IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මොකක්ද? මේ චැනල් 4

2019 වසරේ පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් වාර්තා වැඩසටහනක් බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකාව එළිදැක්වීමත් සමග ආන්දෝලනයක් හට ගත්තේය. මෙම වීඩියෝ වැඩසටහනට පාදක වන්නේ, ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරට පැන ගොස් දේශපාලන රැකවරණ අපේක්ෂාවෙන් සිටින පිල්ලෙයාන් කණ්ඩායමේ හිටපු මාධ්‍ය ප්‍රකාශක ආසාද් මවුලානාගේ අදහස්ය. ඊට අමතරව, අනන්‍යතාව හෙළි කිරීමට අකමැති තවත් පාර්ශ්වයක් ද ප්‍රකාශ ලබා දෙයි.

චැනල් ෆෝ නාළිකාව මීට පෙර ආන්දෝලනයක් ඇති කළේ යුද්ධය අවසන් වීමෙන් පසු, ශ්‍රී ලංකාවේ සිදුවුණු බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ද කිලින් ෆීල්ඩ්ස් වාර්තා වැඩසටහන එළිදැක්වීමෙනි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ හෙළිදරව්ව විකාශය වූයේ ඩිස්පැචස් නමැති වාර්තා වැඩසටහන් මාලාවට අයත්  එක් වැඩසටහනක් ලෙසය. පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ මෙම ආන්දෝලනාත්මක අනාවරණය, විකාශය කෙරුණේ පෙරේදා (5) වැනිදා බ්‍රිතාන්‍යයේ වේලාවෙන් රාත්‍රී 11 ටය.

පාස්කු ප්‍රහාරයට පෙර ශ්‍රී ලංකාවේ වත්මන් රාජ්‍ය බුද්ධි ප්‍රධාන ප්‍රධානී සුරෙස් සාලේ සහ පාස්කු  ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් හය දෙනකු අතර හමුවක් පැවැත් වූයේ යැයි අසාද් මවුලානා, චැනල් ෆෝ  නාළිකාවේ මෙම වැඩසටහන සමඟ එක් වෙමින් චෝදනා නගයි. වැඩසටහන විකාශය කිරීමට පෙර, එහි පළමු විනාඩි 5 ඇතුළත් පූර්ව ප්‍රචාරක වීඩියෝවක චැනල් ෆෝ නාළිකාව ප්‍රසිද්ධ කර තිබුණු අතර එය ද ආන්දෝලනයකට තුඩු දුන් බව අමුතුවෙන් කිව යුතු නැත.

ත්‍රස්තවාදීන් සහ බුද්ධි ප්‍රධානියා අතර හමුව තමන් විසින් සංවිධානය කරනු ලැබූ බව අසාද් මවුලානා පවසයි. හමුවේ අරමුණ එවකට පැවති ජනාධිපතිවරණයේදී, අපේක්ෂකයකු වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට, ජනාධිපති ධුරයට පත් වීම සඳහා රට තුළ අනාරක්ෂිත වටපිටාවක් නිර්මාණය කිරීම යැයි එම බුද්ධි ප්‍රධානියා තමන්ට පැවසූ බව අසාද් මවුලානා කියයි.

තමන් එම හමුව සංවිධානය කරනු ලැබුවේ පිල්ලෙයාන්ගේ උපදෙස් පරිදි බව මවුලානා වැඩි දුරටත් පැහැදිලි කරයි. මීට පෙර අසාද් මවුලානාගේ මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරෝපා බුද්ධි අංශ ඔහුගෙන් ප්‍රශ්න කළ බව එම වීඩියෝවට ඇතුළත් වෙයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් වූ සැණින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ නිලධාරීන්ට මාරු වීම් ලැබුණු බවත් එම විමර්ශන කඩාකප්පල් වූ බවත්, වීඩියෝවට අදහස් දක්වමින් එක් වුණු තවත් අනන්‍යතාව හෙළි කිරීමට අකමැති පුද්ගලයා පවසයි. මෙම පුද්ගලයා අදහස් දක්වන්නේ අඳුරේ සිටය.

රාජ්‍ය බුද්ධි ප්‍රධාන ප්‍රධානී සුරේෂ් සාලේ මහතා එල්ල වන එම චෝදනා ප්‍රතික්ෂේප කළ බවත් 2019 වසරේදී ප්‍රහාරය සිදු වූ අවස්ථාවේ ඔහු ඉන්දියාවේ සිටි බවත් ත්‍රස්තවාදීන් සමග හමුව සිදුවූවා යැයි පවසන කාලයේ ඔහු සිටියේ මැලේසියාවේ බව ප්‍රකාශ කළ බවත් එම වීඩියෝවේ දැක්වෙයි. එසේම 2018 ජනවාරි මාසයේ සිට පාස්කු ප්‍රහාරය සිදුවන දිනය දක්වා ආරක්ෂක සේවයට සම්බන්ධව කටයුතු නොකළ බවත් එම නිලධාරියා ප්‍රකාශ කළ බව එහි සඳහන් වේ.

පාස්කු ප්‍රහාරයේ චූදිතයන් නීතියේ රැහැනට කොටුකරගෙන උපරිම දඬුවම් පැමිණවීම සඳහා ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්නැයි  සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහත්වරු ඒකාබද්ධ ප්‍රකාශයක් කරමින් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ආණ්ඩුවට එක් වූයේ සුවිශේෂී කොන්දේසි සහ ඉල්ලීම් හතක් මුල් කරගෙන බව කියන අමාත්‍යවරුන් එම කොන්දේසිවලින්  හයක් මේ වනවිටත් සාධනීය ලෙස ඉටුකර තිබෙන බව කර තිබේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රජයේ නිලධාරීන්ට චෝදනා එල්ල කරමින් මෙම ප්‍රකාශ නිකුත් කිරීමට බ්‍රිතාන්‍ය දෙමළ සංසදය ඇතුළු පාර්ශ්ව කිහිපයක් ආසාද් මවුලානාට අනුබල දී ඇති බවට ද චෝදනා එල්ල වෙමින් පවතී. ආසාද් මවුලානා කරන මෙම හෙළිදරව්ව ඔහුට දේශපාලන රැකවරණය ලබා ගැනීම කඩිනම් වනු ඇතැයි ද බොහෝ දෙනාගේ මතයයි.

පසුගිය අගෝස්තු 15 සඳහා මෙම වීඩියෝ එළිදැක්වීමට සැලසුම් කර තිබුණත් රාජ්‍ය බුද්ධි ප්‍රධාන ප්‍රධානී සුරේෂ් සලේ විසින් චැනල් ෆෝ නාලිකාවට නීතිඥවරුන් මාර්ගයෙන් කළ දැනුම්දීමක් අනුව අදාළ වීඩියෝ එදින විකාශය කිරීම අතිහිටුවිණි. තම නම යොදාගනිමින් අදාළ වීඩියෝවට සිදු කළ බව කියන ප්‍රකාශයක් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඔහු විසින් ප්‍රකාශ කර තිබෙන අතර පාස්කු ප‍්‍රහාර කාලසීමාව දී තමන් ලංකාවේ රාජකාරි නොකළ බව ද තහවුරු කරන ලිපි ලේඛන ද සුරේෂ් සලේ පැහැදිලි කර තිබේ. එම පැහැදිලි කිරීමෙන් අනතුරුව, වැඩසටහන විකාශය කිරීමට පෙර එය සංස්කරණය කෙරුණි.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳව ද වැඩි කාලයක් වීඩියෝ වැඩසටහනට වෙන් කර තිබූ අතර, අසාද් මවුලානා ද එම චෝදනා තහවුරු කරන ආකාරයේ ප්‍රකාශ ඉදිරිපත් කරන අයුරු දකින්න ලැබේ. පිල්ලෙයාන් කණ්ඩායම සමග එක්ව ට්‍රිපොලි ප්ලැටූන් නැමැති සන්නද්ධ කල්ලිය බිහිකිරීමට එවක පැවති රජය කටයුතු කළ බවත් ඔවුන් මාධ්‍ය මර්දනයට සහ ප්‍රතිවාදීන් නිහඬ කිරීම සඳහා යොදාගත් බවත් ආසාද් මවුලානා පවසයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ කරුණු සඳහා ගානියා ෆ්‍රැන්සිස් සුදුවෑන් චෝදනා සිද්ධිය අතරතුර රටින් පලා ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වූ නිශාන්ත සිල්වා, සුදුකොඩි නඩුවේ සාක්ෂිකාරිනියක වූ  මාධ්‍යවේදිනි ෆෙඩ්රිකා ජෑන්ස්, ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ සොයුරු ලාල් වික්‍රමතුංග සහ නම් සඳහන් නොකළ වෙනත් පුද්ගලයන්ගේ ප්‍රකාශ යොදා ගෙන ඇත. ඊට අමතරව, කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අම්බිකා සද්ගුණනාදන් මහත්මිය, හිටපු රාජ්‍යතාන්ත්‍රික නිලධාරී සරත් කෝන්ගහගේ මහතාගේ ප්‍රකාශ ද වීඩියෝ වැඩසටහනට ඇතුළත් වෙයි.

විශේෂ වාර්තාකරුවකු විසිනි



අදහස් (4)

මොකක්ද? මේ චැනල් 4

siril Friday, 08 September 2023 08:57 AM

මොකක්ද ඕකෙ ආන්දෝලනේ, ඕන ‍මෝඩයෙක් දන්නවා ඕක කළේ කවුද කියලා...!

:       4       18

Bunny Preena Friday, 08 September 2023 02:10 PM

චැනල් 4 වැනි බොරු බේගල් ප්‍රචාරය කරන තුට්ටු දෙකේ නාලිකාවකට උත්තර බඳින්න ඕනෑද? 

:       17       10

බද්රානි Friday, 08 September 2023 03:49 PM

ඇත්තටම ඉතින් අමුතුවෙන් චැනල් 4 නාලිකාවෙන් මේක තහවුරු කරන්න අවශ්‍ය නැහැ. මේ ප්‍රහාරය ගැන සියුම්ව නිරීක්ෂණය කරන ඕනෑම කෙනෙක්ට අවබෝධ වෙනවා ප්‍රහාරය පිටුපස සිට මෙහෙයවූයේ කවුරුන්ද බව? දඬුවම් වෙනුවට සැඟවීම හා ප්‍රහාරයට වගකිව යුත්තන් හට උසස් වීම් ලබාදීමද කළ යුත්තේ..? මතක නැද්ද? හිටපු සිරිසේන ජනාධිපතිතුමා කිව්වා " තමාව මේකට හසු කරන්න ගියොත් සියල්ල හෙළි කරන බව" කෝ ඒ බරපතල ප්‍රකාශය ගැන විමර්ශනය කළාද..? දැන් සියල්ල හෙළිවී හමාරයි. මස් කටු සුප්පන කුක්කන් මේ මිනීමැරුම වහන්න හැදුවත් මේක හෙළිවීම හා ඔවුන්ට මේ මිහිපිටම ලැබෙන දඬුවම බුරලා නවත්වන්න ලැබෙන්නේ නැහැ.. රජයේ බුද්ධි අංශය මිනීමරුවන් හා එකට එක්ව කටයුතු කළබව අපි නම් මීට පෙර අසා නැහැ.. ලෝකයේ කිසිම රටක, එසේ සිදුවීම් වාර්තාවෙලා නැහැ. නුඹලාට හෙන ගහනවා ඒ කළ සාහසික අපරාදෙට...!! එතෙක්, චැනල් 4 නාලිකාවට තඩිබාලා සතුටු වෙයල්ලා...

:       10       24

chandima Monday, 11 September 2023 07:02 PM

චැනල් 4 මොකක් වුණාම මොකද අනේ? ඔව්වාට නැට්ට උස්සගෙන කියවන්න එපා. ඔව්වාට තමයි කබ්බෝ ෆෝම් කරනවා කියන්නේ....?

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31125 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13255 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10950 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 49 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 883 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 264 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site