IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


ඇමෙරිකාවට එරෙහිව ලොවපුරා උද්ඝෝෂණ

රටක තානාපතිවරයකු යනු යම් රටක් නියෝජනය කරමින් තවත් රටක සිටින වැදගත්ම පුද්ලයාය. ලිබියාවේ ඇමෙරිකානු තානාපතිවරයා එරට සිටින ඇමෙරිකාවේ නියෝජිතයාය. මේ නියෝජිතයා ලෙස කටයුතු කරමින් සිටි කි‍්‍රස්ටෝපර් ස්ටීවන්ස් පසුගිය දා ත‍්‍රස්ත ප‍්‍රහාරයකින් මියගියේය. මේ ඝාතනයත් සමගම ලිබියාවේ රජය පැවසුවේ එය ගඩාපිගේ ආධාරකරුවන්ගේ කි‍්‍රයාවක් බවයි. ලිබියාවේ ඇතැම් පිරිස් පවසන්නේ පසුගියදා ඇමෙරිකානු හමුදා විසින් අබු යාහියා නමැති අල්කයිදා නායකයාව මරා දැමීම නිසා ඊට පළිගැනීමක් ලෙස ඇමෙරිකානු තනාපති මරා දමන්නට ඇති බවයි. ඝාතනයට ලක්වූ ඇමෙරිකානු තානාපති ස්ටීවන්ස්, ගඩාෆිට එරෙහි කැරැල්ලේ දී කැරළිකරුවන් සමග මිත‍්‍රත්වයක් ඇතිකරගෙන සිටි අයෙකි. ඔහු බෙන්ගාසි නගරයේ ඇමෙරිකා සංස්කෘතික මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමේ අරමුණෙන් ටි‍්‍රපෝලි නගරයේ සිට බෙන්ගාසිවලට පැමිණ සිටියේය. මේ අතර කි‍්‍රයාත්මක වූයේ නබි නායකතුමාට අපහාස වන චිත‍්‍රපටයක් ඇමෙරිකාවේ දී නිපදවීම සම්බන්ධයෙන් විරෝධතාවයක් දැක්වීමයි. විරෝධතා කරුවෝ බෙන්ගාසි නගරයේ ඇමෙරිකා තානාපති කාර්යාලය වටකැර ගත්හ. ඔවුන් රොකට් විදිනවලින් සන්නද්ධව සිටියහ. විරෝධතා කරුවෝ තානාපති කාර්යාලට ගිනි තැබූහ. මේ විරෝධතාව මෙතරම් දරුණු වෙද්දී ලිබියාවේ පොලිසිය හෝ හමුදාව සිටියේ නැත. තානාපති කාර්යාලය ගිනි ගනිද්දී දිවි බේරාගැනීම සඳහා උඩුමහලට ගිය තානාපති ස්ටීවන්ස් හුස්ම ගැනීමේ අපහසුතා හේතුවෙන් රෝහල්ගත කැරුණි. විනාඩි 90 ට පසු හෙතෙම මියගියේය. ලිබියාවේ පාලකයන් පසුව කියා සිටියේ සන්නද්ධ සටන්කාමීන් 20 දෙනකු පමණ මේ ඝාතන සිද්ධියට සම්බන්ධ බවයි. තානාපතිවරයා සිය රථය වෙත යාමට උත්සාහ ගනිද්දී එයට ද රොකට් ප‍්‍රහාර එල්ලකැර තිබේ. තානාපතිවරයාගේ සහායට පැමිණි ඇමෙරිකානු භටයන් දෙදෙනකු ද වෙඩි ප‍්‍රහාරවලින් මියගියහ. අවසානයේ ඇමෙරිකා තනාපතිවරයා රෝහලට ගෙනගොස් ඇත්තේ ද ලිබියාවේ සාමාන්‍ය වැසියන් පිරිසක් විසිනි. මේ අතර ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකැර සිටියේ මේ ප‍්‍රහාරය චිත‍්‍රපටයකට විරෝධතාව දක්වන මුවාවෙන් හිතාමතා සැළසුම් කළ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් බවයි. ලිබියාවේ මෙවන් අරාජික තත්ත්වයක් ඇතිවීමට ඇමෙරිකාව ද වගකිව යුතුය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නාමයෙන් ලිබියාවේ ඇතිකළ තත්ත්වය දැන් ඇමෙරිකාවටම පාරා වළල්ලක් වී තිබේ. මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් කළ ඇමෙරිකාවේ ජනාධිපති බැරැක් ඔබාමා කියා සිටියේ ‘‘මේ ඝාතකයන්ට ගැලවී යාමට අප ඉඩ දෙන්නේ නැහැ. යුක්තිය ඉටුකරනවා’’ යනුවෙනි. ඔහු කරන්නට  යන්නේ ඝාතකයන් විනාශ කිරීම විය යුතුය. එවිට ඇමෙරිකාව මානව හිමිකම් ආරක්ෂාකරනු ඇත්ද ? ප‍්‍රහාරයෙන් දින කිහිපයකට පසු යේමනයේ කි‍්‍රයාත්මක අල් කයිඩා සංවිධානය ප‍්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ සිය සංවිධානයේ දෙවැනි නායකයා මරා දැමීමට පළිගැනීමක් ලෙස ඇමෙරිකාවේ තානාපති කාර්යාලයට සාර්ථක ප‍්‍රහාරයක් එල්ලකොට එහි තානාපතිවරයා මරා දැමීමට සමත්වූ බවයි. මෙය එකට එක කිරීමක් බවත් ඇමෙරිකාව තම සංවිධානය විනාශ කිරීමට ගන්නා සෑම උත්සාහයකදීම ඇමෙරිකාව වනසා දැමීමට තමන් නොපැකිලිව කටයුතු කරන බවත් එම සංවිධානය ප‍්‍රකාශ කරයි. තම සංවිධානය ලිබියාවේදී නොබියව ඇමෙරිකා තානාපති කාර්යාලයට ප‍්‍රහාර එල්ල කළ ආකාරයෙන්ම අනෙකුත් අපි‍්‍රකානු රටවල් ඇමරිකා තානාපති කාර්යාලවලට නොනවත්වා ප‍්‍රහාර එල්ල කළ යුතුයැයි ද අල්කයිඩා සංවිධානය ඒ ඒ රටවල වැසියන්ගෙන් ඉල්ලා සිටියි. ඉස්ලාම් ආගමට නිග‍්‍රහ වන ආකාරයෙන් ඇමරිකාවේ නිෂ්පාදනය කැර ඇති ‘‘ඉනසන්ස් ඔෆ් මුස්ලිම්ස්’’ නමැති චිත‍්‍රපටය ලිබියාවේ පිහිටි ඇමෙරිකා තානාපති කාර්යාලයට එල්ලවූ ප‍්‍රහාරයට ආසන්නතම හේතුව වන්නට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අතර ඊජිප්තුව, ටියුනීසියාව, යේමනය, ලෙබනනය හා සූඩානය වැනි රටවල ද චිත‍්‍රපටයට විරෝධය දක්මින් දැඩි උද්ඝෝෂණ ව්‍යාපාර කි‍්‍රයාත්මක වූ අතර එවැනි බොහෝ උද්ඝෝෂණ අවසන්වූයේ ප‍්‍රචණ්ඩ ස්වභාවයක් ගනිමිනි. ඇතැම් අවස්ථාවලදී උද්ඝෝෂකයෝ ඇමෙරිකා තානාපති කාර්යාල භූමියට කඩා වැදී දේපල හානි පවා සිදුකිරීමට තරම් නිර්භීත වූහ. දැන් මුස්ලිම් ලෝකය ඇවිලී තිබේ. මුස්ලිම් රටවල දැඩි ඇමෙරිකා විරෝධයක් ගොඩනැගෙමින් පවතින අතර ඇතැම් රටවල තානාපති කාර්යාලවලට පහරදීමෙන් නොනැවතුණු උද්ඝෝෂකයෝ එහි ඇති ඇමෙරිකා පාසල් සහ අධ්‍යාපන මධ්‍යස්ථාන මෙන්ම ඇමෙරිකාවේ බහුජාතික සමාගම්වලට අයත් අවන්හල් සහ නිෂ්පාදනාගාර වලට ද ගබඩා සහ මෙහෙයුම් මධ්‍යස්ථාන වලට ද දිගින් දිගටම පහර දුන්හ. මැදපෙරදිග කලාපයේ රටවල පිහිටි ඇමෙරිකා තානාපති සහ කොන්සල් කාර්යාලවලට එල්ල වන ප‍්‍රහාර වඩාත් සංවිධානාත්මකව සිදුකරන්නේ නම් එය ඇමෙරිකානු ආධිපත්‍යයෙන් අරාබි භූමිය නිදහස් කර ගැනීමට ඉවහල්වනු ඇතැයි අල් කයිඩා සංවිධානය පවසයි. සූඩානයේ පිහිටා ඇති ඇමෙරිකා තානාපති කාර්යාලය පසුගිය දා විරෝධතා කරුවන් විසින් වටලන ලදී. එය වටලා කෑ කෝ ගසමින් උද්ඝෝෂණයේ යෙදුණු ඔවුහු ඒ අතරතුර තානාපති කාර්යාලයට ගල් මුල් ප‍්‍රහාරයක් ද එල්ල කළහ. වහාම කි‍්‍රයාත්මක වූ ඇමෙරිකාව මේ තත්ත්වය පාලනය කිරීම සඳහා විශේෂිත භට කණ්ඩායමක් සූඩානයට යැවීමට උත්සාහ ගත්ත ද සූඩාන විදේශ අමාත්‍යවරයා කියා සිටියේ එය තම ආරක්ෂක අංශවලට පාලනය කැර දිය හැකි බවයි. ඒ අනුව ප‍්‍රචණ්ඩ කි‍්‍රයා මර්දනය කිරීම සඳහා ලිබියාවට සහ යේමනයට ත‍්‍රස්ත මර්දන හමුදා සේනාංක යවා ඇති ඇමෙරිකාව යුද නෞකා දෙකක් උතුරු අපි‍්‍රකා වෙරළ තීරයේ ස්ථානගත කර ඇතැයි ඇමෙරිකා ආරක්ෂක ලේකම් ලියොන් පැනේටා පවසයි. චිත‍්‍රපටයට එල්ලවන විරෝධතා සමගින් අල්කයිඩා සංවිධානය ලොව මුස්ලිම් ජනතාව දිනා ගනිමින් ඇමෙරිකා විරෝධයක් ගොඩනැංවීමේ උත්සාහයක නිරතව සිටියි. ලිබියාවේ තානාපති කාර්යාලයට එල්ල කරන ලද ප‍්‍රහාරයේ පටන් මේ දක්වා මුස්ලිම් රටවල් බොහොමයක් ඇමෙරිකා විරෝධතාවයට ඒකරාශී වී තිබේ.

සජීව විජේවීර
කි‍්‍රස්ටෝපර් ස්ටීවන්ස්  



අදහස් (0)

ඇමෙරිකාවට එරෙහිව ලොවපුරා උද්ඝෝෂණ

අසිත Sunday, 23 September 2012 03:01 PM

ප්‍රතිචාර අවශ්‍ය නැහැ. (නි)

:       0       0

ගුණරත්න Monday, 24 September 2012 06:03 PM

වපුළ දේ අනුව අස්වැන්න ලැබේවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1095 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1119 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site