IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


සංචාරක කර්මාන්තයේ අගය හරිහැටි තේරුම් ගනිමු

බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකගේ රුපියල් ලක්ෂ විසි හතරක් වටිනා කැමරා උපකරණ සහිත ගමන්මල්ල සොරකම් කිරීමේ පැමිණිල්ලක් මත වනජීවී නියාමකවරයකු අත්අඩංගුවට ගත් පුවතක් නොබෝදා අප පුවත්පතේ පළ වූයේය. දුම්රියේ ගමන් ගත් සංචාරකයකුට සෙරෙප්පුවක් විසිකර පහර දීමේ පුවතක් ද ඉකුත්දා වාර්තා වූයේය.

සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව දිනාගෙන ඉන්නා කීර්තිනාමය පිළිබඳව දන්නා ශ්‍රී ලාංකිකයන්ට මෙම පුවත් නෙත ගැටුණු විට දැනෙන්නේ මහත් ලජ්ජාවක් හා පිළිකුලකි.

අතිශය දරුණු ආර්ථික අපහසුතා මධ්‍යයේ පවා ආගන්තුක සත්කාරයට රිසි වූ ශ්‍රී ලාංකිකයන් හොඳ නම දිනා ගෙන තිබෙන බව 2022 වසරේ Readers Choice  සම්මානය සඳහා වූ තේරීම්වල  පළමු රටවල් දහය අතරට ශ්‍රී ලංකාව පත් වීමෙන් පෙනී යයි. සංචාරකයන්ට ප්‍රවෘත්ති අදහස් හා මාර්ගෝපදේශ සපයන The Conde Nast Traveller  පුවත් සේවය සිය පාඨකයන්ගේ ඡන්දය ඔස්සේ මෙම තේරීම කර ඇත.

ඒ හැරුණුකොට ශ්‍රී ලාංකිකයන් ඉතා සංග්‍රහශීලී ජනතාවක් බවත් ඔවුන් තම නිවෙස්වලට එන්නට අමුත්තන්ට ඉතා ආඩම්බරයෙන් ආරාධනා කරන බවත් සංචාරක රියදුරකු, හෝ මගපෙන්වන්නකු එවැනි සංග්‍රහශීලී ආරාධනාවක් කළ විට එය ප්‍රතික්ෂේප නොකරන ලෙසත් අන්තර්ජාලයේ ශ්‍රී ලාංකිකයන් ගැන සංචාරකයන් දැනුවත් කරන සටහන්වල සඳහන් වෙයි. අප ගැන එවැනි පැහැදිලි හැඟීමකින් අප රටට එන සංචාරකයන් සිය භාණ්ඩ සොරා ගැනීම වැනි අත්දැකීමකට මුහුණ දුන් විට අප ගැන ඔවුන් මොනවා නොසිතා ද? ඉන් අනතුරුව ඔවුහු සිය රට ගොස්  සෙසු සංචාරකයන්ට කෙතරම් පිළිකුල් සහගත ආකල්පයකින් අප ගැන තොරතුරු සපයා දෙත් ද?

2019 පාස්කු දිනයදා බෝම්බ ප්‍රහාරයෙනුත් 2020  කොරෝනා උවදුරිනුත්, 2021/ 22 මෙරට ආර්ථික අර්බුදය නිසාත්, එකී වසර කිහිපයේ අපගේ සංචාරක ව්‍යාපාරය පහතටම ඇද වැටිණි. සංචාරක කර්මාන්තයේ නියැළි සිටි සංචාරක මග පෙන්වන්නන්ටත් හෝටල් සේවකයන්ට සහ වෙනත් අයටත් මේ නිසා රැකියා අහිමි වූයේ ය.  ඒ සියල්ලටත් වඩා රටේ ඩොලර් සංචිතය සිඳී යාමට සංචාරක කර්මාන්තය ඇද වැටීම ද හේතු විය. එකී ඇද වැටීමෙන් පසු 2022 වසරේ සංචාරකයන් ලක්ෂ 7කට වඩා මේ රටට පැමිණීම නිසා යාන්තමින් එම කර්මාන්තය යහපත් අතට හැරිණි. මේ වසරේ ජනවාරි මාසයේ දී  සංචාරකයන් 102545 ක් මෙරටට පැමිණ ඇත. පෙබරවාරියේ පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 107639 කි. මාර්තු මාසයේ මුල් සතියේ දී සංචාරකයන් 24363 ක් පැමිණ ඇති බව වාර්තා වේ. මේ ආකාරයට සංචාරකයන් පැමිණීම වර්ධනය වීම හේතුවෙන් ඒ ඔස්සේ ලැබෙන විදේශ විනිමය ද වැඩි වී ඇති බව වාර්තා වේ. 2021  වසරේ දී අමෙරිකානු ඩොලර් මිලියන 507ක් දක්වා පහත වැටී තිබුණු සංචාරක  කර්මාන්තයේ ආදායම 2022 දී ඇ. ඩොලර් මිලියන 1129 දක්වා වැඩි විය. සංචාරක කර්මාන්තය නිසා විදේශ විනිමය ලැබීම හේතුවෙන් මෙරට පණ අදින ආර්ථිකයට යාන්තමින් හුස්ම ගැනීමේ හැකියාව ලැබී තිබේ. ඒ අනුව බැලූ විට මෙරටට සංචාරකයන්ගේ පැමිණීම අධෛර්යවත් කරන සෑම ක්‍රියාවක්ම ජාතික අපරාධයක් වේ.

අප රටට සංචාරකයන් පැමිණීමට හේතු වන තවත් කාරණයක් වන්නේ මෙරට පවතින බෞද්ධ පරිසරයයි. බෞද්ධ පුරුෂාර්ථ වලින් හෙබි ජනතාවක් මෙරට වාසය කරන බව විදේශිකයන්ට අප රට ගැන කියනා බොහෝ වාර්තාවල සඳහන්ය. එවන් ජනතාවක් සංචාරකයන් සතු දේපළ සොරකම් කරන, ඔවුන්ට නිරපරාදේ පහර දෙන ජනතාවක් ලෙස ප්‍රසිද්ධියට පත් වුවහොත් ලෝකයා ඉදිරියේ අපගේ ගරුත්වයට සිදුවෙන හානිය කෙතරම් වේද!

සංචාරකයන් වඩාත් සුහදව පිළිගන්නට අපට මුදලක් වැය වන්නේ නැත. ඔවුන්ට සතුටින් මෙරට සංචාරය කිරීමට අවකාශ සලසා දීමේ වගකීම අපට ඇත. ඔවුන්ට හිරිහැර කරන හා ඔවුන් ගේ දේපළ සොරා ගන්නා අයට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය.

සංචාරකයන් උදෙසා දැනට පවතින පහසුකම්වල අඩු ලු‍හුඬුතා ඇති බව මෙම සිද්ධියෙන් පෙනී යයි. සංචාරකයන්ගේ ගමන් පහසුව සැලසෙන පරිදි ඔවුන්ගේ වටිනා කියන ගමන්මලු‍ සහ වෙනත් දේ පරෙස්සම් කොට නැවත භාර දෙන තාවකාලික නවාතැන් වෙනත් රටවල ඇත. මෙරට එවැනි ස්ථාන  තවමත්  තිබෙන බවක් නොපෙනේ. සංචාරකයන්ට ගමන් පසුව සලසන අතර එවැනි සේවා වලින් යම් මුදලක් ද උපයා ගත හැකිය.

(***)



අදහස් (1)

සංචාරක කර්මාන්තයේ අගය හරිහැටි තේරුම් ගනිමු

AB Tuesday, 14 March 2023 06:53 AM

සංචාරක කර්මාන්තයේ අගය වැඩි කිරීමට විදේශිකයන් කැමති පුළුල් ප්‍රචාරයක් /සැලසුමක් ජාත්‍යන්තරය වෙත ගෙන යාමට සහ ක්‍රියාත්මක කිරීමට හැකියාව තිබේ. එය යුරෝපිය සහ ඇමෙරිකානු විදේශ සංචාරකයන් ලංකාවට ගැනීම සදහා වේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31354 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13570 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site