IMG-LOGO

2023 ඔක්තෝබර් මස 04 වන බදාදා


සීගිරිය නගින්න අලුත් හිනිපෙළක්

ලොව පුරා බොහෝ ජනතාව දැඩි විස්මයකින් යුතුව නරඹන අප රටේ වැදගත් ස්ථාන අතරින් සීගිරියට හිමිවන්නේ ප‍්‍රමුඛස්ථානයකි. ඒ නිසාම අද බොහෝ දෙනා ලොව අටවැනි පුදුමය ලෙස සීගිරිය හඳුන්වති. පාසල් අවධියේ සිටම අප රටේ ජනතාවද සීගිරිය නැරඹීමට දැඩි කැමැත්තක් දක්වති. ඒ අප රටේ අතීතයේ සිටි මිනිසුන් තුළ විස්මිත ක‍්‍රියාකාරකම් තව තවත් නැරඹීමට ඇති වුවමනාව නිසා යැයි අපි සිතමු. එදා සීගිරි නැගීමට නොහැකි බොහෝ දෙනා සිංහපාදය අසලට පමණක් නගිති. ඔවුහූ සීගිරි මාලිගාව පිහිටි ස්ථානයට නොයති. ඒ කැඞීගිය දිරාගිය පඩිපෙළ නිසාත් අනාරක්ෂිත නිසාත් යැයි බොහෝ අය කීහ. එහෙත් ඔබ මෑත කාලයේ සීගිරි නැරඹීමට නොගියේ නම් දැන් සීගිරි ගල මුදුනටම ඉතා පහසුුවෙන් නැගීමට හැකි පරිදි මේ සියලූ පඩිපෙළ සංවර්ධනය කර හමාරය. සිංහපාදයේ සිට ඉහළට නැගීමට එක් පැත්තකින් ද පහළට බැසීමට තවත් පැත්තක් ද ආවරණ මේ වන විට ඉදිකොට ඇත. මධ්‍යම සංස්කෘතික අරමුදලේ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමත් සමගින් එසේ කැර ඇත. පතල් හා කැනීම් කාර්යන්ශයේ දේශීය ශිල්ප ඥාණය මෙන්ම ඉංජිනේරුවන් සමග එක්ව අතීතයේ හෙළවිරුවෝ කළ ක‍්‍රියාකාරකම් වලට අනුව මෙය ඉතා ශක්තිමත්ව මේවා ඉදිකරනු ලැබූ බව කියැවේ. සිංහපාදය අසලට ගිය විට පෙරදා තිබූ බිය පහව ගොස් සුදු යකඩ අත්වැල් දිගේ නගින්නට  ඕනෑම අයකුට සිත්දෙන ආකාරයට එය නිර්මාණය කර ඇත. වසර හතක කාලයක් තිස්සේම පතල් හා කැණීම් කාර්යංශයේ නිලධාරීන් හා සේවකයන් සීගිරි පව්වට පැමිණ මෙම නිර්මාණය කර ඇත. එය සීගිරි ඉතිහාසයේ නව පිටුවක් ලියැවෙන අති සුවිශාල වූ නිර්මාණයකි. ජ්‍යෙෂ්ඨ කාර්මික නිලධාරි එම්.ඒ.පී. මංචනායක, බී.පී. සිරිසේන යන මහත්වරුන්ගේ කැපවීම මත සීගිරි පඩිපෙළ ඉදිකිරීම සිදුවිණි. භූවිද්‍යාඥ උදය සිල්වා මහතා නිරන්තර සීගිරියට පැමිණ ආදි ශිල්පීන් සීගිරිය නිර්මාණය කරද්දී සිදුකරන්නට ඇතැයි විශ්වාස කරන දේශීය ක‍්‍රමෝපායන් උපයෝගී කරගනිමින් ගිරි කුහර කරමින් ගිරට යකඩ සවිකළහ. සීගිරිය නිර්මාණය කළේ මෙසේයැයි අපට ලිඛිත සාධක නැතත් අප විශ්වාස අනුව හා පිහිටීම අනුව මේ ආකාරයෙන් මාළිගා හා විවිධ ඉදිකිරීම් තිබෙන්නට ඇතැයි යන නිගමනය මත අප තක්සේරුවකට පැමිණ සිටිමු. ශිරාන් දැරණියගල මහතා මීට වසර ගණනාවකට පෙර දැනුම්දී තිබුණේ සීගිරියේ චිත‍්‍ර ලෙනේ අවදානම් ගල් කැබලි ශක්තිමත් කිරීම ඇතැම් පූර්ණ පරීක්ෂණයකින් පසු කාර්යන් රැුසක් කළ යුතු බවයි. ඒ අනුව භූ විද්‍යා පතල් කැණීම් කාර්යංශය පූර්ණ ගවේශණයක් කරන ලදි. එහිදී කළයුතු හදිසි කාර්යන් 12 ක් හඳුනා ගෙන තිබිණි. චිත‍්‍ර ගුහාවේ පාදම තවදුරටත් පළල් කැර සංචාරකයන්ට නැරඹීමට නොහැකිව තිබූ චිත‍්‍ර රැුසක් දැකගැනීමේ අවස්ථාව සලසාදීම, චිත‍්‍ර ගුහාවට පිවිසෙන දැල් ආවරණ සහිත ආරක්ෂිත පියගැට පෙළ අලූත්වැඩියා කිරීම, කැටපත් පවුරේ පිටත බිත්තිය ඉරිතලා තිබීම, එය ශක්තිමත් කිරීම, මෙන්ම සීගිරි ගලේ දිරාගිය ගල් කැබලි රැුසක් පහළට කඩා වැටීමේ අවදානමක් පැවතිණි. එම ස්ථානවලට ළඟාවීම පවා දැඩි අවදානම් තත්ත්වයක පැවතියේය. ජල කාන්දු වැළැක්වීම ඇතුළු කරුණු රැුසක් පිළිබඳව අවධානය යොමුකැර අද වන විට මේ සියල්ල වැඩ නිමවා දෙස් විදෙස් සංචාරකයන්ට ඉතා පහසුවෙන් සීගිරිය නැරඹීමට හැකිවන පරිදි සකසාදී ඇත. අපගේ ඉංජිනේරු ශිල්පීන් මේ කාලයේ කළ ක‍්‍රියාකාරකම් පිළිබඳව සොයාබැලීම සඳහා පසුගියදා පරිසර ඇමැති අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා ද පැමිණ දැඩි ප‍්‍රසාදය පළකර සිටියේය. සීගිරි ගලේ ගමන් කිරීමට නොහැකි බෑවුම් ස්ථානවල සිට වැඩ කළ වත්මන් ශිල්පීන් ටයර් හා ලනු උපයෝගී කරගෙන තනි කකුලෙන් එල්ලී ජීවිත අවදානම නොතකා මෙම කාර්යය ඉටුකැර තිබීම විශේෂත්වයකි. මේ කැපවීම මත අලූත් වූ සීගිරිය නැරඹීමට දෙස් විදෙස් ජනතාවට පහසුව හිමි වී ඇත.මෙම අලූත්වැඩියා කිරීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලත් ජපන් රජයත් මූල්‍ය දායකත්වය ලබාදී තිබිණි. එදා පස්වැනි සියවසේදී කාශ්‍යප රජු විසින් කරවන ලද බව කියන සීගිරියේ වත්මන් පියගැට පෙළේ පැවැත්ම තවත් වසර 400 ක් වත් පවතින බව භූවිද්‍යා පතල් කාර්යංශය කියයි. සීගිරියේ වත්මන් තත්ත්වය පිළිබඳව අප මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරි ව්‍යාපෘති කළමනාකරු වජිර පර්ඩිනැන්ඩන් මහතාගෙන් විමසීමක් කළේ බොහෝ ජනතාව සීගිරිය ගැන දැඩි අවධානයෙන් සිටින නිසාය. ඒ මහතා අප සමග මෙසේ වත්මන් තත්ත්වය හා ඉදිරි සැලසුම් පිළිබඳව කරුණු ප‍්‍රථම වතාවට හෙළි කළේය. ”අපි තවදුරටත් දෙස් විදෙස් සංචාරකයන්ට සීගිරියේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා. අනවසර වෙළෙඳාම් කිරීම විධිමත් කිරීමත්, සීගිරියේ පිටත දැනට පොලිසිය පිහිටි ස්ථානයෙත් මොරගහමුල ප‍්‍රදේශයෙත් නව වැසිකිළි පද්ධතියක් ඉදිකිරීමටත් කටයුතු කරනවා. මාර්ගෝපදේශක කණ්ඩායම පිළිබඳව වැඩි අවධානයක් යොමුකර තිබෙනවා. ඒ අයටත් විධිමත් පුහුණුවක් ලබා දී සංචාරකයනට නිවැරදි තොරතුරු දෙන්නටත් අලූතින් ඇතුළුවීමේ ප‍්‍රවේශ පත‍්‍රයක් නිකුත් කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා.” රථගාලේ සිට කිලෝමීටරයක් දුර පයින් ගමන් කිරීමට තිබෙනවා. ඒ අයගේ කාලය ඉතිරිකැර දීම සඳහා විශේෂ බස්රථ සේවයක් ක‍්‍රියාත්මක කිරීමත්, විශේෂ විදුලි ආලෝක පද්ධතියක් ආරම්භකිරීමත්, පානීය ජල ටැංකි කීපයක් සීගිරි නගින බහින අයට පාවිච්චි කිරීමට ස්ථාපිත කරනවා. පොලිතින් නැති කලාපයක් බවට මේ පෙදෙස පත් කරනවා. එදා සීගිරිය නිර්මාණය කිරීමේදී කාශ්‍යප රජු කළ ක‍්‍රියාදාම පිළිබඳවත් ශ‍්‍රම බළකාය යොදාගත් ආකාරයත් මෙහි ඇති වටිනාකම පිළිබඳවත් තැනින් තැන හමුවී ඇති රාජ සභා, මණ්ඩප, ජල උද්‍යාන, ගල් ආරුක්කු, උගුල් මෙන්ම විවිධාකාර වූ ස්ථාන පිළිබඳව නම්වලින් හඳුන්වා තිබුණ ද එම ස්ථානවල සවිස්තරාත්මක දැන්වීම් පුවරු පළකිරීමට හැකියාවක් ඇත්නම් එය දෙස් විදෙස් සංචාරකයන්ට සීගිරිය පිළිබඳ මනා අවබෝධයක් ලබාගැනීමට හැකිවනු ඇතැයි මෙම අලූත් වූ සීගිරිය නැරඹීමට ගිය අපට පසක්විය. සීගිරි කාශ්‍යප රජු වසර ගණනාවක් තිස්සේ රාජ්‍ය ආයතන ගණනාවක දහස් ගණනක ජනතාවක්් පෝෂණය කරති. එහෙත් කාශ්‍යප රජුගේ ප‍්‍රතිමාවක් හෝ කාශ්‍යප රජුට කළගුණ සැලකීමටත් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැත. සීගිරියේ පමණක් හෝටල් කාමර 3000 ක් නඩත්තු වන්නේ ද කාශ්‍යප රජුට පිංසිදුවන්නටය. මෙම කරුණු ගැඹුරින් අවබෝධ කැරගෙන කාශ්‍යප රජු පිළිබඳව ජනතාවට ගෞරවයක් හිමිවන පරිදි යමක් සීගිිරියේ  කළ යුතුයැයි අපි විශ්වාස කරමු. අද නවීන තාක්ෂණයෙන් කළ දේ එදා කළේ ගණිත ක‍්‍රම උපකාරයෙන් එදා රජදරුවන් සීගිරි පර්වත මස්තකයට ජලය ගෙනගිය ශිල්පීය ඥාණය කුමක්ද? මහා කළුගලක් උද්‍යානයක් බවට පත්කළ ශිල්පය කුමක්ද? අපි ඒ පිළිබඳව වාස්තු විද්‍යාඥ වජිර පර්ඩිනන්ඩස් මහතාගෙන් විමසීමක් කළෙමු.අප මුලින්ම විමසීමක් කළේ සීගිරියේ ජල උද්‍යානයේ ක‍්‍රියාකාරීත්වය පිළිබඳවත් අදටත් එය රහසක්ව පවතින්නේ කෙසේද යන්නයි.”මෙම ජල මල්වල ක‍්‍රියාකාරීත්වය එදා සිටම අද දක්වා පවතිනවා. හැබැයි තවමත් මේ ගැන නිසි පරීක්ෂණ කර නැහැ. ජලය ගෙනයන මාර්ගය සීගිරි අවට ඇති වැව්වලට සම්බන්ධ කර ඇතැයි විශ්වාසයක් පවතිනවා. හැබැයි තවම නිශ්චිත වශයෙන් ඒ ගැන අලූත් මත ඉදිරිපත් කිරීමට බැහැ.”පෙරදා සීගිරිය ඉදිකිරීම්වලදී හා අද ඉදිකිරීම් පිළිබඳව ඇති තාක්ෂණික ක‍්‍රමවේද පිළිබඳව ද අපි විමසුවෙමු.”අද නවීන තාක්ෂණ උපකරණ භාවිතයෙන් කරන දේ එදා සිටි අපේ ඉහළ දැනුමක් ඇති ශිල්පීන් ගණිත මූලධර්ම මත කරලා තිබෙනවා. ඒ වගේම තමයි එදා පිරිස් බලය අඩුවෙන් සිටියදී කළ විශ්කම් දෑ අද පිරිස් බලය වැඩියෙන් සිටියත් කරන්න බැරිවෙලා තියෙනවා. ඊට හේතුව තමයි අපේ පැරැුණියන්ගේ සිට වර්තමානය දක්වාම උගත් දෑ බෙදාහැරීමේදී කැර තිබෙන ගුරුමුෂ්ටිය කියන එක රැුකගැනීමට ගත් උත්සාහය නිසයි. දක්ෂ ශිල්පීය ක‍්‍රම සැඟවීම නිසා අද අප අසරණවෙලා ඉන්නවා. නව නිර්මාණ අඩුයි. අපේ තවත් වැරැුද්දක් තමයි මම දන්න තරමට අපි භෞතිකවාදීවයි ක‍්‍රියාකරලා තියෙන්නේ ඉන් ඔබ්බට යන්නේ නැහැ. අපි සංරක්ෂණය කළ යුත්තේ ස්පර්ශ කළ නොහැකි හැඟීම් සිතුම් පැතුම් හා ක‍්‍රියාකාරකම් මොකද අපි සොයාගන්නා භාණ්ඩ ආරක්ෂාකර තබනවා විනා එම භාණ්ඩවලින් කළ ක‍්‍රියාකාරකම් කුමක් ද ඒවා කුමකට භාජන කළේ ද යන්න සොයන්නේ නැහැ. ඔහු කියයි. එදා සීගිරිය තිබුණ හැටි (සිතුවමක්)



අදහස් (0)

සීගිරිය නගින්න අලුත් හිනිපෙළක්

ඇන්තනී Wednesday, 24 August 2011 08:58 PM

හොද වැඩක්. ඊට සම්බන්ධ කාටත් ස්තුතියි

:       0       0

ගාමිණි Saturday, 12 April 2014 01:32 PM

හොද අදහසක් කාශ්‍යප රජුගේ පිළිරුවක් හැදීම අගයකරමු , (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

රාජ්‍ය බදු වැඩිකිරීම විසඳුමද?
2023 ඔක්තෝබර් මස 04 10 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසගෙන තිබෙන එකඟතා ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට නොහැකිවීම නිසා පසුගිය සැප්තැම්බරයේ දී ලැබීමට තිබූ දෙවැනි ණය වාරිකය ඉත


මෙරටට එන සංචාරකයන් අසීරුවට පත් නොකරමු
2023 ඔක්තෝබර් මස 04 16 0

නේපාලයේ කත්මන්ඩු නුවර බලා ඔක්තෝබර් පළමුවැනිදා උදේ පිටත් වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ යානයක් පැය හතරකටත් වඩා ප්‍රමාද වීම නිසා ගුවන් මගී


අයි.එම්.එෆ්. දෙවැනි වාරිකය ලැබේද? නැද්ද?
2023 ඔක්තෝබර් මස 04 411 1

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවැනි ණය වාරිකය ලබා ගැනීමට පෙර පැවැත්වෙන සාකච්ඡා පසුගිය සතියේ අවසන් විය. සාකච්ඡාව පැවැත්වුණේ IMF හි නිලධාරීන් සහ ශ්‍රී ලංකා


ආර්ථිකය ගොඩනැගීමට අලුත් ආකල්පයක් ඕනෑ
2023 ඔක්තෝබර් මස 04 78 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය පමාවීම රටේ ආර්ථිකයට ඉදිරියේදී සිදුකරන බලපෑම් සම්බන්ධ බොහෝ පුරෝකථන සිදුවෙමින් පවතී. එක් අතකින් දේශපාලනඥයන්


පාසලේ සාහිත්‍ය ගුරුවරයා අද නෑ
2023 ඔක්තෝබර් මස 03 215 0

නවකතාව, කවිය, කෙටිකතාව, නාට්‍ය වැනි නිර්මාණාත්මක සාහිත්‍යයේ විවිධ ඉසව් මෙන්ම ශාස්ත්‍රීය අධ්‍යයන, පර් යේෂණ ක්‍ෂේත්‍ර නියෝජනය කරමින් කෘති රැසක් ලියා, පළ


අපේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගුරුතුමා
2023 ඔක්තෝබර් මස 03 285 0

ශ්‍රී ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදීයා සහ දිවයින ආරම්භක කර්තෘවරයා වන එඩ්මන්ඩ් රණසිංහ මහතා වෙනුවෙන් උපහාර උළෙලක් අද 3 වැනිදා සවස 3.00 ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

පෙම් කෙලින්න දරුවන්ට කාමර දීලා
2023 සැප්තැම්බර් මස 24 43766 16




කිඹුලාගේ බලු සෙනෙහස
2023 ඔක්තෝබර් මස 01 12612 6

මේවාටත් කැමතිවනු ඇති

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 2308 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු 2023 අගෝස්තු මස 28 829 0
දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු

නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි. දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන  සේවා ස්ථානයක්. 2023 අගෝස්තු මස 24 467 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන සේවා ස්ථානයක්.

දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්‍* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්‍

Our Group Site