IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


විශ්වවිද්‍යාල පද්ධතිය කඩා වැටෙන්නට දෙනු එපා

මෙරට විශ්වවිද්‍යාල පද්ධතියම මේ වන විට අකර්මණ්‍ය තිබේ. ඒ, විශ්වවිද්‍යාලවල අනධ්‍යයන කාර්යමණ්ඩල සේවකයන් සහ විධායක ශ්‍රේණියේ නිලධාරීන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙනි. අනධ්‍යයන සේවකයන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම, ඔවුන්ට හිමි විය යුතු වැටුප් වර්ධකය ලබාගැනීම සහ විශ්වවිද්‍යාලවල සේවය කරන විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ නිදහස් වාහන බලපත්‍ර වරප්‍රසාද ලබාදීම  ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කරගනිමින් එම දෙපාර්ශ්වය මෙම අඛණ්ඩ වැඩ වර්ජනය අරඹා තිබේ.

මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගෙන යනු ලබන්නේ, විශ්වවිද්‍යාලයක තිබිය යුතු ප්‍රමිතියෙන් හා ප්‍රාමාණාත්මක ගුණයෙන්  ද යන  ප්‍රශ්නය බුද්ධිමත් සමාජයේ කතාබහට ලක්ව ඇති කාරණයකි. රටේ අනාගත දැනුම නිර්මාණය කරන විශ්වවිද්‍යාල ඇදුරන්ට තම වැටුප් විෂමතා ඉවත් කරගැනීමට, වැටුප් වැඩි කරගැනීමට අරගල කිරීමට සිදුව තිබෙන්නේ එහෙයිනි. සන්සුන් මනසින් දේශනාගාරයට ගොස් සිසු දරු දැරියන්ට ඉගැන්වීම් කටයුතු කිරීමට නොහැකි වන්නේත්, ලබාගත් උපාධියට රැකියාවක් ඉල්ලා වීදි සටන් කිරීමට සිදුව තිබෙන්නේත් එහෙයිනි.

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල ගැටලු මෙන්ම විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ ප්‍රශ්න එකවර උඩින් මතු වූ  කාරණා නොවේ. මේවා කාලයක් තිස්සේ කකාරමින් තිබූ ප්‍රශ්න වේ. එහෙත්, ‘ප්‍රශ්න විසඳන්නැයි’ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමින් සටන මහ පාරට රැගෙන එනතුරු එම ප්‍රශ්න දෙස විමසිල්ලෙන් බැලූ බවක් නොපෙනේ. එහි තාර්කික වන්දිය ගෙවීමට සිදු වී තිබෙන්නේ සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ, වැඩ වර්ජනය නිසා විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු සහ විභාග කටයුතු කරගෙන යෑමේ මහත් ගැටලු රැසක් මතු වී ඇති බවය. කෙසේ හෝ  විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මාර්ගගත ක්‍රමය ඔස්සේ දේශන පැවැත්වීමට උත්සුක වන නමුත්, සිසුන් භෞතිකව සම්බන්ධ වී දේශන පැවැත්වීම තරම් එය සාර්ථක නොවන බව විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවම පිළිගන්නා කාරණයක් බවය.

විශ්වවිද්‍යාලවලට ඇතුළු වන සිසුන්ගේ ඒකාන්ත අරමුණ නිර්බාධක පරිසරයක් මැද හොඳින් අධ්‍යයන කටයුතු නිම කර විභාග සමත්ව ඉක්මනින් සරසවියෙන් සමුගැනීමය. මන්ද යත්, ජීවන සටන ජය ගැනීමේ අරගලය ආරම්භ වන්නේ ඉන් පසුව වන හෙයිනි.

එහෙත් එක්කෝ, ශිෂ්‍යයන්ගේ අරගල, ආචාර්යවරුන්ගේ සටන්, අනධ්‍යයන කාර්යමණ්ඩල හා විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගේ සටන් නිසා උපාධිය සමත්ව සමාජයට එක්වීම බොහෝ පසුපසට ඇද දමයි. ඇතැම් සිසුවකුට රජයේ රැකියාවක් ලබා ගැනීමේ නියමිත වයස් සීමාව පසු වන තුරු උපාධිය ලබා ගැනීමට නොහැකි වූ අවස්ථා තිබේ. මෙම අපේක්ෂාභංගත්වය රට තුළ බරපතළ කැළඹිලි ඇති කිරීමට සමත් බව අපේ ඉතිහාසයේ ලෙයින් කඳුළෙන් ලියැවී ඇති පාඩමකි.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට උපාධිය සමත්ව ඉක්මනින් පිටව යාමට මෙම වැඩ වර්ජන බරපතළ බාධාවක් වන්නා සේම, උසස් පෙළ සමත්ව සරසවියට පැමිණීමේ අපේක්ෂාවෙන් පසු වන දූ පුතුන්ගේ අපේක්ෂා භංගත්වයට හේතුවන්නකි. නිසාම තුන්කල් දක්නා ඉසිවර නුවණින් ප්‍රශ්න හඳුනාගෙන ඒවා පුපුරා යාමට ඉඩ නොදී සුහදව සාකච්ඡා කර විසඳා ගැනීම සියලු පාර්ශ්වයන්ගේ වගකීමය.

කොවිඩ් මාරාන්තික වයිසරය පැතිරීම ආරම්භ වූ දා සිටම මෙරට පාසල් පද්ධතියත්, විශ්වවිද්‍යාල පද්ධතියත් බරපතළ වියවුළකට ගියේය. එම තත්වයෙන් සහමුලින්ම ගැලවීමට අද රටක් වශයෙන් තවමත් සමත් වී නැත. එහෙයින්, විශ්වවිද්‍යාල, විශ්වවිද්‍යාල මට්ටමින් පවත්වාගෙන යාම කෙරෙහි සෑම පාර්ශ්වයකම අත් නොහළ වගකීම බව අපි අවධාරණය කරමු.

(***)



අදහස් (5)

විශ්වවිද්‍යාල පද්ධතිය කඩා වැටෙන්නට දෙනු එපා

SAM Wednesday, 08 May 2024 06:01 PM

මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය පවත්වාගෙන යනු ලබන්නේ, විශ්ව විද්‍යාලයක තිබිය යුතු ප්‍රමිතියෙන් හා ප්‍රාමාණාත්මක ගුණයෙන් ද යන ප්‍රශ්නය බුද්ධිමත් සමාජයේ කතාබහට ලක්වුයේ අද ඊයේ නොවේ. ලෝකයේ දියුණු රටවල විශ්ව විද්‍යාල පද්ධතිය පවත්වාගෙන යනු ලබන්නේ කෙසේද කියා එම රටවල විශ්ව විද්‍යාල පද්ධතිය පවත්වාගෙන යනු ලබන පරිපාලන කණ්ඩායම් ගෙන්වා ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය පිළිබඳව පුළුල් අධ්‍යයනයක් කර සිදුවිය යුත්තේ මොනවාද? (කෙටිකාලීන සහ දිගුකාලීන) කෙසේද යන්නත්, වෙනත් රටවල විදේශ සිසුන් ගෙන්වා අධ්‍යාපනය ලබාදෙමින් විශාල වශයෙන් මුදල් ලබාගනිමින් සමස්ත විශ්ව විද්‍යාල පද්ධතියම පවත්වාගෙන යන්නේ කෙසේද යන්නත් ලංකාවේ කිසිවක් නොදන්නා වෙනස් නොවීමට හෝ වෙනසක් කිරීමට අපොහොසත්ව සිටිනා ලංකාවේ විශ්ව විද්‍යාල පාලන අධිකාරියට පැහැදිලි කර දෙනු ඇත. එසේ පුර්ණ වෙනසකට ලක් වුවහොත් විදේශ සිසුන්ට ලංකාවේ අධ්‍යාපනය ලබාදීමට පරිසරයක් නිර්මාණය වේ. විදේශ සිසුන් යනු ලංකාව අවට සිටිනා රටවල පමණක් නොවේ...

:       0       13

වැඩපරක්කුවෝ Thursday, 09 May 2024 06:56 AM

මේ දිනවල සිදුවෙන ක්‍රියාවන් නිසා ක්‍රමක්‍රමයෙන් රජයේ විශ්ව විද්‍යාල ජනතාව ප්‍රතික්ෂේප කරන තත්වයට පත්වෙනවා කියලා කියන්න පුළුවන් යන්තමින් හෝ අතේමිටේ මුදලක් තියෙන දෙමාපියන් තමන්ගෙ දරුවන්ට අවුරුදු ගණන් ඇදගෙන යන ආකාරයට කටයුතු නොකරන පුද්ගලික විශ්ව විද්‍යාලවලට දරුවො යවන්න උනන්දු වෙනවා දැනට රජයේ අම්බලම්වල ක්‍රියාවන් නිසා වෙන්නෙ අසරණ දෙමාපියන්ගේ දරුවන්ගේ අනාගතය සම්පූර්ණයෙන්ම විනාශ වීමක් පමණයි ඇත්තටම රජයේ විශ්ව විද්‍යාලවල දැනට ක්‍රියාත්මක අසමජ්ජාති කටයුතු වලින් දරුවන්ගේ වටිනා තරුණ කාලය කාබාසිනියා වෙනවා

:       3       11

Lalla Friday, 10 May 2024 10:49 AM

අනධ්‍යයන කාර්ය මණ්‌ඩල බහුතරයක් අධ්‍යයන කාර්ය මණ්ඩලය සහ සිසුන් තරහකාරයෝ කියලා සලකන අය. ඒ තත්ත්වය විශ්ව විද්‍යාල පරිපාලනය බිඳ වැටෙන එක හේතුවක්...

:       0       1

තරංගනී දියලපේFriday, 10 May 2024 05:15 PM

මේ අදහස් සියයට ලක්ෂයක් නිවැරදියි. එක්තරා ජාතක කතාවක කියනවා මිදි යුෂ පමණක් බීපු අශ්වයෝ නිහඬව සිටිද්දී මිදි රොඩු වලට වතුර දමා මිරිකා ගත් ජලය බීපු කොටලුවෝ රණ්ඩු කලා කියලා. අනධ්‍යන කාර්‍ය මණ්ඩලයේ අයත් මුලින් කියපු දෙවැනි වර්ගයේ සතුන්ට දෙවැනි නැහැ කියලා විපරම් කළොත් පෙනේවි..!

:       0       4

casmir Tuesday, 14 May 2024 02:09 PM

නැත්තටම නැතිවෙලා තියන රට තවත් වල පල්ලට යවන දේශපාලක අද බාලයෝ . මුන් අහිංසක දරුවන්ගෙන් පළිගන්නවා . රජයට වැටුප් වැඩි කරන්ඩ කොහෙත්ම බහ. මුන් බැරි දේ ඉල්ලලල රට නැති කරනවා. මුන්ට වර්ජන කලත් පඩි හම්බ වෙනවා . ඉතින් මුන් වර්ජන කලට මුන්ට ප්‍රශ්නයක් නැහැ. දේශපාලක කාලකන්නි විසින් මෙහෙයවන් අපතයෝ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31155 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13293 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site