වැද්දන් ශ්‍රී ලංකාවේ ආදිවාසීන්ය. ඔවුන් ලෝකයේ දැනට ජීවත්වන ආදිවාසීන් අතුරින් පැරැණිතම ජන කොටසකි. වැද්දන් දැකීමට කවුරුත් ප‍්‍රිය කරති. සමහරු ඔවුන් ගැන අධ්‍යයනය කරති. එවන් අධ්‍යයනයන් කරන අය බොහෝ විට පාදක කරගන්නේ ලංකා වැදි පරපුර ගැන ලියූ කෘතීන්ය. 1911 සෙලිග්මාන් ලියූ ”වැද්දෝ” විශිෂ්ඨ කෘතියකි. සෙලිග්මාන් පැවසූ පරිදි ඒ වනවිට වැද්දෝ ”මහ වැදිරටින්” පවා ක‍්‍රමයෙන් අතුරුදන් වෙමින් සිටියහ. ඔහු වැද්දන් සිටි පෙදෙස් වශයෙන් සලකන්නේ ඌව, අම්පාර, තමන්කඩුව වැනි පෙදෙස් පමණි. 1944 දී අර්.එල්. ස්පිටල් ලියූ ඪ්බසියැා ඔර්සකි (මැකීගිය දඩමං) කෘතියෙහි දැක්වෙන අයුරු අතලොස්සක් හැර නුමුහුන් වැද්දෝ සහමුලින්ම වඳවී සිටියහ. 1964 දී නන්දදේව විජේසේකර ලියූ ”ඪැාා් සබ ඔර්බිසඑසදබ, කෘතියේ සඳහන් වන්නේ වැද්දන් සංක‍්‍රාන්ති අවධියක පසුවන බවය. වැදි ජනයාගේ ආදිකාලීන කෑම් බීම්, ඇඳුම් පැළදුම් නිවාස ආදී අංග රැුසක් වෙනස් වී ඇත. කෙසේ නමුත් වැදි ගෝත‍්‍රික සම්ප‍්‍රදායට අනුව ජීවත්වන ඉතා සුළු පිරිසක් හෝ සිටිති. මහිංයගන දඹානේදී ඔවුන් දැකිය හැකිය. වැද්දන් දැකීමට කැමති අය දඹානට එන්නේද ඒ නිසාය. එහෙත් රංචු පිටින් පැමිණ සතුන් බලනවා සේ වැද්දන් දෙස බැලීම වැදි නායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තන්ට රුස්සන්නේ නැත. පාරම්පරික වනබිම්, අහිමිවීම හා පාරම්පරික ජීවන රටාවට නීතිය එරෙහිවීම හා වැදි ගම්බිම් ආශ‍්‍රිතව ගෝත‍්‍රික නොවන පදිංචිවීම නිසා එම සංස්කෘතීන්ට රැුහේ අය ගොදුරුවීම තම වරිගේ රැක ගැනීමට ඇති වූ මහා බාධකයක් බව වැදිනායකයා සෝබරව පවසන්නේය. ”බඩගින්න... වැදි ජනයාටත් දැනෙන්නේය. එනිසා වැද්දන්ගේ ජීවත්වීම පිණිස රැහේ නීති පවා ලිහිල් කිරීමට සිදුව ඇතැයි වැදි නායකයා පවසන්නේය. කෙසේ නමුත් දඹානට පැමිණෙන ඔබ මනා සංයමයකින් හැසිරී රැහේ හොඳ සිරිත් වටහාගෙන, හිතට ගන්නා ලෙසත් ඔබේ නොමනා සිරිත් හෝ හැසිරීම් රටා වැදි ජනයා අතරට ගෙනයාමෙන් වළකින ලෙසත් ඔහු ඉල්ලා සිටින්නේය. ශ්‍රී ලංකාවේ ආදිවාසීන්ගේ පරිනාමය හා සංස්කෘතිය පිළිබඳව මැනවින් කරුණු කියාදෙන ”ආදි වාසී ජනඋරුම කේන්ද්‍රය, විදේශීය සංචාරකයන්ගේ අවධානයට යොමු වුවත් දේශීය සංචාරකයන් ඒ පිළිබඳව දක්වන උනන්දුව අල්පය. එහෙත් දඹානට පැමිණි ඔබ අනිවාර්යයෙන්ම මේ කෞතුකාගාරය නැරඹිය යුතුය. ගල්ගුහාවල ජීවත් වූ වැද්දන්ගේ ඉතා දුලබ ඡායාරූප එදා මෙදා තුර ඇතිවූ සංසිද්ධින්වල ඡායාරූප මෙහිදී දැකිය හැකිය. උඩුකය නිරුවත්ව වැදි ස්ත‍්‍රීන් සිටි යුගයේ සිට භාවිත කළ ආයුධ, උපකරණ හා දඩයම් ක‍්‍රම මෙන්ම වනබිමෙන් ලබාගත් ස්වභාවික දඬුවැල්, ගෙඩිවලින් නිර්මාණය කරගත් උපකරණ හා ආම්පන්නද මෙහිදී දැකිය හැකිය. වනය තුළම මියැදුන සද්දන්ත අලි ඇතුන්ගේ ඇතුළු වන සතුන්ගේ, ඇටසැකිළි, හිස් කබළ, නියපොතු හම් හා දත් ද මෙහි ප‍්‍රදර්ශනයට තබා තිබේ. වැදි පරිමානයේ සියලූ තොරතුරු හා සංස්කෘතිකමය ඇදහිලි, විශ්වාස පිළිබඳව සවිස්තර සටහන් ප‍්‍රදර්ශනය කර තිබේ. ඒවා කියවන අතර චිත‍්‍ර හෝ ඡායාරූප මගින් නැරඹීමට ද අවකාශ සලසා ඇත. ආදිවාසී ජන කෞතුකාගාරය පිහිටුවීමේ අදහස ඉදිරිපත් කරන ලද්දේ නායක ඌරුවරිගේ වන්නියලැ ඇත්තන්ය. මේ සඳහා තැබූ මුල්ගල් 3ක් අදත් මේ බිමේ ප‍්‍රදර්ශනය වෙමින් තිබේ. මුල්ම මුල්ගල තබා ඇත්තේ, එවකට එජාප මන්ත‍්‍රීවරයකු වූ ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතාගේ ආරාධනයෙන් එජාප මහලේකම් තිස්ස අත්තනායක මහතා විසින් එම සිහිවටන ඵලකයේ දින වකවානු මැකී ගොස් තිබේ. ඉන්පසු දෙවැනි මුල්ගල තබා ඇත්තේ 2009.11.27 වන දින එවකට හිටපු සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය පියසිරි විජේනායක මහතාගේ ආරාධනයෙන් අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා විසිනි. තුන්වන මුල්ගල 2005 ජූනි 26 වනදා තැබූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින්ම එය විවෘත කිරීමේ අවස්ථාවද උදාකර ගෙන තිබේ. ආදිවාසී නායකයාගේ 4 වැනි පුත‍්‍රයා වන ඌරුවරිගේ මුතුබණ්ඩා මෙහි පාලකයාය. ඌරුවරිගේ විමලරත්න, ඌරුවරිගේ සුමනා මල්කාන්ති, ඌරුවරිගේ ප‍්‍රදීප්, ඌරුවරිගේ රුවන්, ඌරුවරිගේ දිල්හානි, ඌරුවරිගේ මුතුමැණිකා සහ ඌරුවරිගේ ශ්‍රීමාවතී යන වැදි තරුණ තරුණියෝ මෙහි රැුකියාව කරති. ප‍්‍රවේශපත් අලෙවිය මෙන්ම විස්තර කරදීම ද කරන්නේ ඔවුන්ය. සිංහල භාෂාව, මැනවින් උච්චාරණය කරන ඔවුන් වැදි භාෂාවේ දී යෙදෙන වචන පවා පැහැදිලි කර  දෙන්නේය. පාසල් සිසුන්ට රු. 10 බැගින්ද වැඩිහිටි අයට රු. 20 බැගින්ද ප‍්‍රවේශපත් සඳහා ගෙවිය යුතුයි. ඒ මුදලින් ඔබ ලබන සුවිසල් දැනුමට අමතරව තවත් පුණ්‍යවන්ත කටයුතු රැසකට නොදැනීම ඔබ දායක වන්නේය. ආදිවාසී ආබාධිතයන්ට මසකට රුපියල් දහස (1000) බැගින්ද, වයෝවෘද්ධ අයට රුපියල් 1000 බැගින්ද ගැබිනි මව්වරුන්ට පෝෂණ ආධාර වශයෙන් රුපියල් 1000 බැගින්ද අවමංගල්‍ය ආධාර ලෙස රුපියල් 5000 බැගින්ද ලබා දෙන්නේ ඔබ කෞතුකාගාරයට පිවිසීම සඳහා මිලදී ගන්නා වූ ප‍්‍රවේශපත‍්‍රවල ආදායමෙනි. දඹානට යන ගමනේදී වඩාත් අර්ථවත්ව එහි ගත කිරීමටත්, ආදිවාසී නායකයා සමග නැණවත් සංවාදවල යෙදීමටත්, හිටපු වැදිනායක ඌරුවරිගේ තිසාහාමි ඇත්තන්ගේ සොහොන නැරඹීමටත් ඔබට පුළුවන. ආදිවාසීන් වනබිමෙන් එකතු කරන පිරිසුදු මී පැණි, පළතුරු හා වනයෙන් අහුලා ගන්නා දැව, මුල් හා ඇට වර්ගවලින් නිමැවූ අත්කම් භාණ්ඩ, ආදිවාසී ජනඋරුම කේන්ද්‍රයේදී මිලදී ගැනීමට පුළුවන. ආදිවාසීන් හා ආදිවාසී නායකයා සමග එකට හිඳ මතක සටහන් සේ ඡායාරූප ලබාගැනීමට ද අවසර තිබේ. එහෙත් කෞතුකාගාරය තුළ ඡායාරූප ගැනීම සපුරා තහනම්ය. දඹානට එන හැම දෙනාගෙන්ම නායක ඌරුවරිගේ වන්නියලැඇත්තෝ කරන්නේ එකම ඉල්ලීමකි. ”රැහේ හොඳ දේ රැගෙන යන්න. ඔබ ගෙන එන නරක දේ රැුහේ අයට දායාද නොකරන්න.” යනු කාරුණික ඉල්ලීමයි.
බදුල්ලේ පාලිත ආරියවංශ
වැදි රැහේ ජීවිතය-1 වැදි රැහේ ජීවිතය-2 වැදි රැහේ ජීවිතය-3 වැදි රැහේ ජීවිතය-4 වැදි රැහේ ජීවිතය-5 වැදි රැහේ ජීවිතය-6 වැදි රැහේ ජීවිතය-7 වැදි රැහේ ජීවිතය-8 වැදි රැහේ ජීවිතය-9 වැදි රැහේ ජීවිතය-10 වැදි රැහේ ජීවිතය-11 වැදි රැහේ ජීවිතය-12 වැදි රැහේ ජීවිතය-13   ගල් යුගය සිහි ගන්වන ඡායාරූප ආදිවාසීන්ගේ තොරතුරු කියන ඉපැරණි ඡායාරූප කෞතුකාගාරය පාලක ඌරිවරිගේ මුතුබංඩා  මියගිය වන සතුන්ගේ හිස්කබල් හා ඇටසැකිලි ආදිවාසී ජන කෞතුකාගාරය කෞතුකාගාරය නරඹන පිරිසක්