IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


හූනියම් කපන්න පොළොව යට වැළලී මියගිය යකැදුරා

හෝමාගම ප‍්‍රදේශයේ විහාරස්ථානයක පැවැත්වෙන යාතු කර්මයකි. මෙය භූමි ෙඡ්දන යාතුකර්මය ලෙස හැඳින්වෙන අතර යම් ඉඩමක කිසියම් දෝෂයක් ඒ කියන්නේ කිසිවෙක් විසින් හූනියමක් කර ඇත්නම් එය නැති කිරීම සඳහා පැවැත්වෙන බව කියන විශේෂ යාතු කර්ම විශේෂයකි.

 

 

කෙනෙක් හෝ පවුලක් විනාශයක් කිරීමට හූනියමක් කර ඇත්නම් හෝ වෙනයම් කරුණක් මත භූමියේ යම් දෝෂයක් පවතින්නේ නම් එම දෝෂය ඉවත් කිරීම සඳහා පැවැත්වෙන මෙම භූමි ඡේදන යාතුකර්මයේ මුල් පියවර වන්නේ දෝෂය පවතින ඉඩමේ වළක් හෑරීමය. වළක් හෑරීමෙන් පසු කඩුවක්, සුවඳ දුම්, කට්ට කුමන්ජල්ද සම්බන්ධ පළතුරු සහිත පූජාවට්ටියක් බළලෙකුගේ කළලයක් කඩුවක් ගිරයක් ඇතුළු පුද පූජාවලට අවශ්‍ය අඩුම කුඩුම ද රැුගෙන කට්ටඬියා වළ තුළට බසින්නේ මන්ත‍්‍ර ජප කරමින් භූමි දෝෂය නැති භංග කිරීම සඳහාය.

වළ මත දිගාවුණු පසු වළ මතින් ලෑලි හා තහඩු දමා පස් දමන අතර ඊට පස්සේ ගිනි මැලයක් ඒ මත ගසනු ලැබේ.

මේ යාතු කර්මය කිරීමට වළට බසින්නේ එක්කෝ මහ දහවල් 12.00ටය. එසේත් නැතිනම් මධ්‍යම රාත‍්‍රී 12.00ටය.

හරියටම වේලාව බලා කට්ටඬියා වළ තුළට බසින්නේද මන්ත‍්‍ර ජප කරමිනි.

මොනයම් හේතුවක් නිසා හෝ කිල්ලකට අසුවුවහොත් හෝ වෙනයම් බාධාවක් ඇතිවුවහොත් කට්ටඬියා එදිනට මේ යාතු කර්මය කරන්නේ නැත. නැවතත් මේ වැඬේට බසින්නේ දෙවියන් යැද යකැදුරා හොඳ හැටි පේවීමෙන් පසුවය.

 

යකදුරා වැලලී සිටි වල පරීක්ෂා කරමින්

 

යාතු කර්මය අවසන් වී කට්ටඬියා වළෙන් ගොඩට ගන්නේ හරියටම පැය 2 1/2ක පමණ කාලයකිනි. පැය 2 1/2ක පමණ කාලයකට පෙර වළ තුළින් ගොඩට ගතහොත් ඒ යාතු කර්මයෙන් වැඩක් වන්නේ නැත.

කට්ටඬියාගේ හා භූමි දෝෂය ඇතැයි කියන නිවැසියන්ද විනාශය එය වන්නේය.

කට්ටඬියා වළ තුළට වී මන්තර මතුරන කාලය තුළ භික්ෂූන් වහන්සේලා කිහිප නමක් වැඩමවා වළ ළඟ පිරිත් සජ්ඣායනා කිරීමද අනිවාර්යයෙන්ම සිදුකළ යුතුය.

හෝමාගම ප‍්‍රදේශයේ විහාරස්ථානයේද භූමි දෝෂ නැති කිරීමේ යාතු කර්මය පැවැත්වුනේ මේ පිළිවෙත් අකුරටම පිළිපදිමිනි.

වළෙන් ගොඩට ගන්න වෙලාවට මගේ ළඟ තියෙන කඩු තුඩින් අනින්නම් ඒ සංඥාව ලැබුණට පස්සේ මාව එළියට ගන්න. එතකම් ගන්න එපා යැයි කිී කට්ටඬියා වළට බැසීමට කලින් උපදෙස් දෙනු ලබයි.

ඔහුගේ මේ කටයුතුවලට සහායවීම සඳහා ආවතේවකරුවෙක්ද සිටින අතර යන එන තැන්වලට ඔහු කැඳවාගෙන යාමට අමතක කරන්නේ නොමැත.

පන්සල් භූමියේදී පැවැති යාතු කර්මයෙන් පසු කට්ටඬියා නිරුපද්‍රිතව ගොඩට ගත්තේ නියමිත කාලය එළඹීමෙන් පසුවය.

අදහාගත නොහැකි මේ ආශ්චර්ය අද්භූත සිදුවීම දෙස බලා සිටි සිය ගණනක් අතරේ පෞද්ගලික පන්ති පවත්වන ගුරුවරයෙක්ද සිටියේය.

ඔහුගේ මතකය මීට වසර හය හතක් වැනි අතීතයට දිව ගියේ නිමේෂයකිනි.

ගෙවත්තට ඇතුළුවන තැනම මිනී ඇටකටු සහිත බෑගයක් පයට පෑගීමට ගොස් පසුව එය ඉවතට විසිකර දමා ගෙදර පැමිණි අයුරු ඔහුට මතක්විය.

හදි හූනියම් ගැන කිසිදු වග විභාගයක් නොමැති වුවද එය දැකීමෙන් ඔහුගේ හිතට කිසියම් අමුත්තක් දැනෙන්නට ඇතිවූවා නම් නිසැකය.

භූමි දෝෂය නැති කිරීමේ යාතු කර්මය කළ කෙනා ගැන විපරම් කර බැලූ විට ඔහුට දැන ගැනීමට ලැබුණේ මේ කාලයක් .... ඇසුරු කළ හිතවතෙක් බවය. නමුත් මේ හමුවීම සිදුවූයේ වසර 10ක පමණ කාලයකට පසුවය.

ඉංග‍්‍රීසි උපකාරක පන්ති පවත්වන මොහු මනෝ විද්‍යා උපදේශකවරයෙකි. ධනාත්මක චින්තනය ගැන වැඩමුළු පවත්වන දේශකයෙකි.

කලක් පැවති මිතුදම යළිත් ඇතිවූයේ දෙදෙනා හමුවී කතාබස් කිරීමෙන් පසුවය.

ගෙවත්තෙන් හමුවූ මීට වසර හය හතකට පමණ කාලයකට ඉහතදී හමුවූ මිනිස් ඇටකටු සහිත පාර්සලය ගැන කාලයකට ඉහතදී මුණගැසුණු කට්ටඬි මිත‍්‍රයාට දැනුම් දී ඇත.

 

ශාන්තිකර්මය පැවැත්වූ නිවෙස

 

ඔහු පසු දිනක කාලයකට පසු මුණගැසුණු මිත‍්‍රයාගේ පිළියන්දල පැලැන්වත්තේ ගෙවත්ත පරීක්ෂාකර බලා භූමි දෝෂයක් ඇති බව දැනුම් දී තිබේ.
භූමි දෝෂය නැති කිරීමේ මේ යාතුකර්මය පටන්ගත්තේ මේ දැනුම්දීම මතය.

මේ කට්ටඬියා නමින් ගමගේ වැනිසියස් ක‍්‍රැස්තෝ නමැති 32 හැවිරිදි වියේ පමණ පසුවන තිදරු පියෙකි.

ගෙවත්තේ අඩි හයක් පමණ දිග අඩි 04ක් පමණ පළල අඩි 5 1/2ක් පමණ ගැඹුරු වළක් හාරා කැස්ත්‍රෝ එය තුළට බැස්සේ පුද පූජා පැවැත්වීමට අවශ්‍ය කළ කළමනාද රැගෙනය.

යාතු කර්මයට අවශ්‍ය වත් පිළිවෙත් සුපුරුදු ලෙස අකුරටම ක‍්‍රියාත්මක වූ අතර කෙසේ හෝ අවසානයේ ගොඩට ගත්තේ කැස්ත්‍රෝ සිහිසුන්ව සිටියදීය.

කෘත‍්‍රිම ශ්වසනය ලබාදී කැස්ත්‍රෝ පිළියන්දල රෝහලට කඩිනමින් ගෙන ගිය අතර වෛද්‍යවරුන් පරීක්ෂාකර බලා ඔහු මියගොස් ඇති බව දැනුම් දී ඇත.

භූත දෝෂය ඇති බව සඳහන් නිවසේ හිමිකරු මේ බව පිළියන්දල පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු ගල්කිස්ස සහකාර පොලිස් අධිකාරි ජේ.එච්.පී. ජයලත් මහතාගේ උපදෙස් මත සිද්ධිය වූ ස්ථානයටගොස් පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ පිළියන්දල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නන්දසිරි ගමගේ මහතා ප‍්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.

යාතුකර්මය කරමින් සිටි ස්ථානයේ සිටි වැඩි දෙනෙක් බීමතින් සිටි නිසා පුතා වළෙන් ගොඩ ගැනීමට ප‍්‍රමාද වූ බවට ඔහුගේ පියා චෝදනා කරයි.
පිළියන්දල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නන්දසිරි ගමගේ සහ සැරයන් ධර්මපාල (15874) යන මහත්වරුන් ඇතුළු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ගිය පොලිස් නිලධාරීන් හමුවේ තොරතුරු හෙළි කරමින් නිවසේ හිමිකරුවන ලසන්ත මහතා පැවසූ කතාවයි මේ.

පැය 2 1/2 ගතවූ පසු කඩුවෙන් ඇන සංඥාවක් වළ මතුපිටට පෙනෙන ලෙස නිකුත් කරන බව ඔහු පැවසුවත් ඔහු එවැනි සංඥාවක් නිකුත් කළේ නැහැ. මා නියමිත කාලය ඉකුත් වනවාත් සමගම පස් ඉවත්කර ඔහු ගොඩ ගැනීමට ගියත් ආවතේවකරු එයට කැමති වූයේ නැහැ. සංඥාව නිකුත් කිරීමට කලින් ඔහු වළෙන් ගොඩගනු ලැබුවහොත් තමාට බැණ වදින බව ආවතේවකරු තමා සමග පැවසුවා.

වළෙන් ගොඩ ගැනීමට තිබූ නියමිත කාලය පැය 1/2කින් පමණ ඉකුත් වී තිබූ නිසා ආවතේවකරුගේ විරෝධය නොතකා මා පස් සහ ලෑලි ඉවත් කළා. ක‍්‍රැස්ත්‍රෝ මුනින් අතට වැටී සිහිසුන්ව සිටියා. වළෙන් ගොඩට ගෙන ප‍්‍රථමාධාර ලබාදී පිළියන්දල රෝහලට රැගෙන ගියා. වෛද්‍යවරුන් පරීක්ෂා කර බලා මොහු මියගිය බව පැවසුවා. මොහු වළෙන් ගොඩට ගන්නා විට අලූයම 3.00ට පමණ ඇත.

නිවෙස් හිමියා තවදුරටත් කරුණු පොලිස් නිලධාරීන් හමුවේ හෙළිකරමින් මෙසේද පැවසීය.

මීට වසර 06කට පමණ ඉහතදී බෑගයක බහා තිබූ මිනිස් ඇටකටු වගයක් ගෙවත්තේ තිබී හමුවුණා. මා මෙය ගණන් ගත්තේ නැහැ. හෝමාගම පැත්තේ පන්සලක මෙවැනිම යාතු කර්මයක් පැවැත්වුණා. මෙය බලන්න මමත් ගියා. මේ යාතුකර්මය කළේ මා දන්නා හඳුනන අයෙක් බව දැනගත්තා. ඔහු මට මුණ ගැසුනේ වසර 10කට පමණ කාලයකට පසුවයි. මා ඇටකටු හමුවීමේ සිද්ධිය ගැන මතක්වී ඒ බව ඔහුට පැවසුවා. ඔහු පසු අවස්ථාවක මගේ නිවසට පැමිණ ගෙවත්ත පරීක්ෂා කර බලා තරහකාරයෝ විසින් ගෙවත්තට දෝෂයක් කර අපට විපතක් කිරීමට උත්සාහ කර ඇති බව පැවසුවා. ඒ අනුව එම දෝෂය ඉවත් කිරීමට කටයුතු කළා.

මීට දින 10කට පමණ කලින් මෙම වළ කපා යාතුකර්මය සිදුකිරීමට ගිය අවස්ථාවේ ඒ සඳහා යොදාගත් පීරිසියකට පස් වැටීම නිසා බාධාවක් ඇතිවූ බව පවසා එය නවතා දැමුවා. ඊයේ දහවල් 12.00ට පමණ මෙම යාතුකර්මය සිදුකිරීමට සූදානම්ව තිබුණත් පිරිත් කීමට භික්ෂූන් වහන්සේලා සොයාගැනීමට අපහසු වූ නිසා මධ්‍යම රාත‍්‍රියේ 12.00ට මෙය කිරීමට පටන් ගත්තා යැයි නිවෙස් හිමියා කීය.

කැස්ත්‍රෝ වසර 04ක පමණ කාලයක් තිස්සේ සිට මෙම යාතුකර්මය කරගෙන ආ බවත් මෙවැනි යාතුකර්ම 80ක් පමණ සිදුකර ඇති බවත් ආවතේවකරු පොලිසියට පවසා ඇත.

බළලෙකුගේ කළලයක්, මල් බුලත් සුවඳ දුම් පූජා වට්ටියක් කඩුවක් සහ ගිරයක්ද වළතුළ තිබී සොයාගත් පුද පූජා භාණ්ඩ අතර තිබෙන බව පොලිසිය කියයි.
සොයාගත් බළල් කළලයේ ඔලූ දෙකකි. පාද අටක් තිබීමද විශේෂත්වයකි.

මෙවැනි යාතුකර්ම කිරීමට ගොස් වළෙන් ගොඩට ගන්නා විට සිහි විසඥව සිට ඇති අවස්ථා තිබී ඇතත් මූලික ප‍්‍රථමාධාරවලට පසු මොහු පියවි සිහිය ලබා ඇති බවද පොලිසියට දැන ගැනීමට ලැබී ඇත.

කැස්ත්‍රෝගේ ආවතේවකරු පොලිසියට පවසා ඇත්තේ මොහු මෙම යාතුකර්ම 80ක් කර ඇති බවය. එහෙත් 81 වැනි යාතුකර්මයට ගොස් මොහුට ජීවිතයෙන් සමුගන්නට සිදුවූයේ ඉතාම අවාසනාවන්ත අයුරිනි.

දයාබර බිරිඳකට දයාබර සැමියෙක් අහිමිවී ඇතිවා පමණක් නොව දරුවන් තිදෙනෙකුට ආදරණීය පියෙක් සදහටම අහිමිවී ඇත.

මෙවැනි අවාසනාවන්ත මරණයකට ගොදුරුවූයේ මිථ්‍යා විශ්වාස පසුපස ගොස් කටයුතු කිරීම නිසා බව විශේෂයෙන් සඳහන් කළ යුතුය.

මිනී ඇටකටුවලට හෝ මිනී අළුවලට ජීවත්ව සිටින අයට කළ හැකි දෙයක් නොමැත. හදි හූනියම් භූත දෝෂ භූමි දෝෂ ඇතැයි සිතා ඒවා පසුපස යාම විනාශයට හේතුවකි.

ගල්කිස්ස කොට්ඨාසය බාර පොලිස් අධිකාරි රවීන්ද්‍ර කරවිටගේ මහතාගේ අධික්ෂණය යටතේ ගල්කිස්ස සහකාර පොලිස් අධිකාරි ජේ.එම්.පී. ජයලත් මහතාගේ විශේෂ උපදෙස් මත පිළියන්දල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නන්දසිරි ගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සැරයන් ධර්මපාල (15874) යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලැබීය.

ගල්කිස්ස කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ අංශයේ (සොකෝ) සැරයන් මනම්පේරි (27050) සහ කොස්තාපල් ජයසිංහ (84470) යන මහත්වරුන්ද මෙම පරීක්ෂණවලට හවුල් වී ඇත.

 

 

 

 

 



අදහස් (0)

හූනියම් කපන්න පොළොව යට වැළලී මියගිය යකැදුරා

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

නව ව්‍යවස්ථාව කෙසේ වියයුතුද?
2025 මැයි මස 07 85 1

ශ්‍රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ


අනාගත විදුලි බිල කොතැනද?
2025 මැයි මස 07 147 0

පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.


ටින් අංකය හිස් ටින් එකක්ද?
2025 මැයි මස 07 517 0

1917 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 102 වැනි වගන්තියට අනුව, 2024 ජනවාරි 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, වයස අවුරුදු 18 හෝ ඊට වැඩි හෝ 2024 ජනවාරි 1 වැනි දින හෝ ඊට පසු වයස අව


ප්‍රබන්ධය ඉතිහාසයටත් වඩා සැබෑවක්
2025 මැයි මස 07 66 0

ප්‍රවීණ ගීත රචක ලේඛක මහින්ද චන්ද්‍රසේකර මහතා විසින් රචිත ‘වාපී’ නවකතාව අනුරාධපුරයේදී පසුගියදා එළිදැක්වුනි. ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ මහතා එම උළෙලේද


ටයිටැනික් මගියාගේ ලියමන පවුම් තුන්ලක්ෂයකට අලෙවි වෙයි
2025 මැයි මස 07 255 0

ටයිටැනික් නෞකාව ගිලීගොස් වසර 113 ක් ගත වී ඇති නමුත්, තවමත් ඒ ගැන නොයෙක් නොයෙක් කතා කරළියට පැමිණෙයි. ජීවිත 1500 ක් බිලි ගනිමින්, ටයිටැනික් නැව සීතල උතුරු අත්ලා


​කාගේත් තරම උරගාන පුංචි ඡන්දය
2025 මැයි මස 05 371 0

ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 999 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 245 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1292 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site