IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


ගුරුවරයා බේබද්දකු නම් සමාජය යහපත් වෙයිද

පොළොන්නරුව වැලිකන්ද  ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරයා දිනපතා බීමත්ව පාසලට පැමිණෙන බවට  චෝදනා කරමින් මවුපියන් පිරිසක් පාසල ඉදිරිපිට විරෝධතාවක නියැළුණ බවට සඳහන්  පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. ගුරු නිවාසයක් සම්බන්ධ ගැටලුවක්  දුරදිග යාමෙන් අදාළ විදුහල්පතිවරයා හා අවට පාසලක ගුරුවරයකු පාසල තුළදීම  ගුටිබැට හුවමාරු කරගෙන ඇති බවත් පොලිසිය මැදිහත් වී දෙදෙනාම රෝහල්ගත කළ  බවත් සඳහන් කරන අප ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන් වූයේ විදුහල් බිමේ  වැසිකිළියක දමා තිබූ හිස් අරක්කු බෝතල් තොගයක් ද උද්ඝෝෂකයන් විසින්  ප්‍රදර්ශනය කරන ලද බවය.

විදුහල්පති යනු විදුහලට අධිපති වන හෙයින්  විදුහල් බිම තුළ තමන්ට ඇවැසි දෙයක් කළ හැකි යැයි මෙම අමන විදුහල්පතිවරයා  සිතුවා විය හැකිය. මවුපියන්ගෙන් පසුව දරුවාගේ ජීවිතයට ආදරයත්, ජීවනයත්,  දැනුමත් රැගෙන එන පුද්ගලයා ගුරුවරයාය. එවන් බුහුමනකින් පිදුම් ලබන  වෘත්තියකට පිවිස එම වෘත්තියට නොව අවම මිනිසත්කමටවත් තරම් නොවන නිහීන  හැසිරීමක් ප්‍රදර්ශනය කරන මෙම විදුහල්පතිවරයාගේ ක්‍රියා කලාපය බලවත්  පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතුය.

‘ගු’ යන්නෙන් අර්ථවත් වන්නේ  නොදැනීම නමැති අන්ධකාරය වේ. ‘රු’ යනු දුරු කිරීමය. ඒ අනුව ගුරුවරයා යනු  නොදැනීම නමැති අන්ධකාරය දුරු කරන්නා වේ. නිරුක්ති විද්‍යාවට අනුව එසේ නියත  විවරණ ලබන ගුරුවරයකු වෙතින් කොතරම් ප්‍රශංසනීය හා අගනා වටිනා ආදර්ශ  ප්‍රදර්ශනය විය යුතුද යන්න වටහා ගැනීම අසීරු නැත. එහෙත් දිනපතා බීමත්ව  විකල් වූ මනසින් හා බමන හිසින් යුතුව පාසලට පැමිණෙන අමනයකුට එය වටහා ගැනීමට  අසීරුය. මේ බේබද්ද වෙනුවෙන් අනුකම්පා කළ යුතු වන්නේ එහෙයිනි.

මිනිසා  නොහදා රට හදන්නට බැරි බව ඒකාන්ත සත්‍යයකි. මිනිසා හැදීම ආරම්භ කළ  යුතු වන්නේ දරුවාගෙනි. දරුවා හැදෙන්නේ තමන් අත්විඳින ස්පර්ශ කරන ආදර්ශ  මතිනි. බීමත්ව පාසලට පැමිණෙන, එසේ පැමිණ පිස්සු නටන විදුහල්පතිවරයකුගෙන්  දරුවා ලබන ආදර්ශ මොනවාද? මෙබඳු විදුහල්පතිවරුන් මිනිස් කසළ මෙන් පිටුදැකිය  යුතු වන්නේ එහෙයිනි. කෙවිටෙන් තලා පිටමන් කළ යුතු වන්නේ එහෙයිනි.

අදාළ  විදුහල්පතිවරයා සම්බන්ධයෙන් අප පුවත්පත වැලිකන්ද කොට්ඨාස අධ්‍යාපන  අධ්‍යක්ෂ ඩී.ආර්.ඒ.එල්. සුඛිත් රණසිංහ මහතාගෙන් විමසූවිට ඒ මහතා ප්‍රකාශ  කර තිබුණේ විදුහල්පතිවරයා සම්බන්ධයෙන් මීට පෙරද විවිධ වැරැදි සම්බන්ධ  චෝදනා තිබෙන බවත් ඔහු වහාම ක්‍රියාත්මකවන පරිදි මාරු කිරීමට ක්‍රියා කරන  බවත්ය. වරදට දඬුවම ලෙස නිර්දේශ වන්නේ ස්ථාන මාරුවක් පමණක් නම් ඒ  සම්බන්ධයෙන් තෘප්තිමත්වීමට එළැඹගත් සිහියෙන් යුතු කිසිදු පුරවැසියකුට  හැකියාවක් නැතැයි අපි සිතමු. විශේෂයෙන්ම ජාතියේ දූපුතුන්ගේ ඉරණමත් සමග සූදු  කෙළියක යෙදෙන මෙබඳු පුද්ගලයන්ට සෙස්සන්ට ද ආදර්ශයක් වන ආකාරයේ ප්‍රමාණවත්  දඬුවමක් ලැබිය යුතුය.

මතින් තොර රටක් වෙනුවෙන් මුළු මහත් ජාතියම  ඒකාත්මික කෙරෙන බක්මහ දිවුරුම ජනපති අගමැති ප්‍රධානත්වයෙන් සිදුවූයේ ගෙවුණු  සතියේදීය. මත්ද්‍රව්‍ය පිටුදැකීමේ මහා සංග්‍රාමය පොලිසියේ, ත්‍රිවිධ  හමුදාවේ හා නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ අමාත්‍යාංශයේ පමණක් වගකීමක් නොවන  බවත් එයම සමාජයේ සියලුම දෙනා තරාතිරම් බේදයකින් තොරව ඒකාත්මික කිරීම එම  බක්මහ දිවුරුමේ අරමුණ විය.

ගංවතුරක් මෙන් ගලායන මත් උවදුර මැඬලීම  සඳහා එබඳු යෝධ ප්‍රාණවත් මෙහෙයුමක් ඇවැසිය. එහිදී පාසලට පැවරෙන්නේ ඉහළම  වගකීමකි. පාසල එම වගකීම නිසි රිසි ලෙස ඉටු කිරිමට සමත් විය යුතුය. නැණවත්  මෙන්ම ගුණවත් පුරවැසියන් බිහි කිරීම පාසලක අනුල්ලංඝනීය වගකීමකි. රට මතින්  තොර කලාපයක් බවට පත් කළ හැකිවන්නේ එමඟිනි.

දිනපතා බීමත්ව පාසලට  පැමිණෙන විදුහල්පතිවරයකුගෙන් එම වගකීම ඉටු නොවන බව ඒකාන්ත සත්‍යයකි. පාසලේ  විනෝද චාරිකාවකට එක්වූ පාසල් දරුවන්ගේ පොත් බෑගය පරීක්ෂා කිරීමේදී මත්පැන්  බෝතල් තිබී හමුවීමේ පුවත් පසුගිය දිනවල සුලබ විය. බීමත්ව පන්ති කාමරවල  පිස්සු නැටූ දරුවන් සම්බන්ධයෙන් ද වාර්තා විය. පාසලේ ආපන ශාලාවේම කසිප්පු  පෙරීමේ සිද්ධියක් වාර්තා වූයේ මෙයට දෙතුන් මසකට ඉහතදීය. තත්ත්වය බැරැරුම්  බව ඉතා පැහැදිලිය. එහෙයින් මතින් තොර රටක් නිර්මාණය කිරීමේ මෙහෙයුමේ කිසිදු  තැනක හිල් තිබිය යුතු නැත. දිනපතා බීමත්ව පාසලට එන විදුහල්පතිවරයා  සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු වන්නේ එහෙයිනි.



අදහස් (5)

ගුරුවරයා බේබද්දකු නම් සමාජය යහපත් වෙයිද

nimal perera Thursday, 11 April 2019 10:14 AM

ඉතාමත් කණගාටු දෙයක් . මිනිසුන් අදහස් නොපැමිණීමත් පුදුමනේ මේ වගේ දේවලට. දේශපාලන වගේ නෙවෙයිනේ

:       0       23

Chandima Thursday, 11 April 2019 11:08 AM

හැබැයි එකක් දැන ගන්න. අපේ රටේ විශ්ව විද්‍යාල ආචාර්ය වරු බොහෝ දෙනෙක් හොඳට මත් පැන් බොන අය විත්තිය.

:       1       34

hesa Thursday, 11 April 2019 02:15 PM

වෙන්නැති, නමුත් රාජකාරිය වෙලාවේදී බිමත්ව එනවා නම් හෝ ඉන්නවා නම් , එයයි නේද වැරදි. මොකද අධ්‍යාපනයට අයත් නිලධාරීන් මට හිතෙන්නේ වැඩි දෙනෙක්ට ඒ පුරුද්ද ඇති, අනිකුත් රජයේ නිලධාරීන් මෙන්ම.

:       0       25

sana Wednesday, 17 April 2019 06:36 AM

‍රැකියාව කරන ගමන් බීමත්ව ඉන්න එක වැරදියි. ඒත් ඒ ගැන පැමිණිලි කරලා නැද්ද හා ඒ ගැන විභාග කරලා නැද්ද කියලත් ප්‍රශ්නයක් තිබෙනවා. හුදෙක් ස්ථාන මාරුව චෝදනා නිසා පරීක්ෂණ කරන්නද නැත්නම් වෙනත් හේතුවක් නිසාද කියලා ලිපිකරුට අහන්න තිබ්බා. ඒ වගේම මේ විදුහල්පතිගෙනුත් විස්තරාත්මකව විමසන්න තිබ්බා. අනෙක වාග් විද්‍යාත්මකව ගුරු කියන එක එහෙම නම් බේබද්දා කියන්නේ මොකක්ද?

:       0       0

sarath Thursday, 18 April 2019 03:47 AM

වත්මන් අධ්‍යාපන ඇමති යටතේ මහනුවර ජාතික පාසල් දේශපාලනීකරණය වෙමින් පවතී. ඔහු මහනුවර ධර්මරාජ විදුහලට කුරුණෑගලින් ඔහුගේ කුලී හේවායින් 40ක් පමණ කම්කරුවන් ලෙස බලෙන් ඇතුළුකර තිබේ. මේ ආකාරයෙන්ම අනෙකුත් ජාතික පාසල් වලටද කුරුණෑගලින් තමන්ගේ හෙන්චයියන් ඇතුල් කර තිබේ. දැන් මේ අතිරික්ත වැඩක් නොකරන සේවකයින් රැකබලා ගැනීමට සිදුව තිබෙන්නේ පාසල් ප්‍රතිපාදන වලිනි. ලංගම, දුම්රිය, ලංවීම... තෙල්, මෙකී නොකී සියලුම රජයේ ආයතන විනාශකර දැන් පාසල් පද්ධතියටද අත ගසා තිබේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

​අසාද් මවුලානා ඉන්දියාව හරහා පලාගියේ ඇයි?
2025 මැයි මස 13 3 0

මෙම ලිපිය 2019 අප්‍රේල් 21 වැනිදාට යෙදුණු පාස්කු ඉරිදා දිනයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් සිදු කරන ලද ප්‍රහාර මාලාව පිළිබඳ ත්‍රිත්වයේ තුන්වැනි සහ අ


ඡන්ද ක්‍රමයේ වෙනසක අවශ්‍යතාව
2025 මැයි මස 13 5 0

වසර 2017 දී හඳුන්වා දෙන ලද පළාත් පාලන ආයතන සංශෝධන පනත යටතේ මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්විණි. ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුය යන අදහස මුලි


ජීවිතය බබළවන බුදු සිරිතේ ආදර්ශ
2025 මැයි මස 13 7 0

සිද්ධාර්ථ ගෞතම චරිතය ලොවට දායාද වන්නේ ක්‍රිස්තු පූර්ව හය වැනි සියවසේදීය. එම අසිරිමත් උපත තත්කාලීන විවිධ ආගමික මතවාද ප්‍රකාශ කළ ෂඩ් ශාස්තෘවරුන්ට කිසි


බුදු දහමේ නියම රසය සොයා යමු
2025 මැයි මස 13 6 0

අප ජීවත් වන්නේ නව තාක්ෂණික ලෝකයකය. ඒහි පස්සිකෝ සන්දිට්ඨිකෝ හෙවත් එන්න බලන්න ගුණය අත්විඳින්න යන ගුණාංග ඇති ආගමකට පැවැත්මක් තිබේ. කෙසේ වුවත් ලෝකය කෙතරම්


ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 459 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මැතිවරණ ප්‍රතිඵල පුරසාරම්
2025 මැයි මස 10 373 0

ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1258 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1526 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 399 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site