IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ලංකාවේ දේශපාලකයන් යන ඉන්දියාවේ තිරුපති දෙවොල

13_SLMA_Back    

තිරුපති කෝවිල පිහිටා තිබෙන කඳුයාය

 

ජනාධිපතිවරණය ‘‘අත ළඟට’’ පැමිණ තිබේ. ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්වීමෙන් පසුව දේශපාලන බිමේ පුදුමාකාරයේ වෙනස්කම් සිදුවෙමින් තිබේ. එහි පළමුවැන්න ශ්‍රීල.නි.ප.යේ මහ ලේකම් මෛත‍්‍රීපාල සිිරිසේන මහතා පොදු වේදිකාවෙන් ජනපති සටනට එළැඹීමය. ඒ මහතා පසුගියදා ප‍්‍රකාශකළේ අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයකදී මහින්ද රාජපක්‍ෂ මහතා විපක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා කවුද යන්න ප‍්‍රශ්න කරන ලද බවත් විපක්‍ෂයේ ජනපති අපේක්‍ෂකයා, අන්තිම වේලාවේත් අරලියගහ මන්දිරයේ සිටි බවත්ය.


සියලූ විපර්යාස, පිල් මාරුවීම්, ජරමර, කලබල අස්සේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉන්දියාවේ තිරුපති දේවාලයේ විශේෂ පූජාවකට ගිය බවද ආරංචි විය. මෙයට තිස්ස අත්තනායක මහතාද එක්වූ අතර මෙය පුද්ගලික චාරිකාවක්ද විය.

SLD_20141214_A012-3

ශ්‍රී ලංකා ජනපති තිරුපති කෝවිලේදී

 


ශ්‍රී ලංකා ජනාධිපති තිරුපති එන බව ආරංචි වී දකුණු ඉන්දියාවේ මහා කලබලයක් හටගත් බවද මාධ්‍යයේ පළවිය. දකුණු ඉන්දීය පක්‍ෂයක් ජනාධිපතිිගේ පැමිණීමට විරුද්ධව ඉන්දීය අගමැතිට පවා විරෝධය පළකොට තිබිණි.


පුද්ගලික සංචාරයක් වූවත් රාජ්‍ය නායකයකුගේ සම්ප‍්‍රාප්තියක් නිසා ඉන්දීය පොලීසිය විශාල ආරක්‍ෂාවක් යොදවා තිබුණු බවද කියැවේ.
මීට සති කිපයකට පෙර විපක්ෂ නායකතුමාද තිරුපති දේවාලයට ගිය බව වාර්තා විය.


මෙවැනි තත්ත්වයක් හමුවේ ජනාධිපතිතුමා තිරුපති ගියේ ඇයිද යන්න වෙනම කතාවකි. කොහොම වුණත් තිරුපති ගැන යමක් ලිවිය යුතු යැයි අපට හිතේ.
තිරුපති කෝවිල පිහිටා ඇත්තේ දකුණු ඉන්දියාවේ ආන්ද්‍රාප‍්‍රදේශ් ප‍්‍රාන්තයට අයත් කඳුකර නගරයක් වන තිරුමාලාවේය. තිරුපති වටකොටගෙන සප්ත ගිරි හෙවත් සප්ත සෘෂි නමින් ප‍්‍රකට අලංකාර ගිරි මුදුන් පෙළ පිහිටා තිබේ.

 

sg

විෂ්ණු හෙවත් සිරිනිවාස, බාලාජි නමින් හඳුන්වන දෙවියන්

 


තිරුපති කෝවිලෙන් ආශිර්වාද ලබාගැනීමට නිතිපතා ලක්‍ෂ ගණනින් පිරිස් ඇදේ. එහි උස් මිටි හෝ දුප්පත් පෝසත් භේදයක්ද පේන්නට නැත. ඉන්දියාවේ පමණක් නොව ලංකාවේද රාජ්‍යතන්ත‍්‍රය නියෝජනය කරන බොහෝ දේශපාලනඥයන් ඉඩක් ලද සැණින් තිරුපති වන්දනාවේ යන බව රහසක් නොවේ. බොහෝ දේශපාලනඥයන්ගේ වාර්ෂික කාලසටහනේ තිරුපති වන්දනාව අනිවාර්ය අංගයකි. දේශපාලනඥයන්ට අමතරව, ව්‍යාපාරිකයන්, නළු නිළියෝ ගායක ගායිකාවෝ, ප‍්‍රභූහු විශාල වශයෙන් තිරුපති වන්දනාවට එක්වෙති.


ප‍්‍රභූන් අතරේ සාමාන්‍ය හා දුප්පත් ජනයාද තිරුපති වෙත පැමිණ දේව ආශිර්වාදය ලබා ගනිති.  කෙසේ වෙතත් තිරුපති කෝවිලට භාරවීමෙන් සිතු දේ සඵල වන බවට දැඩි විශ්වාසයක් ඉන්දීය ජන සමාජයේ මුල්බැස ගෙන තිබේ. එබැවින් රට-ජාති-පළාත් භේදයකිින් තොරව කෝවිලට ගොස් භාරවීමට කවුරුත් අමතක නොකරති.


මේ ගෙවෙන්නේ කලියුගයයි. කලියුගයේ දී මතු බුද්ධත්වය පතන විෂ්ණු දෙවියන් ජීවමානව වැඩසිටින තැනක් හැටියට තිරුපති කෝවිල ප‍්‍රසිද්ධව තිබේ. වෛෂ්වන බ‍්‍රාහ්මණ ඉගැන්වීම්වලට අනුව විෂ්ණු දෙවියන් ලෝකයේ අවසන් කාලය ගතකරන්නේ මෙතැනය. කෙසේ හෝ මෙතැනට පැමිණ යමෙක් සිය දුක ප‍්‍රකාශ කරන්නේ නම්, බලාපොරොත්තුවන සමෘද්ධිය පතන්නේ නම්, ප‍්‍රශ්න, ගැටලූවලට විසඳුම් ඉල්ලන්නේ නම්, ලැබීම, දියුණුව පතන්නේ නම්, කීර්තිය, ප‍්‍රශංසාව, ජන ප‍්‍රසාදය ඉල්ලා සිටින්නේ නම්, විෂ්ණු දෙවියන්ගේ කාරුණික අවධානය යොමුවී ආශිර්වාදය උදාවෙන බව පැවසේ.


තිරුපති වටා පිහිටි සප්තගිරි නමින් ප‍්‍රකට කඳු ගැට හතේ විෂ්ණු දෙවියන්ට සබැඳි දේවාල හතක් පිහිටා තිබේ. ඒවායේ විෂ්ණු දෙවියන්ට සමීප අයගේ හා ඔවුන්ගේ පාරිභෝගික වස්තු පිහිටා ඇති බව කියැවේ.


නන්දි දේවාලය, නීලා දේවාලය, ගරුඬා දේවාලය, ශේෂාගිරි දේවාලය, විෂ්ණු ගිරි දේවාලය, කලියුග විෂ්ණු දෙවොල, හනුමා දේවාලය ඉහත කී දේවාල හතයි. තිරුපති හෙවත් තිරුමාලා කෝවිලේ වාර්ෂිකව උත්සව ගණනාවක් පැවැත්වේ. ඒ මහා විෂ්ණු හෙවත් සිරිනිවාස, බාලාජි නමින් හඳුන්වන දෙවියන්ට පූජෝපහාර වෙනුවෙනි.

 

af


තිරුපතිවල පැවැත්වෙන ප‍්‍රධානම උත්සවය බ‍්‍රහ්මෝත්සවයයි. එය සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන අතර ඊට මිලියන ගණනක් ජනයා ඒකරාශී වේ. කෝවිලේ වසන්තෝත්සවය මාර්තු, අපේ‍්‍රල් මාසවලත්, තෙසපත්මි උත්සවය පෙබරවාරියේත් උත්සවාකාරයෙන් සැමරේ.

SLD_20141214_A012
තිරුපති කෝවිලේදී බොහෝ බැතිමත්හු සිය කොණ්ඩය පවා බූගා තම භක්තිය ප‍්‍රකාශ කරති. බූ ගෑ හිස කේ අලෙවියෙන් පමණක් වාර්ෂිකව ඩොලර් මිලියන 6ක ආදායමක් කෝවිලට ලැබෙන බව ප‍්‍රකාශ වේ. මෙසේ කොණ්ඩය කැපීමට ස්ත‍්‍රී-පුරුෂ හෝ බාල-මහලූ භේදයක්ද නැත.


තිරුපති කෝවිල උත්සව සමයට පමණක් ජනාකීර්ණ වන තැනක් නොවේ. සෑම දිනෙකම පාහේ අතිශය ජනාකීර්ණ තැනෙකි. දෙවියන් පිළිබඳ භක්තිය ප‍්‍රායෝගිකව තේරුම් ගන්නට නම් තිරුපති වෙතම යා යුතුය. දවසක් දෙකක් පමණ පොදි කකා පෝලිම්වල සිට තත්ත්පරයක් දෙකක් පමණ කාලයක් දෙවියන් දැකිය හැකිය.


සාමාන්‍ය ජනයා වෙනුවෙන් පවතින සුවිශාල පෝලිම නිසා ඉන්දියාවේ සහ විවිධ රටවලින් එන ප‍්‍රභූන්ට වෙනම වී.අයි.පී. පෝලිමක් පිහිටුවා තිබේ. මේ පෝලිම ඔස්සේ ගොස් රස්තියාදුවකින් තොරව තිරුපති වන්දනා කිරීමේ භාග්‍යයද ලොකු ලොකු ඇත්තන්ට හිමි වේ.


තිරුපති එන බොහෝ දේශපාලනඥයො,් පක්‍ෂ නායකයෝ සිය මැතිවරණ ජයග‍්‍රහණය අපේක්‍ෂාවෙන් භාර හාර වෙති. ජයග‍්‍රහණය කිරීමෙන් පසුව තිරුපති වෙත පැමිණ තම ශරීරයේ බරට රත්රන් හෝ කාසි පූජාවක් කිරීම සාමාන්‍ය දෙයකි.


තිරුපති වෙත රහසේ එන දේශපාලනඥයෝ එහි ඇති පාප විනාශක දිය ඇල්ලෙන් නා පිරිසුදු වෙති. මෙම දිය ඇල්ලෙන් ස්නානය කළ පසු එතෙක් සිදු කළ සියලූ පවුවලින් නිදහස්වීමට අවසර ලැබෙන බවද කියැවේ.


බෞද්ධයන් විශ්වාස කරන ආකාරයට තිරුපති පිහිටා ඇති තිරුමාලා කන්දේ බුදුන් වහන්සේගේ පාද ලාංඡනයක් ඇති බවද කියැවේ.


බුදුරජාණන් වහන්සේ සුනාපරන්තයට වැඩම කරද්දී සප්තභද්‍ර නම් තවුසකු මුණ ගැසී තිබේ. එම තවුසා බුදුන් වහන්සේගෙන් ප‍්‍රශ්න විචාරා පසුව පැවිදිවීමට අවසර ඉල්ලා ඇත. සප්තභද්‍ර තවුසා බුදුරජාණන් වහන්සේගේ සෙවණේ පැවිද්ද ලබාගත් අතර මෙහි සිට මට වැඳුම් පිඳුම් කිරීමට පූජනීය වස්තුවක් ලබා දෙන්නැයි’ බුදුහිමියන්ගෙන් ඉල්ලා තිබේ. එම අවස්ථාවේදී භාග්‍යවතුන් වහන්සේ මෙහි සිරිපා සලකුණ පිහිටු වූ බව කියැවේ. ඒ අනුව තිරුපති යනු බෞද්ධ උරුමයක් හැටියට ගැනීමේ වරදක් නැත. නමුත් බොහෝ දුරට බෞද්ධයන්ට වඩා ඉන්දීය දෙමළ ජනයා මෙහි යන බව පෙනේ.

SLD_20141214_A01213
තිරුපති පුරාණ කතාවට අනුව මුලින් මෙහි තිබී ඇත්තේ විශාල තුඹසකි. ඉන්දියාවේ තොණ්ඩමාන් නැමති ප‍්‍රාදේශීය පාලකයකුට තිරුපති ස්ථානය කිරි කළවලින් පූජා පවත්වන්නැයි දේව අණක් ලැබී තිබේ. එම කිරි පූජාව පවත්වද්දී දේව රූපය මතුවී පෙනෙන්ට වී ඇති අතර ඔහු ඉතා භක්තිමත්ව පූජා සිදුකොට ගෝපුර ප‍්‍රාකාර සහිතව දේවාලය ඉදිකර තිබේ.


විශේෂයෙන් තිරුපති වන්දනාවේ යන සමහර රාජ්‍ය නායකයන්ද හිසකේ කොටසක් හෝ කපා භාරවීමද සිදුවේ. එය අනිවාර්ය දෙයක් නොවේ. තිරුපතිවලදී මෙසේ හිස කේ කැපීමට පුරාණ කතාවක් තිබේ.


ඊතල පහරකින් විෂ්ණු දෙවියන්ගේ හිස කෙස් කොටසක් ගැලවී ගොස් තිබේ. මෙය දුටු ගාන්ධර්ව කුමරියක් වන නීලාදේවිය (ඇය වෙනුවෙන් ඉදිකළ කෝවිලක් තිරුපති දෙවොල අසල වෙයි.) විෂ්ණුගේ කෙස් ගැලවුණු තැන තමන්ගේ වරලස කපා ඒවායින් වසා දැමීමට කටයුතු කර තිබේ. නීලා දේවිය කළ උසස් ක‍්‍රියාව සිහි කරමින් බොහෝ බැතිමතුන් තම හිසකේ පූජාව කරන අතර ඒ නිසාම බැතිමතුන් හට විෂ්ණු දෙවියන්ගේ සහ නීලා දේවියගේ ආශිර්වාදය ලැබෙන බවද කියැවේ.


තිරුපති වල උත්සව සමයේ රුපියල් බිලියන 10-12ක් පමණ එකතු වන බව පැවසේ.


තිරුපති කෝවිල මේ වන විට ලෝක ප‍්‍රසාදීන්ගේ මහත් ගෞරවයට, භක්තියට පාත‍්‍රවූ තැනෙකි. එසේම බොහෝ දෙනාගේ බලාපොරොත්තු මුදුන් පමුණුවා දුකින් මිදී සිනාසීමට පසුබිම හදාදුන් තැනෙකි. විනාශය නවතා පැවැත්ම හැදීමට, දියුණුව එළිකිරීමට මග පෙන්වූ තැනකි. එබැවින් ඇති හැකි කවුරු කවුරුත් ‘තිරුපති’ අමතක නොකරති.

aff

තිරුපති පුදබිම

 


m



අදහස් (0)

ලංකාවේ දේශපාලකයන් යන ඉන්දියාවේ තිරුපති දෙවොල

දිල්රුක්ෂි Wednesday, 17 December 2014 02:54 AM

මම නම් දේවාල ගැන විශ්වාස කරන්නේ නැහැ (නි)

:       0       0

කාදිල් Thursday, 18 December 2014 06:00 AM

බුදුන් වහන්සේගේ ධර්මය තරම් සත්‍ය වන වෙනත් දහමක් නොමැත (නි)

:       0       0

රසික Thursday, 18 December 2014 06:13 AM

මෙවැනි අන්ද විශ්වාස නිසා වාර්ෂිකව ලංකාවෙන් ඉන්දියාවට ගලාගෙන යන මුදල් ප්‍රමාණය ඇති විශාලයි. (හේ)

:       0       0

නිහාල් Wednesday, 17 December 2014 03:48 AM

සියල්ලන්ටම යහපතක් වේවා! (නි)

:       0       0

සුමිත් Thursday, 18 December 2014 02:14 PM

බුදුන් වහන්සේගේ ධර්මය තරම් සත්‍ය වන වෙනත් දහමක් නොමැත (නි)

:       0       0

චින්තක Friday, 19 December 2014 08:31 AM

තිසරණ සරණා, හැර නැත වෙනත් සරණා (බ)

:       0       0

උපාලි රංජිත් Saturday, 20 December 2014 02:09 PM

මෙම පුජාවන් මුදල් ඇති අයට පමණද ? (නදී)

:       0       0

ශාන්- සෞදි Wednesday, 17 December 2014 05:28 AM

දැන් එතකොට පක්ෂ විපක්ෂ නායකයෝ දෙදෙනාම ගියොත්?‍ එතකොට දෙවියෝ දිනන්න උපකාර කරන්නේ කාටද? (හේ)

:       0       0

සෑම් Wednesday, 17 December 2014 05:49 AM

අපට නම් තිලෝගුරු බුදුහිමිගේ සරණ හොදටම ප්‍රමාණවත්. අපි පින් කුසල් කරලා දෙවියන් ප්‍රමුක සියලු සත්වයන්ට සුවසෙත පතනවා. යන තැනකට පිහිටට එන්නේ බුදුන් සරණ ගිහින් කුසලයේ යෙදුනොත් පමණි. (නදී)

:       0       0

මහීන් Tuesday, 16 December 2014 03:27 PM

මෙතරම් පිරිසිදු බුද්ධ ධර්මයක් තියන් අපේ රටේ මිනිසුන්ගේ මුලාවේ තරම පේනවා තිරුපති වනදනවෙන්ම. (නි)

:       0       0

ඇලෙක්ස් ප්‍රනාන්දු Saturday, 27 December 2014 10:54 PM

තිරුපති ගිහින් එනකොට තමන්ගේ ආණ්ඩුවේ හිටපු මැති ඇමතිවරු විපක්ෂයට ගිහින්. (බ)

:       0       0

ලක්මිණී Thursday, 18 December 2014 02:52 AM

සියලු බුදුවරුන්ගේ දේශනාව : සියලු පවින් මිදෙන්න.. කුසල් සම්පාදනය කරන්න.. මනස දමනය කරගන්න යන්නයි. (නි)

:       0       0

නුවන් Wednesday, 17 December 2014 10:04 AM

සියල්ලන්ටම යහපතක් වේවා (නදී)

:       0       0

ලසිත් Tuesday, 16 December 2014 10:22 PM

දැන් එතකොට පක්ෂ විපක්ෂ නායකයෝ දෙදෙනාම ගියොත්?‍ එතකොට දෙවියෝ දිනන්න උපකාර කරන්නේ කාටද? (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Wednesday, 17 December 2014 01:27 AM

අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන පූර්ණ විශ්වාසයක් තිබෙනවා (නි)

:       0       0

සඳුනි Wednesday, 17 December 2014 11:22 AM

ලසිත්, එහෙම උනාම දෙවියෝ කාසියේ වාසිය උරගා බලනවලු. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

විශ්ව ශක්තිය ගැබ්වූ නාලන්දා ගෙඩිගේ
2024 සැප්තැම්බර් මස 20 413 0

මාතලේ, නාලන්ද ගෙඩිගේ යනු මෙරට මධ්‍ය කේන්ද්‍රය ලෙස සලකනු ලබන ස්ථානයේ පිහිටි පෞරාණික මෙන්ම සුන්දර පරිසර පද්ධතියකින් හෙබි හරි අපූර්වතම ස්ථානකි. නාලන්ද


සඟසතු කළ මුල්ම වලව්වේ කතාව
2024 සැප්තැම්බර් මස 20 381 0

අඹගහපිටිය වලව්ව හෙවත් සහබන්ධු වලව්ව බලපිටිය මුදලි පෙළපතේ පැරැණිම වලව්වකි. විහාරස්ථානයට පූජා කළ ලංකාවේ මුල්ම වලව්ව ලෙස මෙය සැලකේ. උපසම්පදාව ජනසතු කරම


රටට හානිකර විධායක ජනපති ක්‍රමය
2024 සැප්තැම්බර් මස 20 61 0

නීතියේ ආධිපත්‍යය යනු සියලු‍‍ම පුද්ගලයන්, ආයතන සහ සංවිධාන නීතියට යටත් බවත් එහි නිර්දේශවලට වගකිව යුතු බවත් සහතික කරන මූලික මූලධර්මයකි. එසේම රටක් පාලනය ව


රටට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන
2024 සැප්තැම්බර් මස 19 38 0

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම තව දින දෙකකින් සිදුවීමට නියමිත අතර පෙර පරිදිම මෙවර ජනාධිපතිවරණ තුළත් රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක


වික්ටෝරියා රැජිනගේ සංචාරක නිවහනේ ඓතිහාසික වෙන්දේසිය
2024 සැප්තැම්බර් මස 18 849 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී


ගමන වැරැදුණොත් රට යන්නේ අගාධයට
2024 සැප්තැම්බර් මස 18 439 8

ස්වාධීන ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා සමග කළ සාකච්ඡාවකි මේ.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14560 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 147 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 97 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site