IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


මැද මාවත අමතක වීම

”මා ලැබූ ජීවිතයේ
සැනසුම ඔබ සතුවේ
සුදු ඔබ මොනව කළත්
අහිතක් නෑ සිතුවේ...”

මේ ගීතය ගායනා කරන්නේ නැසීගිය ජනපි‍්‍රය ගායක එච්.ආර්. ජෝතිපාලය. ජෝතිගේ හඬ මෙලෙසින් අවදිවන්නේ ආදරවන්තිය මොන වැරැදි වැඬේ කළත් අහිතක් හිතන්නේ නැති ආදරයෙන් අන්ධ වූ මෝඩ පෙම්වතකු ගැන විය හැකිය.

මේ ආණ්ඩුවේ සමහර උපදේශකයන්ද, සමහර දේශපාලනඥයන්ද ගමේ ජනතාව සම්බන්ධයෙන් කල්පනා කරන්නේ මේ විධියට බව පෙනේ. නැතිනම් ආණ්ඩුව හා ආණ්ඩුවේ ප‍්‍රාදේශීය ලොක්කන් මොනවා කළත් ජනතාව හැමදාම ඔවුන් සමගම ඉඳීවිය කියලාය. කොටින්ම මොන ගොං වැඬේ කළත් අහිතක් නැතුව ඉවසාගෙන ඉඳීවි කියලාය. එහෙත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ එලෙසින්ම කල්පනා කරන බවක් නොපෙනේ. ඔහු විවිධ කාරණා හේතුකරගෙන ජනතාව අතරට යන්නේ මේ නිසාදැයි කියන්න දන්නේ නැත. මේ අතර සමහර ප‍්‍රාදේශීය ලොක්කන්ගේ නොපනත්කම් අකටයුතු කි‍්‍රයා දිනපතාම වාගේ මාධ්‍යවල වාර්තා වේ. මේවා සම්බන්ධයෙන් ද සුවිශේෂීව කල්පනා කරන බවක් නොපෙනේ.

සමහරුන් මේ ආණ්ඩුවේ උපදේශකයන් වී සිටින්නේ නායකයාටත්, ආණ්ඩුවටත්, රටටත් තිබෙන ආදරයකින් නොවේ වාගේය. එක්කෝ මහලූ විය ගෙවා දැමීමටය, නැතිනම් දීමනාවට, ගතමනාවක් සොයා ගැනීමට හෝ කෙසේ හෝ නඩත්තු වීමේ ක‍්‍රමයක් ලෙසිනි. ඔවුන්ගෙන් සමහරු හෙට මේ ආණ්ඩුව බිඳ වැටුණොත් තමන් ළඟ තිබෙන තොරතුරු සමඟින් ඊළඟ ආණ්ඩුවේද උපදේශකයෝය. මේ රටේ දේශපාලනය ද හැඩගැසී තිබෙන්නේ එහෙමය.  ඕනෑම ආණ්ඩුවක් නිතරම කල්පනා කරන්නේ බලය රැකගෙන තමන්ගේ දේශපාලන ව්‍යාපෘති කි‍්‍රයාවට නඟමින් ඉදිරියට යෑමටයි. සාමාන්‍යයෙන් දේශපාලනඥයෝ පක්ෂග‍්‍රාහීය. එම නිසාම වැරැදි සිදුවීමට තිබෙන ඉඩකඩ වැඩිය. උපදේශකයන් හා කොන්ද පණ ඇති නිලධාරීන් අවශ්‍ය වන්නේ මැද තැනක සිට මේ පිළිබඳව විමසිල්ලෙන් සිට ආණ්ඩුවේ සමබරතාව ගිලිහී යන්නේ නම් ඉන් රජය බේරාගෙන නිසි මඟට ගෙන එ්මටයි. ඔවුහු වැටුප්, දීමනා, විවිධ වරප‍්‍රසාද සමඟ ප‍්‍රවාහන පහසුකම් හිමිකරගෙන සිටින්නෝ එම කාර්යය ද වෙනුවෙනි.

තිස් අවුරුදු යුද්ධය ජයගැනීම වුවද මේ අයට  ඕනෑම ගණනක් ලියා ගැනීමට ඉඩ තැබූ විවෘත චෙක්පතක් නොවේ. එහෙම කල්පනා කරනවා නම් වැරැදිය. එහෙත් දේශපාලනයේ දී කලක් යන විට එවන් කල්පනාවක් ඇතිවේ. ආණ්ඩුවක් උපදේශකයන් පත්කර ගන්නේ එවන් සමබර නොවන කල්පනාවන් ඇතිවිය හැකි නිසාය. හැම හත්ඉලව්වකටම දේශපේ‍්‍රමය ඇදගැනීම සමහර දේශපාලනඥයන්ගේ විලාසිතාවකි. එය අවශ්‍ය තැනට පමණක් යොදා ගන්නැයි උපදෙස් දීම උපදේශක පණ්ඩිතයන්ගේ වගකීමකි. එහෙත් අද සිදුවන්නේ ආණ්ඩුවේ නායකයන් ”චූන්වන” විදියට උපදෙස් සකස්කර ගැනීමය. එම කපටි පිළිවෙත තමන්ගේ පැවැත්ම උදෙසා මිස ආණ්ඩුවේ දීර්ඝකාලීන පැවැත්ම වෙනුවෙන් නම් විය නොහැක.

”මේ ඔක්කොම නාගරිකව විතරයි.
ගමට මේ කිසි දෙයක් තේරෙන්නෙ නෑ.
ගමට යන්නෙත් නෑ

අයට මේවා වැඩකුත් නෑ”


මේ ආකාරයෙන් ගමේ මිනිහා ගොනාට අන්දවා ආණ්ඩුවට උපදෙස් දෙන්නෝ ද සිටිති. අපේ රටේ 21 වැනි සියවසේ ගමේ මිනිහා එසේ ගොනාට ඇන්දවිය හැකියැයි කල්පනා කිරීම ම ඔවුනට කරන අපහාසයකි. ආණ්ඩුකරන විට හොඳට නරකට දෙකටම කර ගැසීමට නායකයන්ට සිදුවේ. විශේෂයෙන්ම මේ විධායක ජනාධිපති ක‍්‍රමය තුළ එය නිතැතින්ම සිදුවන අතර අන් අවශේෂ සමහරුන්  ” ඕවා ලොක්කගෙ වැඩ” කියා සාමුහිකත්වයේ වගකීමෙන් කර අරින බව පෙනේ. මේ අතර ආණ්ඩුව දුර්වල නොකර ගැනීමේ වගකීමද නායකයා සතුවේ. එසේ නොවුවහොත් එය අර පනින්න බලාගෙන සිටින සත්වයන්ට ඉනිමං තැබීමකි. ”සී සෝව” දෙපැත්තටම පැද්දේ. ඒ බව හොඳින්ම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ වටහාගෙන සිටින බව පෙනේ. ඒ නිසා මේ ගමනේදී නරක අඩුවෙන් තබාගෙන හොඳ වැඩියෙන් තබාගැනීමේ කළමනාකරණය ආණ්ඩුවකට කියාදීමේ වගකීමක් ආණ්ඩුවේ උපදේශක ප‍්‍රජාවට ද ඇත.
”කෝ කියන දෙයක් අහන්නෙ නෑනෙ.”

”ඇයි එහෙම නම් පිං පඩි අරගෙන වගේ ඔය තනතුරුවල ඉන්නෙ. අර හේමකුමාර නානායක්කාර වගේ අස්වෙලා ගෙදර යන්න තිබුණනෙ.”
සමහරුන් මේ උපදේශකයන් සම්බන්ධයෙන් තර්ක කරන්නේ එහෙමය.

ගමේ මිනිහාගේ දේශානුරාගය හා අධිරාජ්‍ය විරෝධය කිති කැවීමට සමහරු මොනවා කීවත් අද ජාත්‍යන්තරය ගැන සැලකිලිමත් නොවී හුදකලාවේ ”ළිං මැඬි සංකල්පයෙන්” ආණ්ඩු ගෙනයා නොහැක. ඒ තරමටම ගෝලීයකරණය සෑම රටකම පාලනතන්ත‍්‍ර ආක‍්‍රමණය කර තිබේ. මේ නිසා ”හොඳට නරකට දෙකට කටමය” කීවාසේ ජාත්‍යන්තරයද නැතුවම බැරිය. මීට සමහර රටවල් මුහුණ දෙන්නේ තමන් සතු ඛනිජ තෙල් වැනි ස්වාභාවික සම්පත් උපයේගී කරගෙන බව පෙනේ. ස්වාභාවික සම්පත් නැති රටකට මේ ජාත්‍යන්තර බලපෑමට ඔරොත්තු දීම ලෙහෙසි පහසු වන්නේ නැත.

මෙවන් පරිසරයක ශී‍්‍ර ලංකාව වැනි රටකට ජාත්‍යන්තර දේශපාලන කළමනාකරණය අපට නිවැරැදිව හඳුන්වාදුන්නේ ඇස්.ඩබ්ලිව්.ආර්.ඞී. හා සිරිමාවෝ  බණ්ඩාරනායක අගමැති යුවළය. එය හැඳින්වෙන්නේ ”මැද මාවතේ දේශපාලනය” නමිනි. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය බෞතීස්ම ලබන්නේ මේ ”මැද මාවතේ දේශපාලන සම්ප‍්‍රදාය” තුළයි. වමට ආකර්ෂණය වීම පමණක් නොව දකුණ අමනාප නොකරගෙන සිටීමද ඊට අයත්ය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මෙය කදිමට සමබර කළාය. මේ අතීතය සමහර උපදේශකයෝ නොදනිති. ඊට හේතුව මේ සමහරුන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ දේශපාලනය නොදන්නා ජේ.ආර්. වාදී  යූ.ඇන්.පී. කාරයන් වී සිට අවස්ථාවාදීව පැති මාරුකරගත් අය  නිසාදැයි කියන්න දන්නේ නැත. 1956 සිට 77 දක්වා පැවැති යූ.ඇන්.පී. විරෝධී ආණ්ඩු දෙකම අඩු වැඩි වශයෙන් පොදුවේ මැද මාවතේ යන විදෙස් පිළිවෙතක පිහිටා කටයුතු කර තිබේ. එක්සත් ජාතික පක්‍ෂයේ නායකයකු වූ හිටපු අගමැති ඩඞ්ලි සේනානායක මහා බි‍්‍රතාන්‍යයේ කළ සංචාරයකදී එවකට අධිරාජ්‍ය ගැති වර්ගවාදී දකුණු අපි‍්‍රකානු රජයේ අගමැති ඉයන් ඉස්මිත් සමඟ එකම මොටර් රථයක යාම පවා ප‍්‍රතික්ෂේප කළ බව කියවේ. ඔහු එදා ප‍්‍රතික්ෂේප කළේ එළිසබත් මහ රැජිනගේ ඉල්ලීමකි. ඒ කාලේ අපේ අය දිවුරුම් දුන්නේ රැජිනගේ නාමයෙනි.

මෙසේ මැද මාවතේ දේශපාලනය හරහා ජාත්‍යන්තරය සමඟ සමබරතාවක් පවත්වාගෙන යාමට ශී‍්‍ර.ල.නි.ප., යූ.ඇන්.පී. ආණ්ඩු පොදුවේ කටයුතු කර තිබුණි. මේ සම්ප‍්‍රදාය වෙනස් වන්නේ 1977 න් පසු ඇරඹි ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩු පාලනයත් සමඟය. අවසානයේ ජේ.ආර්. ට දකුණත්, වමත්, ඉන්දියාවත් තුනම නැති විය. එල්.ටී.ටී.ඊ. විරෝධී ජයග‍්‍රාහී වඩමාරච්චි සටනින් යූ.ඇන්.පී. පාලනයට පසුබැසීමට සිදුවන්නේ මැද මාවතේ පිහිටා ජාත්‍යන්තර සාධකය කළමනාකරණය කර ගැනීමට නොහැකි වූ නිසයි. නැවත ලෝකය එක්තැන් වෙමින් පවතින්නේ ”මැද මාවත” නිවැරදි යැයි පැවසෙන තැනකටයි. මේ ආණ්ඩුව ප‍්‍රභාකරන් සඳහටම නිහඬ කළේ එම දේශපාලනයේ පිහිටාය. එහිදී අපට ඉන්දියාව මෙන්ම එල්.ටී.ටී.ඊ.ය තහනම් කරමින් යුරෝපයේ හා ඇමරිකාවේ ද සහාය ලැබුණි. ඩයස්පෝරාවේ බලපෑම් මධ්‍යයේ වුවද එල්.ටී.ටී.ඊ.ය යුරෝපයේ හා ඇමරිකාවේ ආණ්ඩුවල ප‍්‍රතිපත්තිමය දේශපාලන තලයෙන් කොන්වීම අපේ ජයග‍්‍රහණයට හේතුවක් විය. මේ පිළිබඳව නිවැරැුදි විග‍්‍රහයක් අද ඇවැසිව තිබේ. අද සිදුවන සමහර කාරණා අරබයා එවන් කතිකාවතක් හෝ උපදේශනයන් නොපවතින බව පෙනේ. එසේම මේ මොහොතේ ජන සමාජයේ පවතින සංවාදයවත් මේ අය තේරුම් ගනිමින් සිටිනවාදැයි කියන්න දන්නේ නැත.

”දෝෂාභියෝගය දිනුවා වගේ නොවෙයි ජාත්‍යන්තරයෙන් එන ගෝරිය බලනවා.”

ගමේ ගොඬේ යූ.ඇන්.පී. කාරයන් තමන් ඇසුරු කරන ශී‍්‍ර ලංකාකාරයන්ට කියන්නේ එහෙමය. එය ආණ්ඩුව අනාගන්නවා යන මතයේ පිහිටා කල්පනා කිරීමකි.

”බම්බුව. ජාත්‍යන්තරයට කරන්න පුළුවන් දෙයක් නෑ  ඕයි.
ඒ ගොල්ලො ප‍්‍රකාශ නිකුත් කර කර ඉඳියි.”
ශී‍්‍ර ලංකාකාරයා යූ.ඇන්.පී. කාරයාට උත්තර දෙන්නේ එහෙමය.
”ආර්ථික සම්බාධක එහෙම වැටෙනකොට මොකක්ද වෙන්නේ කියල බලනවා.”
යූ.ඇන්.පී. කාරයා තර්ක කරන්නේ ආර්ථිකය ඉදිරියට දමමින්ය.
”එහෙම වෙනව නම් තමුසෙ හරි සතුටුයි නේද?”
”අපේ ආර්ථිකය ශක්තිමත් අයිසේ. නිකන් ඉන්න වෙලාවක කියවල බලනවකො මහ බැංකු වාර්තාව. නැත්නම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහත්තයගෙ ලිපියක්.”

ශී‍්‍ර ලංකාකාරයාද අත අරින්නේ නැත.
ඒ කොහොම වුණත්, සම්බාධක කෙසේ වෙතත්, අපේ රට සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ පොඩි පටලැවිල්ලක් තිබෙන බව දැන උගත් ශී‍්‍ර ලංකාකාරයන්ට වුවද නොවැටහෙනවා නොවේ. එහෙත් ඔවුහු රජය රැකගැනීමේ පැත්තෙන් යූ.ඇන්.පී.යට පිළිතුරු දෙමින් සිටිති.

මහ බැංකුව සඳහන් කරන පරිදි නම් ආර්ථිකය ශක්තිමත්ය. මුදල් අමාත්‍යාංශයේ ඉහළ තලයේ නිලධාරීන් පවසන්නේද එයමය. එහෙම නම් ජාත්‍යන්තරයට වුවද කළහැකි කෙංගෙඩියක් නැත. එහෙත් යුද්ධය අවසන් කළ රටක පැවැතිය යුතු මට්ටමේ ආර්ථික වර්ධනයක් එවන් අනෙක් රටවල් හා සැසඳීමේ දී අප ළඟාකර ගෙන තිබේද යන්න විචාරාත්මකව සොයාබැලිය යුතු යැයි ආර්ථිකය ගැන දැන උගත්  රජයට සම්බන්ධ නැති පිරිසක් තර්ක කරති. එවන් අය සමඟ සංවාදයකට යෑම වැදගත්ය. පසුගිය වසරේ මියන්මාරයට ඇ. ඩොලර් බිලියන 2 1/2ක ඍජු විදේශ ආයෝජන පැමිණෙන විට අපේ රටට ලැබුණේ බිලියන එකක් පමණ මුදලකි. ඊට පෙර වසරවල ඊටත් වඩා අඩුය. කොමියුනිස්ට් වියට්නාමයට එක වසරකට ලැබෙන ඍජු විදේශ ආයෝජනවල වටිනාකම ඇ. ඩොලර් බිලියන 8 ඉක්මවන බව කියැවේ. මේ සම්බන්ධයෙන් නව කතිකාවතක් ඇතිකර ගැනීම වැදගත්ය. ආර්ථිකය ශක්තිමත් නම් ”මැද මාවත” නැතත් යන  ඕනෑම මාවතක වුවද යම් දුරක් යා හැකිය. ඊට වඩා සමබර තැනකට පැමිණ ”මැද මාවතේම” යෑම කෝකටත් හොඳය.

 

වසන්තප‍්‍රිය රාමනායක

 



අදහස් (0)

මැද මාවත අමතක වීම

මුතු Friday, 25 January 2013 11:11 PM

අපේ මිනිස්සුන්ට මොකුත් මතක නැති එකේ ඕක මතක තියෙයිද (දී)

:       0       0

ජයී තිසර Friday, 25 January 2013 03:52 PM

දර්ශනයක් තිබේ බුදුරදු දෙසු දහමේ..... අති සුවිසල් ප්‍රතිඵල හරි වැටහීමේ..... සමගින් ලෝකෙ අන් අය අත්වැල් බැඳුමේ..... මැද පිළිවෙතයි හරිමඟ රට නැංවීමේ (නි)

:       0       0

හිල්ම් Saturday, 26 January 2013 01:29 AM

මිනිස්සුන්ට මුල, මැද , අග ඔක්කොම අමතකයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අරුවක්කාලු කසළ ව්‍යාපෘතියට කණකොකා හඬයිද?
2024 ජුලි මස 26 236 0

ගෝලීය ලෙස ගත්කල කසළ ගැටලු‍ව ප්‍රමුඛය. එය නාගරීකරණය සහ පරිභෝජනය සමග එක්ව පවතින ප්‍රශ්නයකි. පරිභෝජනය සහ නිෂ්පාදනය ඉහළ යන තරමට කසළ ප්‍රශ්නය ඉහළ යන බව නිශ්


ජනාධිපතිවරණ සටන් පාඨය කුමක් වේද?
2024 ජුලි මස 26 115 0

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. නොනිල වශයෙන් කියවෙන්නේ සැප්. 21 දිනයේ එය පැවැත්වෙන බවය. කොහොමටත් ජුලි 17 දිනෙන් පසුව ඉද


ලංකාවේ මුල්ම වැව් බැම්මේ වටිනාකම නොදන්නා නිලධාරීහු
2024 ජුලි මස 26 241 0

වසර තුන්දහසක පමණ ශ්‍රී ලාංකීය වාරි ඉතිහාසයේ ප්‍රථම වැව වශයෙන් සැලකෙන බසවක්කුලම වැවේ බැම්ම අවසරයකින් තොරව කාපට් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින


විසිදෙක සුබද? අසුබද?
2024 ජුලි මස 25 133 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආ ව්‍යවස්ථාවේ “වසර හයක්” යන්න වෙනුවට ‘වසර පහක්’ යන්න ආදේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිර


කොතරම් උපාධි ලැබුවත් සාරධර්ම නැත්නම් වැඩක් නෑ
2024 ජුලි මස 25 612 2

එංගලන්තයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු වන පුතකු සහ ඇමෙරිකාවේ ඉහළ රැකියාවක නිරත පුතකු සිටින 90 හැවිරිදි මවක එම පුතුන් දෙදෙනා නොසලකා හැරීම නිසා මාලබේ ප්‍රදේ


මාසයක්ම කියවූ ලොකුම සෙල්ලිපියේ ඇත්තේ මොනවාද?
2024 ජුලි මස 24 4822 3

සාහිත්‍ය මූලාශ්‍ර මෙන්ම පුරා විද්‍යා මූලාශ්‍ර ද ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීමට වැදගත් වේ. පුරා විද්‍යා මූලාශ්‍ර අතර කාසි, නටබුන් හා සෙල්ලිපි ප්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1157 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site