IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


හොරගොල්ල කුඩාම ජාතික වන උද්‍යානය

ශ්‍රී ලංකාවේ කුඩාම ජාතික වන උද්‍යානය ලෙස සැලකෙන හොරගොල්ල ජාතික වන උද්‍යානය ජනතාව අතර එතරම් සුප්‍රසිද්ධ නොවූවක් වුවද  සතුන් හා ශාක ගැන විවිධ පර්යේෂණ කරන්නන් හට මෙම වන උද්‍යානය නුපුරුදු ස්ථානයක්  නොවෙයි.

 වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පවතින මෙම ජාතික උද්‍යානයට ප්‍රවේශ වීමට කොළඹ - නුවර මාර්ගයේ  නිට්ටඹුව නගරයෙන් කිලෝමීටරයක් වේයන්ගොඩ දෙසට ගමන් කළ විට හමුවන පින්නගොල්ල හන්දියෙන් වමට හැරී මීටර 600ක් ගිය විට හොරගොල්ල ජාතික උද්‍යානයේ  කාර්යාලයට පැමිණිය හැක.

සාමාන්‍ය ව්‍යවහාරයේ ‘හොර කැලය’ යනුවෙන් හැදින්වූ මෙම අකකර තිස් ගණනක භූමිය හොරගොල්ල වලව්වට අයිතිව තිබූවකි. හැත්තෑව දශකයේ එය වනජීවී සංකර්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇත. වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ 1973 ඔක්තෝම්බර් මස 5 දින හොරගොල්ල රක්ෂිතය අභය භූමියක් වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත.

මෙම ප්‍රදේශයේ වෙසෙන සත්ව හා ශාක විශේෂ දිගු කාලීනව ආරක්ෂා කර ගැනීම පිණිසත් අධ්‍යාපන, පර්යේෂණ සහ පරිසරය පිලිබදව ජනතාවට ආශ්වාදයක් ලබාදීම සදහාත් වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ 2004 ජුලි 28 වන දින මෙම අභය භුමිය ජාතික වන උද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත්කරතිබේ.

මෙම ජාතික උද්‍යානය බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරලයේ නැගෙනහිර ප්‍රාදේශීය ආදායම් පාලක කොට්ඨාශයට අයත් උඩහපත්තුවේ පිහිටි හම්බදළුව ග්‍රාමයෙහි හෙක්ටයාර් 13,362 ක ( අක්කර 33 ) භුමි ප්‍රදේශයක් පුරා පැතිරී ඇත.

මෙහි උද්‍යාන භාරකරු ඉන්දික ගල්පාත මහතායි. 

මිනිස් හා වෙනත්  උපද්‍රවයයන්ගෙන්  අවතැන් වුණු  සතුන් මෙහි ගෙන විත් සුවවන තුරු ප්‍රතිකාර කොට සුදුසු පරිසරයකට නිදහස් කිරීමද මෙහිදී සිදු කැරෙයි.

 හදුන් දිවියන්, කොළ දිවියන් වැනි දිවි පවුලට අයත් සතුන් මෙන්ම උකුස්සන් වැනි පක්ෂින්ද මෙහි ගෙනවිත් ප්‍රතිකාර කොට නිදහස් කරනු ලැබෙයි. එමෙන්ම වදවියාමේ තර්ජනයට ලක්ව ඇති විල්මුවා ආරක්ෂා කර ගැනීම සදහාත්, එම සතුන් බෝකිරීම සදහාත් විශේෂ ව්‍යාපෘතියක් වසර දෙකකට පමණ පෙර සිටම මෙහි ක්‍රියාත්මක වෙයි.

වැලි මිශ්‍ර මැටි පසක් පවතින මෙම උද්‍යානය පුරාම තෙත් සහිත ස්වභාවයක් පවතියි. පහතරට තෙත් කලාපීය වනාන්තරයක් වන මෙය නිට්ටඹුව නගරයට ආසන්නව පැවතුනද විශාල උෂ්ණත්ව පරාසයක් වර්ෂය පුරා දැකගත හැක. ප්‍රධාන වශයෙන් නිරිත දිග මෝසම් වැසි ලබනඋද්‍යානයට වර්ෂය පුරාම විටින් විට වැසි ලැබේ.

 උද්‍යානය තුළ ඇති තෘණ භුමි ප්‍රමාණය හෙක්ටයාර් 1.5 ක් වන අතර එය උද්‍යානය තුළ පිහිටි එකම තෘණ භූමියද වේ.

මෙම උද්‍යානය ආශ්‍රිතව තෙත් සදාහරිත වනාන්තර වලට අයත් ශාක ප්‍රජාවන් දැකිය හැකිය. හොර ( Dipterocarpus zeylanicus ), කැකුණ (Canariumzeylanicum ), ගොඩපර (Dilleniaretusa ), දියපර (Wormiyatriquetra ), කිතුල් (Caryotaurens ), බට (Ochlandrastridula ), නැදුන් (Pericopsismooniana ),ඇටබ (Mangiferazeylanicus ), බෝ (Ficusriligiosa ), රුක් (Hoescieldiairyaghedhi ), අන්කෙන්ද (Acronychiaaltilis ), මිල්ල (Vitexpinnata ), මුණමල් (Mimusopselengi ), දෙල් (Artocarpusaltilis ), වෙලංග (Pterospermuscanesens ) වැනි ශාක උද්‍යානයේ බහුලව දක්නට ලැබේ.

උද්‍යානයේ ප්‍රධාන වැල් විශේෂ ලෙස හිඹුටු වැල් (Salaciareticulata), කොරස වැල් (Tetracerasarmentosa), මා වේවැල් (Calamuszeylanicus), පෝට වැල් (Pothosscandens) සහ පුස් වැල් (Entadaphaseoloides) දැකිය හැකිය.

මිට අමතරව තෘණ විශේෂද රැසක්ද ඇත. ඒ අතර නිල්මොනරැස්ස (Uiriculariareticulata), කදුලැස්ස (Dreseraindica),වටැස්ස (Droseraburmanni)ඇත.

මෙම උද්‍යානයේ වන සත්තු අතර හදුන් දිවියා (Felisviverrinas), කොළ දිවියා (Felisrubiginosaphillipsi), මීමින්නන් (Tragulusmeminna), නරියා (Canisaureuslanka) සහ දඬුලේනා (Ratufamacroura) වෙති.

උද්‍යානය ආශ්‍රිතව පක්ෂි විශේෂද බහුලව හමුවේ. ඒ අතර අළු කෑදැත්තා (Ocyeerosgingalensis ), ශ්‍රී ලංකා ගිරා මලිත්තා (Loriculusberyllinus ), හිස කළු කොණ්ඩයා (Pyenonotusmelanicterus ), ශ්‍රී ලංකා අළු ගිරවා (Psittaculacalthropae ), ශ්‍රී ලංකා මුදුන්බොර දෙමලිච්චා (Pellorneumfuscocapillum ), ආසියානු කොහා (Eudynamysscolopacea ), ඇටි  කුකුළා (Centropussinensis ) දැකිය හැකිය.

මෙහි ජලාශයේ මගුරා (Clariasbrachysoma ), කනයා (labeodussumieri), කොට පෙතියා (Puntiusfilamentosus) සහ අහිරාවා (Lepidocephalichthysthermalis) යන මත්ස්‍ය විශේෂද සිටිති.

සර්ප විශේෂ අතර පිඹුරා (Python molurusmolurus), තිත් පොළගා (Daboiarusselii), ගැරඩියා (Ptyasmucocusmaximus), පොළොන් තෙලිස්සා (Hypnalehypnale), දෙපත් නයා (Cylindrphismaculatus), හෙල්මල් කරවලා (Chrysopeleaornata), ඇහැටුල්ලා (Ahaetullanasutus), මුදුකරවලා (Bungarusceylonicus) සහ නයා (Najanaja) වෙති.

හොරගොල්ල ජාතික උද්‍යානය වනසතුන් හා වෘක්ෂලතාවන් පිළිබදව පර්යේෂණ කරන්නන්ට පමණක්ම සිමා වුවක් නොවෙයි. නිස්කලංක පරිසරයක සුවයක් මෙහි පැමිණෙන්නෙකුට වීඳිය හැක. පරිසරයේ නිහැඩියාව ආරක්ෂා කරගන තරමට වන සතුන් හොදින් දැකබලා ගැනීමට ඔබට හැකිවනු ඇත. එමෙන්ම ගෙන ආ කිසිවක් වනයේ තබා නොයාමත් මතකයන් පමණක් රැගෙන යාමත් තුලින් මේ සුන්දර පරිසරය මතු පරපුරටත් නොකිලිටිව දැකබලා ගැනීමට හැකිවනු ඇත. වනසතුන් තුරුලතාවන් නගන හඬට කන්දෙන්න ඉන් ඔබේ සිතට සහනයක් දැනෙනු ඇත.

උද්‍යානයට පැමිණෙන්නන්ට ඇති එකම දුෂ්කරතාව නම් පිවිසුම් මග පටු වීමයි. එහි පළල අඩි තුන හමාරකන් පමණය.

එමෙන්ම වාහන නවතා තැබීමේ පහසුකම්ද අඩුය. බලධාරීන් ඒ ගැන සොයා බලා එම පහසුකම් සලසන්නේනම් අනෙක් වනෝද්‍යාන තරමටම මේ වනෝද්‍යානයද වටිනාකමින් වැඩි වනු ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

 

 පිවිසුම් මාර්ගය

තුවාල ලබා සිටින උකුස්සෙකුට ප්‍රතිකාර කරන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශක සංජය රුවන් කුමාර මහතා

   මුතුරාජවෙල සිට ගෙන ආ සර්ප උකුස්සා 2011 සිට ප්‍රතිකාර ලබමින් සිටියි.

 තුවාල ලබා සිටින පෙරලි කොන්ඩ උකුස්සා

 තුවාල ලබා සිටින පෙරලි කොන්ඩ උකුස්සා

  මිහිරිගම  කන්දලම ප්‍රදේශයේ විදුලි සර වැදී තුවාල වී සිටින සර්ප උකුස්සා

 හදුන් දිවියා

 මිනිසුන්ට තරමක් හිලෑ වූ හදුන් දිවියෙක්

 පිනුම් කටුස්සා

 ගෙරි කුහුඹුවන්

  අභි ශාක

 විල් මුවා ( වදවීමේ තර්ජනයට ලක් සතෙක් බෝකිරීම සදහා රැගෙන විත් ඇත )

  වටැස්ස

 කොක්මොට ශාකය

  විල් මුවන් බෝකිරීමේ ස්ථානය

  ඉත්තෑවන්ගේ ගුහා

  බබර වැල්

 මුවන් සදහා වවා ඇති තෘණ විශේෂ

   කදුලැස්ස ( මාංශ භක්ෂක ශාක )

  ගොඩපර

  පුස් වැල

  වල් ඇහැල

  වල් මිදී

 පුස් වැලක මලක් ( ඉතාම සුවදකින් යුක්තයි )

  වෙනිවැල්

  වෙනිවැල් ශාකයේ පොතු  ඉත්තෑවන් ආහාරයට ගෙන ඇති ස්ථාන

  බෙහෙත් ගොළුබෙල්ලා ( කැඩුම් බිදුම් සදහා දේශීය අයුරුවේදයේ යොදාගනී )

 තුවාල වී සිටින ගිරා මලිත්තෙක් 



අදහස් (0)

හොරගොල්ල කුඩාම ජාතික වන උද්‍යානය

සෙනරත් Wednesday, 29 May 2013 01:45 AM

ඔය අඩි පාර ඔහොමම තිබියදෙන්, ලොකු කරන්න වුවමනා නැහැ (නි)

:       0       1

වාසල Wednesday, 29 May 2013 04:50 PM

තව ටික දවසකින් කවුරුන් හරි මේක හෝටලයකට ගත්තා කියා අසන්නට නොලැබේවා!!! (නි)

:       0       0

තිලාන් Wednesday, 29 May 2013 01:46 PM

අපේ දේවල් අපි රැක ගන්න ඕනෑ.ගොඩක් අය මේ ගැන දන්නේ නැහැ (නි)

:       0       0

වික්‍රමාරච්චි Friday, 23 October 2015 03:40 AM

චඳ වී යන බෙහෙත් සංරක්ෂණය කිරීම ගැන මම ගොඩක් තුති පුදනවා. (නි)

:       0       0

ආනන්දආර් Friday, 31 May 2013 05:36 PM

පාර ලොකු කලොත් ඔය තියන සුන්දරත්වය අහෝසි වෙලා යනවා. හොඳම උදාහරණය බෝපත් ඇල්ල. (නි)

:       0       0

ප්‍රදීපා Wednesday, 29 May 2013 11:54 AM

හරිම සුන්දර තැනක්. සමහරවිට කිට්ටුව පදිංචි නිසා අපිට අගයක් නැතිවෙන්න ඇති. ලංකාදීපයට තුති දැනුවත් කිරීම ගැන. (නි)

:       0       0

සතිෂ් Saturday, 01 June 2013 09:41 AM

පාර ලොකු කරන්න එපා. වල්ල පට්ටත් වගා කළා නම් හොද ආදායමක් ගන්න තිබුනා. ලංකාදීපයට ස්තුති, මෙවැනි දේවල් හෙළි කරනවට. (ස)

:       0       0

සනත් පිරිස් Monday, 03 June 2013 02:28 PM

ඉතාම වටිනා ලිපියක්. බොහෝ දෙනෙක් නොදන්නා විස්තර ගොඩක් අන්තර්ගතයි. හොරගොල්ල ප්‍රදේශයේ මෙවැනි තැනක් තිබෙන බව නිකමටවත් දැනගෙන තිබුනේ නැහැ. ලංකාදීපයට ස්තුතියි (නි)

:       0       0

අමල් Tuesday, 14 May 2013 03:16 PM

අපුරු වනයක්. (ස)

:       0       0

හේමන්ත Tuesday, 14 May 2013 03:16 PM

මෙන්න අපි රැක ගත යුතු උරුමයන්. (ස)

:       0       1

සීතා Tuesday, 14 May 2013 03:17 PM

මේවට මිට වඩා ආරක්ෂාවක් දෙන්න ඕන. (ස)

:       0       0

ශාමන් Tuesday, 14 May 2013 03:18 PM

මේවා රැක ගන්න ක්‍රමයක් හැදුවනම් වටිනවා.(ස)

:       0       0

සංජිව Wednesday, 29 May 2013 09:12 AM

වටිනා ලිපියක් (දී)

:       0       0

අභය Friday, 23 October 2015 05:22 AM

ඉතාම වටිනා ලිපියක් (නි)

:       0       0

රාෂි Monday, 03 June 2013 10:21 AM

කැඩුම් බිදුම් සදහා පමණක් නොව පිළිස්සුම් තුවාල සදහාද බෙහෙත් ගොලුබෙල්ලගේ සාරු යොදාගැනීම විශේෂයි , රැක ගත යුතු උරුමයන් බව අවිවාදයෙන් පිළිගත්තත් වගකිවයුතු බලධාරීන්ගේ ඇස් අරවන්නේ කොහොමද...?(ස)

:       0       0

කේ චන්ද්‍ර‍සිරි Monday, 30 May 2016 04:00 AM

රැකගතයුතු උරුමයක් වන මෙය ඉදිරිපත් කිරීම පිළිබදව සියළුදෙනාටම ස්තුතියි (ම)

:       0       1

බුද්ධික Wednesday, 29 May 2013 09:48 AM

පුදුම දෙවල් තමයි තියෙන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

​කාගේත් තරම උරගාන පුංචි ඡන්දය
2025 මැයි මස 05 125 0

ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.


ලොවම බලාසිටින ඉන්දු - පාකිස්තාන අර්බුදය
2025 මැයි මස 05 304 0

ඉන්දු-පාකිස්තාන අර්බුදය දේශසීමා ගැටුමක් මෙන්ම රාජ්‍ය දෙක අතර පවත්නා ගැටුමකි. දේශසීමා අර්බුද දිගුකාලීන ගැටුම් ලෙස ජාත්‍යන්තර සබඳතා විෂයයේදී හඳුනා ගැ


කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 842 1

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 548 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 430 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1758 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 718 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 186 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1225 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site