම තැපැල් හුවමාරුව තුළ රඳවා තබාගැනීමට පියවර ගන්නා බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. තැපැල්පති එම්.කේ.බී.දිසානායක මහතා කියා සිටියේ එවැනි ලිපි හෝ පාර්සල් ලැබුණහොත් මේවා එවූ පාර්ශවය සහ ලැබීමට නියමිත පාර්ශවය පිළිබඳ සොයා බැලීමක් සිදුකරන බවයි. අනතුරුව එම මුද්දර ඉවත් කොට ලිපිය හෝ පාර්සලය එම පුද්ගලයන් වෙත යොමු කිරීමට පියවර ගන්නා බවද තැපැල්පතිවරයා මාධ්‍ය හමුවේ කියා සිටියේය. කොටි හිතවාදී මුද්දර බි‍්‍රතාන්‍ය හා කැනඩාවේද නිකුත් කැර ඇතැයි දැනගන්නට ලැබී තිබෙන බැවින් ශී‍්‍ර ලංකාවේ ආරක්ෂාව හා ස්වෛරීභාවය පිළිබඳ අවධානය යොමු කරමින් මෙම කි‍්‍රයාමාර්ගය ගන්නා බව ද දිසානායක මහතා පවසයි. මෙම මුද්දර නිකුත් කළ ලා පෝස්ටේ තැපැල් සේවයේ නිල වෙබ් අඩවියේ ගනුදෙනුකරුවාට අවශ්‍ය ආකාරයට මුද්දර සකස් කැර ඇණවුම් කිරීමේ අවස්ථාව පවතී. ප‍්‍රංශ බලධාරීන් පවසන්නේ සතියකට පුද්ගල අවශ්‍යතාව මත මුද්දර ඉල්ලා අයදුම් කිරීම් 2000 ක් පමණ සිදුවන බවයි.

සජීව විජේවීර
අද කැනඩාව නිකුත් කළ ඊලාම් මුද්දරයක ප‍්‍රංශයේදී පොලීසිය සහ සුදු වෑන් යොදා සකස් කැර ඇති මුද්දරය එදා කොටි සංවිධානය වන්නියේදී නිකුත් කළ මුද්දරයක්    



අදහස් (0)

මුද්දරයේ කොටි මෙහෙයුම

harsha Monday, 16 January 2012 05:41 PM

කොටින්ට බෑරිනම් උරුලෑවන්ට උනත් දවල් හීන දකින්න පුලුවන් නමුත් අපේ මාතෘභුමියේ සිංහල ලේ කදුලක් පවතින්තුරු රට දෙකඩ කරන්න සිංහලේ තියන සිංහලයො ඉඩ දෙන්නෙ නෑහෑ.

:       0       0

වර්නි Thursday, 19 January 2012 09:47 AM

ටීඑන්ඒ ඇතුලු කොටි හිතවාදීන්ගෙන් ඇසිය යුත්තේ උතුරේ සිංහලයන් කීදෙනෙක් ස්ථිර පදිංචිද, සෙසු පළාත්වල දෙමළ අය කීදෙනෙක් ස්ථිර පදිංචිද කියලයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30462 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12477 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10901 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 785 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 241 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 887 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site