(*** ඒ.ඩී. රන්ජිත් කුමාර)
1969 වසරේ වෙසක් සමයේ එක්තරා දිනක සවස් වරුවේ මා මිත්‍ර චිත්‍රපට විචාරක, ලේඛක ඈෂ්ලි රත්න විභූෂණ කැලණියේ පෑලියගොඩ මීසම්වල පාලනාධිපති ලෙස සේවය කළ අර්නස්ට් පොරුතොට පියතුමා මට හඳුන්වා දුන්නේය. පෑලියගොඩ බියගමට යන පාරේ දේවස්ථානයට ගිය මට දක්නට ලැබුණේ එහි විදුලි එළියෙන් දිදුලන වෙසක් කූඩුය. මා මවිතයෙන් වට පිට බැලුවෙන් පෝරුතොට පියතුමා මොකද? මෙයා පුදුම වෙලා කියා ඇසුවේය.
නෑ ෆාදර් කතෝලික පල්ලියක වෙසක් කූඩු පත්තු වෙනවා දැක්කමයි.
පුදුම වෙන්න එපා. මෙහෙ අවට ඉන්න බෞද්ධයෝ අපට උදව් කරනවා. පල්ලියේ මංගල්‍යය දවසට පාර සරසනවා. ජෑම් පාන්, සරුවත්වලින් සංග්‍රහ කරනවා. ඒ විතරක් ද? පල්ලියේ ඇතුළේ වැඩ කටයුතුවලට සම්බන්ධ වෙනවා. ඉතින් ඒකට කළගුණ සලකන්න පල්ලියේ වෙසක් කූඩු එල්ලීම, ඒවාට ආලෝකය දැල්වීම වරදක් ද?
මම එය අනුමත කරමින් හිස සැළුවෙමි.
අර්නස්ට් පෝරුතොට පියතුමා රැඩිකල් චරිතයක් බව මම දැන සිටියෙමි. සිනමාව ගැන සිංහල බසින් පොතක් ලියූ ප්‍රථම කතෝලික පියතුමා උන්වහන්සේමය. පොතේ නම ‘‘චිත්‍රපටි ගැන’’ ය. ලංකා චිත්‍රපට විචාරක ලේඛක සංගමයක් බිහි කිරීමට ද පුරෝගාමී වූ උන්වහන්ගේ OCIC අන්තර් ජාතික කතෝලික සිනමා සංවිධානයේ ශ්‍රී ලංකා සිනමා පර්ෂදයේ ප්‍රථම සංවිධායකයා ද විය.
පෝරුතොට පියතුමා 1969 දෙසැම්බර් 25 වැනිදා ‘‘කලා’’ සිනමා සඟරාව සඳහා විශේෂාංගයක් ලිවීම සඳහා මම කුඩා අවදිය ගැන කරුණු විමසීමි.
‘‘සෙක්කුවත්තේ මහගෙදර සිටින කාලයේ කජුපුහුලන් කෑමටත්, මාළු බිලී බෑමටත් මම ආශා කළා. මම මව්පියන් සිටි මාරවිල සිට ගමට ගමන් කළේ තෙරේසා සුදු අම්මා (ආච්චි) සමග බස් රියෙන්. ගම හරහා දඬු ගඟ ගලන ගංවතුර කාලයේ දඬුගම තොටුපොළේ සිට මම ගමන් කළේ සුදු අම්මාගේ කරේ වාඩි වී ගෙන. මා බොරැල්ලේ ශාන්ත ඇලෝසියස් දෙව්හලට කැඳවා ගෙන ගියේ සුදු අම්මා.
පුතේ ඔය ඉස්සරහට ගහපු අඩිය ආපසු ගන්න එපා. ඇය කිව් ස්වරය තවමත් මගේ හිතේ රැව් දෙනවා.
උපන් හැටියේ බිම වැටී පොඩිවී ගිය මගේ හිස පුළුන් පිරවූ පොල් කට්ටක දමා හිසත් පණත් රැක දුන් සුදු අම්මා බැලීමට මම අදත් (1969) සෙක්කුවත්තට යනවා.
එහෙත් දැන් යන්නේ කජු පුහුලන් කන්න නොවේ. මාළු බාන්නට නොවේ. රෝගාතුර වූ ඇයට සත් ප්‍රසාද රැගෙන යාමටය. සුදු අම්මා මා අගයන ඇගේ මුළු ජීවිතය මා දුටු හැම චිත්‍රපටයටම වඩා ජීවමාන චිත්‍රපටයක්.
පෝරුතොට පියතුමාගේ පියා පෝරුතොටගේ ජෝකිම් ප්‍රනාන්දු (පී. ප්‍රනාන්දු) මාරවිල රෝමානු කතෝලික පිරිමි පාසලේ මුල් ගුරුවරයා ලෙස කටයුතු කර ඇත.
ඔහු විවිධ විෂයයන් ගැන පොත් 12ක් ලියා ඇති බව පියතුමා එදා මට පැවැසුවේය.
පෝරුතොට පියතුමා යොවුන් වියේ සිටම රැඩිකල් චරිතයකි. විප්ලවවාදියෙකි. පෙරළිකාරයෙකි. දේවස්ථානයේ වෙසක් උත්සවය වෙනුවෙන් තම දේවස්ථානයේ වෙසක් කූඩු එල්ලූ එතුමා දේවස්ථානයට මගුල් බෙරකරුවන් ගෙන්වීම ද මංගල්‍ය අවස්ථාවල දී ජයමංගල ගීත ගැයීම, දේශීය කලාවට මුල් තැන දෙමින් ගොක් කොළවලින් සැරසිලිවට තැනදීම ආදිය ගැන හණමිටි අදහස් ඇති මතවාදීන් තුළ වූයේ බලවත් විරෝධයකි. ඒ විරෝධතා නොතකා පියතුමා තම සිතැඟි ඒ ලෙසම ක්‍රියාත්මක කිරීමට හිතුවක්කාරයෙක් විය.
මම පූජකත්වයට සූදානම් වන කාලේ චිත්‍රපට රසිකයෙක්. ඒ කාලේ (පණහ දසකයේ) තිරගත වූ සිංහල චිත්‍රපට සේරම බැලුවා. මෙයට ඇතැම් වැඩිහිටි පූජකවරුන් කීවේ ‘පූජකත්වය ලැබීමට සිටින නුඹ බයිස්කොප් බලලා පාපයක් කර ගන්නවා’ කියලා. පසුව චිත්‍රපට නැරඹීමට, චිත්‍රපට තැනීමට කතෝලික සභාවේ තහනමක් නැතැයි සාන්ත ඇලෝයි නවක දෙව් සත්හලේ අධිපති පියතුමා කී විට හණමිටි අදහස් දැරූ අය ඇස් ලොකු කර ගත්තා. පියතුමා කීවේය.
සිංහල කතෝලික පියතුමකු චිත්‍රපට කලාව ගැන මුල්ම සිනමා පොත ලිවීමේ වාර්තාව පිහිටවූ පියතුමා.
ග්‍රන්ථ කර්තෘවරයකු ලෙස භව්‍යවාදය හා ලංකාව ගිහියා - වතිකානු කතිකාවත - සුරාව - වෘත්තිය සමිති විප්ලවය - කිතුණු පෙරළිය - කාදිනල් කුරේ - සේරම් ගුරු හිමි ජීවිතයේ පූජවකි. චිත්‍රපට වර්ෂික සිනමාවේ සහ මාධ්‍යය ආදී කෘති සම්පාදනය කළේය.
එතුමා අවසන් වරට මට හමු වූයේ මීට වසර පහකට පෙර මොරටුව අඟුලානේ දේවස්ථානයේ දීය. ඒ විශ්‍රාම ගෙන සිටි අවස්ථාවකය.
ඔබතුමාගේ විශ්‍රාම ජීවිතය ගත කරන්නේ කෙසේදැයි මම එදා එතුමාගෙන් ඇසුවෙමි.
දැන් මම අවදිවන්නේ උදේ 5 ටයි. උදේ කටයුතු අවසන් වුණාට පසු පිරිසුදු වී ආගමික කටයුතුවල යෙදෙනවා. දහවල් 11 වන තුරු පුවත්පත් සඟරා බලනවා. මට දැන් වයස අවුරුදු 86 (2015 දී) පහු වෙලා. ඊට පස්සේ අනුමැතියට එවා ඇති රූපවාහිනි ටෙලි නාට්‍ය බලනවා. දවල් කෑමෙන් පසු පැයක් නිදා ගන්නවා. හවසට දේව මෙහෙයට යනවා. මේ කටයුතු හැර මම පොත් ලියනවා. සිනමාව ගැන කරුණු එකතු කරනවා. මා ලියූ පොත්වල නව මුද්‍රණ නිකුත් කරනවා. පියතුමා කීවේය.
ජීවිත ගමනින් සමුගත් පෝරුතොට පියතුමා මානව දයාවෙන් සපිරි උතුම් දේව දූතයෙකි. ආගම්, ජාති, කුල භේද පිටු දැකි මේ උතුම් මනුෂ්‍යයාගේ දයාබර වදන් මා වසර 50 කට වැඩි කාලයක් අසා ඇත. අද වසර 91 ක දිගු ජීවන ගමන කෙළවර කොට කයෙන් වෙන් වුවත් දයාබර හිනාව උතුම් මිත්‍රත්වය මා ඉදිරියට ජීවත් වන ඉතා කෙටි කාලය දක්වා පවතීවි.
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන
හෙළ සිනමාමේ වත්මන් නිළි රැජින ලෙසින් සැලකෙන මාලිනී ෆොන්සේකා අද 30 වැනිදා ජීවන ගමන් මගේ 78 වැනි විය සපුරයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ප්‍රවීණ ගීත රචක සාහිත්‍යවේදී බණ්ඩාර ඇහැළියගොඩගේ නිර්මාණ හා නිර්මාණ දිවිය අළලා ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචිත ‘නොනිමෙන පහන්සිළ - බණ්ඩාර ඇහැළ
1827 ජනවාරි 20 වැනිදා ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණු වෙරළබඩ නගරයක් වන හික්කඩුවේදී වලාකුලුගේ දොන් ජහානිස් අබේවීර ගුණවර්ධන මහ ලියනාර
ඉතිහාසයේ වඩාත්ම දරුණු ආර්ථික අර්බුදයට පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම් තරමක ස්ථාවර වීමක් අත්කර ගෙන ඇති අතරම, වර්ධනාත්මක ගමන් පථයක් ඔස්සේ වූ ප්‍රගතිය පැහ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හණමිටි මතවලටත් - සම්මතයටත් එරෙහිවූ දයාබර පියතුමා
Wipula Sumanasekera Friday, 19 June 2020 12:43 AM
හණමිටි මතවාදවලට එරෙහිව "ක්‍රිස්තු චරිතය" චිත්‍රපටය පෙන්වන අවස්‍ථාවේ නැගී සිටි මෙතුමා මගේ ආදරණීය ගුරුතුමෙකි. එදා එතුමාට එදිරිව සම්ප්‍රදායික කතෝලික පූජකවරුන් හා බලවේග නැගී සිටිය වේලේ එතුමා නොසෙල්වී ඒ සියල්ලටම මුහුණ දුන්නේය. අවසානයේ එතුමාව, එතුමාම ආරම්භ කළ කතෝලික සිනමා පර්ෂදයෙන් ඉවත් කළේය. මෙය වෙනමම කතා කළ යුතු සුවිශේෂ මාතෘකාවකි. එතුමාට ස්වර්ඝ මෝක්ෂ සැපත හා සුවය අත්වේවා !!!
vidya Friday, 19 June 2020 02:17 AM
මානව දයාව සහ කරුණා මෛත්‍රී ගුණයෙන් පිරිපුන් පියතුමෙක්...