IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සෞදියේ සමා කාලය මෙහෙමයි

විවිධ හේතුමත විවිධාකාරයෙන් අවතැන්වූ හෝ නීති විරෝධීව සෞදි අරාබියේ රැඳී සිටින විදේශකයන් ගැන සෞදි රජය අවධානය යොමු කළේ අද ඊයේ නොවේ. විශේෂයෙන්ම සෞදි අරාබියේ රැඳී සිටින නීති විරෝධි සංක්‍රමණිකයින්ට අමතරව නීත්‍යානුකූල රැඳී සිටීමේ බලපත‍්‍ර සහ අනිකුත් ලියකියවිලි සමග සේවා යෝජකයාගෙන් හෝ හාම්පුතාගෙන් බැහැරව රැකියාව කරමින් සිටින අති විශාල විදේශිකයින් පිරිසක් පිළිබඳව ද සෞදි රජයේ අවධානය යොමුව තිබිණ. මේ සමගම සෞදි පුරවැසියන් වෙත තිබූ රැකියා ඌනතාවය දිනෙන් දිනම වැඩිවන්නට පටන් ගැනීමත් ඔවුන් හට රැකියා ලබාදීමේ නව ක‍්‍රමෝපායත් හමුවේ විදේශික අනවසරිකයන් යම් ප‍්‍රතිශතයක් අවම කිරීමේ වැඩපිළිවෙලක් දියත් කිරීමට සෞදි රජයේ අවධානය යොමුව තිබුණ බව ප‍්‍රායෝගිකව දැක ගන්නට ලැබිණ.

කෙසේ වුවද අනවසරික සංක‍්‍රමණිකයන් අවම කිරීමේ වැඩපිළිවෙල යටතේ පළමු අදියර වශයෙන් සමස්තයක් ලෙස නීති පටිපාටියක් ගෙන එමින් මාස 3ක සහන කාලයක් ලබාදීමට සෞදි කම්කරු අමාත්‍යාංශය මගින් පියවර ගත් අතර තම සේවායෝජකයා ගෙන් බැහැරව රැකියාව යෙදීමේ ක‍්‍රමය වෙනස් කරමින් නව නීති පනවන ලදී. මේ යටතේ බොහෝ විදේශිකයන් තම සේවායෝජකයා වෙත නැවැත නැඹුරු වීමක් දක්නට ලැබුණ අතර එසේ රැකියාව කිරීමට නොහැකි පිරිස් මෙරටින් පිටව ගියහ. මෙම සහන කාල සීමාවට සමගාමීව කිසිදු නීත්‍යානුකූල ලියවිල්ලක් සන්තකයේ නොමැති හෝ විවිධ ආයතනවලින් හෝ හාම්පුතාගෙන් පලාගොස් රැකියාවන් කරන ලද විශාල ප‍්‍රමාණයක්ද මෙරට තුළ සිටින අතර ඒ අතර ගෘහ සේවිකාවන් ලෙස මෙරටට පැමිණ හාම්පුතාගෙන් හෝ නිවෙස් වලින් පලාගොස් වෙනත් රැකියා ස්ථාන වල රැකියාවන් කරන පිරිස්ද සිටීම පිළිබඳවත් සෞදි රජයේ අවධානය යොමුව තිබිණ.

මේ සියලූ සංකලනයන් පිළිබඳව මානුෂිකව කල්පනා කළ සෞදි බලධාරීන් මාස 3ක සහන කාලයක් 2013අපේ‍්‍රල් 6 වැනි දින ප‍්‍රකාශයට පත් කළ අතර සියලූම අනවසරික විදේශිකයින් නීත්‍යානුකූලව තම ලියකියවිලි නිවැරැදි කරමින් අදාළ හාම්පුතා යටතේ රැකියාව කිරීමටත් එසේ නොමැති නම් වෙනත් සේවායෝජකයකු හෝ වෙනත් සේවා ස්ථානයකට මාරු කර ගනිමින් රැකියාව කළ යුතු බවත් මේ කරුණු දෙක සඳහාම එකඟතාවයකට පැමිණීමට නොහැකි නම් රටෙන් පිටවන ලෙස නීති පනවන ලදී.

සෞදි රජය විසින් පනවන ලද මෙම නීති ප‍්‍රකාරව නීත්‍යානුකූලව රටේ රැඳී සිටින්නන්ට පමණක් කිසියම් සහනයක් ලැබුනද විශාල වශයෙන් කිසිදු ලියවිල්ලක් නොමැති හොර රහසේ රැකියාව කරමින් සිට අවතැන්වූවන් පිළිබඳව ගත යුතු පියවර පිළිබඳව සටහනක් හෝ කිසිදු ක‍්‍රියාමාර්ගයක් නොවීම තුළින් අවතැන් වූ විශාල පිරිසකට මෙරටින් පිටවීමේ හෝ වෙනත් ස්ථානයක රැකියාවක් කිරීමට තිබූ අවස්ථාව අහිමි විය.

මේ තත්ත්වය මත විවිධ රටවල තානාපති කාර්යාල මගින් හෝ ඉන්දියාව වැනි රටවල රාජ්‍යතාන්ත‍්‍රික නිලධාරීන් මෙරටට පැමිණ ගත යුතු පියවර පිළිබඳව සෞදි රජයේ බලධාරීන් සමග සාකච්ඡා කරන්නට විය.

මෙරට රැඳී සිටින නීති විරෝධි විදේශිකයන් අතරින් වැඩිම ප‍්‍රමාණයක් සංඛ්‍යාත්මකව 60,000ක් ඉන්දියානුන් වන අතර ඔවුන් පිළිබඳව ඉන්දියානු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් මෙරටට පැමිණ සෞදි බලධාරීන්ගෙන් ආයාචනා කර සිටියේ මෙරටින් පිටව යන ඉන්දියානු අනවසරිකයින් හට නැවැත මෙරටට පැමිණීමට අවස්ථාව ලබාදෙන ලෙසය. මේ අතරින් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අමාත්‍ය සිරිපාල ගම්මන්පිල මහතාත් අමාත්‍ය උපදේශක අනුර මුතුමාල මහතාත් කරන ලද කාර්යභාරය ප‍්‍රසංශනීය බව කිව යුතුය.

දල ඇස්තමේන්තු අනුව ඉන්දියානුවන් 60,000ක් ශ්‍රී ලාංකිකයන් 7,000ක් පාකිස්තානුවන් 6,000ක් පිලිපීන ජාතිකයන් 6,000ක්ද මෙරටේ අනවසරිකව රැඳී සිටින බව දැනගන්නට ඇත.

කෙසේ වුවද සෞදි කම්කරු අමාත්‍ය Mohamed Adel Fakeya (මොහොමද් ආදෙල් ෆකියා) මැතිතුමාගේ ආරාධනය මත ඊයේ රාත‍්‍රී රියාද් නුවරදී සාකච්ඡා වක් ආරම්භ කළ අතර එය අලූයම දෙක දක්වා පැවැති බව රියාද් තානාපති කාර්යාලය පවසයි. මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංගලිදේශය, පාකිස්තානය සහ පිලිපීනය යන රටවල තානාපති කාර්යාල සහ කොන්සියුලර් කාර්යාල නියෝජිතයන් හට ආරාධනා කර තිබූ අතර ඒ සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් අනුර මුතුමාල මහතාත් සිරිපාල ගම්මන්පිල මහතාත් සහභාගි වූහ.

11 ඊයේ රාත‍්‍රි ගන්නා ලද වැදගත් මෙන්ම සතුටුදායක තීරණ කිහිපයක් මෙම නියෝජිතයින් සඳහා දැනුම් දෙන ලද අතර විශේෂයෙන්ම ආසියානු රටවල නීති විරෝධීව අවතැන් වූ ශ‍්‍රමිකයන් පිළිබඳව තීන්දු තීරණ කිහිපයක් ගත් බව සතුටින් දන්වා සිටිමු.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ බලධාරීන් පැවැසුවේ 2013අපේ‍්‍රල් 06 වැනි දින සිට ක‍්‍රියාත්මක වන මෙම සහන කාලසීමාව තුළ අවතැන් වූවන් සඳහා විශේෂ සහන කිහිපයක් සැලසූ බවයි.

(1-ඒ අතරින් 2013අපේ‍්‍රල් මස 06 වැනි දිනට කළින් තම ආයතනයෙන් හෝ හාම්පුතාගෙන් පලාගොස් සිටින සියලූ දෙනා හට පැරණි හාම්පුතාගේ දැනුවත් වීමකින් තොරව තම මවු රටට යාම සඳහා අවස්ථාව ලබාදීම. ඒ සඳහා තම ගමන් බලපත‍්‍ර පිටපතක් හෝ ගමන් බලපත‍්‍රයේ අංකය අවම වශයෙන් කීවේනම් එයද ගුවන් ටිකට් පතද රැගෙන තානාපති නිලධාරීන් ලබාදෙන තාවකාලික ගමන් බලපත‍්‍රය උපයෝගී කර ගනිමින් මෙරටින් පිටත් වීම සඳහා අවස්ථාව ලබා දී ඇත.

(2-ගෘහ සේවිකාවන් සහ ගෘහ රියදුරන් ලෙස රැුකියාව කරන ලද එහෙත් පලාගොස් හෝ සැඟවී රැකියාව කරන සියලූම පුරවැසියන් සඳහා අවශ්‍යතාවය අනුව පැරණි හාම්පුතාගේ අනුදැනුමකින් තොරව වෙනත් ආයතනයකට හෝ වෙනත් සේවායෝජකයකු වෙත නීත්‍යානුකූලව රැකියාව කිරීමට අවස්ථාව ලබාදී ඇති අතර අවශ්‍ය නම් පෙර හාම්පුතාගේ අනුමැතියකින් තොරව ගුවන් ටිකට් පත ලබා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ලබාදෙන ගමන් ලියවිල්ල මගින් මවු රටට යෑමේ හැකියාව.

(3-අවතැන් වූ විවිධ ආයතනවල රැකියාව කරන ලද පුරවැසියන් සඳහා පෙර ආයතන බලධාරීන්ගේ විමසීමකින් තොරව වෙනත් ආයතනයක් සඳහා මාරු කර ගනිමින් රැකියාව කිරීමට හෝ මෙරටින් පිටවීම සඳහා අවකාශය ලබා දී ඇත.

(4- 2008-04- 26 දිනට පෙර උම්රා Umrahවන්දනාවේ පැමිණ පලාගොස් හෝ සැඟවී සිට රැකියාව කරමින් සිටින පුරවැසියන් සඳහා දැනට රැකියාව කරමින් සිටින ආයතනයේ හෝ වෙනත් රැකියා අවස්ථාවක් සොයා බලා එම ආයතනය සඳහා නීත්‍යානුකූල ලිපිලේඛන සකස් කර ගැනීම හෝ කිසිදු පෙර විමසීමකින් තොරව ගුවන් ටිකට් පත තම මුදලින් ලබා ගෙන මේ රටින් පිටවීම සඳහා අවස්ථාව ලබා දී ඇත.

විශේෂයෙන්ම මෙම සියලූ කාරණා සිදුවිය යුත්තේ ලබා දී ඇති සහන කාල සීමාවේ අවසන් දිනය වන 2013 ජුලි මස 03 වැනි දිනට ප‍්‍රථම වන අතර එම කාලය ඉක්මවී මෙරට රැඳී සිටින අනවසරික හෝ නීත්‍යානුකූල සියළුම විදේශිකයන් හට නීතිය තදින් ක‍්‍රියාත්මක කර අත්අඩංගුවට ගෙන වසර දෙකක සිර දඬුවමක් සහ සෞදි රියාල් ලක්‍ෂයක දඩ මුදලකට යටත් කරන බවද සඳහන් වේ.

කෙසේ වුවද මෙම සහන කාල සීමාව තුළ මෙරටින් පිටවන සියලූම විදේශිකයින් සඳහා ඇඟිලි සලකුණු පරීක්‍ෂාවකින් තොරව නැවැත මෙරටට නීත්‍යානුකූලව රැකියාවක් සඳහා පැමිණීමේ අවස්ථාවද උදාකර ඇත.

සෞදි අරාබි ඉතිහාසයේ ප‍්‍රථම වතාවටත් අවසන් වරටත් ලබාදෙන මෙම සහන කාල සීමාවෙන් උපරිම ප‍්‍රයෝජන ගෙන මෙරටින් පිටවීම හෝ නීත්‍යානුකූලව වෙනත් ස්ථානයක රැකියාවක් උදාකර ගැනීමට ශ්‍රී ලාංකික ප‍්‍රජාව විසින් නොපමාව කටයුතු කළ යුතු බව අවධාරණය කරයි.

එමෙන්ම මෙම සහන කාලය ලබාදීම වෙනුවෙන් සෞදි අරාබි රජයටත් සෞදි ජනතාවටත් අපගේ උත්තරීතර ආචාරය මෙන්ම ප‍්‍රණාමය පුදකළ යුතුව ඇත.



අදහස් (0)

සෞදියේ සමා කාලය මෙහෙමයි

රංගන Thursday, 16 May 2013 08:54 PM

සෞදියේ ලාංකිකයින් දැනුවත් කිරිමේ වැඩපිළිවෙලක් කළා නම් ලොකු පිනක් (නි)

:       0       0

අමිල Thursday, 16 May 2013 04:10 PM

කුවේට් එකේ ඉන්න අපේ අක්කලා ටික ගෙන්න ගන්න බැරිද ඔය විදියට?සමහර අය අපේ ලංකාවේ නම කන විදියට තමයි එහේ ජීවත් වෙන්නේ. (නි)

:       0       0

සේන Tuesday, 14 May 2013 02:25 PM

මේ කියන සමා කාලය පාවිච්චි කර ලංකාවට නෑවිල්ලා ඉදලා අහුවෙලා කස පාර කනකොට එක එක නම් කියලා බනින්නේ නැතිව දැන්ම ආවානම් හොදයි.(නදී)

:       0       0

සම්පත් Wednesday, 15 May 2013 04:58 PM

බොහොම හොදයි අපගේ අයට. හොදට හිතා බලා අපේ කට්ටියට මේ කියන සමා කාලය පාවිච්චි කර රැකියාව කිරීමට හෝ මෙරටින් පිටවීම සඳහා අවකාශය ලබා ගන්න ලෙස ඉල්ලමි (නි)

:       0       0

පුෂ්ප කුමාර Wednesday, 15 May 2013 11:36 PM

මේ වගේ සමා කාලයක් දෙනබව පැනලා ඉන්න සමහර ලාංකිකයින් දන්නෙ නැතුව ඇති. දැනුවත් කිරිමේ වැඩපිලිවෙලක් කළා නම් ලොකු පිනක් (නි)

:       0       0

හෙක්ටර් Wednesday, 15 May 2013 06:21 PM

මට ලංකාවට යන්න ඕන දැනට මාස 2 යි ඇවිදින් 0533081232 මට උදව් කරන්න.(නදී)

:       0       0

ජීවා Friday, 17 May 2013 09:26 AM

අන්න හොද ලිපියක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31336 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13556 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11004 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 122 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 953 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 282 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site