IMG-LOGO

2025 මාර්තු මස 19 වන බදාදා


ව්‍යාපාරික ලෝකයට හැරීගේ ආදර්ශය

හැරී ජයවර්ධන ලංකාවේ ව්‍යාපාර ලෝකයේ අධිරාජයා ලෙස හැඳින්වීමේ වරදක් නැත. තේ නිම්නයේ තේ රස බලන්නකු (ටී ටේස්ටර්) ලෙස රැකියාව අරඹා ස්ටැසන් සමූහ ව්‍යාපාරය යටතේ සමාගම් විශාල සංඛ්‍යාවක සභාපති ධුරය දැරූ දේශමාන්‍ය දොන් හැරල්ඩ් ස්ටැසන් ජයවර්ධන හෙවත් හැරී ජයවර්ධන යන සුප්‍රකට නාමය ලංකා මාතාවට අහිමි වුවද ඔහු මෙරට ආර්ථිකයට ඇතිකළ අතිමහත් ශක්තිය තවත් දශක ගණනාවක් රැඳී පවතිනු ඇත.

බ්‍රිතාන්‍යයට අයත් මෙරට තේ අපනයන සමාගමකින් රැකියාව ආරම්භ කළ ජයවර්ධන මහතා 1975 – 77 සමයේ රජයට අයත් රාජ්‍ය වෙළෙඳ සංස්ථාවේ තේ අපනයන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස පත්විය. බණ්ඩාරනායක රජය යටතේ තේ අපනයනයේ යෙදුණු එම දෙපාර්තමේන්තුව 1977 ජයවර්ධන රජය පත්වූ පසු අක්‍රිය වෙද්දී ස්ටැසන් අපනයන සමාගම බිහි කරමින් තේ අපනයන ක්ෂේත්‍රයට පිවිසුණේය. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සමග ද සමීප මිත්‍රත්වයක් තිබූ හැරී ජයවර්ධන මහතා ජේ.ආර්. ගේ නිදහස් ආර්ථිකය යටතේ පියවරෙන් පියවර ඉදිරියට පැමිණියේය. තේ අපනයනයට අමතරව පොල් අපනයන ක්ෂේත්‍රයටද කජු අපනයනයටද පිවිසුණු ඔහුගේ “ස්ටැසන්” සමාගම ඉන්පසු ලොව පුරා ඉල්ලුමක් තිබූ කාබනික තේ වගාවට පිවිසුණේය. ජපානයට සහ ජර්මනියට කොහුබත් අපනයනය කරමින් තවත් ව්‍යාපාර ක්ෂේත්‍රයක් ඇරඹූ හැරී ජයවර්ධන වඩාත් කතාබහට ලක්වූයේ 1988 වසරේදී හැටන් නැෂනල් බැංකුවේ ප්‍රධාන කොටස් හිමියා බවට පත්වීමෙන් පසුවය.

චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය බලයට පත්වීමත් සමග ඇගේ ජාත්‍යන්තර වෙළෙඳාම හා ආයෝජන පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙසද සේවය කළේය. “හැරී” ගේ ව්‍යාපාර ගැන දේශපාලන ලෝකයේ කතාබහට ලක්වූයේ එම කාලයේය. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු චන්ද්‍රිකා එමිරේට්ස් වෙත පවරා තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවය යළි පවරාගත් අතර එහි සභාපති ධුරයට පත් කෙරුණේ හැරී ජයවර්ධන මහතාය.

පසු කාලයේ හැරී ජයවර්ධන මහතා සුදු ජාතිකයකුට අයත්ව තිබියදී තමා මුල්ම රැකියාව කළ කොළඹ බේබෲක් වීදියේ තේ ගබඩාව මිලදී ගත්තේය. ඉකුත් දා එම ස්ථානයේම තමාගේ හිමිකාරීත්වය යටතේ “මෙල්ස්ටා රීගල්” මූල්‍ය සමාගම ආරම්භ කරන්නට ඔහුට හැකිවිය.

මෙරට ප්‍රමුඛ පෙළේ පෞද්ගලික සමාගම් ගණනාවක ප්‍රධාන කොටස්කරු සහ අධ්‍යක්ෂ මණ්ඩල සභාපතිවරයා වූයේ හැරී ජයවර්ධන මහතාය. එයිට්කන් ස්පෙන්ස්, ලක්ස්ප්‍රේ, කණ්ඩලම හෝටලය, හැටන් නැෂනල් බැංකුව, කොමර්ෂල් බැංකුවේ වැඩිම කොටස් හිමිකාරීත්වය, ස්කාගාර සංස්ථාව, ඇඹිලිපිටිය ඒස් පවර් බලාගාරය, ලංකා බෙල්, මෙල්ස්ටා සමූහය ඒ අතර වෙයි.

ඇමෙරිකාවේ ෆෝබ්ස් සඟරාව නම් කළ ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා ලෙස සැලකුණේද හැරී ජයවර්ධන මහතාය. මියයන විට ඒ මහතාගේ හිමිකාරීත්වය ඇති සමාගම්වල සේවය කළ පිරිස 25000 කට අධික බව සඳහන්ය. කුඩා මුදලක් කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කර ඉන් ලබන ලාභය යළි යළිත් ආයෝජනය කර ඉහළම පෙළේ ධනවතකු වීම පිළිබඳව ලංකාවේ හොඳම උදාහරණය හැරී ජයවර්ධනය.

හැරී ජයවර්ධන සහ ශ්‍රීලනිපය අතර තිබූ සබඳතාව දේශපාලන ක්ෂේත්‍රයේ වරින් වර දැඩි විවේචනවලට ලක්වූ අවස්ථා ද විය. කලක් ශ්‍රීලනිප මහ ලේකම්වරයා වූ එමෙන්ම චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ සමීපතම දේශපාලනඥයකු වූ හිටපු ඇමැති එස්.බී. දිසානායක මහතා සතුව හැරී ජයවර්ධන ගැන අපූරු මතක සටහන් ගොන්නක් ඇත. එස්.බී. ඒ ගැන කියන්නේ මේ අයුරිනි.

“මම දන්න විදිහට හැරීගේ තාත්තා හොරගොල්ල වත්තේ වතු පාලකයෙක් හැටියට ඉඳල තියෙනවා. බණ්ඩාරනායක මැතිනියත් සමග බොහෝම සමීප පවුලක්. හැරී ජීවිතය අරඹන්නේ තේ කම්හලක ටී ටේස්ටර් කෙනෙක් (තේ රස බලන්නකු) හැටියට. ටී ටේස්ටර් කෙනෙක් හැටියට ට්‍රේනිං වෙලා උඩට ආවා. හැරීත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියත් සමග හරිම කිට්ටුයි. මැතිනිගෙ නොබැඳි ව්‍යාපාරයේ පතාක යෝධයෙක් වෙච්චි කියුබාවෙ කැස්ත්‍රෝ එක්ක මැතිනි ගිවිසුමකට ආවා මෙහෙ තේ එහාට යවන්නයි එහෙන් සීනි මෙහාට හිලව්වට ගේන්නයි. මෙහෙන් තේ තොගයක් කියුබාවට යැවීම හැරීට පැවරුණා. ඒකෙන් තමයි හැරී ජයවර්ධන තේ රට යැවීමේ ව්‍යාපාරයට සම්බන්ධ වෙන්නේ.”

ඒ සඳහා එයාගෙම ස්ටැසන් සමාගම ඇරඹුණා. ඒ සමාගම මේ වෙනකොට ලංකාවේ ඉඳල ජාත්‍යන්තරයට නම ගෙනියපු ඉතා විශාල සමාගමක්. ලෝකයේ විශාලම සමාගම් පන්සීය අතරට මේ සමාගමත් පත් වුණා. ඔහු යටතේ තමයි ලක්ස්ප්‍රේ එක තියෙන්නේ අඹේවෙල ෆාම් එක.

එට්කන් ස්පෙන්ස් සමාගම එහෙම ඔක්කොම හැරී යටතේ තියෙන්නෙ. දඹුල්ලෙ කණ්ඩලම හෝටලය, හැටන් නැෂනල් බැංකුව, රජයෙන් ගත්ත තේවතු විශාල ප්‍රමාණයක්, ඩිස්ටිලරිය හා මාලදිවයිනේ දූපත් දෙකක හෝටල් දෙකක් තියෙනවා. ඉතා විශාල සමාගම් හිමි ව්‍යාපාරිකයෙක් වුණා. චන්ද්‍රිකා මැතිනියගේ කාලෙ එයා ස්කාගාර සංස්ථාව ගත්තා. ඒ ගැන විවිධ විවේචන එල්ල වුණා. ඒත් හැරී ස්කාගාර සංස්ථාව කොටස් වෙළෙඳපොළෙන් ගත්තට පස්සෙ එතෙක් ආණ්ඩුවට ලැබුණු බදු මුදල වගේ තුන් ගුණයක් හැම අවුරුද්දෙම ලැබෙන්න පටන් ගත්තා. මත්පැන් නිෂ්පාදනය කරන ආයතන පහළොවක් පමණ වෙළෙඳපොළේ තිබුණත් හැරීට තමයි මත්පැන් නිෂ්පාදන ක්ෂේත්‍රයේ සියයට අසූ නවයක්ම අයිති හැරීගේ ඩී.සී.එස්.එල්. එකට. මේක කොටස් වෙළෙඳපොළට දාන්න රජයට සිද්ධ වුණේ භාණ්ඩාගාරයට ලැබෙන ආදායම ඉතාම අවම වීම නිසයි. හැබැයි හැරී ගත්තට පස්සෙ බදු ගෙවීම තුන් ගුණයකින් වැඩි වුණා. හැරී හරියට ආයතනය පාලනය කළා.”

අඹේවෙල ෆාම් එක ගත්තම හැරී අපූරුවට කළමනාකරණය කළා. රජයේ එන්.එල්.ඩී.බී. ෆාම් එක අක්කර හතළිස් දාහක් විතර වෙනවා. හැරීට ලැබුණු වත්ත අක්කර අටදාහක් විතර. හැබැයි ඒ වත්ත අපූරුවට කළමනාකරණය කළා. මට දැන් මාස තුනකට විතර කලින් හැරී කිව්වා ඒ වත්තේ එළදෙනකුගෙන් දිනකට කිරි ලීටර් තිස්හත, හතළිහ අතර ගන්නව කියලා. ලංකාවේ කිරි එළදෙනකුගේ වැඩිම කිරි ප්‍රමාණය ගන්න තරමට හැරී ෆාම් එක දියුණු කළා. ඒක තමයි හැරීගෙ හැකියාව. එයාගෙ ආයතනයක පුංචි සිද්ධියක් වුණත් ඉක්මනින්ම එයාට ආරංචි වෙනවා. හොරකමක් වුණොත් කිසිම සමාවක් නෑ. ඒ වගේම හොඳට වැඩ කරන සේවකයන්ට හොඳට සලකනවා. ව්‍යාපාර ලෝකයේ දක්ෂ මොළයක් තමයි අපට අහිමි වුණේ...”යනුවෙන් හිටපු ඇමැති එස්.බී. දිසානායක මහතා සඳහන් කළේය.

ලෝකයේ නම රැඳවූ මහා සමාගම් ගැන කතා කරන විට එහි ආරම්භකයාගේ ගමන් මාර්ගය ඉතා දුෂ්කර බව පෙනී යයි. එහෙත් දුෂ්කර මුත් වෙහෙසකර ගමනකින් එම ආයතන ගොඩනැගූවන් සමරන්නේ ගෞරව බුහුමානයෙනි. ලංකාවේ පෞද්ගලික අංශය තුළ දේශමාන්‍ය හැරී ජයවර්ධනට වෙන්වී ඇත්තේද එවැනි ස්ථානයකි. පෞද්ගලික අංශය දියුණු කිරීමෙන් රටක ආර්ථිකය දියුණු කළ හැකි බවට හොඳම උදාහරණයක් වන්නේ දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතාය.

(*** ප්‍රේමකීර්ති රණතුංග)



අදහස් (0)

ව්‍යාපාරික ලෝකයට හැරීගේ ආදර්ශය

ඔබේ අදහස් එවන්න

 

විශේෂාංග

සිංහල සාහිත්‍යයේ විප්ලවවාදියා
2025 මාර්තු මස 19 0 0

මහාචාර්ය සිරි ගුනසිංහයන්ගේ චරිතාපදානය මවිසින් සම්පාදනය කරන ලද්දේ 2012 වසරේදීය. සිරිගුනසිංහ මහතා මට ප්‍රථම කොට මුණ ගැහුණේ 1965 වසරෙදී එතුමා මගේ “ඉරට උඩින්


වෘත්තිකයින් රට හැරයාමේ ඛේදවාචකය
2025 මාර්තු මස 18 3 0

මේ දිනවල රටපුරා පාස්පෝට් කන්තෝරුවල මහ පාන්දර ‘‘රැකෙම්වා මියෙම්වා” න්‍යායෙන් රටින් පැන ගන්නට පොර බදන තරුණ පිරිස දකින විට රටේ ජනතාවට ඇතිවන්නේ කම්පනයකි


ආරක්ෂාව නිදහස විවරණයක්
2025 මාර්තු මස 17 97 1

ඉතිහාසයේ ආරම්භයේ සිටම ශිෂ්ටාචාර වේගයෙන් වෙනස්වන තත්වය සහ ප්‍රමුඛතා හරහා සමාජයේ මූලික අවශ්‍යතා දෙකක් වන ආරක්ෂාව සහ නිදහස යන දෙක අතර නිවැරදි සමතුලිතතා


කමිටු නිර්දේශ කුණුකූඩෙට දමන්නේ ඇයි?
2025 මාර්තු මස 15 294 0

රජයේ ආයතන කිහිපයක සිදුවී ඇති මූල්‍ය අක්‍රමිකතා ගණනාවක් පිළිබඳව පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී (කෝප් කමිටුවේ දී) හෙළි


මහින්දගේ නිල නිවෙස අලුත්වැඩියාවේ ඇත්ත නැත්ත
2025 මාර්තු මස 14 3992 4

මහින්ද රාජපක්ෂ නිල නිවාස ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියෙන් මහජන මුදල් අයථා ලෙස පරිහරණය කර ඇති ආකාරය පිළිබඳ විශ්වාසදායක තොරතුරු “ඩේලි මිරර්” පුවත්පතට ලැබ


සතුරු දඩයමේ දේශපාලනය
2025 මාර්තු මස 14 886 3

මේ දිනවල රටේ මතුවෙමින් පවතින දේශපාලනය තේරුම් ගැනීමත් තරමක් අපහසුය. ආණ්ඩුවේ අවධානය යොමු වී තිබෙන්නේ පුදුම සහගත ගැටලුවලටය. අය – වැය පිළිබඳ පාර්ලිමේන්තු


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 412 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 929 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 334 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site