(*** නාලක සංජීව දහනායක)
අතීතයේ දී මෙන්ම වර්තමානයේදීත් ශාසනික කටයුතු සිදු කරගෙන යාමේ දී භික්ෂූන් වහන්සේලාට විවිධාකාරයෙන් බලපෑම් එල්ල වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ මහාචාර්ය කිවුලේගෙදර නාරද හිමියෝ පෙරේදා (08) පැවැසූහ.
එහෙත් ඉතිහාසය විසින් මහා සංඝරත්නයට උරුම කර දෙන ලද වගකීම් සමුදායෙන් මිදීමට වත්මන් භික්ෂු පරපුරට හැකියාවක් නැතැයි ද උන්වහන්සේ කීහ.
ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය බිහිකර වසර 218ක් පිරීම නිමිත්තෙන් පෙරේදා (08) පැවැති අමරපුර දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ගුණ සමරු දේශනය පවත්වමින් උන්වහන්සේ එසේ පැවසූහ.
ගල්කිස්ස ධර්මපාලාරාමාධිපති අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් අමරපුර සැමරුම් දින උළෙල පෙරේදා (08) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණ.
වැලිතර, මහකරාවේ ඥානවිමලතිස්ස නාහිමියන් විසින් 1803 වර්ෂයේ දී පිහිටු වනු ලැබූ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සියලුම ආදි කර්තෘවරුන් වහන්සේලා සිහිපත් කරමින් උන්වහන්සේලා වෙනුවෙන් පුෂ්පෝපහාර දැක්වීම ද එහිදී සිදු විය.
මාධ්‍යවේදී උපාලි සමරසිංහ මහතා විසින් රචිත කොටුගොඩ ධම්මාවාස මහ නාහිමි චරිතාපදානය ජනාධිපතිවරයා විසින් එහිදී මහ නාහිමියන්ට පිළිගන්වනු ලැබීය.
අමරපුර මහා නිකායට අයත් සියලුම විහාරස්ථානවල තොරතුරු ඒකරාශී කොට ලියන ලද අමරපුර විහාරස්ථාන නාමාවලිය ග්‍රන්ථය ද එහිදී එළිදැක්විණි.
කොටුගොඩ ධම්මාවාස මහා නාහිමියන් හා ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී මහාචාර්ය පල්ලේකන්දේ රතනසාර නාහිමියන් විසින් එහිදී ජනාධිපතිවරයාට සිහිවටන තිළිණයක් ද පිරිනමනු ලැබීය.
කිවුල්ගෙදර නාරද හිමියෝ මෙසේ ද පැවසූහ.
වර්තමානයේ දී භික්ෂූන් වහන්සේලාට ශාසනික කටයුතු සිදුකරගෙන යාමේ දී සමාජය ඇතුළු නොයෙකුත් පාර්ශ්වයන්ගෙන් බලපෑම් එල්ලවෙනවා. එහෙත් මහා සංඝරත්නය දිනපතාම දිවා රාත්‍රී නොබලා ශාසනික සේවයේ නිරත වෙනවා. අද වගේම අතීතයේ වැඩසිටි භික්‍ෂූන් වහන්සේලාටත් විවිධ ගැටලුවලට මුහුණදීමට සිදුවුණා. එහෙත් ඉතිහාසය විසින් මහා සංඝරත්නයට උරුම කරදුන් වගකීම් සමුදායක් තිබෙනවා. ඒ වගකීම්වලින් මිදෙන්න අපිට බැහැ.
1815 දී අපේ රට ඉංග්‍රීසීන්ට යටත්වීමත් සමඟ රට පුරාම මීසම් ගොඩක් ආරම්භ වුණා. ඒ තුළ බුද්ධාගමට අභියෝග රාශියකට මුහුණදීමට සිදුවුණා. බුද්ධාගමේ තිබුණ මූලික ඉගැන්වීම හාස්‍යයට ලක්වුණා. නමුත් බුද්ධාගම වෙනුවෙන්ම කැපවී කටයුතු කළ භික්‍ෂූන් වහන්සේලා කිහිප නමක්ම ඒ යුගයේ ජීවත් වුණා. ඒ යුගයේ ජීවත් වූ භික්‍ෂූන් වහන්සේලාට විවිධ භාෂාවන් ඉතාම හොඳින් කතා කළ හැකි පිරිසක්. මෙම භික්‍ෂූන් වහන්සේලා ත්‍රිපිටකය හොඳින් ඉගෙන ගත්තා. බුරුමයේ ධර්ම ග්‍රන්ථ පිළිබඳව මෙන්ම ධර්ම විනය ගැනත් උන්වහන්සේලාට ඉතාම හොඳ අවබෝධයක් තිබුණා. උන්වහන්සේලා විසින් ඒ ධර්මය ඉතාම ශ්‍රේෂ්ඨ ආකාරයට සමාජයට දායාද කළා.
වර්තමානයේ දී බෞද්ධ ධර්මයට ලොකු අභියෝගයක් තිබෙනවා. මොහොට්ටිවත්තේ ගුණානන්ද වැනි ඒ යුගයේ වැඩ සිටි භික්‍ෂූන් වහන්සේලා තමන්ගේ වගකීම නිවැරැදිව ඉටු කළා. මේ සඳහා වෙනත් නිකායන්වල භික්‍ෂූන් වහන්සේලාත් සම්බන්ධ වුණා. එවැනි යුග පුරුෂයන් නිකම්ම බිහිවෙන්නේ නෑ. රටට ජාතියට බලපාන ප්‍රබල සමාජ සාධක බලපාන බව ද උන්වහන්සේ සඳහන් කළහ.
ශ්‍රී ලංකා ප්‍රාචීන භික්‍ෂු විද්‍යාලයේ මහෝපාධ්‍යාය දර්ශනපති බළපිටියේ සිරි සීවලී හිමියෝ මෙසේ පැවසූහ.
වර්තමානයේ දී ධර්ම විනය විනාශ කරන පිරිස් බලවත්වෙලා. ශාසන ශෝධනය වෙනුවෙන් ධර්ම සංගායනාවක් පවත්වන්නට දැන් කාලය එළඹිලා. ඒ සඳහා සුදුසු රාජ්‍ය නායකයා දැන් පහළ වී සිටින බව ද උන්වහන්සේ පැවැසූහ.
ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී කොළඹ - 08 සාරිපුත්තාරාමාධිපති මහාචාර්ය පල්ලෙකන්දේ රතනසාර හිමියෝ ද මෙහිදී අදහස් දැක්වූහ.
ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති සාහිත්‍යශූරී රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති ගන්තුනේ අස්සජි නා හිමියෝ ස්තුති කතාව පැවැත්වූහ.
මහා සංඝරත්නය ප්‍රමුඛ විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ.


COMMENTS
ඔව් අපි කැමැති නැහැ බුද්ධ ශාසනය විනාශ කරනවා දකින්න. තාම අපේ රටේ කිසිම ස්වාමීන් වහන්සේ නමක් විවිධ නොමනා ක්‍රියාවන්, මස්මාංශ අනුභව කිරීමට එරෙහිව මේ වනවිටවත් නැගීසිට නොමැත. ඇයි මේ? මේක තමයි සිදුවිය යුත්තේ...
ඉස්සෙල්ලා පාලකයා දැහැමි වෙලා ඉන්න ඕනේ. පාලකයා දැහැමි වෙන්න නම් මහාසංඝරත්නය ඔහුට අනුශාසනා කරන්න ඕනේ. රණසිංහ ප්‍රේමදාස ජනාධිපති කාලේ රටපුරා මිරිදිය මාළු හදන්න දාපු වෙලාවේ මහාසංඝරත්නය ඉතා තදින් විරුද්ධ වුණු නිසා ඔහු පසුබාලා තියෙනවා. නමුත් අද ගෙවල්වල මස්කඩ ඇරලා මස් පිටරට යවන්න හදන කොට හාමුදුරුවරු නිශ්ශබ්දයි. හේතුව දේශපාලන ගැතිකම. මම බොහෝ කාලයක් හාමුදුරුවරු විවේචනය කලේ නැහැ. අනුන් එහෙම විවේචනය කරපු වේලාවල ඊට විරුද්ධව කතාකරලා තියෙනවා. නමුත් සම්බුද්ධ ශාසනය පිරිහෙමින් යන වේගය අනුව තවදුරටත් නිශ්ශබ්දව ඉන්න බැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා නොකළ යුතු රැකියා පහක්. 1. ආයුධ වෙළදාම 2. සජීවී සත්ව හෝ මිනිස් වෙළඳාම 3. මස් වෙළඳාම 4. මත්පැන් වෙළඳාම 5. විෂද්‍රව්‍ය වෙළඳාම. නිර්මල බුදුදහම තියෙන ලෝකෙ එකම රට විදිහට උදම් අනන අපේ රටේ ප්‍රධාන ආදායම් මාර්ග 4ක්ම බුද්ධ ධර්මයට ඉඳුරා විරුද්ධයි.. අපි ලැජ්ජා වෙන්න ඕනේ. රාජ්‍ය පාලනයට ධර්මය ගෑවිලාවත් නැහැ. හාමුදුරුවරු නිශ්ශබ්දව ඉන්න නිසා බෞද්ධයන්වත් රට හරි පාරට ගන්න ඕනේ, මුලින්ම දානවලට මස් මාළු පූජා කිරීමෙන් වැළකී සිටීමෙන්... ඊළඟට මත්පැන් සහ විෂ සිගරට් වෙළඳාමට විරුද්ධ වීමෙන්...
නිර්මල බුදුදහම ආරක්ෂා කර ගැනීමට ඔබ වහන්සේලා දරන වෙහෙසට අනේක වාරයක් ඔබ වහන්සේලාට පින්... එසේ වුවත්, චීවරය දාගත් සමහර දෙනා දේශපාලන ගැත්තන් සේ හැසිරෙනවා පේනවා.. දේශපාලනඥයෙකුට හිට්ලර් වෙන්න කීවෙත් එවන් කෙනෙක්... ඒ ගැන බොහෝ දෙනා නිහඬයි. එමෙන්ම භික්ෂූන් වහන්සේට භික්ෂු විශ්ව විද්‍යාල හැරෙන්නට වෙනත් විශ්වවිද්‍යාල සැපයීම වැළැක්විය යුතුයි. මේවායින් බුද්ධ චීවරයට වන නිගරුව සුළුපටු නොවේ.. භික්ෂූන් වහන්සේට දේශපාලනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කොට උන් වහන්සේලා ශාසනික උන්නතිය වෙනුවෙන් පමණක් යෙදවිය යුතුයි. බුදුන් සරණ නොයන දේශපාලනඥයන් පමණක් සරණ යන චීවරධාරීන් වහාම ශාසනයෙන් නෙරපිය යුතුමයි.. නොඑසේ නම් බුදුන් වහන්සේ වත් පක්ෂ දේශපාලනයට යොදා ගන්නවා සිකුරුයි. කිතුනු හා ඉස්ලාම් පූජකවරුන් දේශපාලනය නොකළත්, බෞද්ධ භික්ෂූන් වහන්සේලා අන්තවාදී විදිහට පක්ෂ දේශපාලනයේ නිරත වනු පෙනේ. ඒවා නැවැත්වීමට මහනායක හිමිවරුන්ට හෝ උවමනාවක් ඇත්තේ නැත. අප මේවා පවසනුයේ ද ශාසන උන්නතිය වෙනුවෙනි. නිර්මල බුද්ධ ධර්මයට හා සිල්වත් ආර්ය මහා සංඝරත්නය ට අපගේ නමස්කාරය වේවා.. !!!
මහාචාර්ය හිමිවරු? ඔය තියෙන්නේ ශාසන විනාශය. මොකට අනුන්ට දොස් කියනවද?
ඇයි හාමුදුරුවනේ මාස්ක් දාගෙන ඉන්නේ...? බැරිද වස්කවි කියලාම කොරෝනා වයිරස් එක එළවන්න...? අර ඉතාලියේ පල්ලිවල යාඥාකරලා, කුරාන් කියවලා කොරෝනා වයිරසය එළෙව්වේ...!!!
එක එක්කෙනාගේ ඇඟේ එල්ලෙන්නැතිව හිටියා නම් වැඩේ ඉවරයි. කියන්න ගොඩක් තියෙනවා.
දැන් ඉතින් පොඩි ළමයෙක් පූජා කරන්නකෝ... ඕකටනේ ඉතින් හැම දෙයක්ම කියන්නේ... බුදුදහමත් විකුණාගෙනනේ කන්නේ...
මහානායක හිමිවරන් අතහරිමු. දැන් ඔය ඔතන ශාසනය ගැන කතාකරන අය කවුද? මිනිසුන්ට අද හොරුන් හොයාගන්නට බෑ.. නොහොරු හොයා ගන්ටද බෑ... ශාසනය විනාශ කරන අය හොයා ගන්නටද බෑ. ශාසනයට වැඩක් කරන අය හොයා ගන්ටද බෑ.. මෙ රැස්වීම් හරියට කාගෙද අම්මාගෙන් පේන අහනවා වගෙයි!!! .... දන්නො දනිනි... නොදන්නො අහසට උඩු බුරති. ගමකට පිණ්පාතය යන භික්ෂුවක් වැඩියොත්.. කැලයකට, ගල්ලෙනකට අාවොත්...!!!
හාමුදුරුවරු දේශපාලන කටයුතුවල යෙදෙන විට බාධා නැතිනම් ප්‍රශ්නයක් නැහැ නේද?
එනිසා වෙන්න ඇති උතුරු, නැගෙනහිර පළාත්වල පමණක් නොවෙයි. අම්පාර, මොනරාගල වගේ පළාත්වලත් හාමුදුරුවරු ආගමික සිද්ධස්ථාන අතහැර ගොස් තිබෙන්නේ...