IMG-LOGO

2025 ජනවාරි මස 16 වන බ්‍රහස්පතින්දා


මව සහ දරුවා බේරන්න අලියා ඉදිරියට පැන්න මිනිසා

මත්තල යනු දුර ඈත දවසක වන අලින්ගේ අභය භූමිය විය. දකුණේ තැන තැන ගම් වැද කලබල කළ වන අලින් පලවා හැරුණේ මත්තල වනාන්තරයටය. ඒ බිමේ ශ්‍රී ලංකාවේ දෙවැනි ජාත්‍යන්තර ගුවන් තොටපොළ ඉදිවේවියැයි එදා කිසිවකු හෝ සිතන්නට නැත.

 



කාලය ගෙවී ගොස් තිබේ.
මහා රූස්ස වනස්පතීන් බිම හෙළා ගෙන සංවර්ධනය ගමට පැමිණ තිබේ. වනය දෙබෑ කරගෙන අධිවේගී මාර්ග ඉදිවෙමින් තිබේ. කිසිදා නොවැටෙනු ඇතැයි සිතූ සංවර්ධනයේ රිදී ඉර මත්තල අහසේ පායා තිබේ. අලි - මිනිස් ගැටුම ඒ සංවර්ධන කි‍්‍රයාන්විතයේ නියත ප‍්‍රතිඵලයක් විනා අරුමයක් නොවේ.
ජාත්‍යන්තර ගුවන් කොටුපොළ පිහිටා තිබෙන්නේ මත්තල වුවද අලි ප‍්‍රශ්නය පැමිණ තිබෙන්නේ මත්තලට නොව ගුවන් තොටුපොළට කිලෝ මීටර් තුනක් පමණ එපිටින් පිහිටි පහළ අන්දරවැව කුදිරාන ගම්මානයට ය. ඒ අලි ප‍්‍රශ්නයට එකම හේතුව ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ද?  එයට ‘‘ඔව්’’ යැයි ලිවීම අනවශය ලෙස ඉක්මන් වීමකි. අන්දරවැව වැසියෝද එතරම්ම සහසික නොවෙති. එහෙත් ගුවන් තොටුපොළ අමතක කර මේ ප‍්‍රශ්නයට පිළිතුරු සෙවිය නොහැකිය.

‘‘ගුවන් තොටුපොළ හදන්න සැලසුම් කළ කාලේ මේ අලි - මිනිස් ප‍්‍රශ්නය ගැනත් හිතන්න ඇතිනේ. ඒ ප‍්‍රශ්නය අවම වෙන විදියටනේ මේ ගුවන් තොටුපොළ හදන්න ඇත්තේ. ඒ නිසා ගුවන් තොටුපොළ නිසා අලි ප‍්‍රශ්නය ආවා කියලා අපි හිතන්නේ නෑ. ඒත් ගුවන් තොටුපොළ නිසා මිනිස්සු කැලය ශුද්ධ කරනවා. ඒත් ගමේ අය නොවෙයි. කොළඹින් එන මහත්වරු තමයි එහෙම කරන්නේ. ඒ මහත්වරු මෙහෙ ඉඩම් සල්ලිවලට අරගෙන විවිධ ව්‍යාපාර පටන් ගන්නවා. ඒත් ඒ අයට මේ පරිසරය ගැන අවබෝධයක් නැති නිසා තමයි මේ ප‍්‍රශ්න මතුවෙන්නේ. ඒ නිසා ඉඩම් ශුද්ධ කරන එක විධිමත් කරනවානම් ඒක මේ ප‍්‍රශ්නයට උත්තරයක් වේවි’’ ගම්මු කියති.

සැබෑවකි!
විධිමත් සංවර්ධන සැලැස්මකින් තොරව වනය ශුද්ධ කිරීම බොහෝ අතුරු ආන්ත‍්‍රාවන් නිර්මාණය කරවන්නකි.
‘‘ඉස්සර රුපියල් පනස් දාහට හැට දාහට මෙහෙ අක්කරයක් දෙකක් වුණත් ගන්න පුළුවන්. ඒත් දැන් මෙහෙ ඉඩම් ගිනි ගණන්. කොළඹින් එන මහත්වරුන්ට තමයි ඒ ගානට ඉඩම් ගන්න පුළුවන් කම තියෙන්නේ.

ඒ මහත්වරුන්ට පරිසරය ගැන අවබෝධයක් නැති නිසා ඉවක් බවක් නැතිව කැලේ කපල ගොඩනැගිලි හදනවා. එතකොට ඉතින් අලින්ට ගමට එන්න තමයි වෙන්නේ’’ ගම්මුන් කියන්නේ එහෙම කතාවකි.

ප‍්‍රශ්නය මතුපිටින් පෙනෙන තරමට සරළ නැත. පෙර සිටි අලින්ට නිදහසේ ගැවසීමට වනාන්තරේ  ඕනෑ තරම් ඉඩ තිබිණි. එහෙත් ජාත්‍යන්තර ගුවන් තොටපොළ නිසාත් එයට පිවිසෙන මාර්ග පද්ධතිය නිසාත්, ඒ පරිසරය බොහෝ සීමා වී තිබේ. අලින්ට ඔහේ ඇවිද යාමට බාධා නැත්තේ ගම්මාන පැත්තටය. කුරුදාන පහළ අන්දරවැව අබේසිරි බණ්ඩාර කියන්නේ මෙහෙම කතාවකි.

‘‘ඉහළ අන්දර වැව ගම්මානයේ පවුල් 80 ක් විතර ඉන්නවා. පහළ අන්දරවැව ගම්මානයේත් පවුල් 80ක් විතර ඉන්නවා. මේ අලි ප‍්‍රශ්නය ඒ කාටත් බලපානවා.
පෙරේදා (28) රෑත් තනි අලිය ආවා. ගොවිතැන් කරන අය වගාවේ ආරක්‍ෂාවට විදුලි වැටක් දා ගන්නවා. එතකොට අලින්ට යන්න එන්න තැනක් නැති වෙනවා එසේ කී ඔහු මෙයට හාර පස් මසකට එපිට වූ අනුවේදනීය සිද්ධියක් මෙසේ අනාවරණය කළේය.

‘‘මල්ආරෙන් එහා පැත්තේ හේනක් තිබ්බා. ඒ හේනේ ආරක්‍ෂාවට විදුලි වැටක් දාලා තිබුණා. අලියා කොහොම හරි හේන ඇතුළට ආවා. විදුලි වැට නිසා අලියට යන්න බෑ. හේනේ පැලේ මිනිස්සු දහ දෙනෙක් විතර හිටිය. එළියට යන්න බැරි වෙච්ච අලියා පැලේ හිටපු මිනිස්සු පස්සෙන් පන්නන්න පටන් ගත්තා. අර අම්මයි අත දරුවයි ඉන්න පැත්තට අලියා පිඹගෙන ගිහින් තියෙනවා. ඔය පැලේ ඉඳලා තියෙනවා... ඇඹිලිපිටිය පැත්තේ ගොලූ මනුස්සයෙක්. එයාට කාත් කරුවන් නෑ කියලා තමයි කියන්නේ. අලියා අර අම්මයි අතදරුවයි දිහාවට පිඹගෙන එනකොට අර ගොළු මනුස්සය ඉස්සරහට පැනලා තියෙනවා. ඒකෙන් අලියගේ ඉලක්කය වෙනස් වුණා. අර ගොලූ මනුස්සයව එතැනම පොළොවෙ ගහල මරලා. අම්මයි සහ දරුවයි බේරුණේ.

අලි මිනිස් ගැටුම වෙනුවෙන් එබඳු ජීවිත පූජාවන් ද සිදු කිරීමට සිදුව තිබේ. එය කිසි ලෙසකින්වත් සරළව ගෙන පහසුවෙන් මග හැර යා නොහැකිය.
ගුවන් තොටුපොළ පිහිටා තිබෙන්නේ මත්තල හෙයින් අපි මත්තල ගමට ගියෙමු. පෙරදා ගැමි සුන්දරත්වය දෝතින් ගෙන නැගී සිටි ගම්මානයේ අද විශේෂ වෙනසක් නැත. අපට දැනුණ එකම වෙනස නම් වෙනදා එළිපහළියේ දකින්න ලැබුණ මිනිස් රංචු අද දක්නට නොලැබීමය.

මෙහෙ හුඟක් දෙනෙක් දැන් ‘‘එයාර් පෝර්ට්’’ එකේ රස්සාවට යනවා. හුඟාක් දෙනෙකුට ස්ථිර රැකියා ලැබුණා. තවත් අය විවිධ අංශවල රැුකියාවල යෙදෙනවා. කොන්ත‍්‍රාත් කරුවන් ළඟ වැඩ කරල හරි ආදායමක් උපයන්න පුළුවන්කම දැන් ලැබිලා තියෙනවා. ඒ අතින් බැලූවම එයාර් පෝර්ට් එක කියලා කියන්නේ මත්තල අපට පමණක් නොවෙයි මේ මුළු පළාතටම කප් රුකක්. අද අපේ ගමත් හුඟක් දියුණු වෙලා. හැම කෙනෙකුටම ආදායම් මාර්ගයක් ලැබිලා

ගස උඩ පැල

තියෙනවා. ගෙවල් කුලියට දෙන්න පුළුවන්. ආහාර සපයන්න පුළුවන්. ඒ විදියට ගත්තාම විශාල ආදායම් මාර්ග හැඳිලා තියෙන්නේ. අද මේ මත්තල විතරක් නොවෙයි, පළාතෙම මිනිස්සු ජීවත් වෙන්නෙ හරිම සතුටෙන්’’ එහෙම කීවේ අතරමගදී හමු වූ උපුල් වන්දනය. ‘‘මාත් මේ වැඩ ඇරිලා ගෙදර යන ගමන්’’ ඔහු වැඩි දුරටත් කීවේය.

‘‘මත්තලට අලි ප‍්‍රශ්න නැද්ද?’’ කතාබහ අතරතුරේ දි අපි විමසුවෙමු. ඔහු එයට දුන්නේ මෙහෙම පිළිතුරුකි.

‘‘මේ පළාතේ කොහොමත් අලි ඉන්නවා. ඉස්සරත් හිටියා. ඒත් කිසිම ප‍්‍රශ්නයක් තිබුණේ නෑ. අදත් එහෙම ප‍්‍රශ්නයක් නෑ. එයාර් පෝර්ට් එක නිසා ගමට අලි එනවා කියලා සමහරු බොරු ප‍්‍රචාර ගෙන යනවා. ඒක පට්ටපල් බොරුවක් මහත්තයො. අපේ කුඹුරු තියෙන්නෙ එයාර් පෝර්ට් එක අයිනෙමයි. අලින්ගෙන් කිසිම කරදරයක් නෑ. ඉස්සරත් කුඹුරුවලට අලි එනවා. එහෙම නැතිව එයාර් පෝර්ට් එක නිසා අලි එනවා කියන කතාව සම්පූර්ණ බොරුවක්’’ උපුල් චන්දන කීවේය.

අපි මත්තල ගමේ එහෙ මෙහෙ ඇවිද්දෙමු. වැව් පිරී ඉතිරී තිබේ. ගහකොළ හරිත පැහැයෙන් බබලයි. එදා දුටු ගුරු පාරවල් වෙනුවට අද දකින්නට ලැබෙන්නේ අලූත තාර දැමූ පාරවල්ය. ගම වේගයෙන් දියුණු වී ඇති බවට නම් සැකයක් නැත.

තිලංක මධුශාන් ද මත්තල වැසියෙකි. ‘‘අපි උපන්දා ඉඳලා ඉන්නේ මත්තල. ඔය කියන විදියේ අලි කරදරයක් නම් නෑ. දැන් කොළඹ ඉන්න අපේ යාළුවෝ කතා කරලා අහනවා... මත්තලට ‘‘ෆ්ලයිට්’’ එන්නෙ නැද්ද කියලා. එහෙම බොරු ආරංචි තමයි පතුරවලා තියෙන්නේ. අද (30) ෆලයිට් තුනක් ආවා. මමනම් කියන්නේ  ඕනෑම කෙනෙකුට මෙහෙට ආවොත් ඇත්ත දැනගන්න පුළුවන් කියලයි. සමහර අය හිතනවද දන්නෙ නෑ එයාර් පෝර්ට් එකෙන් ප‍්‍රතිලාභ ලැබිල තියෙන්නේ මත්තලට විතරයි කියල. එහෙම නෑ. මේ මුළු පළාතටම ප‍්‍රතිලාභ ලැබෙනවා. අපිටත් තියෙන ප‍්‍රශ්නය තමයි ඇයි මේ එකපාරටම අලි ප‍්‍රශ්නයක් මතු තරන්නේ කියන එක. ඒ නිසා මහත්තුරු ඇහින් දැකලා ඇත්තම ලියන්න’’ තිලංක මධුසාන් කීවේය.

මෙයට හත් අට වසරකට ඉහතදී අපි මත්තලට ආවෙමු. ගැමිකම දෝතින් ගත් මත්තල ගම්මානයේ සුන්දරත්වය රටට කීම ඒ ගමනේ අරමුණ විය. ‘‘අලි එන හේනක පැලක රැුයක්’’ වැනි විශේෂාංග ලියැවුණේ ඒ අත්දැකීම් අනුසාරයෙනි. ඊට පසුව අප මත්තලට ආවේ කොටි ත‍්‍රස්තවාදීන්ගෙන් එල්ල වූ තර්ජන හමුවේ ගම රැුක ගන්නට ගමේ තරුණයන් කළ අරගලය රටට කියන්නටය. ඊටත් පසුව අප මත්තලට ආවේ ශ්‍රී ලංකාවේ දෙවැනි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ගැන ලියන්නටය. මෙවර අපට ඒමට සිදු වූයේ අලි ගැන ලියන්නටය. හෙට එන්නට වනු ඇත්තේ කුමක් ගැන ලියන්නද? මත්තල සිට අපයළිත් කොළඹ ආවේ ඒ හිස් සිතිවිල්ලෙනි.




(හර්ෂ රංගන සොයුරාට විශේෂ ස්තුතිය)

 

මත්තල අපේ ගුවන් තොටුපොළ නිසා අලි ප‍්‍රශ්නයක් අලූතෙන් ඇතිවෙලා කියලා කවුරුහරි කියනවානම් ඒක සම්පූර්ණයෙන්ම අසත්‍යයක්.
අලි ප‍්‍රශ්නය මේ පළාත්වල හැමදාමත් තිබුණා. අද වුණත් විශේෂ ප‍්‍රශ්නයක් නෑ. කොහොම වුණත් මේ කාලාන්තරයක් තිස්සේ තියෙන මේ ප‍්‍රශ්නයට සවිමත් උත්තරයක් විසඳුමක් සපයන්න ජනාධිපතිතුමා කථානායකතුමා හා නාමල් රාජපක්‍ෂ මන්ත‍්‍රීතුමා ඇතුළු දේශපාලන නායකත්වය පියවර අරගෙන තියෙනවා. උඩමත්තල හා පහළ මත්තල ගම් වටකරලා විදුලි වැටක් ගහන්න පියවර අරගෙන තියෙනවා. දැනටමත් පහළ මත්තල ගමේ ඒ විදුලි වැට ඉදිකරගෙන යනවා. ඒ සඳහා ගුවන් සේවා සමාගම රුපියල් ලක්‍ෂ 35 ක් වෙන් කරලා තියෙනවා. ඉතිරි මුදල් වන ජීවි දෙපාර්තමේන්තුවෙන් දෙනවා. තව සති කිහිපයක් යනකොට ඒ විදුලි වැටේ වැඩ අවසන් කරන්න පුළුවන්.ි බොහෝ මාධ්‍ය කියන්නේ මත්තල ගමට අලි ප‍්‍රශ්නයක් අලූතෙන් මතුවෙලා කියලා. මම වගකීමෙන් කියනවා. නෑ එහෙම කිසිම ප‍්‍රශ්නයක් නෑ කියලා.

 

මත්තල අලි කරදර - 1



අදහස් (0)

මව සහ දරුවා බේරන්න අලියා ඉදිරියට පැන්න මිනිසා

නාමල් Monday, 10 June 2013 05:22 AM

අලින්ට වෙන්කළ ඉඩම් මහත්තුරු අල්ලාගන්නවා. ඒකයි අලි ප්‍රශ්නයක් ඇතිවුනේ. (නි)

:       0       0

විදුර Monday, 10 June 2013 03:40 PM

අලි මිනිස් ගැටුම අද ඊයේ පටන් ගත්ත එකක් නෙමෙයි කියලා ලෝකේ කොහේ වුනත් ඉන්න කෙනක් දන්නවා. මේක අපේ රටට විතරක් වෙන දෙයක් නොවෙයි. වනාන්තර එලිපෙහෙලි වෙනකොට මේ වගේ දේවල් වෙනවා. සංවර්ධනය සිද්ධ වෙනකොට ඒකෙ හොද වගේම නරක පැත්තකුත් තියනවා. අපි කතාවට කියන්නේ "රැවුලයි කැදයි දෙකම බේරන්න බැහැ" කියලා. එනිසා, සංවර්ධනයක් බලාපොරොත්තු වෙන ඕනෑම කෙනක් ඒවායේ යම් යම් අනිසි ප්‍රතිවිපාකත් විදගන්න සුදානම් වෙන්න ඕනෑ කියන එකයි මගේ නම් අදහස. (නි)

:       0       0

ඩෙන්සිල් Wednesday, 12 June 2013 07:09 AM

මේ කතාවේම තියෙනවා ඉස්සර අලි එලවන්නේ මත්තලට කියලා.එහෙම නම් මත්තල කියන්නේ අලින්ට වෙන්කරලා තිබුණු භූමියක්.ගුවන් තොටුපොළ හම්බන්තොට හදන්න වුවමනා නම් වෙන සුදුසු ඉඩක් හොයාගන්න තිබුණා නේද? දැන් අලි ගැටුම නිසා හෙළිවෙනවා මේ ගැන නිසි අවදානයක් යොමුකරලා නැහැ කියලා. (නි)

:       0       0

සුජාන් Friday, 14 June 2013 11:54 AM

මමනම් හිතන්නේ තැන තැන විදුලි වැටවල් ගහනවාට වැඩිය හොඳයි ටිකක් මහන්සි වෙලා රටේ හැම තැනම ඉන්න අලි අක්කර දෙතුන් දාහක එක රක්ෂිතයකට කොටු කරලා ඒ රක්ෂිතය වටේ විදුලි වැටක් ගහලා ඒකට වෙනම නිලධාරීන් ටිකක් යෙදෙවුවා නම් මේ ප්‍රශ්න සියල්ලටම උත්තර ලැබෙනවානේ. (අ)

:       0       0

කදිරා Thursday, 20 June 2013 12:39 PM

මෙච්චර සම්පත් තියෙන රට මිනිස්සුන්ගෙ සිතුම් පැතුම් වල තියෙන දුර්වලතාවය නිසා හැමදාමත් ඉන්නෙ පිටිපස්සෙන්. වැඩක් කලත් කොහේ හරි කොස්සක්.(ස)

:       0       0

සංදීප් Sunday, 09 June 2013 07:54 PM

අනේක වාරයක් ස්තූති වේවා අපිට ගුවන් තොටුපළක් ඉක්මණින් සාදා දුන්නාට (නි)

:       0       0

ඉෂාර Monday, 10 June 2013 08:54 AM

කොහොමත් තව අවුරුදු දහයකින් දොලහකින් දළඳා කරඬුවත් ඔය ඩීමෝ බට්ටෙක්ගේ පිටිපස්සේ අටවපු රංසිවිගෙයක් ඇතුලෙන් තමා වැඩම කරවන්නේ. (නදී)

:       0       0

රංජනී Sunday, 09 June 2013 02:22 PM

කොළඹින් ගිය මහත්තුරුනේ ඔබලා කියන දෙය අපි විශ්වාස කරනවා. අපිත් මත්තල එන්න බයෙන් උන්නේ එංගලන්තේ ඉදලා මත්තල බලන්න ගිහින් අලින්ගෙන් මරුම්කන්න යන්න එපා කියල දැන ගත්ත නිසා. දැන් අපි දැනගත්ත කඩකප්පල් කාරීන්ගේ කට කතා කියලා. ඔබලාට ඉස්තුතියි.(නදී)

:       0       0

අනුර Tuesday, 18 June 2013 04:43 PM

අලින්ට ගහන්නයි වෙන්නෙ (අ)

:       0       0

තිසල් Friday, 14 June 2013 09:59 PM

මව සහ දරුවා බේරන්න අලියා ඉදිරියට පැන්න ඔහු සැබෑ වීරයෙක්මය.අහෝ ඛේදයක තරම. කාත් කරුවත් නැති ගොළු මිනිසෙකු නිසා කිසිදු උපහාරයකට පත් නොවී ඇති සැටි.නන්නාදුනන විරුවණනි මේ මොහොතේ හුනස්නෙන් නැගිට හිස නමා ඔබට මම ආචාර කරමි. දැන් හෝ මියගිය ඔහුට උපහාර කල යුතුය.ඔහු කල වීර ක්‍රියාව පාසල් පොතට ඇතුලත කර ඉගැන්වීමට තරම්ය.(අ)

:       0       0

ඉන්දික Monday, 17 June 2013 11:58 AM

හොද මනුස්සයෙක් (නි)

:       0       0

නිමල් Friday, 14 June 2013 04:09 PM

එහෙම එක තැනකට කළොත් , බෝ වෙන ලෙඩක් හැදුනොත් ඔක්කොම එක පාරටම විනාශ වෙන්න පුළුවන්. (නි)

:       0       0

ප්‍රනාන්දු Monday, 17 June 2013 09:15 AM

ගොළු මනුස්සයා වෙනුවෙන් ඒ ගෑණු කෙනා දානේ ටිකක්වත් දුන්නද දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

සෙනරත් Wednesday, 12 June 2013 09:23 PM

අලින්ට අභය බුමියක් හදල දෙන්න ඕනා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

විශේෂාංග

කන්කසන්තුරේ සිමෙන්ති කම්හල් බිලියන 2 ක යකඩ හොර පාරේ?
2025 ජනවාරි මස 16 37 0

2020 වසර වන විට සිමෙන්ති සංස්ථාවට ඉතිරිව තිබුණේ කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාව පමණි. මීට අමතරව අරුවක්කාලු‍වල පිහිටි අක්කර 5000ක ඉඩම සහ කොල්ලු‍පිටියේ


අධ්‍යාපනයට ප්‍රමිතියක් අවශ්‍ය ඇයි?
2025 ජනවාරි මස 16 16 0

නව රජය බලයට පත් කිරීමට ජනතාව සලකා බැලූ කරුණු අතර ප්‍රධානතම සාධකය ආර්ථික ගැටලුවය. ඕනෑම රජයක් පරාජයට පත්වන්නේ ද මේ ආර්ථික ගැටලුව මුල්කරගෙනය. ජනතාව අතර ද එ


ජේ.ආර්. රජයෙන් අගවිනිසුරුට ගෙනා දෝෂාභියෝගය
2025 ජනවාරි මස 15 556 0

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාට එරෙහිව ජාතික ජන බලවේග රජය දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමට සුදානම් වන බව ලංකාදීප පුවත්පතේ


රතු ගඩොලින් ඉදිකළ නුවරඑළිය තැපැල් කාර්යාලය
2025 ජනවාරි මස 15 937 0

නුවරඑළිය තැපැල් කාර්යාලය තරම් කතාබහට ලක් වූ වෙනත් තැපැල් කාර්යාලයක් මෑත භාගයේ මෙරට නොතිබිණි. පසුගියදා අවසන් වූ ජනාධිපතිවරණයේ දී නුවරඑළිය දිස්ත්‍රික


අධ්‍යාපනයට ටියුෂන් අවශ්‍යද?
2025 ජනවාරි මස 15 1509 2

රජයේ පාසල්වල ගුරුවරුන් විසින් තමන් උගන්වනු ලබන සිසුන් සඳහා මුදල් අයකර උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් බස්නාහිර පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශ


සේකර මතක
2025 ජනවාරි මස 14 307 0

නූතන සිංහල කවියේ මාවත සුනිසි කොට එය සුවිසල් මාවතක් සේ තනා පොදු රසික හදවත් යුග යුග ගණනක් ප්‍රකම්පනය කළ යුගයේ මහා කවියා ඔහුය. 1929 අප්‍රේල් 07 වැනිදා උපත ලද මහ


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 288 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 570 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 315 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site