ආණ්ඩුව දැන් කරන කියන දේ අනුව පෙනෙන්නේ මාධ්‍යයට එතරම් යහපත් තත්ත්වයක් නැති බවයි. වරෙක ආණ්ඩුව කීවේ මාධ්‍යයට ආචාර ධර්ම මාලාවක් ගෙනෙන බවකි. දැන් දැන් කතා කරන්නට පටන්ගෙන තිබෙන්නේ සාපරාධී අපහාස නීතියද යළි හඳුන්වා දෙන්නටය. එනම් මාධ්‍යය භාවිතයට දඬුවම් දෙන්නට ක‍්‍රම සකස් කර ගන්න බවකි.
සාපරාධී අපහාස නීතිය යනු මාධ්‍යයට එරෙහිව ක‍්‍රියාත්මක වූ අතිශය භයානක නීතියකි. එමගින් රජයේ නිලධාරියකු සම්බන්ධයෙන් පළකරන පුවතක් අපරාධයක් ලෙස සලකන්නට ඉඩකඩ සලසා තිබිණි. යටත් විජිත යුගයෙන් උරුම වූ එම නීති අපගේ නීති පොතේ බොහෝ කාලයක් තිබිණි. ඒවා යොදාගන්නා ලද්දේ රජය කෙරෙහි විවේචනාත්මක වන මාධ්‍යය ආයතන දඩයම් කිරීම සඳහාය. රාජ්‍යයේ නැතහොත් එහි නිලධාරීන්ගේ වැරදි හෙළිදරව් කළ මාධ්‍යය මර්දනය කිරීම සඳහාය. එම ආයතනවලට හිරිහැර කිරීම සඳහාය.
මාධ්‍යයට හිරිහැර කිරීමේ තවත් ක‍්‍රමයක් බවට පත්ව තිබුණේ පාර්ලිමේන්තු වරප‍්‍රසාද යටතේ වූ ඇතැම් විධි විධානයි. එමගින් මාධ්‍යය ආයතනවලට එරෙහිව නඩු විභාග කොට දඬුවම් නියම කිරීමේ බලය පාර්ලිමේන්තු කාරක සභාවට ලබාදී තිබිණි. එයද බොහෝවිට යොදා ගන්නා ලද්දේ විවේචනාත්මක අදහස් ඉදිරිපත් කරන හා ආණ්ඩුවේ වංචා, දුෂණ හා අක‍්‍රමිකතා හෙළි කරන මාධ්‍යයට හිරිහැර කිරීම සඳහාය.
මෙම නීති රීති යොදාගෙන ජනමාධය මර්දනය කිරීම කලක් තිස්සේ සිදුවූ විට එයට එරෙහිව මාධ්‍ය හා මාධ්‍ය සංවිධාන නැගී සිටියේය. එහි ප‍්‍රතිඵලයක් ලෙස සාපරාධී අපහාස නීතිය මෙන්ම ජනමාධ්‍යයට එරෙහිව නඩු විභාග කිරීමට පාර්ලිමේන්තුවට තිබූ බලයද අහෝසි කරගන්නට හැකි විය.
දැන් සාපරාධී අපහාස නීතියක් නැත. මාධ්‍යයෙන් යම් වරදක් සිදුවී රජයේ නිලධාරියෙකුට අපහාසයක් සිදුවුයේ යැයි හැඟුණහොත් ඒ සඳහා සිවිල් අපහාස නීතිය මගින් ක‍්‍රියා කළ හැකිය. එම නීතිමය හැකියාව ඉවත් කොට නැත. ඉවත් කොට තිබෙන්නේ මාධ්‍යය භාවිතය අපරාධයක් ලෙස සැලකීමය. එමගින් මාධ්‍ය මර්දනයට තිබූ ඉඩකඩ අසුරා ඇත.
පාර්ලිමේන්තු වරප‍්‍රසාද නඩු දැන් එහි මන්ත‍්‍රීවරුන්ටම විමසිය නොහැකිය. ඒ කියන්නේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ තත්ත්වය දැන් නැත. දැන් එම ප‍්‍රශ්න යොමු කළ යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයටය. එහි කිසිදු වරදක් ඇතැයි කිව නොහැකිය. තමන්ගේ නඩුව තමන් අසා දඬුවම් කිරීම සදාචාරය අගයන කිසිදු සමාජයක් අනුමත කරන්නේ නැත.
මාධ්‍යයට එරෙහි මෙම නීති කාලෙකට පෙර ඉවත් කරන ලද්දේ ඒවා අසාධාරණ බව මෙන්ම අයුතු ලෙස යොදා ගන්නා බවද තහවුරු වී තිබු නිසාය. එනම් නිදහස් මාධ්‍යය මර්දනයට එම නීති යොදාගත් නිසාය. එමගින් යම් ප‍්‍රමාණයකට මාධ්‍ය නිදහස තහවුරු වීය.
සැබැවින්ම මාධ්‍ය නිදහස තහවුරුවීමට මෙම නීති ඉවත් කිරීම පවා ප‍්‍රමාණවත් නැත. තවත් බොහෝ දේ කළ යුතුව පවතී. රාජ්‍ය රහස් පිළිබඳ ඉපැරැුණි නීති ඉවත් කළ යුතුව ඇත. තොරතුරු දැනගැනීමට අයිතිය තහවුරු කළ යුතුව ඇත. එමෙන්ම මාධ්‍යවේදියකුට තම ප‍්‍රවෘත්ති මුලාශ‍්‍ර කිසිවිටෙක හෙළිදරව් නොකිරීමේ අයිතියද නීතියෙන් තහවුරු කිරීම වැදගත්ය.
එසේ මාධ්‍ය නිදහස තහවුරු කිරීමට බොහෝ දේ කළ යුතුව තිබියදී ආණ්ඩුව දැන් උත්සාහ දරන්නේ මාධ්‍ය මර්දනයට තිබූ භයානක නීති නැවත ගෙන එන්නටය. ඔවුන් මේ කියන කරන දේවල තේරුම එයයි.
මාධ්‍ය නිදහස තිබිය යුතු වන්නේ මාධ්‍ය ආයතනවල හෝ මාධ්‍යවේදීන්ගේ හෝ වරප‍්‍රසාදයක් ලෙස නොවේ. එය තිබිය යුත්තේ රටේ සිදුවන අයථා ක‍්‍රියා නොබියව හෙළිදරව් කිරීමේ අවස්ථාවක් වශයෙන්. මාධ්‍යයට නිදහස තිබෙන විට රාජ්‍ය තන්ත‍්‍රයේ තිබෙන වැරදි හෙළිදරව් කිරිමට හැකියාව ලැබේ. හොරකම්, දුෂණ, වංචා හා වෙනත් ජාවාරම් එළියට එනු ඇත. ඒවා හෙළිදරව් කිරීමට මාධ්‍යයට නිදහස ලැබෙනු ඇත. ඒවා හෙළි කළ මාධ්‍යයට එරෙහිව පියවර ගැනීමට කිසිවකුට ඉඩ නොදීම ඒ සඳහා වැදගත්ය.
කෙසේ වෙතත් ඇතැම් රටවල ආණ්ඩු හිතතිත් මාධ්‍ය පෙන්වා දෙන වැරදි නිවැරදි කර ගන්නවා වෙනුවට එම වැරදි පෙන්වන මාධ්‍යය නිහඬ කළ යුතු බවයි. නොයෙකුත් නීතිරීත අවශ්‍ය වන්නේ ඒ සඳහාය.
ලෝකයේ බොහෝ රටවල වංචා දුෂණ හෙළිදරව් කිරීමට පෙරමුණ ගත්තේ ජනමාධ්‍යයයි. ඒ ගැන වාර්තා ලියන්නේ නම් එය දිගු එකකි. මාධ්‍යයෙන් හෙළිදරව් කිරීම් නිසා රාජ්‍ය නායකයන්ට තනතුරු හැරදා ගෙදර යාමට සිදුවූ අවස්ථා එමටය. අදටත් එබඳු දෑ ලොව පුරා සිදුවෙමින් පවතියි.ඉන්දියාවේ මැතකදී හෙළිදරව් වූ වංචාවක් නම් ජී තුන (3G) සිදුවීමයි. එහිදී ගනුදෙනුව සිදුවුයේ ගුවන් විදුලි තරංග සම්බන්ධයෙනි. මැති අමැතිවරු හා බලගතු පුද්ගලයෝ එයට වගකිව යුත්තෝ ලෙස හෙළිදරව් වූහ. එහි පෙරමුණ ගත්තේ ජනමාධ්‍යයයි. එසේ වුවද එරට ආණ්ඩුව ක‍්‍රියා කළේ වැරදිකරුවන් සොයන්නට මිස මාධ්‍යයේ කට වසන්නට නොවේ.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල් මාධ්‍ය නිදහස ගැන සිතන්නේ ආණ්ඩුවේ වැරදි පෙන්වා එය නිවැරදි කිරීමේ මාධ්‍යයක් වශයෙනි. රාජ්‍යය පිරිසිදු කිරීමේ ක‍්‍රමයක් වශයෙනි. නිදහස් මාධ්‍ය භාවිතයක් අවශ්‍ය යැයි සිතන්නේ ඒ නිසාය.
කනගාටුවකට මෙන් අප රටේ තත්ත්වය ඊට වෙනස්ය. මෙරටෙහි සිදුවන්නේ වරදට දඬුවම් දීම වෙනුවට වරද පෙන්වා දුන් අයට දඬුවම දීමට උත්සාහ දැරීමයි. මාධ්‍යය මර්දන නීති රීති ගැන කතා කිරීම පිටුපස තිබෙන්නේ එම වුවමනාව බව සිතාගැනීම අපහසු නැත. එයට ඉඩ දුනහොත් වන්නේ දුෂිතයන් දිගින් දිගට ආරක්ෂාවීමයි. එමෙන්ම අපේ සමාජ ආර්ථික දේශපාලන ක‍්‍රමය තව තවත් ජරාජීර්ණ තත්ත්වයට පත්වීමයි. එය පිරිසිදු තත්ත්වයකට පත් කිරීමේ සියලූ මාර්ග වැහී යාමයි.
එබැවින් මාධ්‍යයට මර්දන නීති ගෙන ඒමේ උත්සාහය රටට ඉතාමත් භයානක ප‍්‍රතිඵල අත්කර දෙන්නට බව කවුරු කවුරුත් තේරුම්ගත යුත්තෝය. එයින් පාලකයින්ට තාවකාලික සහනයක් ලැබෙන්නේ රට විනාශය කරා ගෙන යන්නටය. අන්තිමේ විනාශය අත්වන්නේ සමස්ත ජනතාවටය. එයට ඉඩ තැබිය යුතු නැත. මාධ්‍යයට මර්දන නීති ගෙන ඒමේ උත්සාහය ලත්තැනම ලොප් කළ යුත්තේ ඒ නිසාය.
ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.
ඉන්දු-පාකිස්තාන අර්බුදය දේශසීමා ගැටුමක් මෙන්ම රාජ්‍ය දෙක අතර පවත්නා ගැටුමකි. දේශසීමා අර්බුද දිගුකාලීන ගැටුම් ලෙස ජාත්‍යන්තර සබඳතා විෂයයේදී හඳුනා ගැ
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ලංකාවේ ජනමාධ්‍ය මර්දනයක් අබියස?
ඩෙන්සිල් Wednesday, 12 June 2013 07:16 AM
දැන් මේ සාපරාදී නීතිය ක්‍රියත්මෙක කරන්න හදන කෙනාට ඉස්සර කියුවේ මාධ්‍ය මිතුරා කියලා. (අ)
කුමුදු ඉතාලි Wednesday, 12 June 2013 11:40 PM
ලංකාවේ බොහෝ විට තිබෙන්නේ කුණුහරුප මාධ්‍යයයි. කඩේ යාම මාධ්‍ය පසුපස සිටින අය කරන අතර මධ්‍යස්ත මාධ්‍යක් සොයා ගැනීම බොහෝ අමාරුය. සමහර ගුවන් විදුලි නාලිකා කිසි හිරිකිතයක් නැතුව තමන්ට විරුද්ධ පාක්ෂිකයන්ට බැනීම සිදුවේ. අද කාලයේ බොහෝ විට අපි අසන්නේ කියවන්නේ කුනුහරුපය (නි)
sudeera Tuesday, 11 June 2013 11:27 AM
මෙන්න මේ හේතුව නිසා තම අපේ ය බිබිසිය වගේ ඒවත් අපේ වැරදි පෙන්නුවම කියන්නේ අපේ රටට ඇගිලි ගහනවයි කියල. තමන්ගේ වරද හදා ගන්නවා වෙනුවට වෙන වෙන බහුබූත දොඩවල ඇත්ත තත්වේ යට ගසා දමනවා.(නදී)
මොහමඩ් Tuesday, 18 June 2013 01:08 PM
වාර්තාකරණයේදී ජනමාධ්‍ය සම්පුර්ණ නිදහස් විය යුතු අතර පාඨකයා හෝ ප්‍රේක්ෂකයා ස්වයං බුද්ධියෙන් සිටිය යුතුයි. ජනමාධ්‍ය භාවිතයේදී වයස් කාණ්ඩයන් හා සමාජ යහපත ගැන මාධ්‍යය විසින් සිහි තබා ගෙන කටයුතු කළ යුතුය. (නි)
ලහිරු Thursday, 13 June 2013 08:52 AM
සමහරු හදන්නේ තමනට ඕනෑ විදියට රට තමන්ගේ දේපලක් කර ගෙන ඕනෑ විදියට නටන්න. එකට විරුද්ධව හඩ නගන තැන් වසා දමලා හරියන්නෙ නැහැ. ඉන්ද්‍රරතන හාමුදුරුවෝ ගිනි තියා ගත්තා කියලා එයට තීරණ නොගෙන කළේ මොකක්ද? විඩියෝ කරපු කෙනාට දඩුවම් කරන එක. මේ විදියට මාධ්‍ය මර්දනය කලොත් ඒක තමා රටේ අවසානය. මේකනේ ඉතින් රටේ ආශ්චර්යය (නි)