
(සාකච්ඡා කළේ රංජන් කස්තුරි)
කොරෝනා ව්‍යාප්තිය, මහ මැතිවරණය සහ මැතිවරණ කොමිසමේ අභ්‍යන්තර අර්බුද ආදී මාතෘකා මේ දිනවල සමාජයේ දැඩි කතාබහට ලක්වී තිබේ. විශේෂයෙන් මැතිවරණ කොමිසම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවන වාර්තා ආන්දෝලනාත්මකය. මේ පිළිබඳ කරුණු කාරණා සොයා බැලීමට අපි ඉකුත් දා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා හමුවූයෙමු. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මීටරයක දුරස්තභාවය ද ඇතිවහෙතෙම අප හා සාකච්ඡාවට එක්විය.
ප්‍රශ්නය:- මහ මැතිවරණයට දින නියම කිරීම සම්බන්ධයෙන් කොමිසමට චෝදනා එල්ල වෙනවා. ඇත්තටම මොකක්ද වුණේ?
පිළිතුර:- මම මුල ඉඳන්ම පටන් ගන්නම්. ඉකුත් දෙසැම්බර් හා ජනවාරි මාසවල සිටම මහ මැතිවරණය සම්බන්ධයෙන් කතා බහ ඇති වුණා. 19 වැනි සංශෝධනයට අනුව පාර්ලිමේන්තුවේ කාලය වසර හතර හමාරක් ගතවූ පසුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණය ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ වසර හතර හමාර නිමවන්නේ පෙබරවාරි මස 29 වැනි දින බව අප දැන සිටියා. වසර පහම ගියා නම් මේ වසරේ අගෝස්තු මස 31 වැනි දින දක්වා යන්න තිබුණා. කොහොම නමුත් ජනාධිපතිවරයා මාර්තු මස 02 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ඒ අනුව ඡන්ද විමසීම අප්‍රේල් මස 25 වැනි දිනට නියම වුණා. මේ අතර ලෝකයේ කොරෝනා වයිරස ව්‍යාප්තිය ගැනත් ලංකාවට ඇති වන තර්ජනය ගැනත් කතා බහක් ඇති වුණා. කෙසේ වුවත් මේ සියලු කරුණු කාරණා අතරේ අපි නාමයෝජනා කැඳෙව්වා. එහෙම කළේ යම් යම් තීරණවලට එළඹෙන්න කොමිසමට බලය ගැනීමටයි.
මේ අතර අපේ නිලධාරීන් ඒ කියන්නේ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන්, සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් කිව්වා, අප්‍රේල් මස 25 වැනි දිනය අමාරුයි කියලා. ඒත් අපට ජනාධිපතිතුමාට බල කරන්න බැහැ. අප්‍රේල් මාසෙ අවුරුදු නිවාඩුවත් තියෙනවා. අපි කාර්යබහුල කාලසටහනකට වැඩ කරන්න සූදානම් වුණා. මේ අතර ලංකාවෙන් කොරෝනා රෝගීන් හමුවුණා. ආණ්ඩුව නිවාඩු දින ප්‍රකාශයට පත් කළා. ඇඳිරි නීතිය දැම්මා. මේ සියලු කරුණු කාරණා සලකා බලා මැතිවරණ පනතේ අපට පැවරී ඇති බලතල අනුව අපි ඡන්ද විමසීම කල් දැම්මා. ඊට පස්සේ හොඳම දවස ලෙස සලකා ජූනි 20ට ඡන්ද විමසීම තියන්න තීන්දු කළා. ඒක මගේ පුද්ගලික තීන්දුවක් නෙමෙයි. මැතිවරණ කොමිසමේම තීන්දුවක්.
ප්‍රශ්නය:- මැතිවරණය මැයි මාසෙ 30 වැනි දින පවත්වන්න තීන්දුවක් ගත්තද?
පිළිතුර:- ඒක පට්ටපල් බොරුවක්. අපි එහෙම කිසිම තීන්දුවක් ගත්තේ නැහැ. ආදර්ශ ගැසට් නිවේදනයක් සකස් කරලා ඒකෙ ඡන්ද විමසීමේ දිනය ලෙස මැයි 30 යොදා ගන්න අපි සාකච්ඡා කළා. ප්‍රායෝගික තත්ත්වයන් සලකා බැලුවා. ඒක ආදර්ශ පත්‍රිකාවක්. ස්ථිර තීන්දුවක් නෙමෙයි.

ප්‍රශ්නය:- මහ මැතිවරණයේ ඡන්ද විමසීම මැයි 30 වැනි දිනට නියම කරමින් සකස් කළ ගැසට් නිවේදනයට වැරදීමකින් අත්සන් තැබූ කොමිසමේ සාමාජිකයෙක් එය ඉරා විසි කළ බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණා.
පිළිතුර:- එහෙම කිසිම දෙයක් වුණේ නැහැ. කොමිසමේ සාමාජික ජනාධිපති නීතිඥ නලින් අබේසේකර ගැසට්ටුවකට නොබලා අත්සන් කරාවිද? ඔබට එය විශ්වාස කළ හැකිද? මේවා මොන බොරුද?
ප්‍රශ්නය:- ජූනි 20 ඡන්ද විමසීම තබනවාට කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හුල් තරයේ විරෝධය දැක්වුවා නේද?
පිළිතුර:- විවිධ මත තියෙනවා. මැතිවරණ කොමිසම කියන්නේ තුන් දෙනෙක්. විවිධ අදහස් එනවා. තර්ක ගොඩනැගෙනවා. පස්සේ අපි සාමූහිකව පොදු තීන්දුවක් ගන්නවා. ජූනි 20 ඡන්ද විමසීම පවත්වන බව ප්‍රකාශ කරමින් තිදෙනාගෙම අත්සනින් ගැසට් පත්‍රය නිකුත් වුණා. විරුද්ධ වුණා නම් එතුමා අත්සන් කරන්නෙ නැහැනේ.
ප්‍රශ්නය:- ජූනි 20 ජනාධිපතිවරයාගේ උපන් දිනය එදාටම ඡන්ද විමසීම යෙදුණේ කොහොමද?
පිළිතුර:- කවුද අනේ උපන් දින ගැන දන්නේ. මමවත් කොමිසමේ සාමාජිකයන්වත් ඒ ගැන දැනගෙන හිටියේ නැහැ. අපට ජනාධිපතිතුමාගේ උපන් දිනයක් මතක තබාගන්නවත් දැනගන්නවත් අවශ්‍ය නැහැ. හැබැයි ඔන්න මහින්ද රාජපක්ෂ මහත්තයාගෙ උපන් දිනය නම් දන්නවා. මගේ හිතේ ඒ නොවැම්බර් 17 වැනිදා වෙන්න ඕනේ. මොකද ජනතාව එතුමා ජනාධිපති කාලෙ උත්සව තිබ්බා. එක පාරක් මට මතකයි උපන් දිනය දවසෙ තමයි එතුමා දිනපු ප්‍රතිඵලය නිකුත් වුණේ. ඒ නිසා ඒ දවස මතකයි.
ප්‍රශ්නය:- ඔබතුමා කියන්නේ ඒ දවස යොදාගත්තෙ අහම්බෙන් කියලද?
පිළිතුර:- අහම්බෙන් නෙමෙයි, එදා තමයි අපි තීරණය ගත්ත අවස්ථාවෙ තිබ්බ හොඳම දිනය. ජූනි 17 ගන්න සාකච්ඡා කළා. සතියෙ මැද දවසක්. පාසල් දින දෙකක් වහන්න වෙනවා. ජූනි 21 ගැන කතා කළා. එදා ඉරිදාවක්. සෙනසුරාදා දවස අපට පහසුයි.

ප්‍රශ්නය:- පාර්ලිමේන්තුව විසුරුවා මාස තුනක් ගතවන්නේ ජූනි 02 දාටයි. ජූනි 20 ඡන්ද විමසීම තිබ්බොත් ව්‍යවස්ථා අර්බුදයක් ඇති වෙනවා නේද?
පිළිතුර:- අපේ වගකීම ඡන්දයට දිනයක් නියම කිරීම, ව්‍යවස්ථා අර්බුදයක් ඇති වනවා නම් ඒ ගැන වගකිවයුතු බලධාරීන් බලා ගනීවි. ඒක ව්‍යවස්ථා විශාරදයන් බලා ගත යුතුයි.
ප්‍රශ්නය:- ව්‍යවස්ථා අර්බුදයක් ගැන මුලින්ම පෙන්වා දෙමින් කොමිසම තමයි ජනාධිපතිවරයාට ලිපියක් ලිව්වේ.
පිළිතුර:- අපි ව්‍යවස්ථා අර්බුදයක් ඇති විය හැකි බවක් සඳහන් කරමින් ජනාධිපති ලේකම්වරයාට ලිපියක් ලිව්වා. එතුමා කිව්වේ අපට ඡන්දයට දිනයක් නියම කරන ලෙසයි. ඒක කොමිසමේ වගකීමක් නිසා අපි දිනයක් නියම කළා.
ප්‍රශ්නය:- ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමේ ඔබේ යෝජනාව ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළා. ඔබට වෙනත් ආකාරයකින් අධිකරණයෙන් ආවරණයක් ගන්න තිබුණා නේද?
පිළිතුර:- එතකොට ගෙජ්ජිය බඳින්න ඕනෙ අපිද?
ප්‍රශ්නය:- ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය නොවිමසීම ගැන සලකා කොමිසමට රිට් ආඥාවක් ලබා ගන්න තිබුණා යැයි ඇතැම් දේශපාලන නායකයන් කොමිසමට ඇඟිල්ල දික්කරනවා.
පිළිතුර:- ඒ අයට උසාවි යන්න පුළුවන්නේ. අපිම යන්න ඕනද?
ප්‍රශ්නය:- ජූනි 20 ඡන්ද විමසීම තැබීමට මැතිවරණ කොමිසම ගත් තීන්දුවට එරෙහිව පිරිසක් උසාවි යන්න හදනවා. එතකොට?
පිළිතුර:- ඒක පුරවැසියන්ගේ අයිතිය. ව්‍යවස්ථාව උල්ලංඝනය වෙලා නම් මූලික අයිතිවාසිකම් කඩ වෙලා නම් අධිකරණයට යන්න ඕනේ. ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නොත් අපි පිළිගන්නවා. ඒක ක්‍රියාත්මක කරනවා.

ප්‍රශ්නය:- ඇත්තම කියන්න. ජූනි 20 ඡන්දය තියන්න පුළුවන්ද?
පිළිතුර:- එහෙම හිතාගෙන තමයි අපි දිනය නියම කළේ. රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය නැත්නම් කොරෝනා තමයි අවසානයේ තීන්දුව ගන්නේ.
ප්‍රශ්නය:- ඒ කියන්නෙ එදාට ඡන්දය තියන්නෙ නැද්ද?
පිළිතුර:- කවුද එහෙම කිව්වේ. ජූනි 20 ඡන්දෙ තියන්නෙ නැහැ කියලා. අපි කියන්නේ නැහැ. වයිරසය පැතිරෙනවා කියලා කොමිසම අතපය බැඳගෙන ඉන්නෙත් නැහැ. අපි ඡන්දෙ මූලික වැඩ කරගෙන යනවා.
ප්‍රශ්නය:- තවදුරටත් කොරෝනා ව්‍යාප්ත වෙමින් ගියොත් මොකද වෙන්නේ?
පිළිතුර:- එහෙම නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම රට සාමාන්‍ය වෙලා දින 35ක කාලයක්වත් ඡන්දය තියන්න ඕන වෙනවා. ජූනි 20 ඡන්දය තියන්න නම් මැයි මාසෙ 15 වැනිදා වන විටත් රට සාමාන්‍ය තත්ත්වයකින් තියෙන්න ඕනේ. අනික මැතිවරණය තියන්න ග්‍රීන්ලයිට් දෙකක් අවශ්‍යයි. සෞඛ්‍ය අංශවල ග්‍රීන්ලයිට් එක ඕනේ. අනික අපේ නිලධාරීන්ගේ ග්‍රීන් ලයිට් එක අවශ්‍යයි. ඡන්ද වැඩ කරන්න පුළුවන් පරිසරයක් වාතාවරණයක් නිලධාරීන්ට තියෙන්නෙ ඕනේ.
ප්‍රශ්නය:- සෞඛ්‍ය ක්‍රමවේද හා දුරස්ථභාවය රැකගෙන ඡන්දය තියන්න බැරිද?
පිළිතුර:- මැතිවරණ රාජකාරිවලට නිලධාරීන් තුන් ගුණයක් අවශ්‍යයි. නිලධාරීන් ඉන්නේ 50 නම් ඡන්දයට 150ක් ඕනේ. කච්චේරිවල 100 නම් ඉන්නේ ඡන්දයකදී 200ක් පමණ අවශ්‍ය වෙනවා. විශ්‍රාම ගිය නිලධාරීන්ගේ වෙනත් ආයතනවල නිලධාරීන්ගේ සහාය ගන්නවා. තැපැල් දෙපාර්තමේන්තුව විශාල කාර්ය භාරයක් කරනවා. ඒ අයගේ කැමැත්ත හැකියාව ගැනත් බලන්න ඕනේ. තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේදී පියවර කීපයක් තිබෙනවා. මීටරයක දුර තියාගෙන මේවා කරන්න අමාරුයි.

දැන් බලන්න ඡන්ද පොළ කාර්ය මණ්ඩලවලට රැස්වෙන්න ඕනේ. උපදෙස් පන්ති තියන්න අවශ්‍යයි. පොකට් මීටින් එකක්වත් තියන්න බැරි තත්ත්වයක් නම් කොහොමද අපි ඒක කරන්නේ. පෝලිං ඒජන්ට්ලා රැස්වෙන්න ඕනේ. මහා ඡන්ද රැස්වීම් නැති වුණත් ගම් මට්ටමින්වත් පුංචි රැස්වීම් තියන්න වෙනවා. දුරස්ථභාවය සෞඛ්‍යාරක්ෂිත ක්‍රම තියාගෙන මේවා කරන්න අමාරුයි.
අපි ඡන්දය කල් දාන්න කැමති නැහැ. මම පෞද්ගලික තීන්දු ගන්නෙ නැහැ. කොමිසම පොදුවේ හරි තීන්දුව ගන්නවා. අපේ නිලධාරීන්ගෙ සහ අපිත් එක්ක වැඩ කරන වෙනත් රාජ්‍ය අංශවල නිලධාරීන්ගේ ග්‍රීන් ලයිට් එක ඡන්දය තියන්න අවශ්‍යමයි.
ප්‍රශ්නය:- තත්ත්වය යම් ප්‍රමාණයකින්වත් අඩු වුණොත් මැතිවරණය පැවැත්විය හැකි බවට ඇතැම් පිරිස් යෝජනා කරනවා.
පිළිතුර:- සම්පූර්ණයෙන්ම කොරෝනා නැතිම තත්ත්වයක් මත නෙමෙයි, පාලිත තත්ත්වයක් මත ඡන්දය තියන්න අපේ නිලධාරීන්ගේ කැමැත්ත ඕන බවක් මම කිව්වෙ ඒ නිසයි.
අනිත් අතට මැතිවරණ නීතියට අනුව ප්‍රචාර කටයුතුවලට සති පහකවත් අවම කාලයක් ලබා දෙන්න ඕනේ. විනිවිද භාවයකින්, නිදහස්ව හා සාධාරණව ඡන්ද විමසීම තියන්න ඕනේ. අපි සම බිමේ සටනක් කරන්න පුළුවන් පරිසරයක තමයි ඡන්දය තැබිය යුත්තේ.
ප්‍රශ්නය:- එහෙම නම් කොරියාවේ ඡන්දෙ තිබ්බේ කොහොමද?
පිළිතුර:- ඒක අපට වඩා හුඟාක් වෙනස්. කොරියාවෙ මැතිවරණ කොමිසමට විශාල බලතල තිබෙනවා. ඉන්දියාවේ කොමිසමටත් වඩා බලයක් තියෙනවා. ඒ අය ඡන්ද ගණන් කරන්නේ යන්ත්‍රයකින්. ඒ රටේ මනාප ලකුණු කිරීමක් නැහැ. මටනම් මනාප ගණන් කිරීම තරම් බියකරු අත්දැකීමක් තවත් නැහැ. අනිත් අතට මේ තත්ත්වය තුළ මිනිස්සු ඡන්දය දාන්න ඒවිද? නැහැ. වයිරසය පැතිර යමින් තියෙද්දී කඩේට ගිහින් බඩු ගන්නව වගේ ඡන්දය දාන්න මිනිස්සු එන එකක් නැහැ.
ප්‍රශ්නය:- මැතිවරණය දින කීපයක් තිස්සෙ එක දිගට තිබ්බොත් ඡන්දදායකයන්ට දුරස්ථභාවය තියාගෙන ඇවිත් ඡන්දය ප්‍රකාශ කළ හැකියි. ඒ ගැන අදහස මොකක්ද?
පිළිතුර:- ඒ ගැන කොමිසම තවම සාකච්ඡා කරලා නැහැ. ඒත් ඡන්ද ගණන් කිරීමේදී විශාල පිරිසකට එකට ගැවසෙන්න සිදුවෙනවා.

ප්‍රශ්නය:- පාර්ලිමේන්තුවක් අවශ්‍ය නැහැ මෙහෙම රට කරගෙන යන්න ආදී වශයෙන් සමාජ මාධ්‍ය හරහා යම් මතයක් නිර්මාණය වෙමින් යනවා. ඒ ගැන අදහස?
පිළිතුර:- නිකන් රැල්ලට කියන කතා. ඒක භයානක තත්ත්වයක්. විධායකය, ව්‍යවස්ථාදායදය සහ අධිකරණය කියන කුලුනු තුනම ප්‍රජාතන්ත්‍රවාදී රටකට අවශ්‍යයි. රාජ්‍ය නිලධාරීන්ගේ ආණ්ඩුවකට වඩා සහ හමුදා පාලනයකට වඩා දේශපාලන ආණ්ඩුවක් රටකට හිතකරයි. මොකද දේශපාලනඥයෝ අවුරුදු පහකට සැරයක්වත් ජනතාව ඉදිරියට ඇවිත් තමන්ට සේවා දිගුවක් ඉල්ලනවා. එතකොට ජනතාවට තීන්දුවක් ගන්න පුළුවන්. නිලධාරි පාලනයකදී හමුදා පාලනයකදී එහෙම නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී රටක පාලන බලයේ පදනම ජනතාවගේ කැමැත්තයි. එය ප්‍රකාශ වන්නේ නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමකින්.
ප්‍රශ්නය:- මම නැවතත් අහන්නේ තව පාරක් ඡන්දෙ කල් දානවද?
පිළිතුර:- දැනටමත් කල් ගිහිල්ලා වැඩියි.
ප්‍රශ්නය:- හොඳයි මොකක්ද මේ කොමිසමේ අභ්‍යන්තර අර්බුදය
පිළිතුර:- කොමිසම කියන්නේ තුන්දෙනෙක්. මහින්ද දේශප්‍රියලා තුන්දෙනෙක්වත් මහාචාර්ය හුල්වරු තුන්දෙනෙක්වත් නොවෙයි. මත තියෙනවා.

ප්‍රශ්නය:- මම කෙළින්ම අහන්නම්. මහාචාර්ය රත්නජීවන් හුල් සහ ඔබ අතර විශාල මත ගැටුමක් තිබෙනවා නේද?
පිළිතුර:- එතුමා විවිධ අදහස් දරනවා. මහාචාර්යතුමාට අපකීර්තියක් හෝ චෝදනාවක් හෝ කරන්න මගේ තුන් හිතකවත් නැහැ. ඔබ අහන නිසා පමණක් කියන්නම්. සාමූහිකව ගන්න තීන්දුවක් එළියට ගිහින් විවේචනය කළොත් ප්‍රශ්න ඇති වෙනවා. ඒක කොමිසමට හොඳ නැහැ. කොමිසම ගැන ජනතාව තුළ තිබෙන හැඟීම පළුඳු වෙනවා. මහාචාර්ය හුල්ගේ ප්‍රකාශ හරහා කිසියම් පාර්ශ්වයක් වාසි ගැනීමේ වැඩපිළිවෙළක් කරනවා කියලත් මට හිතෙනවා. ඉකුත් දිනවල සමාජ මාධ්‍යවලත් ඇතැම් ප්‍රසිද්ධ මාධ්‍යවලත් පළවූ වාර්තාවලට පදනමක් නැහැ. ඒවා සත්‍යයෙන් තොරයි. එක කපුටු පිහාටුවක් කාක්කො හත්දෙනෙක් කරන කතාවක් තියෙනවා. ඒක අහලා තියෙනවා නේද?
ප්‍රශ්නය:- මැතිවරණ කොමිසමේ ක්‍රියාකාරිත්වය තුළ පැන නගින ගැටලු ගැන බැලුවොත් කොමිසමේ සාමාජික සංඛ්‍යාව පහක් වූවා නම් හොඳයි කියා ඔබට හිතෙන්නෙ නැද්ද?
සාමාජිකයන් පහක් වුණොත් ගණපූරණය තුනක් විය යුතුයි. සාමාජිකයන් තුනක් වුණොත් ගණපූරණය දෙකක් විය යුතුයි. දැනට තියෙන තත්ත්වය ගණපූර්ණය තුනයි. සාමාජිකයොත් තුනයි. එක් අයෙකුට පුළුවන් විරෝධය දක්වලා මුළු ක්‍රියාදාමයම වෙනස් කරන්න. ඒක හොඳ තත්ත්වයක් නොවෙයි. මැතිවරණ කොමිසමේ ක්‍රියාකාරිත්වයට රීති හදන්න අවශ්‍යයි.
ප්‍රශ්නය:- ඔබ කලකිරීමකින් කතා කරන බවක් පේනවා.
පිළිතුර:- මට කලකිරීමක්වත් ආතතියක්වත් නැහැ. හැබැයි අසතුටක් තියෙනවා. පදනම් විරහිත චෝදනාවලට සීමාවක් තිබිය යුතුයි. දැන් බලන්න කොමිසමට බනිනකොට මට විතරයි ඇඟිල්ල දික්කරන්නේ. එක පඹයයි කාටුන්වලට අඳින්නේ. පඹයො තුන්දෙනෙක් අඳින්නෙ නැහැනේ.
ප්‍රශ්නය:- අන්තිම ප්‍රශ්නයත් අහන්නම්. අසතුට නිසා තීන්දුවක් ගන්නවද?
පිළිතුර:- ඉකුත් ජනාධිපතිවරණයෙන් පස්සේ සභාපති ධුරයෙන් ඉවත් වෙන්න හිතාගෙනයි හිටියේ. මට වැඩ කරන්න පුළුවන්. සභාපතිකමේ වගකීම් දරන්නත් පුළුවන්. හැබැයි දිගින් දිගටම බොරු චෝදනාවලට මුහුණ දෙන්න කැමැති නැහැ. එක වෙලාවකට හිතෙනවා මේක කටු ඔටුන්නක්.
COMMENTS
ජනාධිපති අගමැති විපක්ෂය මැතිවරණ කොමිසම මේ හැමෝම නිකම් වටේ යනවා. පවතින තත්වය විශ්ලේෂණය කරලා මේ වගේ අර්බුදකාරී වෙලාවකවත් කෙලින් තීරණයක් ගන්න බැරි මේගොල්ලෝ රටක් පාලනය කරන්නේ කොහොමද? ආණ්ඩුව කොරෝන මර්දනය කරන්නේ නිකම් එදා වේල හොයන මිනිහෙක් රස්සාවක් හොයහොයා යනව වගේ කොරෝන ලෙඩ්ඩු හොය හොයා. ආණ්ඩුව කිව්වට ආණ්ඩුවක් පේන තෙක් මානෙක නැහැ. ඉන්නේ ජනාධිපතියි, මට ගාන මතක නැති වයිවාරන ජනාධිපති කාර්ය සාධක බලකාවලුයි. ලෝකේ බොහෝ රටවල් එක්ක බලන කොට අපි කොරෝනා අර්බුදයට මුහුණ දුන්නෙම ප්‍රශ්නේ පටලවගෙන. වෙනත් විදිහකට කියනව නම් අනිත් රටවල් තමන්ගේ ජනතාව ගැන විශ්වාසය තියල කොරෝනා මර්දනය කරන්න හදන කොට අපේ රටේ කලේ ජනතාව අවිශ්වාස කරලා, කොරෝන වෙනුවට ජනතාව මර්දනය කරලා බය කරලා කොරෝනා මැඬ පවත්තන්න හදපු එක. ඒ හින්දා අනිත් රටවල රෝගය ගැන කතා කරන කොට අපේ රටේ අහන්න වෙලා තියෙන්නේ රෝගියාගේ වගතුග, පෞද්ගලික කාරණා, ගමේ නම, රැකියාව, ඇසුරු කරපු සංඛ්‍යාව, අල්ලපු විදිය, අරක මේක. මේක විකාරයක්...
දැනට පවතින තත්ත්වය සැලකු විට කොරෝනා වෛරසය 100% කින් ලෝකයෙන් අවසන් කිරීමට වසර ගණනක් යනු ඇත. ඒ අනුව අප රටේ ද කොරෝනා රොගීන් වැඩි වීම පාලනය කළත් තවත් මාස ගණනක් සුළු වශයෙන් හෝ පැවතීම අපේක්‍ෂා කළ යුතුමය. එ බැවින් මෙය පාලනය කළ හැකි මට්ටමක පවතී නම් මැතිවරණය පූර්ණ සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කරමින් පැවැත්වීම වඩාත් උචිතය. මෙහි දී පහත ක්‍රම දෙකෙන් එකක් අනුව සිදු කීරීම නිලධාරී හිඟයට සහ ඡන්ද දායකයින්ගේ තදබදය අවම කිරීමට භාවිත කළ හැකිය. (01). මැතිවරණය දින දෙකකදී පැවැත්වීම. එහි දී කාන්තා / පිරීමි ලෙස හෝ ජා.හැ.අංකයේ අවසාන ඉලක්කම ඔත්තේ / ඉරට්ටේ වීම අනුව එම දින දෙක ඡන්ද දායකයින්ට වෙන් කර දීම කළ හැකිය. (02). පළාත් කිහිපය බැගින් දින 02 හෝ 03 කදී මැතිවරණය පැවැත් වීම. (උදා. 1. බස්නාහිර පළාත, 2. වයඹ/උතුර/නැගෙනහිර/දකුණ ලෙස මුහුදුබඩ පළාත්, 3. උ මැද/මධ්‍යම/සබරගමු/ඌව යන රට අභ්‍යන්තර පළාත්). තවද මෙහි දී මධස්ථාන ප්‍රමාණය දෙගුණ කිරීමෙන් තදබදය අඩු වන අතර, අනෙකුත් පළාත් වලින් රාජකාරී සඳහා සේවකයින් ගෙන්වා ගත හැකිය.
දැන්වත් සීත කාමර වල ඉඳගෙන මාස්ක් දාගෙන කරන ගෙස්ටිමේට් තීරණ මතම විතරක් ඉන්නේ නැතුව ඇස ඇරලා රට දිහා බලන්න. ත්‍රිවිධ හමුදාවත් හෙම්බත් වෙලා. පොලෝසියත් හෙම්බත් වෙලා. ජනතාවත් හෙම්බත් වෙලා. රෝගීන් ගාන අඩු වුනාද? නැහැ. ඒ හින්ද ප්‍රශ්න එකින් එක අරන් හිතන්න. මොකක්ද බරපතලම ප්‍රශ්නය? 1. රෝගීන් විශාල සංඛ්‍යාවක් ආවොත් මොකොද කරන්නේ? IDH එක දැනටම පිරිලා. හමුදා කඳවුරු වහන්නත් වෙලා. ඔවුන්ට ගම්වල ඉන්න බැහැ. තමන්ගේ සෞඛ්‍යය ගැන නොහිත රටේ මිනිස්සුන්ව නිරෝගිව තියන්න ගිහින් අද ත්‍රිවිධ හමුදාවට ගමට යන්න බැරි වෙලා. තනිකරම පාලකයන්ගේ වැරැද්ද. ඒ හින්ද නො)මිනිසුන්ගෙන් වෙන් වෙලා හමුදාවට ඉන්න වහල තියෙන පාසල් පාවිච්චි කරන්න වෙලා. ඊළඟට වැහි කාලේ ආහම ගංවතුර ආවොත් අවතැන් වෙන මිනිස්සු ඉන්දන්න ඉඩකඩ තියෙන තැනුත් ඕනේ. ඒනිසා පලවෙනි තීරණය-පාසල් නැවත විවෘත කිරීම අගෝස්තු දක්වා කල් දැමීම. 2. රට කලාප වලට බෙදාගෙන, හරිම අතාර්කික නොම්බර වලට පාරට එන නීතියයි, උදේට දාන ඇඳිරිනීති නියෝග හවසට වෙනස් කරන ජනාධිපති කෝලමයි නවත්තල, මුළු රටම එක ඒකකයක් විදිහට අරගෙන, ඇඳිරි නීතිය වෙනුවට, මාස 3කට ජන සංචරණය සීමා කිරීම හෙවත් රට ලොක් ඩවුන් කිරීම....
අපි කව්රුත් කැමති කාවහරි විවේචනය කරන්න. විශේෂයෙන්ම ඒ වෙලාවේ පවතින ආණ්ඩුව. වෙන මොන රටවල් මොනවා කලත් අපේ රටේ කොරෝනා රෝගය හොඳින් පාලනය වෙලා තිබුන. ආණ්ඩුවේ මොන දුර්වලකම තිබුනත් සමහර මෝඩ ඇමතිවරු ගොන් කතා කිව්වට සුව සේවාව හමුදා පොලිස් සියල්ලෝම තම තමන්ගේ කාර්ය කල. එත් කරුමෙට කුඩ්ඩන් පස්සේ යන්න ගිහින් වෙච්ච අකරතැබ්බෙන් නාවික හමුදාව කරදරේ වැටුනේ. ඒක මේ වගේ අවස්ථාවලට නුපුරුදුකම නිසා සිදුවූවක්. එහෙත් අපේ මහජනයා වෙතින් එම කැපවීම අඩුවුණා විතරක් නොවෙයි සමහරු ඉතාම කැත විදියට ආරක්ෂක කටයුතු නොසලකා ක්‍රියා කළා. වෙන බොහෝ රටවල මහජන ක්‍රියාකාරකම් රජයේ වැඩට වඩා ඉහලින් තිබුන. අපේ මිනිසුන් සමහර අවස්ථවලදී හැම දේම සමච්චලයට ගන්න එක කණගාටුවක්. උදාහරණයක් විදියට ආගමික උත්සව මියගිය අය ආදාහනයේදී වුන ප්‍රශ්න ඇඳිරි නීති කඩ කිරීම් වගේ දේවල්...
3). වෙන තැනකත් ලිව්වා වගේ මැතිවරණය සැප්තැම්බර් දක්වා කල් දැමීම - දැන් තියෙන තත්වේ උඩ රජයේ නිලධාරීන්ට මැතිවරණ රාජකාරී කරන්න පුලුවන්ද? මිනිස්සුන්ට චන්දෙ දාන මානසිකත්වයක් තියෙනවද? චන්දෙට එන මිනිස්සුන්ට කොරෝනා වැළඳෙන්නේ නැහැ කියල සහතිකයක් දෙන්නේ පොලිසියද? ප්‍රයෝගික බුද්ධිය පාවිච්චි කරන්න. 4). ලොක් ඩවුන් ගැන මිනිස්සු දැනුවත් කිරීම - ගමේ පොඩි කඩෙයි, ෆාමසියයි, සුපර් මාර්කට් එකයි ඔක්කොම වහගෙන කරන විකාරේ නවත්තන්න. ජන සංචරණය සීමා කිරීම ගැන මිනිස්සු දැනුවත් කරන්න. කොරෝනා කාගෙන් කොහෙන් හැදෙයිද දන්නේ නැහැ. මාස ගානක් මුහුදේ ගමන් කල, න්‍යෂ්ටික ගුවන් යාන අරන් යන ඇමරිකන් යුධ නෞකාවක නාවිකයන් 100කටත් කොරෝන හැදුන. හැබැයි කාගෙන්ද කොහෙන්ද හැදුනේ කියල හොයන්න ගියේ නැහැ. ඒ හින්ද මිනිස්සුන්ට යථාර්තය පහදන්න ඕනේ. සංචරණ සීමා නීතිය අනුව ගෙදරින් එලියට යන්න ඕනේ බඩු ගන්න, බෙහෙත් ගන්න, ගෘහාශ්‍රිත වදහිංසා පැමිණිලි කිරීම හෝ අනුමත රැකියා සඳහා පමණයි. ඇඳිරි නීතිය නිසා තැන් තැන්වල හිර වෙලා වෙනම ඉන්න දෙමව්පියන්ට දරුවන්ට පවුල්වලට එකතු වෙන්න ඉඩ දෙන්න. ඒක මානුෂික අයිතියක්. 5). අර 5000 දීමනාවට කොරෝන අරමුදලෙන් මුදල් වෙන් කරන්න.
අපි සල්ලි වියදම් කරන්නම්... ගන්න කමක් නැහැ.
පොඩි දරුවෙකුට පාසල් යන්න බැරි කොට චන්දයක් පවත්වන්නේ කොහොමද විමල් වීරවන්සල, ගම්මන්පිලල, වාසුදේවලා, අබයතිස්සල , වාචාල දොඩනකොට මොන මැතිවරණයක්ද? එකටනේ ජනාධිපතිතුමා විද්වත් මණ්ඩලයක් පත්කළේ .... ඕකට පාලි , සංස්කෘත, ඉගනගත්ත ගෝලයෝ අයින් කරලා විශ්‍රාම ගිය විද්වතුන් රාශියක් ලංකාවේ ඉන්නව. මැකෝ මහත්තයෝ කලබල නොවී , ඔබතුමාවත් හරි නීතිය පිලිබදව අවබෝධයක් ඇති විද්වත් පිරිසක් සමග වැඩ කරගෙන යන්න. ඔබතුමාට හැර මෙම කර්තව්‍ය කිසිම කෙනෙකුට කරන්නට බැරිය. 1948 ලැබුණු නිදහස මොකෙකුටවත් අවභාවිතා කරන්නට දෙන්න එපා... චුටි දරු පැටව් පාලිත තෙවරප්පෙරුම බත් මාළු බෙදනකොට පිඟන් , බාල්දි අරගෙන සිගන්නෝ වගේ වැරහැලි ඇඳගෙන පාරට ඇවිත් ඉල්ලනවා... මේවා දකිනකොට අපේ හදවත් දැවෙනවා. අපිත් පුළුවන් විදිහට ගමේ මිනිසුන්ට උදව් උපකාර කරනවා. නමුත් හොරා කාපු එවුන් මුකවාඩම් බැඳගෙන දොඩෝනවා. ඔබතුමා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න. චම්පා, ඔබගේ අදහස් ඉතාම වටිනවා.
ලොක් ඩව්න් එකයි ඇ දිරි නීතියයි අතර වෙනස දන්නව නම් ලොක් ඩව්න් කරන්න කියන්නේ නැහැ. දියුණු රටවල් වලට ලොක් ඩව්න් කරන්න පුළුවන් උනාට ලංකාවේ ඔහොම කරන්න බැහැ. ප්‍රායෝගිකව මොකද ලොක් ඩව්න් කොලොත් කිසිම අත්‍යවශ්‍ය සේවාවක් කරගෙන යන්න බැරිවෙනවා. රටේ බහුතරයක් එදිනෙදා හම්බකර ගන්න අය. ඔබ එදිනෙදා හම්බකරගෙන කෙනෙක් විදියට හිතාගෙන ටිකක් බලන්න ලොක් ඩව්න් කරහම ඉන්න පුලුවන්ද කියල.... කිසිම අත්‍යවශ්‍ය සේවාවක් නැතිව....
මෙහි අදහස් කියවීමේදී තම තමන්ගේ ඒ ඒ වන්දනාමාන කරන පාට කන්නාඩි දමා අදහස් කරන බවක් නම් හොදින්ම පැහැදිලි වන්නේය. මෙම අවස්ථාවේ නිවට කාලකන්නි දේශපාලුවන් 225 ම බලන්නේත් කෙසේ නැවතත් දියවන්න පට්ටියට යන්නේද යන වග හැර රටේ පවතින තත්වයට අවංකවම තමන්ගේ දායකත්වය නොදීම බව නම් ඉතාමත්ම පැහැදිලිය. රටට හෙන වැදුනත් කමක් නැත... ඒ ඒ දේශපාලුවගේ අදහස් හා අබිමතයන් ක්‍රියාත්මක වී නැවතත් පිනට කකා බිබී සිටීමට හැකිනම් යන්න නොවේද?
චීන කොරෝනා ...!! අපිට කියල දුන්නේ චිනේ වගේ වැඩ කරපන් ...චන්දත් එපා ...පාර්ලිමේන්තුවත් එපා ...උන්ට වියදම් කරන මහා දනස්කන්ධය අහිංසක මිනිසුන් වෙනුවෙන් දීපන් ...සැප කාරුත් එපා ...පිටරටින් ගෙන සුකුරුත්තන් එපා .... මේ පාර්ලිමෙන්තුවෙ හොරුන්ට කරන්ට පුළුවන් කෙන්ගෙඩියක් නැහැ .. හිටපු උන්ගේ නිල නිවාසයි වාහනයි සියලු සම්පත් යොදා මේ අපදා ව නැතිකරන්න ..!! මේ කුඩා රට පාලනයට ජනාධිපති සහ කැබිනට් එක හොදටම ඇති . හමුදාව සහ නිලදාරීන් ඉහටත් උඩින් ...මේ වෙලාවේ නීති රීති වලට වඩා ප්‍රායෝගික දේ කලයුතුයි.. අපේ රට ආගාධයට හෙලු පසු ගිය හොරු ටික නැවත එපා කියා ලක්ෂ 69 උන් පන්නා දමා ඇති ....
චම්පා, මුනින් හැරවූ කලගේඩියකට කොච්චර වතුර වක්කෙරුවත් වැඩක් නැහැ. අපේ සමහරුන්ට ඕන වෙලා තියෙන්නේ රටේ මිනිස්සුන්ට හෙන ගැහුවත් මැතිවරණයක් පවත්වලා බලය තහවුරු කර ගන්න. එක බඩජහරියෙක් කියනවා පන්දාහ දෙන්න ඕන... ඒ ගොල්ලන්ට චන්දෙ දුන්න මිනිසුන්ට විතරයි කියල! ඇයි , අනිත් මිනිස්සු මේ රටේ පුරවැසියෝ නොවෙයිද? එහෙම නම් මුන් මෙවැනි ම්ලේච්චයන්ට තිබුනේ චන්දෙ දිනපු හැටිය විරුද්ධ පාක්ෂිකයන්ව මරලා දමන්න නෙව! කතා කරලා වැඩක් නැහැ චම්පා, ඔලුවෙන් නැතුව බඩෙන් හිතන එවුන්ට ඔබේ භාෂාව තේරෙන්නේ නැහැ!!
චම්පාගේ කතාව හරි ,පාමසියකට ගිහින් සාමාන්‍ය විදිහට බෙහෙත් ගන්න , කඩේකට ගිහින් සාමාන්‍ය විදිහට බඩු ගන්න, රැකි රක්ෂා කරගන්න , පොදු ප්‍රවාහන සේවා භාවිත කර ගමනක් යන්න බැරි වාතාවරණයක් තිබෙනවා කියන්නේ රට සාමාන්‍ය තත්වයට පත්වෙලා නැහැ , ඉහත සදහන් කර දේවල් සාමාන්‍ය තත්වයට පත්වෙලා සති 2-3 ගියාට පස්සේ මැතිවරණ දින තීරණය කරන එක සුභය... නැතිනම් එකවර සතියක් තුලදී කොරෝන රෝගියෝ 500-600 හමුවෙලා , අලුතෙන් පොකුරු 100- 200 ඇතිවුනොත් සිදු වෙන්නේ මැතිවරණ අවලංගු කරන්න එවිට විශාල මහජන මුදල් නාස්තියක් සිදුවේ... මැතිවරණ කොමසාරිස් කියනව දැනට තිබෙන තත්වය මත මැතිවරණ කරන්න රජයේ නිලධාරියෝ 3 ගුණයක් අවශ්‍ය කියල, මේ වෙලාවේ විශ්‍රාමිකයෝ එලියට දමන එක ඔවුන්ගේ ජිවිත කෙලින්ම අනතුරේ දැමීමකි . ඔවුන් බොහෝ දෙනෙකු ස්වෙච්ඡාවෙන් පැමිණෙන එකක් නැහැ . ආරක්ෂකයෝ පිරිවරාගෙන සුඛෝපභෝගී වාහනවලින් ගමන් බිමන් යන සිතල කාමර වල ඉඳන් තීන්දු තීරණ ගන්න ලොක්කන් රටේ බිමමට්ටමේ සාමාන්‍ය තත්වය ගැන දන්නේ නැහැ...
මහින්ද රාජපක්ෂ නියෝජනය කරනු ලබන්නේ දේශපාලන පක්ෂයක්වත්, දේශපාලන වැඩපිළිවෙලක්වත් නොව සමාජ ක්‍රමයකි. එනම් ඕනෑම සමාජයක එක්තරා ජන කොටසක් පාදඩ ජාතිකවාදී, ක්‍රම විරෝධී වේ. එසේම නූගතුන්ද වේ. තවත් සරලව කියන්නේ නම් නරක මිනිසුන් වේ. ඊටත් වඩා දේශීයකරණය කරන්නේ නම් බයියන් වේ. රාජපක්ෂවරු නියෝජනය කරන්නේ මෙම සමාජ තීරුවයි. සමාජ ක්‍රමයයි. ඔවුන් ඉදිනෙදා දිවි ගෙවන ජීවන ක්‍රමයයි.
මහින්ද රාජපක්ෂ නියෝජනය කරනු ලබන්නේ දේශපාලන පක්ෂයක්වත්, දේශපාලන වැඩපිළිවෙලක්වත් නොව සමාජ ක්‍රමයකි. එනම් ඕනෑම සමාජයක එක්තරා ජන කොටසක් පාදඩ, ලුම්පන්, ජාතිකවාදී, ක්‍රම විරෝධී වේ. එසේම නූගතුන්ද වේ. තවත් සරලව කියන්නේ නම් නරක මිනිසුන් වේ. ඊටත් වඩා දේශීයකරණය කරන්නේ නම් බයියන් වේ. රාජපක්ෂවරු නියෝජනය කරන්නේ මෙම බයි, පාදඩ, ලුම්පන් සමාජ තීරුවයි. සමාජ ක්‍රමයයි. ඔවුන් ඉදිනෙදා දිවි ගෙවන ජීවන ක්‍රමයයි.
නිලධාරියෝ තුන් ගුණයක් දැන් කොහෙන් හොයන්නද ? වයස 60 ට වැඩි විශ්‍රමිකයොත් මරණ බයෙන් චන්ද වැඩ වලට එන එකක් නැහැ. තත්වය සමනය වනතුරු චන්දය කල් දැමීම හැර වෙන විකල්පයක් නැහැ.
මමත් දැක්ක පාලිත තෙවරප්පෙරුම මිනිස්සුන්ට කෑම බීම දෙනවා. දරුවන්ට කිරිපිටි බෙදනවා. හරිම අව්‍යාජ ගති තියෙන, මහා පොළොවේ පය ගහල ඉන්න, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජනතා හිත සුව ගැන හිතන, මිනිසත් කම ඉහවහා ගිය සැබෑ මහජන නියෝජිතයෙක් පාලිත තෙවරප්පෙරුම කියන්නේ. පොඩි දරුවොත් බේසම් කෝප්ප අරගෙන කෑම ගන්න එන හැටි දැක්කහම පපුව හෝස් ගාල යනවා. එක දරුවෙක් මාමේ හොදි කියල ඉල්ලුව. අවුරුදු 72ක් තිස්සේ මිනිස්සු පත් කරපු පාලකයෝ තම තමන් පුෂ්ටිමත් වුනා මිසක් මේ රටේ දුප්පත් ජනතාවට කරපු දෙයක් නැති බව ඇස් දෙකටම පේන හොඳම උදාහරණයක් ඒ දර්ශන. ජනතාවට හැමදාම වැරදුනා. මම වැඩිය ලියන්න කැමති නැහැ පාලිත ගැන. ඒ මොකොද කිව්වා නම් පාට කන්නාඩියෙන් බලල පාලිත කරන මහා සමාජ සත්කාරයට කොක්කක් දාන්න හිතන මානසික ලෙඩ්ඩුත් ඉන්න පුළුවන් හින්ද. හැබැයි මුළු රටම දකිනවා සැබෑ මහජන නියෝජිතයාගේ හදවත උණු වෙන හැටි. මහින්ද රාජපක්ෂ ජනාධිපති වුනා නම් මිනිස්සුන්ට මේ වගේ අසරණ වෙන්න දෙන්නේ නැහැ. මහින්දගේ හිත උණු වෙනවා මිනිස්සුන්ගේ දුකේදී. පාලිත නිසා හරි අපි මේ දකින්නේ දුක් විදින ජනතාවගෙන් හරිම සුළු කොටසක්. තව මොනතරම් මිනිස්සු දරුවෝ සාදුකින් පෙලෙනවා ඇත්ද?
ඔලුවට වෙඩි තියන්න කිව්ව මනුස්සයා මොකද මෙවෙලේ පියවර දෙක තුනක්ම පස්සට අරගෙන ?
ඔබ හරි. ලංකාවේ ගොඩක් මිනිස්සු වැරදි තොරතුරු මත පදනම් වෙලා අදහස් ලියන්නේ. හුග දෙනෙක් මේ වසංගතයේ ස්වභාවය තේරුම් අරගෙන නෑ...
නිලධාරීන් තුන්ගුණයක් කිව්වම අවම වශයෙන් වියදම කෝටි දාහකටත් බැරිවේවි. ඇත්තටම දැනට මහ මැතිවරණයක් ඕනද? අපි 2015 දී ජනාධිපතිවරණයේ ප්‍රථිපල අනුව රජයක් පිහිටුවා ගත්තා. 2019 දීත් කලේ එහෙමමයි. දැනට රජයක් පවතින නිසා ඊළග ජනාධිපතිවරණය දක්වා ඔහොම ගිහිල්ලා 2024 දී මැතිවරණ දෙකම එකට කරමුද? මැතිවරණ ජනතා අයිතියක් වුවත් මේවාට වියදම් වන්නේ ජනතාවගේම මුදල් නේද?
චොරෝනාවලට ඇඳිරි නීතිය දාල සති 3 ක් යන්නත් ප්‍රථම, අද දිනයවනවිට 674 යි. සාමාන්‍ය අංකගණිතය අනුව එක සතියකට 100 ට වැඩි ගණනක් රෝගයට ගොදුරු වෙලා. ප්‍රස්තාර, ගනිතක්‍රම අවශ්‍යද?
ඇඳිරි නීතිය දැම්ම දවසේ ඉඳල දැන් සති හයක් ගතවෙලා කොරෝනා රෝගීන් අද වෙනකොට 674 යි. සාමාන්‍ය අංක ගණිතය අනුව හැම සතියකට කොරෝනා 100 කට වඩා වැඩිවෙලා තියෙනවා. මේකට ප්‍රස්තාර සමීකරණ අවශ්‍ය නෑ. රේඛාව උඩට ගිහිල්ල කියල, තවත් උඩට යනවා කියන්න මහමොළ ඕන නෑ. මැතිවරණයක් තියන්න පුලුවන්ද කියල හිතෙන් ගණන් හදල කියල දෙන්නම්. කොවිඩ් කියන්නේ ඇසට නොපෙනන සතුරෙක්. ඇහැට කනට පෙනෙන අයට සුළු ගණිතය බැරිද?
නිලධාරියෝ තුන් ගුණයක් දැන් කොහෙන් හොයන්නද ? වයස 60 ට වැඩි විශ්‍රමිකයොත් මරණ බයෙන් චන්ද වැඩ වලට එන එකක් නැහැ. තත්වය සමනය වනතුරු චන්දය කල් දැමීම හැර වෙන විකල්පයක් නැහැ. ඔබතුම පසුගිය කාලේ කළා වගේ එක එක තුන් තේරවිලි කියන්නේ නැතුව කොරෝනා මර්ධන කටයුතු වල යෙදෙන වෛද්‍ය සංගමය , මැතිවරණ රාජකාරි වලට අවශ්‍ය තැපැල් සේවය සහ පොලිසිය වැනි සියලු දෙනාගේම අදහස් අරගෙන (වගකීමකින් කරන ප්‍රකශ ) , විශ්ලේෂණය කරලා , ලබන මස දෙක තුන තුළ චන්දයක් පවත්වන්න පුලුවන්ද බැරිද කියන එක ගැන හේතු දක්වලා කෙලින් ප්‍රකශයක් ජාතිය අමතල කළානම් මේ අවස්ථාවේ ඉතා වටිනවා.
කොරෝනා උවදුර අවම කිරීමට තව අවුරුදු 2 ක් පමණ ගතවේ යැයි ජගත් විද්‍යාඥයෝ පවසති. මේ අතර මැකෝ කියන්නේ කොරෝනා තුරන් කරන තුරු මැතිවරණයක් පැවැත්වීමට නොහැකි බවයි. නමුත් කොරියාව මෙම උවදුර තිබියදීම ඡන්දයක් පවත්වා ජනතා පරමාධිපත්‍යය තහවුරු කරන ලදී. මැතිවරණ කොමිසමේ සංයුතිය ගත කල එහි එක සාමාජිකයෙක් එල්ටීටීඊ හිතවාදියෙකි. තවකෙක් එල්ටීටීඊ ඩයස්පෝරාව සමග සමීප සබඳතා ඇති රාජ්‍ය නොවන සංවිධානයක සාමාජිකයෙකුගේ සහෝදරයෙකි . කොමිසමේ ඉන්නේ තිදෙනාගෙන් දෙදෙනෙක්ම මෙසේ තම පෞද්ගලික මනාපය අනුව දේශපාලන පක්ෂ වෙත බැඳියාවක් ඇති විට කොමිසම ස්වාධීන එකක් යැයි කියන්නේ කෙසේද? මේ ආකාරයට මොවුන් ප්‍රජාත්‍රන්තවාදයට පයින් ගසමින් පන්දු කෙලින්නේ ජනතාවගේ මූලික ඡන්ද අයිතිය වලලා දැමීමට නොවේද? මෙසේ රට අරාජික කලහොත් අනිවාර්‍යයෙන්ම ඒකාධිපති පාලනයකට පාර කැපී එසේ පාර කැපූ අයටම එම පාලනය තුලින්ම විනාශය ලඟා කර ගැනීමට සිදුවනු නියතය.
මෑකොත් ගැටලුව වටේ යනවා වගේ...
මැකෝ මහත්මයෝ, තවම අපේ රට චන්දයකට සුදානම් තත්වයක නැහැ. දැන් තමයි මිනිසුන් බයෙන් බයෙන් ටික ටික පාරට එන්නේ. තවමත් කොරෝනා වැළඳුනු අය වැඩි වෙමින් පවතිනවා. නැවත බස්වල , කෝච්චිවල , ටවුන් වල මිනිසුන් රැස්වෙන්නට ගමන් කරන්නට ගියාම මේ තත්වය පාලනය කිරීමට අපහසු වෙනු ඇත. බලන්න රෝහලකට ගිහින් . දොස්තරවරු , සහ සියලුම සේවයක් කරන නෝනලා මහත්වරුන්ගේ ඇස් වලින් පෙනෙන විඩාවට පත්වී තියන ස්වභාවය දැක්කම හරිම දුක හිතෙනවා. හැමදාම රෝහල් වලට ගිහින් කොහොමද ඒගොල්ල ගෙදර යන්නේ? පොලිස් නිලධාරීන් , හමුදා නිලධාරීන් අව්වේ වේලී වේලී , වැස්සේ තෙමිතෙමි කරන සටන කියලා නිම කරන්න බැහැ. මේ විඩාවට පත්වෙලා ඉන්න මිනිසුන් වියරුවට පත්වෙන්න ඉඩ තියනවා. එමනිසා කරුණාකරලා නීත්‍යානුකූලව කල් දමන්න. එසේ නොකළොත් අපි 1948 ඉදලා තිබුණු හරියාකාර මිනිසාට චන්දය පාවිච්චි කිරීමේ නිදහස අකුලා දැමීමක් වෙනවා. අපි කරන සම දෙයක්ම පොඩි දරුවන්ට ආදර්ශමත් විය යුතුයි . තව අවුරුදු 10 කින් අද ඉස්කෝලේ යන ළමයෙකුට ප්‍රශ්නයක් ඇසුවහම අපි ජීවත් උනොත් හොඳ පිළිතුරක් දීමට පුළුවන් විය යුතුයි. ඒ නිසා විද්වතුන් සමග සාකච්චා කරලා හොඳ තීරණයක් ගන්න.ඔබතුමා හොඳ බුද්ධිමත් මිනිසෙක්.
වෙලාව ගන්න. හැබැයි අපිට ඕනේ සාධාරණ මැතිවරණයක්.
මැතිවරණයේ නිරීක්ෂණයන් යුරෝපයෙන් කීයක් ඔයාට ඕනෑද? 5000ක් මදිද?
නිලධාරීන් කිලෝමීටර තිහක හතලිහක තරම් දුර රාජකාරි සඳහා යෙදවීම නොකර මෙවර කිලෝමීටර 10 කටවත් අඩු දුර මැතිවරණ රාජකාරි සඳහා යොදචන්න...