IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


විපක්‍ෂය දුර්වල වීමේ ආදීනව

(ආචාර්ය ඔෂාන්ත තල්පාවිල)

අපේ රටට නිදහස ලැබුණ දා සිටම පූර්ණ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයක් වශයෙන් පැවති එක්සත් ජාතික පක්ෂයේ යම් බිඳවැටීමක් හෝ මතභේදාත්මක තත්වයක් ඇතිවීම ප‍්‍රජාතත්ත‍්‍රවාදී ක‍්‍රියාවලියට බාධාවක් වන බව කැලණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්යය ඔෂාන්ත තල්පාවිල මහතා පවසයි.

ශී‍්‍ර ලංකාවේ පැරණිතම දේශපාලන පක්‍ෂයක් වන එක්සත් ජාතික පක්ෂයේ අර්බුද රැසකි. එක්සත් ජාතික පක්ෂය බෙදීයාමෙන් ඇතිවන ඵලවිපාක පිළිබඳව ආචාර්යය ඔෂන්ත තල්පාවිල මහතා මෙසේ අදහස් දැක්වීය.

එක්සත් ජාතික පක්ෂය මේ රටේ ප‍්‍රධාන දේශපාලන බලවේගවලින් එකක් ලෙස සළකන්න පුළුවන්. මේ රටේ නිදහස් මැතිවරණ ක‍්‍රමය ආරම්භ වූ නිදහස ලැබූ දා සිටම ආරම්භ වූ ප‍්‍රථම පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂයයි. එපමණක් නොව ඉන්පසුව ලංකාවේ රාජ්‍ය බලය ලබාගැනීම සඳහා අවස්ථා වැඩි ගණනකදී ක‍්‍රියා කළේද එක්සත් ජාතික පක්ෂයයි.

වඩාත් වැදගත් වන්නේ අප වැනි ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටකට දේශපාලන පක්ෂ හා සැසදීමේ දී එම පක්ෂය පූර්ණ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයක් ලෙස සැළකීමට සිදුවීමයි. බොහෝ විට ප‍්‍රජාතන්ත‍්‍රවාදී රජයන් පාලනය කරනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂය විසිනි. ඒ වගේම එය දීර්ඝ කාලයක් රටේ පාලන බලය ලබාගැනීමට හැකි වූ පක්ෂයකි. මේ වර්තමානය වන විට මෙම පක්ෂය තුළ විවිධ ගැටුම්, මතභේදාත්මක තත්ත්වයක් ඇතිවී තිබෙන බව පැහැදිලි කරුණකි. මේ තත්ත්වය අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයක් ලෙසට එක්සත් ජාතික පක්ෂය තුළ බිඳ වැටීමක් ඇති වුවහොත් එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට යම් බාධාවක් විය හැකියි.

එසේ කියනු ලබන්නේ, දීර්ඝ කාලයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිපත්ති අනුගමනය කළ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි පක්ෂයක බිඳ වැටීම හෝ බිඳ වැටීමක ස්වරූපයක් තිබෙනවා නම් එය අපේ සමස්ත ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාවලිය අවාසනාවන්ත තත්ත්වයකට ඇද දැමීමක් ලෙස හැඳින්විය හැකියි.

මේ රටේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ වශයෙන් බලවේග දෙකක් ක‍්‍රියාත්මක වුණා. එක්සත් ජාතික පක්ෂය හා ඊට විකල්පව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වශයෙනි. මේ දෙකට කාලයෙන් කාලයට ආණ්ඩු පිහිටුවීමේ අවස්ථාව ලැබුණා. එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රධාන පක්ෂ දෙකෙන් එකක් ලෙස දුර්වල වුවහොත් යම්කිසි ලෙසකින් ජනතාවට මැතිවරණයකදී හොඳ ශක්තිමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයක පැවැත්ම සම්බන්ධයෙන් ගැටලූවක් ඇතිවනු ඇත. යම් ආකාරයකට අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදු වෙයි. හේතුව එක්සත් ජාතික පක්ෂය දුර්වල වුවහොත් ජනතාවට විකල්ප දේශපාලන පක්ෂයක් සොයා ගැනීමට සිදුවීමයි. ගැටලූව වන්නේ වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිපත්ති අනුගමනය කළ අත්දැකීම් බහුල දේශපාලන පක්ෂයක් මේ රටේ තිබේද යන්නයි.

බොහෝ දේශපාලන පක්ෂ කුඩා කුඩා ඒවායි. ප‍්‍රධාන පක්ෂවලට ආණ්ඩු පිහිටුවීමට අවස්ථාව ලැබුණේ ඒ කුඩා පක්ෂවල සහයෝගය ලබාගැනීමෙනි. සන්ධාන ගොඩනගා ගැනීමෙනි. එක්සත් ජාතික පක්ෂය තුළ මතභේදාත්මක තත්ත්වයක් ඇති වුවහොත් එක්තරා විදියකට ජනතාවට ඡන්දයක දී ඡන්දය පාවිච්චි කිරීම පිළිබඳව ගැටලූකාරී තත්ත්වයක් ඇතිවිය හැකි වනු ඇත.

ජනතා මතය විටින් විට වෙනස්වීම සිදු වෙයි. උදාහරණයක් ලෙස රටේ ජනතාවට වර්තමාන රජයට ඇති කැමැත්ත තව ඉදිරියට වසර 5 කට 10 කටත් ඇති වේ යැයි කියා අපට කිව නොහැකියි. පාලනයේ සිටින රජය ජනතාව තුළ පිරිහීමකට ලක්වුවහොත් විකල්ප පක්ෂයක් කෙරෙහි අවධානය යොමු කිරීමට ජනතාවට සිදු වනු ඇත. එවැනි තත්ත්වයක් තුළ ඡන්දයක දී විකල්ප පක්ෂයක් වූයේ එක්සත් ජාතික පක්ෂයයි. තට්ටු මාරු දේශපාලන ක‍්‍රමයක් වශයෙන් සමහරු හඳුන්වනු ලැබුවේ ඒ තත්ත්වය නිසයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වරක් බලයට පත් වුවහොත්, ඊළඟ වාරයේ දී බලයට පත් වන්නේ එක්සත් ජාතික පක්ෂයයි. පක්ෂ භේදබින්න වුවහොත් ඒ තත්ත්වයට බාධාවක් ඇතිවීමද සිදුවෙයි.

තවත් කරුණක් වන්නේ පක්ෂයේ සාමාජිකයන් මුහුණ දෙන තත්ත්වය ද වඩාත් බරපතල වීමයි. එක්සත් ජාතික පක්ෂය මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්ද ලක්ෂ 50 කට වැඩි ප‍්‍රමාණයක් ලබා තිබුණා. එවැනි තත්ත්වයක් තුළ පක්ෂය ගැන බලාපොරොත්තු තබා ගත් මධ්‍යස්ථ ජනතාව විශාල බිඳවැටීමකට, අපහසු තත්ත්වයකට පත්වීම සිදුවනු ඇත. ග‍්‍රාමීය මට්ටමේ ඡන්ද දායකයන් තමන්ගේ ශ‍්‍රමය, වියහියදම්, කාලය, කැපවීම පක්ෂය වෙත යෙදවූ අවස්ථා ඇත.

රටේ කැරලිකාර අවස්ථාවල දී එක්සත් ජාතික පාක්ෂිකයන් විශාල වශයෙන් පීඩාවට පත් වුණා. එවැනි කැපවීම් කළ ජනතාවට පක්ෂයේ බිඳවැටීම විශාල අසාධාරණයක් වෙනවා. අතරමංවීමත් ඒ අයගේ පැවැත්මට ගැටලූකාරී තත්ත්වයක් ඇති වෙනවා.

මේ රටේ දේශපාලන පක්ෂවල විවිධ කාලයෙන් කාලයට අර්බුදකාරී තත්ත්වයන් ඇතිවෙනවා. එක්සත් ජාතික පක්ෂයත් මීට කලින් විවිධ අර්බුද, බෙදීම්, මතභේද ඇතිවූ පක්ෂයක්.  ඕනෑම දේශපාලන පක්ෂයක් එහෙමයි. වාමාංශික පක්ෂවලත් එහෙමයි. ඇතැම් පක්ෂ කොටස් ගණනාවකට බෙදිලා වෙන්වෙලා ගියා. එක්සත් ජාතික පක්ෂයේ මේ අර්බුදය කාලීන ප‍්‍රශ්නයක් වෙන්නත් පුළුවනි. ගැටුම් තුළින් හොඳ තත්ත්වයක් නිර්මාණය වීමටද හැකියාව ඇත.

ගැටුම් අර්බුද නිසා නිර්මාණය වන තත්ත්වය මත අනාගතයේ දී එක්සත් ජාතික පක්ෂය වඩාත් ඵලදායි පක්ෂයක් වීමට ද ඉඩ ඇත. එහිදීත් අර්බුදකාරි තත්ත්වයක් දැනට තිබුණත් ගැටුම් තුළින් අලූත් තත්ත්වයක් නිර්මාණය වන බවට දේශපාලන වශයෙන් පිළිගන්නා කරුණකට අනුව එක්සත් ජාතික පක්ෂය අලූත් ප‍්‍රවනතාවක් ඇතිව නව ජීවනයකින් යළි පිබිදී පක්ෂයේ සාමාජිකයන්ට සුබ තත්ත්වයක් නිර්මාණය වීමටද ඉඩ ඇත.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි පක්ෂයක් ලෙසට එක්සත් ජාතික පක්ෂය යම් බිඳ වැටීමකට ලක් වෙනවා නම් එය පොදුවේ රටට බලපාන කරුණක් වෙනවා. හේතුව මේ රට ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක්. පක්ෂයක ප‍්‍රජාතන්ත‍්‍රවාදී බව බිඳ වැටීම ඒකාධිපති හෝ වෙනත් අරමුණු සහිත දේශපාලන පක්ෂ නිර්මාණය වීමටත් ඉදිරියට ඒමටත් ඉඩ සැලසේ.

දැනට එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ විපක්ෂයයි. විරුද්ධ පක්ෂය දුර්වල වන විට ආණ්ඩු පක්ෂය ප‍්‍රබලවීම සිදු වේ. ආණ්ඩු පක්ෂය වුවමනාවට වඩා ප‍්‍රබලවීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී පිළිවෙත වන්නේ නැත. හේතුව වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු ක‍්‍රමයට විපක්ෂයේ පිළිගැනීමත් පැවැත්මත් වැදගත්වීමයි. ආණ්ඩු පක්ෂයේ දුර්වලතා, ප‍්‍රතිපත්තිවල අඩුපාඩු, විවේචනය කිරීම පෙන්වා දීම රජය යහමගට ගැනීමට විවේචන ඉදිරිපත් කිරීම විපක්ෂයේ ප‍්‍රධාන වගකීම වෙයි. ඒ කාර්ය හරියාකාරව ඉටුකර ගැනීමට නොහැකි වුවහොත් ප‍්‍රධාන විපක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂය දුර්වලවීම එයට හේතු වෙයි.

පක්ෂයක අනන්‍යතාවය ඇති වන්නේ ලාංඡනයත් සමඟය. ඒ දේශපාලනමය සංකේතය පක්ෂයකට ප‍්‍රබල කරුණකි.

සමහර අය පක්ෂය හඳුනන්නේ නැතත් අලියා ලකුණින් පක්ෂය හා බැඳීම ඇත. ඡන්දය ඉල්ලන අපේක්ෂකයාගේ නමවත් ඇතැම් වතුකරයේ ජනතාව දන්නේ නැත. එහෙත් ‘අලියට ඡන්දය දෙන්න’ යන හැඟීම ඔවුන් තුළ පවතී. වෙනත් සංකේතවලට යාමෙන් සිදු වන්නේ පක්ෂයට අවාසි සහගත තත්ත්වයක් ඇති වීමය.

බොහෝ විට වතුකරයේ ඇතැම් ජන කොටස් පක්ෂය සළකුණින් පමණක් හඳුනාගැනීම සිදු කරයි. රාජාලියා ලකුණට වරක් ඡන්ද දී තිබූ අවස්ථාවක් තිබිණි. වෙනත් විශේෂ හේතුවක් රාජාලියා ලාංඡනයට ඡන්ද ලැබීමට නොතිබිණි. ඡන්ද ලකුණ හරිහැටි සන්නිවේදනය නොවීමක් හෝ වටහා නොගැනීමක් ඒ ලාංඡනයට ඡන්ද වැටීමට හේතු වන්නට ඇතැයි මතයක් පැවතුණි. පක්ෂයේ අනන්‍යතාවයට, පැවැත්මට ලාංඡනය ඉතා වැදගත් අංගයකි. ඒ නිසා වෙනත් ලාංඡනවලට යාමක් පක්ෂයකට හානිකර විය හැකිය.

එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසය දෙස බැලීමේදී ගැටුම් විසඳා ගෙන ඇත. ගැටුම්වලින් ඉවත් වූ කොටස් ද ඇත. ගැටුම්වල ප‍්‍රතිඵලය යහපත් වීමටද ඉඩ ඇත. ගැටුමක් නිසා සැබෑ සත්‍ය මතුවීමද ඉඩ ඇත. බලාපොරොත්තු නොවූ හොඳ තත්ත්වයන් නිර්මාණයවීමට ද ඉඩ ඇත.



අදහස් (0)

විපක්‍ෂය දුර්වල වීමේ ආදීනව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 187 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 253 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1141 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site