පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ඉකුත්දා නිකුත් විය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක්ද සිල්වා මහතාගේ සහභාගිත්වයෙන් යුත් එම කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස, අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක්‍ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අතපත්තු ලියනගේ බන්දුල කුමාර අතපත්තු යන මහත්වරු සහ විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එම්.එම්.ආර්. අධිකාරි මහත්මිය කටයුතු කළහ.

මෙහි පළවන්නේ සහරාන් හෂීම්ගේ මුල්වකවානුව සම්බන්ධයෙන් එම වාර්තාවේ ඇතුළත් පරිච්ඡේදයකින් කොටසකි.

සහරාන් සහ ඔහුගේ කණ්ඩායම විසින් පමණක් මෙම ප්‍රහාර සිදුකර නොමැති බවත්, ප්‍රහාර පිටුපස විදේශීය හස්තයක් ඇති බවත් සාක්ෂිකරුවෝ කිහිපදෙනෙක් සාක්ෂි දුන්හ. කෙසේ වෙතත්, ඔවුන්ගෙන් කිසිවකු හුදෙක් තහවුරු නොකරන ලද අනුමාන (Ipse Dixit) හැරෙන්නට මෙම කරුණ විමසා බැලීමට පරීක්ෂණ කොමිසමට සහාය දැක්වීමට කිසිදු සාක්ෂියක් ලබාදී නැත. මෙම ප්‍රහාරය පිටුපස බාහිර හස්තයක් හෝ කුමන්ත්‍රණයක් ඇති බවට පහත දැක්වෙන සාක්ෂිකරුවෝ ඇඟවුම් හෝ පැහැදිලිව හෝ සාක්ෂි දුන්හ.

 1. කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනනල් රංජිත් හිමිපාණන්
2. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
3. හිටපු අමාත්‍ය රාවුෆ් හකීම්
4. හිටපු අමාත්‍ය රිෂාඩ් බතියුදීන්
5. හිටපු ආණ්ඩුකාර අසාත් සාලි
6. පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රාහුමන් මහතා.
7. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා
8. ලතීෆ් මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී (විශ්‍රාමික)
9. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (විශ්‍රාමික) රවින්ද්‍ර විජේගුණරත්න මහතා.
10. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති/ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු රවී සෙනෙවිරත්න මහතා (විශ්‍රාමික)
11. රහස් පොලිස් (සී.අයි.ඩී.) අධ්‍යක්ෂ (වැඩ තහනම යටතේ) ශානි අබේසේකර මහතා.

එහෙත් පරීක්ෂණ කොමිෂන් සභාව එහි ඇති සම්පත් හා බලය යොදාගෙන මෙම ගැටලුව විමර්ශනය කිරීමට උත්සාහ කළේය.

ප්‍රහාරය සිදුකළ කණ්ඩායමේ සැබෑ නායකයා සහරාන් නොවන බවට ප්‍රකාශ කිරීමට එක් හේතුවක් වන්නේ ඔහු අනෙක් ප්‍රහාරකයන් සමඟ සියදිවි නසාගැනීමයි. ලෝකයේ කිසිම තැනක ත්‍රස්තවාදී සංවිධානයේ නායකයකු මුලදී මරාගෙන මැරෙන ප්‍රහාරයකට සහභාගිවී නොමැති බව පැවසේ. මෙම කරුණ සම්බන්ධයෙන්, 2019 මාර්තු 25 වැනිදා පැවැති රැස්වීමක සාක්ෂි ඇසීමේ අවස්ථාව පරීක්ෂණ කොමිසම් සභාවට හිමිවිය. එහිදී සහරාන් සහ නවුෆර් අතර ඇතිවූ ආරවුලක් සහ සාකච්ඡාවක් පැවැත්වීමේ අවශ්‍යතාව ගැන මුවාත් සමීර්ට දැනුම් දුන්නේය. ඉන් දින දෙකකට පසු 2019 මාර්තු 27 වැනිදා දැනට අත්අඩංගුවේ පසුවන සමීර් සහ තවත් දෙදෙනෙක් මුවාත් සහ ජමාලී මුණගැසී අංක 61/02 නස්මියා විලා, ෂෙරිෆ් පාර, පාරාඩු පාර, පානදුර යන නිවස වෙත ගියහ. ඔවුන් එහි පැමිණෙන විට සහරාන් සහ හස්තුන් එහි සිටියහ.
සහරාන් මෙම ප්‍රහාර සඳහා සිය සැලසුම් ගෙනහැර දැක්වීමෙන් පසුව, බංගලාදේශයේ අයි.එස්. කණ්ඩායමේ නායකයා විසින් සිදුකරන ලද මරාගෙන මැරෙන ප්‍රහාරයට සමාන මරාගෙන මැරෙන ප්‍රහාරයටද සහභාගී වන බව ඔහු එහි සිටි අයට දැනුම් දුන්නේය.

සහරාන් මෙහිදී සඳහන් කර ඇත්තේ, තම කුන්යා අබු ඊබ්‍රාහිම් අල්-හනීෆ් ලෙස හඳුන්වන තමීම් අහමඩ් වෞදි සහ බංගලාදේශයේ ඉස්ලාමීය රාජ්‍යයේ එමීර්වරයා පිළිබඳව බව පෙනේ. ඔහු 2016 ජුලි මාසයේ ගුල්ෂාන් ආපන ශාලාවට ඩකා ප්‍රහාරය එල්ල කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මරණ 29ක් සිදුවිය. මෙම ප්‍රහාරයෙන් තමීම් මියගොස් ඇති බව සහරාන් වැරදි ලෙස විශ්වාස කළේය. කෙසේ වෙතත්, 2019 මාර්තු 27 වැනිදා අංක 61/02 නස්මියා විලා. ෂෙරිෆ් පාර, පානදුර යන ස්ථානයේදී සිදුවූ දේ පිළිබඳ සාක්ෂියේ මෙම කොටස සැක කිරීමට පරීක්ෂණ කොමිසමට කිසිදු හේතුවක් නැත.

වනාතවිල්ලුවේ පුපුරන ද්‍රව්‍ය සොයාගැනීමෙන් පසුව සහරාන් සියදිවි නසාගැනීමේ ප්‍රහාරයක් සඳහා වූ සැලසුම් කඩිනම් කළ බව සාදික්ගේ සාක්ෂි මඟින් ඇත්ත වශයෙන්ම මෙම ස්ථාවරය සනාථ වේ. මෙම සොයාගැනීම පුපුරන ද්‍රව්‍ය කඳවුරට ප්‍රවාහනය කිරීමට සහභාගී වූ නිසා සහරාන්ගේ මස්සිනා වන අන්සාර් අත්අඩංගුවට ගැනීමට හේතුවිය. එදිනම රහස් පොලිසියේ නිලධාරීහු හාදියාගේ නිවෙසට පැමිණ ප්‍රකාශයක් සටහන් කර ගත්හ. දින දෙකක් ඇතුළත සහ සහරාන් හාදියා සහ පවුලේ අය ආරක්ෂිත නිවෙසකට ගෙන ගියේය. එතැන් සිට ඔහු පවුල සෑමවිටම විවිධ ආරක්ෂිත නිවාසවල තබා ගත්තේය. තමන් නුදුරේදීම සොයාගෙන අත්අඩංගුවට ගනු ඇතැයි සහරාන් නිරතුරුවම සැකයෙන් පසු වූ බව පෙනී යයි.

විදේශීය මැදිහත්වීමක අනන්‍යතාව පිළිබඳව ව්‍යංගයෙන් සාක්ෂි දුන් එකම සාක්ෂිකරු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන ය. අබු හින්ද් නම් ඉන්දියානුවකු මෙම ප්‍රහාරය අවුලුවාලීමට ඉඩ ඇති විදේශී කොටස්කරුවකු බව ඔහු සාක්ෂි දුන්නේය. 2019 අප්‍රේල් 4, 20 සහ 21 යන දිනවල තමාට බුද්ධි අංශ ලබාදුන් බුද්ධි තොරතුරු මෙම පුද්ගලයා අත තිබෙන්නට ඇතැයි ඔහු ඇඟවීය.
මෙම චෝදනාවට පෙර ඇති සාක්ෂි මත පරීක්ෂණ කොමිසම විසින් දැඩි අවධානයක් යොමුකර ඇත.

2017 අග භාගයේ සිට සහරාන් ඉන්දියාවේ සිටි අබු හින්ද් සමඟ සම්බන්ධකම් පැවැත්වූ බව හාදියා සාක්ෂි දුන්නාය. නවුෆර් ද අබු හින්ද් සමග දැන හඳුනාගෙන සන්නිවේදනය කළේය. සහරාන් හාදියාට පැවසුවේ අබු හින්ද්ට සිරියාව සමඟ සම්බන්ධතා ඇති බවයි. ඔවුහු ත්‍රීමා සහ ටෙලිග්‍රෑම් යෙදුම් භාවිත කරමින් දෙමළෙන් කතා කළහ. ඔවුහු එකිනෙකාගේ හඬ පටිගත කිරීම් යැවීමට පුරුදුව සිටියහ. අබු හින්ද් සහරාන්ගේ ආරක්ෂාව ගැන විමසීය. අබු හින්ද් ඔහුගේ සමහර දේශනවල හඬපට පටිගත කිරීම් යැවීමට පුරුදුව සිටියේය. වරක් ඔහු සිරියාවේ 15 හැවිරිදි දරුවකු විසින් සිදු කෙරුණ මරාගෙන මැරෙන ප්‍රහාරයක් පිළිබඳ විස්තර සහරාන් වෙත යවා ඇත. ඒ සමඟම සහරාන් කටාර් සහ සවුදි අරාබියේ පුද්ගලයන් සමඟ මැසෙන්ජර් ඔස්සේ කතාබස් කිරීමටද පුරුදුව සිටියේය.

අබු හින්ද්ගේ අනන්‍යතාව පිළිබඳ ඉඟියක් සපයන සාක්ෂි පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ විමසන ලදී. මෙම සංවේදී සාක්ෂි වීයෙන් අප්‍රසිද්ධියේ සාක්ෂි ලබාදීමට එකඟ විය. ත්‍රස්තවාදය පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥයකුගෙනි. අපරාධ පර්යේෂණ කොමිසමේ අයැදුම්පතට අවසර දුන්නේය.

 ඔහුගේ සාක්ෂියට අනුව අබු හින්ද් යනු ඉන්දියානු පළාත් බුද්ධි අංශයක කොටසක් විසින් නිර්මාණය කෙරුණ චරිතයකි. රාජ්‍ය බුද්ධි සේවය අධ්‍යක්ෂවරයාට 2019 අප්‍රේල් 4, 20 සහ 21 යන දිනවල ලැබුණු බුද්ධි තොරතුරු මෙම මෙහෙයුමෙන් ලැබුණු අතර අබු හින්ද් නමැත්තකු ලෙස එම මෙහෙයුමේ බුද්ධි අංශ ක්‍රියාකාරිකයකු පෙනී සිට ඇත. ඉස්ලාමීය රාජ්‍යයේ චරිත ලෙස මවාපාමින් මෙම සංවිධානයේ ක්‍රියාකාරීන් සමාජ මාධ්‍ය තුළ ක්‍රියාත්මක වේ. අනන්‍ය පෞරුෂත්වය ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුහු පුහුණු කෙරෙති.

මෙම මෙහෙයුමට හේතුව විශේෂඥයාට අනුව සිරියාවට ගිය ඉන්දියානු ජාතිකයන් ශ්‍රී ලංකාව සංක්‍රමණ සඳහා යොදාගැනීමයි. ඔවුන් මීගමුව, හලාවත සහ පුත්තලම යන ප්‍රදේශවල එක් මද්‍රසාවක පුහුණුව ලබා ඇත. අයි.එස්. සංවිධානයට බැඳීම සඳහා සිරියාවට ගිය ඉන්දියානුවන් කිහිප දෙනකු සහභාගී වූ ආයතනයක් ලෙස ඉන්දීය බුද්ධි අංශ නිලධාරීන් මීට පෙර කොච්චිකඩේ අල්කම මද්‍රසාහි පිළිබඳ රාජ්‍ය බුද්ධි අංශ වෙත දැනුම් දී ඇති බවට සාක්ෂි විමර්ශනය කෙරිණි. ඇත්ත වශයෙන්ම ඇෆ්ගනිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකට සහභාගී වූ ඉන්දීය ජාතිකයෙක් මීට පෙර ශ්‍රී ලංකාවට ගොස් සිටියේය.

සාක්ෂිය වූයේ අබු හින්ද් ඉස්ලාමීය රාජ්‍ය කලාපීය නියෝජිතයා බව සහරාන් විශ්වාස කළ බවයි. අබු හින්ද් සහරාන් සහ ඔහුගේ සහෝදරයා වන රිල්වාන් සමඟ සම්බන්ධකම් පැවැත්වූ අතර ඔහු නවුෆර් සමඟ කතා කර ඇත. සාක්ෂිවල මෙම කොටස හාදියාගේ සාක්ෂියෙන් සනාථ වේ.

 විශේෂඥයාගේ සාක්ෂියට අනුව සමස්ත සැලැසුම අබු හින්ද් වෙත හෙළි නොකිරීමට සහරාන් ඉතා සැලිකිලිමත් විය. අබු හින්ද් සමග සහරාන් කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට පහරදීමේ තම අදහස බෙදා ගත්තේය. පාස්කු ප්‍රහාරයට පෙර දින සුපුරුදු ක්‍රමවේද හරහා මෙම ශාඛාවේ මෙහෙයුම්කරුවන් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ වෙත දැනුම් දුන්නේ එක දේවස්ථානයක් සහ එක් හෝටලයක් පමණක් ඉලක්ක බවයි. මෙම මෙහෙයුමට ලැබෙමින් තිබූ තොරතුරු විස්තරාත්මක නොවූ අතර ඇතැම් අසම්පූර්ණ හෝ සාවද්‍ය විය. ඔවුන් වරක් කියා සිටියේ එක් නිවසක බෝම්බයක් අටවා ඇති බවයි. මෙය සාවද්‍ය පුවතකි. පුපුරවා හැරීමට සූදානම් කෙරුණ වාහනය ගැන ඔවුහු දැන සිටියහ. එම තොරතුරු නිවැරදි විය.

ඇත්ත වශයෙන්ම 2019 අප්‍රේල් 21 වැනිදා උදෑසන පිපිරීමෙන් පසු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ හට පුපුරන ද්‍රව්‍ය රැගත් ඇති වාහනය පිළිබඳව බුද්ධි තොරතුරු ලැබුණේ මෙම ප්‍රභවයෙන්ය. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය අසල පුපුරන ද්‍රව්‍ය පටවන ලද වෑන් රථය සොයාගැනීමත් සමඟ එය නිවැරදි බවට තහවුරු විය.

2019 අප්‍රේල් 4 වැනිදා ලබාදුන් බුද්ධි තොරතුරු විශ්වාසනීය නොවන බව රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සාක්ෂි දක්වමින් සඳහන් කළේය. 2019 අප්‍රේල් 8 වැනිදා පැවැති ඉන්දු-ශ්‍රී ලංකා ආරක්ෂක සංවාදයට සහභාගීවීම සඳහා ඉන්දීය ආරක්ෂක ලේකම් සංජේ මිත්‍රා සහ නියෝජිත කණ්ඩායම 2019 අප්‍රේල් 7 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි බව සලකන විට 2019 අප්‍රේල් 4 වැනිදා දැනුම් දුන් පරිදි ඇත්ත වශයෙන්ම ආරක්ෂක තර්ජනයක් තිබේ නම් ඉන්දීය ආරක්ෂක ලේකම්වරයා රටට පැමිණේවි දැයි ප්‍රශ්න කළේය.

මෙම ස්ථාවරයට ප්‍රතිචාර දක්වමින් විශේෂඥ සාක්ෂිකරුවකු සාක්කි දෙමින් කියා සිටියේ ඉන්දීය මධ්‍යම රජය පළාත් කණ්ඩායම ලබාගත් බුද්ධි තොරතුරු පිළිබඳව නොදැන සිටි බවයි.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවා 2019 අප්‍රේල් 4 වැනිදා ලබා දුන් බුද්ධි තොරතුරු බැරෑරුම් ලෙස නොසලකන බවට රාජ්‍ය බුද්ධි සේවාව අධ්‍යක්ෂවරයා පැවසූ නමුත්, සාක්ෂි ලෙස සටහන් වූයේ ඉන් පෙරදී 4 වැනිදා තොරතුරු සැපයූ ඉන්දීය බුද්ධි සගයා, 2019 අප්‍රේල් 12 වැනිදා ඉන්දීය මහ කොමසාරිස්වරයා සති අන්තයේ පිටත සංචාරය කිරීමට නියමිතව තිබූ බැවින් ඔහුට පෙර ගමන් රථයක් ලබාගැනීම සඳහා පොලිස්පතිවරයා සමග කතා කරන ලෙස රාජ්‍ය බුද්ධි සේවය අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලා සිටි බවයි. ට්‍රක් රථ ප්‍රහාර සම්බන්ධයෙන් ඔවුන්ට ලැබී ඇති තොරතුරු සැලකිල්ලට ගනිමින් මෙම ඉල්ලීම කරන බව පැවසේ. මෙයින් පෙනී යන්නේ ඉන්දියානු තානාපති කාර්යාලය විසින් සැපයුණ බුද්ධි තොරතුරු බැරෑරුම් ලෙස සලකන නමුත්, රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂගේ ස්ථාවරය වූයේ එහි විශ්වාසනීයත්වය පිළිබඳව පවා ඔවුන්ට විශ්වාසයක් නොමැති බවයි.

එය කෙසේ වෙතත් ඉන්දියානු ආරක්ෂක ලේකම්ගේ සංචාරය 2019 අප්‍රේල් 4 වැනිදා ලබා දුන් බුද්ධි තොරතුරුවලින් ව්‍යුක්ත වූ කාරණයක් බව යෝජනා විය. අපරාධ පර්‌යේෂණ කොමිසමට පෙර ඇති සාක්ෂි අනුව ඉන්දීය-ශ්‍රී ලංකා ආරක්ෂක සංවාදය වාර්ෂික ඉසව්වක් වන අතර, 2019 දී එය සත්කාරකත්වය දක්වන ලද්දේ ශ්‍රී ලංකාව විසිනි. මෙම උත්සවය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා විසින් සංවිධානය කිරීමට නියමිතව තිබුණි. 2018 නොවැම්බරයේදී ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යවරයා මාණ්ඩලික ප්‍රධානියා වෙත යෝජනා කළේ, මෙම උත්සවය 2019 ජනවාරි මාසයේදී සංවිධානය කළ හැකි බවයි. ප්‍රතිචාරය වූයේ මෙතරම් කෙටි කාලයක් තුළ උත්සවය සංවිධානය කිරීමට කාලය ප්‍රමාණවත් නොවන බවයි. ඉන්පසු 2019 පෙබරවාරි හෝ මාර්තු හෝ මාසවලදී එය පැවැත්වීමට ආරක්ෂක අමාත්‍යාංශය යෝජනා කළේය. රාජ්‍ය බුද්ධි සේවය අනුමත කළ දින 2019 මාර්තු මාසයේදී, ආරක්ෂක අමාත්‍යාංශය කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට දින යෝජනා කරමින් ලිපියක් යැවීය. ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතිචාර දැක්වූයේ 2019 අප්‍රේල් 8 සහ 9 යන දින සුදුසු බවය. මෙම දින පාර්ශ්ව අතර එකඟ විය. පූර්ව සාකච්ඡා 2019 මාර්තු 12 සහ අප්‍රේල් 4 යන දිනවල පැවැත්විණි. ආරක්ෂක සංවාදයෙන් පසුව ඉන්දීය නියෝජිත කණ්ඩායම 2019 අප්‍රේල් 10 වැනිදා ශ්‍රී ලංකාවෙන් පිටත්ව බංග්ලාදේශයට නික්ම ගියේය. ඊට පෙරදී ඇති සාක්ෂි මත පදනම්ව, ඉන්දීය ආරක්ෂක ලේකම්ගේ සංචාරය 2019 අප්‍රේල් 4 වැනිදා ලබා දුන් බුද්ධි තොරතුරුවලින් ව්‍යුක්ත කාරණයක් බවට පත්වූ යෝජනාවේ කිසිදු විශ්වසනීයත්වයක් පරීක්ෂණ කොමිසම වෙත නිරීක්ෂණය නොවෙයි. රාජ්‍ය බුද්ධි සේවය අධ්‍යක්ෂවරයාට සිය ඉන්දියානු බුද්ධි සගයා විසින් සපයන ලද බුද්ධි තොරතුර සජීවී ප්‍රභවයකින් ලැබුණු බව දැන්විය. එම බුද්ධි තොරතුරු නිරවද්‍ය වූ අතර, ඒ පිළිබඳ පියවරක් ගැනීමේ හැකියාව තියෙනවා. බුද්ධි තොරතුරුවල විශ්වසනීයත්වය තක්සේරු කිරීමට සහ ඒවා නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් වෙත යොමු කිරීමට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු රාජ්‍ය බුද්ධි සේවය සතුව තිබුණි.

රාජ්‍ය බුද්ධි සේවය අධ්‍යක්ෂගේ විදෙස් බුද්ධි සගයා ඔහුට එතරම් නිවැරැදි තොරතුරක් ලබාදී ඉන්දීය ආරක්ෂක ලේකම්ගේ සංචාරයකට ඉඩ දීමෙන් අවධානය වෙනතකට හැරවීමට උත්සාහ කරන්නේ මක් නිසාද? 2019 අප්‍රේල් 20 වැනිදා පවා විදෙස් බුද්ධි සගයා වඩාත් නිරවද්‍ය බුද්ධි තොරතුරු ලබා දුන්නේය. රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයාට ඔවුන් ලබා දුන් බුද්ධිමය තොරතුරු සමාජ මාධ්‍යවල සංසරණය වන බව දැනගත් විට ඒවා පිළිබඳව ලබා දුන් ප්‍රකාශය බෙහෙවින් කනස්සල්ලට පත්විය.

අප්‍රේල් 20 වැනිදා උදෑසන බුද්ධි තොරතුරු ලබා දුන් ඉන්දීය සගයා විසින් සංසරණය වන ලිපියක පිටපත් ඔහු වෙත යොමු කෙරිණි. රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයාගේ සාක්ෂියට අනුව සහරාන් සහ ඔහුගේ කණ්ඩායම පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීමට ඔවුන්ට බාධාවක් විය හැකි බැවින් අදාළ තොරතුරු මහජනතාවට නිරාවරණය වීම ගැන විදෙස් බුද්ධි සගයා කනස්සල්ලට පත්විය. ඒ එක්කම මම ඔහුට කතා කළා. මම කතා කරලා කිව්වා, ඔයගොල්ලන්ගේ නම මේ සම්බන්ධ නැහැ. ඔයගොල්ල ඒ ගැන කනගාටු වෙන්න එපා. මේක වෘත්තීමය භාවයෙන් අඩුයි. ස්වාමීනි, ඒ තොරතුර අති රහසිගතයි කියලා ඉදිරිපත් කළේ. එතකොට ඒගොල්ලෝ ඒක ගැන පොඩි ගැටලුවක් තිබ්බා. තොරතුරු ලබාගැනීමට බාධා වෙයි කියලා. මම කිව්වා ඒක ගැන එච්චර මේවා කරන්න එපා. මම ඔයගොල්ලන්ගේ නම කොහෙවත් කියලා යවලා නැහැ. ඒ ගොල්ලොත් worry වුණා තොරතුර එළියට ආව ගමන්. මම permission අරන් යැව්වට. එතකොට මේක හැම තැනම යනවනේ සර් කියලා මට කීවා. එතකොට ඒගොල්ලෝ පොඩි concern එකක් පෙන්නුවා මට. ඒ කියන්නේ තොරතුරු පත්‍රයත් ඒ විදියටම circular වෙලා තියෙන හින්දා. එතකොට ඒගොල්ලන්ට මට එයා කිව්වේ නෑ ඒක එදාමද ලැබුණේ කියලා. ඒ ගොල්ලන්ටත් ඒක ලැබිලා තිබ්බා. ඒ කියන්නේ වටේටම ප්‍රහාරයට පෙර ගිහිල්ලා තියෙනවා. 11 වැනිදා ඕක පල්ලෙහාට යවලා තියෙන්නේ. ඒ අනුව 11 වෙනකොට ඒ ගොල්ලන්ට ලැබිලා තිබ්බා.

(2020 අගෝස්තු 20 වැනිදා කාර්යය සටහන්)
අබු හින්ද්ගේ අනන්‍යතාව පිළිබඳව විමර්ශනය කරන බව පරීක්ෂණ කොමිෂන් සභාව ඉදිරියේ රහස් පොලිසිය සාක්ෂි ලබා දුන්නේය. එම පරීක්ෂණ ඉදිරියට යා යුතුයි. අබු හින්ද්ගේ භූමිකාව පිළිබඳ පවත්නා සම්පත් සහ කාර්ය භාරය තුළ රැඳී සිටිමින් අධ්‍යයනය කිරීමට පරීක්ෂණ කොමිසම බැඳී සිටියේය. අපි විසින් අපගේ අනාවරණය ඉහත දක්වා ඇත.

කෙසේ වෙතත් අවධානය යොමු කළ යුතු තවත් අංශයක් පරීක්ෂණ කොමිසම විසින් නිරීක්ෂණය කර ඇත. ශ්‍රී ලංකාවේ අයිඑස් සහ අල්කයිඩා ක්‍රියාකාරකම්වලදී අහමඩ් තාලිබ් ලූක්මන් තාලිබ් සහ ඔහුගේ පුත් ලූක්මන් තාලිබ් අහමඩ් හෝ අබු අබ්දුල්ලාගේ භූමිකාව එයයි. ඔවුන් ඕස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති අයයි.

අහමඩ් තාලිබ් ලූක්මන් තාලිබ් සහ ඔහුගේ පුත් ලූක්මන් තාලිබ් අහමඩ් නොහොත් අබු අබ්දුල්ලා SLIISM, සාදික්, මොහොමඩ් නිස්තාර් අහමඩ් මුන්ෂිෆ් සහ සුෆියාන් සාමාජිකයන් කිහිප දෙනකුට ආයුධ පුහුණුව සඳහා තුර්කිය හරහා සිරියාවට යාමට පහසුකම් සැපයීය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු සාරා ජීවතුන් අතර සිටින බවට සාක්ෂි දුන් සාක්ෂිකරුවන් දෙදෙනකුගේ සාක්ෂි පරීක්ෂණ කොමිසම වෙත ලැබුණි. හාදියා සිය සාක්ෂියේ සඳහන් කර ඇත්තේ, 2019 අප්‍රේල් 26 වැනිදා සයින්දමරුදුහි සිදුවූ පිපිරීමෙන් පසු ඇය සිහිසුන් වූ බවයි. ඇය යථා තත්ත්වයට පත් වීමෙන් පසු සාරා මෙන් හඬ නගන කාන්තාවකගේ කටහඬක් ද ඇසිණි. සාරාගේ මව සමග කළ ඩී.එන්.ඒ. විශ්ලේෂණයෙන් පිපිරීමෙන් සාරා මියගිය බව තහවුරු වී නැත. මෙම සාක්ෂිය සැලකිල්ලට ගනිමින් පරීක්ෂණ කොමිසම නිර්දේශ කරන්නේ සාරා පිළිබඳ පරීක්ෂණ දිගටම කරගෙන යන ලෙසයි.

අහමඩ් තාලිබ් ලූක්මන් තාලිබ්ට කටාර්හි පදිංචිව සිටියදී ත්‍රස්තවාදී සම්බන්ධතා තිබූ බයිස් නම් ශ්‍රී ලාංකිකයකු සමග කිට්ටු සම්බන්ධතා පැවැත්වූ අතර, ඔහු 2020 ජූලි මාසයේදී අත්අඩංගුවට ගනු ලැබීය. අහමඩ් තාලිබ් ලූක්මන් තාලිබ් සහ ඉල්ලාමීය ත්‍රස්ත සම්බන්ධතා ඇති මාලදිවයින් සිව් දෙනකු අවස්ථා කිහිපයකදී ශ්‍රී ලංකාවට පැමිණ සාදික් සමග අන්තවාදී සාකච්ඡා පවත්වා තිබුණි.

ත්‍රස්තවාදයට ආධාර කිරීම සහ අනුබලදීම සම්බන්ධයෙන් අහමඩ් තාලිබ් ලූක්මන් තාලිබ් 2020 ඔක්තෝබර් මාසයේදී කටාර් රජය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඔහුගේ එක් පුතෙකු වන ලූක්මන් තාලිබ් ඉස්මයිල් ද අත්අඩංගුවට ගනු ලැබීය. අල් කයිඩා සංවිධානයට සහාය දැක්වීමේ චෝදනාව මත ලූක්මන් තාලිබ් අහමඩ් මේ වන විට ඔස්ට්‍රේලියානු බලධාරින්ගේ අධීක්ෂණය යටතේ සිටී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට අනුව 2019 අප්‍රේල් 26 වැනිදා සයින්දමර්දුහි පිපිරීම සිදුවූ ස්ථානයෙන් ඔස්ට්‍රේලියානු සිම් කාඩ්පත් කිහිපයක් සොයා ගැනිණි.
අල්කයිඩා සංවිධානයට සම්බන්ධ සහ තුර්කි ක්‍රියාකාරිකයකු වන අබු අබ්දුල්ලා අල් යේමනය සමග සම්බන්ධීකරණයෙන් කටයුතු කරන රිම්සාන් නම් ශ්‍රී ලාංකිකයකු පිළිබඳව රාජ්‍ය බුද්ධි සේවය වෙත බුද්ධි තොරතුරු ලැබී ඇත. අබු අබ්දුල්ලා අල් යෙමනි අල් ඕස්ට්‍රේලියාව (Abu Abdulla Al Yemeni@Al Australi) දකුණු ආසියානු රටක ත්‍රස්ත ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කරමින් සිටී. මෙය ලූක්මන් තාලිබ් අහමඩ් නොහොත් අබු අබ්දුල්ලා වෙත යොමු කිරීමකි.

ඉහත කරුණු සැලකිල්ලට ගනිමින්, පාස්කු ඉරිදා ප්‍රහාරයේදී අහමඩ් තාලිබ් ලූක්මන් තාලිබ්, ඔහුගේ පුත් ලූක්මන් තාලිබ් අහමඩ් නොහොත් අබු අබ්දුල්ලා සහ රිම්සන්ගේ භූමිකාව තිබේ දැයි විමර්ශනය කරන ලෙස පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ කරයි.

වාචික හා වර්තාමය සාක්ෂි මගින් ලබා ගත් පරීක්ෂණ කොමිෂන් සභාව ඉදිරිපිට ඇති සාක්ෂිවල සත්‍ය කරුණු දක්වා ඇති කරුණු සහ විශේෂඥයෙකුගේ සහ විමර්ශකයන්ගේ සාක්ෂි ඇතුළත් වේ.

(***)