IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


වරෙන්තු පිට සිටින මන්ත්‍රීට රටේ නීතිය අදාළ නැද්ද?

මේ රට ‘සෑම විකෘතියකම ආකෘතියක්’ බව මෙම තීරුවේ කිහිප වරක්ම සඳහන් කර ඇත්තෙමු. අවාසනාවකට මෙන් මෙවරද මෙම තීරුව වෙන් කිරීමට සිදුව තිබෙන්නේ එබඳු විකෘති වෙනුවෙනි.

අලි සබ්‍රි රහීම් යනු රටේ උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුව නියෝජනය කරන ගරු කටයුතු මහජන නියෝජිතයෙකි. එහෙත් මෙම සටහන තබන මොහොත වන විට අපට ඔහු හැඳින්වීමට සිදුව තිබෙන්නේ ‘වරෙන්තුකරුවකු’ ලෙසය. පුත්තලම දිසා විනිසුරුවරිය හා අතිරේක මහේස්ත්‍රාත් අශෝකා විමලරත්න මහත්මිය විසින් පසුගිය 8 වැනිදා කල්පිටිය සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයේදී අලි සබ්‍රි රහීම් මන්ත්‍රීවරයාට විවෘත වරෙන්තු නිකුත් කරනු ලැබ ඇත. කල්පිටියේ රාජ්‍ය නොවන සංවිධානයක් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කළ නඩුවක් විභාගයට ගත් අවස්ථා තුනකදීම මන්ත්‍රීවරයා අධිකරණය මග හැර සිටීම සහ තවත් අවස්ථා හතරකදී මන්ත්‍රීවරයා අධිකරණය මගහැර සිටීම මෙන්ම නීතිඥවරයකු හෝ මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී නොසිටීම යන කාරණා පදනම් කරගනිමින් මන්ත්‍රීවරයා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පුත්තලම අතිරේක දිසා විනිසුරුවරිය හා මහේස්ත්‍රාත්වරිය කල්පිටිය පොලිසියට නියෝග නිකුත් කර තිබිණි.

එසේ වරෙන්තු පිට සිටින මන්ත්‍රීවරයා පෙරේදා (16) කල්පිටිය අල් අක්ෂා ජාතික පාසලේ පැවැති උත්සවයකට සම්භාවනීය විශේෂ අමුත්තකු ලෙස සහභාගී වූ බව අප පුවත්පත වාර්තා කර තිබුණේ මුල් පිටුවේ සේයාරුවක් ද සමගිනි. එම සේයාරුවේ පොලිස් නිලධාරින්ද රැඳී සිටින බව පැහැදිලිව දක්නට ලැබේ.

වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගැනීමට විශේෂ අවසරයක් අවශ්‍ය නැත. එමෙන්ම වරෙන්තුකරුවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද මංපහරන්නකුද චෞර කප්පිත්තකුද යන්න අදාළ නොවේ. කෙසේ වෙතත් ‘ප්‍රභූවරුන්’ ඉදිරිපිට අප පොලිසිය අසරණවන තරමේ තත්වයක් අපි අත්දුටුවෙමු. එසේ අසරණ වී නීතිය ‘නවන’ ආකාරයත් මෙම සිද්ධියෙන් මැනවින් ඔප්පු වේ.

අලි සබ්‍රි රහීම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ විට ඔහුට විශේෂ වරප්‍රසාද තිබේ. එහෙත් නීතිය කැඩීමට, නීතියට අවනත නොවී සිටීමට නීතිය මගහැර සිටීමට හා නීතියට අභියෝග කිරීමට එම වරප්‍රසාද යොදාගත නොහැකිය. ‘නීතිය ඉදිරිපිට සියල්ලන්ම සමාන’ බව ශිෂ්ට සම්පන්න ජන සමාජ ඉතා ඉහළින් පිළිගන්නා සිද්ධාන්තයකි. අලි සබ්‍රි රහීම් නැමැති වරෙන්තුකරුවා මේ වසුරු හෙළන්නේ එබඳු ගරු කටයුතු සිද්ධාන්ත මතය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වෙතින් එබඳු දුර්ගුණ ප්‍රදර්ශනය වන විට ඒවා සමාජයට ඉතා අහිතකර ලෙස බලපායි. ඒ සම්බන්ධ ප්‍රවෘත්තියක් අප පුවත්පත ඊයේ වාර්තා කළේය. එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ  වෛද්‍ය නිර්දේශයකින් තොරව පෞද්ගලික ඔසු සලකින් රැගෙන ආ බව කියන ප්‍රතිජීවක ඖෂධයක් සහිත එන්නතක් රෝගාතුරව සිටින බිරිඳට එන්නත් කිරීම ප්‍රතික්ෂේප කළේ යැයි කියමින් වැල්ලව, හිරිපිටිය ප්‍රාදේශීය රෝහලේ ඉකුත් 14 වැනිදා රාත්‍රී රාජකාරියේ නිරතව සිටි වෛද්‍යවරයකුට තර්ජනය කර රාජකාරියට බාධා කළේ යැයි පෞද්ගලික ඖෂධ අලෙවිසලේ අයිතිකරු ඇතුළු හතර දෙනෙකු වැල්ලව පොලිසිය අත්අඩංගුවට ගත් බවය. සිද්ධියට මුහුණ පෑ වෛද්‍යවරයා වෙනත් රෝහලකට මාරුවීමක් ඉල්ලා ඇති බවත් එයට අනුමැතිය හිමි වී ඇති බවත් අප ප්‍රවෘත්තියේ සඳහන්ය.

මහජනතාවද මෙසේ නීතිය අතට ගෙන කටයුතු කරන්නේ නීතිය පිළිබඳ විශ්වාසය බිඳී ඇති නිසා විය යුතුය. පොලිස් නිලධාරීන් ඉදිරිපිටම මහ දවාලේ මහ පාරේ යකා නැටූ කැබිනට් අමාත්‍ය ජීවන් තොණ්ඩමාන්ට තවමත් නීතිය ක්‍රියාත්මක නොවීම නීතිය පිළිබඳ විශ්වාසය බිඳී යාමට එක් හේතුවකි.

(***)



අදහස් (1)

වරෙන්තු පිට සිටින මන්ත්‍රීට රටේ නීතිය අදාළ නැද්ද?

chandima Thursday, 18 July 2024 08:38 PM

නෑ නේ. දැන් උසාවියෙන් නෙමෙයි නේ නීතිය පසිදලන්නේ.. පාර්ලිමේන්තුවෙන් කියනවානේ... ඉතින් ඔන්න පාර්ලිමේන්තුවෙන් වරෙන්තුවක් දුන්නා නම් එළි ඇවිදින්න බැ.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 168 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 239 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1108 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site