IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


සිංහල සාහිත්‍යයේ විප්ලවවාදියා

මහාචාර්ය සිරි ගුනසිංහයන්ගේ චරිතාපදානය මවිසින් සම්පාදනය කරන ලද්දේ 2012 වසරේදීය. සිරිගුනසිංහ මහතා මට ප්‍රථම කොට මුණ ගැහුණේ 1965 වසරෙදී එතුමා මගේ “ඉරට උඩින් ගිරව් ගියා”‍ නාට්‍යයේ ප්‍රධාන අමුත්තා ලෙස මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලය ශ්‍රවණාගාරයේ දී වේදිකාගත වූ අවස්ථාවේදීය.

1925 පෙබරවාරි 25 වෙනිදා රුවන්වැල්ලේ පනාපිටියේ උපත ලබන සිරි ගුනසිංහ මහතා අභාවප්‍රාප්ත වන්නේ 2017 මැයි මස 24 වෙනිදා කැනඩාවේ වික්ටෝරියා හිදීය.

සිරිගුනසිංහ මහතාගේ පියා කරනෝලිස් ගුනසිංහ අප්පුහාමි විය. අම්මාගේ නම පොඩි නෝනා විතාන වූ අතර සරණවර්ධන, ප්‍රේමවර්ධන, ලීලාවතී ඥානවතී, ධම්ම යන පිරිස එතුමන්ගේ සහෝදර සහෝදරියෝ වූහ. බාල සොහොයුරු ධම්ම ගුනසිංහ කොළඹ නාලන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා බවට පත්විය. සිරි ගුනසිංහ ජීවිතය පුරාම නව මං සොයන පෙරළිකාර චරිතයකි. මහින්දයෙන් කොළඹ විශ්වවිද්‍යාලයට පැමිණි ඔහු විභාගය සමත්ව එහි කථිකාචාර්යවරයකු බවට පත් වෙයි. ඔහුගේ පෙරළිකාර ලක්ෂණය ප්‍රථම වතාවට ප්‍රදර්ශනය වන්නේ එවකට කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති ඇඳුම් සම්ප්‍රදාය වෙනස් කිරීම නිසාය. එවකට උපකුලපතිවරයා වූයේ සර් අයිවෝ ජෙනිංස් නම් දැඩි පාලකයාය. ශ්‍රී ලංකා රජයේ ව්‍යවස්ථාව සම්පාදනය කළේ ද එතුමන්ය.

 

ඇඳුමේ වෙනසක් කිරීම

එදා නීතිය වූයේ කථිකාචාර්යවරුන් ජාතික ඇඳුම හෝ සම්පූර්ණ බටහිර ඇඳුම හැඳිය යුතු වීමයි. සිරි ගුනසිංහගේ විශ්වවිද්‍යාල ජීවිතයේ ඔහු අගය කළ මහාචාර්යවරයා ගුණපාල මලල​ෙස්කර විය. එතුමන් ද ඉතා නිර්භීත ප්‍රබල චරිතයකි.

දින කීපයක් කථිකාචාර්යවරයකු ලෙස වැඩ කිරීමෙන් පසු එතුමා බටහිර ඇඳුම තමන්ට මහත් හිරිහැරයක් බව සලකා අත්කොට කමීසයක් සහ කලිසමක් ඇඳ සෙරෙප්පු දෙකක් දමාගෙන සේවයට වාර්තා කළේය.

පැය කිහිපයක් තුළ එතුමා උපකුලපතිවරයා වෙත කැඳවන ලදී. ඒ සාකච්ඡාවේ දී ගුනසිංහ මහතා කීවේ, ඝර්ම කලාපීය රටකට බටහිර ඇඳුම කෙසේවත් නොගැළපෙන බවත් තමන්ට එය හිරිහැරයක් නිසා මේ ඇඳුම ඇඳීමට තමා කැමති බවත්ය.

“ඔබ කියන කතාව සත්‍යයක්ද? ඊට එහා දෙයක් නැද්ද?”‍ සර් අයිවෝ ජෙනිංස් විමසා ඇත.

“ඒ ඇරෙන්න මට කිසිම හේතුවක් නැහැයි”‍ සිරි ගුනසිංහ මහතා පිළිතුරු දුන්නේය.

ඒ ප්‍රශ්නය එතකින් සමාප්ත විය. කාටත් නිදහසේ ඇඳීමේ භාග්‍ය උදාවිය.

පාලි සංස්කෘත හා සිංහල භාෂා පමණක් නොව ප්‍රංශයේ දී ප්‍රංශ හා ජර්මන් ද ඉගෙන ගත් ගුනසිංහ නම් උගතා ආචාර්ය උපාධිය සමාප්ත කර ප්‍රංශයේ සිට ආපසු පැමිණි දවසේ සර් අයිවෝ ජෙනිංස් ශ්‍රී ලංකාවෙන් පිටත් වී ගිය දවස විය.

 

පේරාදෙණි යුගය

ගුනසිංහ මහතා පේරාදෙණිය ප්‍රබල චරිත දෙකක් සමග එකතු විය. ඒ මහාචාර්ය සරච්චන්ද්‍ර සහ දොස්තර ගුණදාස අමරසේකර මහතා සමඟය.

මේ වන විට මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මනමෙ නාට්‍යයේ වැඩකටයුතු ආරම්භ කර තිබුණේය. සිරිගුනසිංහයන් එම නාට්‍යයේ ඇඳුම් නිර්මාණය කිරීමට එකතු විය. මනමේ නාට්‍යය ලංකාවේ නාට්‍ය කලාව උඩු යටිකුරු කළේය.

 

නිසඳැස් කවි ලිවීම

නිසඳැස් යනුවෙන් කව් සම්ප්‍රදායක් ලංකාවේ ප්‍රථම වතාවට හඳුන්වා දුන්නේ සිරි ගුනසිංහ මහතාය. බටහිර ලෝකයේ පද්‍ය කලාව මැනවින් ප්‍රගුණ කර තිබුණු සිරිගුනසිංහ මහතා ඒ ආරට කවියෙන් අදහස් ප්‍රකාශ කිරීම ආරම්භ කළේය. තමා විසින්ම සකස් කළ කවරයකින් මස් ලේ නැති ඇට පද්‍ය සංග්‍රහය ප්‍රකාශයට පත් කළ විට කොළඹ යුගයේ කවියන් විසින් විශාල කලබැගෑනියක් සිදුකරන ලදී. සිරිගුනසිංහයන්ට මේ අවස්ථාවේ සහායට හිටියේ ගුණදාස අමරසේකර මහතාය. කාලයාගේ ඇවෑමෙන් නිසඳැස් කවි සම්ප්‍රදාය ජනගත වී තිබෙන ආකාරය අපට දැක බලා ගත හැකිය.

 

පෙරැළිකාර නවකතාව හෙවනැල්ල

පියදාස සිරිසේන සහ මාර්ටින් වික්‍රමසිංහ නවකතාතා කලාව ජනප්‍රියව තිබුණු සමයක සිරි ගුනසිංහ මහතා තමන්ගේ පළමුවැනි නවකතාව ”‍හෙවනැල්ල ”‍සම්පාදනය කරමින් දෙවැනි සාහිත්‍යය කලබැගෑනිය රට තුළ ඇති කළේය. මේ විවේචනය සහ විචාරය ලංකාවේ නවකතා කලාවේ ශීඝ්‍ර සංවර්ධනයකට දායක විය. සිරි ගුනසිංහ කතා කලාව රටේ ස්ථාපිත විය.

 

සත් සමුදුරු චිත්‍රපටය

ඊළඟට සිරි ගුනසිංහ මහතා චිත්‍රපටි කලාවට අත ගැසුවේය. ඒ සත් සමුදුර චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමිනි. ප්‍රංශයේ සිට ඇමෙරිකාවට ගිය සිරි ගුනසිංහ මහතා කෙටි කාලයක් චිත්‍රපටි කලාව හැදෑරුවේය. ගතානුගතික සිංහල චිත්‍රපටියේ වෙනසක් කිරීමේ අවශ්‍යතාවක් එතුමන්ට තිබුණි. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාවෙන් පසු චිත්‍රපටි කලාවේ ලොකු වෙනසක් කළ චිත්‍රපටය වූයේ සත් සමුදුරයි. සිංහල සිනමාවට සමීප රූප කලාව හඳුන්වා දුන්නේ සිරි ගුනසිංහ මහතාය.

සත් සමුදුර නිෂ්පාදනයට ඔහු තෝරා ගත්තේ ප්‍රබල කණ්ඩායමකි. කැමරා ශිල්පියා ඩීබී නිහාල්සිංහ විය. වසන්ත ඔබේසේකරගේ සහය ද ලබා ගත්තේය. සෝමදාස ඇල්විටිගල සංගීත ශිල්පියාය. මහගමසේකර ගීත රචකයා විය. ගීත ගායනය අමරදේව ය.

(*** නිමල් සේදර)



අදහස් (1)

සිංහල සාහිත්‍යයේ විප්ලවවාදියා

Nickon Wednesday, 19 March 2025 12:50 PM

අයිලින් සරච්චන්ද්‍ර සමඟ අනියමින් නොබැඳුනා නම් ඔහු ලංකාවේ ඉතිරි වෙන්න තිබුනා.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 259 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 746 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site