IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


රාජ්‍ය ඉදිකිරීම්වලට ප්‍රතිපත්තියක් ඕනෑ

සංවර්ධනය යනු ඉවක් බවක් නොමැතිව නිසි සැලැස්මකින් තොරව ඉදිකරන ගොඩනැගිලි වලට නොවේ. ඒ බව අවබෝධ කර ගැනීමට බොහොමයක් දේශපාලනඥයෝ සහ ඇතැම් රාජ්‍ය නිලධාරීහු අසමත්ය. එහි අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ එම ගොඩනැගිලි කිසිදු ප්‍රයෝජනයකින් තොරව කැලෑවට යටවී විනාශවී යාම පමණි. එය මහජන මුදල් අපතේ යැවීමකි.

මෙවැනි ගොඩනැගිලි දහසකට වැඩි සංඛ්‍යාවක් පිළිබඳ තොරතුරු පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවට ලැබී ඇතැයි එම කාරක සභාවේ සභාපති අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා පසුගියදා ප්‍රකාශ කර සිටියේය. මාන්නප්පෙරුම මහතාට අනුව එසේ අතහැර දමන ලද ගොඩනැගිලි සංඛ්‍යාව දහසකට අධිකය. වටිනාකම කෝටි ප්‍රකෝටි ගණනකි. එවැනි ගොඩනැගිලි රටපුරා විසිරී තිබෙන බවද ඒ පිළිබඳ තෝම්බුවක් සකස් කර හැකි පමණින් ඒවා                              ප්‍රයෝජයට ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද මාන්නප්පෙරුම මහතා කළ ප්‍රකාශයේ සඳහන් විය.

එය වටිනා අදහසක් බව කිව යුතුය. එහෙත් එම වටිනාකම රැඳෙන්නේ එකී අදහස ක්‍රියාවේ යෙදවුවොත් පමණි. මන්ත්‍රීවරයා නිරීක්ෂණ චාරිකාවක යෙදී අදාළ නිලධාරීන්ට උපදෙස් දුන් පමණින් සියල්ල ඉටුවන්නේ නැත. ඒ සඳහා පසු විපරමක් ද අවශ්‍ය මුදල් සම්පාදනයද සිදුවිය යුතුය. එසේම මෙසේ නිසි සැලැස්මකින් තොරව ගොඩනැගිලි ඉදිකිරීමට කටයුතු කළ දේශපාලනඥයන්ගෙන්ද කරුණු විමසීම වැදගත් බව අපි සිතමු. එයින් මෙවැනි නාස්තිකාර ඉදිකිරීම් සඳහා මහජන මුදල් අවභාවිත කිරීම අනාගතයේ දී හෝ වැළැක්වීමට හේතුවනු ඇත.

අපිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා ප්‍රමුඛ නිලධාරීන් පිරිසක් කැලෑ වැදුණු ගොඩනැගිලි නිරීක්ෂණය ආරම්භ කර තිබුණේ පොලොන්නරුව නව නගරයේ ඉදිකර ඇති සුවිශාල කාර්යාල ගොඩනැගිලි සංකීර්ණයෙනි. අඩුම තරමින් ආරම්භයක් වශයෙන් එම ගොඩනැගිල්ල හෝ හැකි ඉක්මනින් භාවිතයට ගැනීමට අදාළ නිලධාරීන් ක්‍රියා කරන්නේ නම් මෙය අදාළ ආංශික කාරක සභාවේ ඵලදායි  ක්‍රියාවක් බවට පත්වනු ඇත. එය කෙසේ හෝ ක්‍රියාත්මක කරවා ගැනීම එම කාරක සභා සභාපති මන්ත්‍රීවරයාගේ ද වගකීමකි.

මෙහි දී ගොඩනැගිලි ඉදිකිරීම් සම්බන්ධයෙන් අලුතින් නීති හඳුන්වාදීම ද වැදගත් බවක් පෙන්වා දිය යුතුය. ප්‍රකෝටි ගණන් වන අති විශාල මුදලක් වැය කරමින් ඉදි කරන ලද ගොඩනැගිලි කැලෑ වැදී තිබේ නම් එම ඉදිකිරීම් සැලසුම් කිරීමේ පටන්ම බරපතළ අඩුපාඩු  සිදුවී ඇතැයි  තේරුම් ගැනීම දුෂ්කර නොවේ. ඉදිකිරීම් සම්බන්ධව අලුතින් නීති හඳුන්වා දී ඇති නමුත් රජය මගින් ඉදිකරන ගොඩනැගිලිවලට අදාළ වනසේ වෙනම නීති පද්ධතියක් සකස් කිරීමේ අවශ්‍යතාව මේ සමස්ත සිද්ධියෙන් රටට පණිවුඩයක් ලබාදී තිබේ.

මේ ආකාරයේ නාස්තිකාර ගොඩනැගිලි ඉදි කෙරෙන්නේ එක් එක් දේශපාලනඥයාගේ පෞද්ගලික දේශපාලන අභිමථාර්ථයක් ඉටුකර ගැනීම සඳහා බව ගොඩනැගිලි පරීක්ෂා කිරීමේ දී මැනවින් පැහැදිලි වෙයි. කෙසේ වුව ද මේ ඉදිකිරීම් සියල්ල අනවශ්‍ය වියදම් යැයි පැවසීමට අපි ඉක්මන් නොවෙමු. එහෙත් එක් එක් දේශපාලනඥයාට අවශ්‍ය ආකාරයට ර  ඒ ඒ ප්‍රදේශවල ගොඩනැගිලි ඉදිකිරීම හැකිතාක් අධෛර්යවත් කළ යුතුය. රජයට අයත් ගොඩනැගිලි ඉදිවිය යුත්තේ ඒ පිළිබඳව රටටම අදාළ වන සේ පිළිගත් ක්‍රමවේදයක්  ඔස්සේ විය යුතුය.අනෙක් අතට ගොඩනැගිලි  ඉදිකළ යුත්තේ ජාතික ප්‍රතිපත්තියක් සහ ක්‍රමවේදයකට අනුව විය යුතුය.දේශපාලක හිතුමතයට සහ ප්‍රතිපත්තියකින් තොරව ඉදිවෙන මෙවැනි ආකාරයේ නාස්තිකාර ඉදිකිරීම් නැවැත්වීමට ජාතික නීති ප්‍රතිපත්තියක් අවශ්‍යවන්නේ මේ නිසාය.

ලොවේ බොහොමයක් දියුණු රටවල රජයට අයත් ගොඩනැගිලි හිතුමතේ ඉදිකිරීමට  නීතියෙන්ම ඉඩක් නැත. ඒ සඳහා මොනම ආණ්ඩුවක් බලයට පත් වුවද වෙනස් නොවන සෘජු ප්‍රතිපත්තියක් තිබේ. අපේ රටද මේ සම්බන්ධයෙන් අලුතෙන් සිතා බැලිය යුතු කාලය එළඹ ඇත. බලයට පත්වන ආණ්ඩුවල නායකයන්ට ඕනෑ පරිදි ඕනෑම ඉදිකිරීමක්  කිරීමට තිබෙන ඉඩකඩ වැළැක්වීමට නීති පැනවිය හැකිනම් කැලෑවට යටවන ගොඩනැගිලිද නවතිනු ඇත.

(***)



අදහස් (0)

රාජ්‍ය ඉදිකිරීම්වලට ප්‍රතිපත්තියක් ඕනෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 90 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 181 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1040 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site